Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මිහිසරු සම්මාන 2017 ජනපති ප‍්‍රධානත්වයෙන්

මිහිසරු සම්මාන ප‍්‍රදානෝත්සවය 2017, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (28) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි.

බස්නාහිර පළාත තුළ අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත‍්‍රයේ විශේෂ දක්ෂතා හා කුසලතා දක්වන ලද රාජ්‍ය ආයතන හා පුද්ගලික ආයතන ඇගයීමට ලක් කිරීම හා දිරිගැන්වීම තුළින් අපද්‍රව්‍ය කළමනාකරණය නිවැරදි දිශානතියකට යොමු කිරීම අරමුණු කර ගනිමින් බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය විසින් මෙම සම්මාන ප‍්‍රදානෝත්සවය සංවිධානය කර තිබුණ.අපද්‍රව්‍ය කළමනාකරණය නිසි ලෙස සිදුකරන පළාත් පාලන ආයතන, පාසල්, පෙර පාසල්, රාජ්‍ය ආයතන, ආරෝග්‍ය ශාලා, හෝටල් ඇතුළු අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා දායකත්වය දක්වන පරිසර පොලිස් ඒකකවල ක‍්‍රියාකාරීන් මෙන්ම පරිසර පොලිස් ආරක්‍ෂණ කොට්ඨාස සහ ශ‍්‍රී ලංකා යුද හමුදාවේ අලංකරණ ඒකකයේ කටයුතු ඇගයීමට ලක් කරමින් Bronze, Silver, Gold yd Platinum වශයෙන් ඇගයීම් සම්මාන ප‍්‍රදානය කිරීම මෙහිදී සිදුවිය.

සම්මාන ඛාණ්ඩ 08 ක් යටතේ රන් සම්මාන 13 ක් පිරිනැමීම ජනාධිපතිතුමා අතින් සිදුවූ අතර, ශ‍්‍රී ලංකාවට අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් ජීව වායු තාක්ෂණය හඳුන්වා දුන් මිය ගිය ජී.කේ. උපවංශ මහතාට හිමි ‘‘මිහිසරු ස්වර්ණාභිමාන’’ විශේෂ සම්මානය ඔහුගේ පුත් සාගර දේශප‍්‍රිය උපවංශ මහතා වෙත පිරිනැමීම සිදුවූයේ ද ජනාධිපතිවරයා අතිනි. බස්නාහිර පළාත තුළ අපද්‍රව්‍ය කළමනාකරණය කරමින් පරිසරය සුරැකීමේ පරමාදර්ශය ලබාදුන් පානදුර, නල්ලූරුව පෙර පාසලට හිමි ‘‘පරිසර කැකුළු’’ ප්ලැටිනම් සම්මානය පිරිනැමීම ද ජනාධිපතිවරයා අතින් සිදුවිය.

‘‘මිහිසරු හරිත නාමාවලිය’’ එළිදැක්වීම ද ජනාධිපතිතුවරයා ප‍්‍රධානත්වයෙන් සිදුවූ අතර, බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ නව වෙබ් අඩවිය ද ජනාධිපතිවරයා අතින් විවෘත කෙරිණි.

අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත, බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ.සී ලෝගේෂ්වරන්, ප‍්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප‍්‍රිය යන මහත්වරුන් ඇතුළු පිරිසක්  මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 

IMAGE

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 58

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 211

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 6929

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4547

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 6033

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 6722

Please publish modules in offcanvas position.

X

Right Click

No right click