Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

යොවුන් නව නිපැයුම්කරුවන්ට තායිවානයේදී පදක්කම්

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මගින් සංවිධානය කරන ලද සහසක් නිමැවුම් - 2017 ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනය පසුගිය 8 වැනිදා සිට 10 දක්වා තායිවානයේදී පැවැත්විණි. මෙහිදී ශ්‍රී ලංකික යොවුන් නව නිපැයුම්කරුවන් රන් පදක්කම් 5 ක්, රිදී පදක්කම් 6 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් ලබාගැනීමට සමත් විය.
මෙම ප්‍රදර්ශනය සඳහා රටවල් 26 ක් නියෝජනය කරමින් නව නිපැයුම්කරුවන් 399 ක් සහභාගි වී ඇත. මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ මහනුවර මහමායා බාලිකා විද්‍යාලය නියෝජනය කරමින් ජේ. එම්. ලහිරු කාවින්ද සහ ජේ. එම්. අයේෂා දේවින්දි විසින් ඉදිරිපත් කරන ලද ජීව අඟුරු සහ ප්ලාස්ටික් මිශ්‍රණය නව නිපැයුමට රන් පදක්කම සහ හොඳම ජාත්‍යන්තර නව නිපැයුම් සම්මානය හිමිවිය. ඔවුන් විසින්ම ඉදිරිපත් කරන ලද සුර ශාක විෂ, සත්ව විෂ සහ ශාක හඳුනා ගැනීමේ නාමකරණ පද්ධතිය සඳහා රන් පදක්කමද, නාය යෑම් වළක්වන ජීව ඉන්ධන අමුද්‍රව්‍ය සපයන ජීව වැට සඳහා රිදී පදක්කමද, මාර්ග හා පරිසර නීති ක්‍රියාත්මක කිරීමට උපකාරී වන බහුකාර්ය තත්ත්ව පරීක්ෂණ උපකරණය සඳහා රිදී පදක්කමද, සෞක්‍ය අවදානම් පෙර දැනුම් දීමේ පද්ධතිය සඳහා ලෝකඩ පදක්කමද හිමිවීම මෙහි විශේෂත්වයකි.
මේ සඳහා මාත‍ලේ හින්දු ජාතික පාසල නියෝජනය කරමින් ඉදිරිපත් වූ විජේකුමාර් කේශාන් කුමාර සහ විජේකුමාර් විජිත් කුමාර් කැමරා සවිකරන ලද අඹ කඩන උපකරණයට රන් පදක්කම සහ කේ‍රාඒෂියානු විශේෂ සම්මානය ලැබිණි.
කොළඹ මියුසියස් විද්‍යාලයේ තිවින්යා රවීන්දි ප්‍රේමරත්න ඉදිරිපත් කළ දෙමහුන් ගෑස් කුහරය සඳහා රන් පදක්කම හා මැකාඕ රාජ්‍යයේ විශේෂ සම්මානය හිමිවිය. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය නියෝජනය කරමින් එල්. ඊ. කේ. එම්. රත්නවීර ඉදිරිපත් කළ ද්වි කාර්ය දොර අගුල සඳහා රන් පදක්කම හිමිවිය. මෝටර් සයිකල් සඳහා ස්වයංක්‍රීය පැති ආධාරකය ඉදිරිපත් කළ කළුතර ඥානෝදය මහා විද්‍යාලයේ ආර්. සඳළු රංසික සෙනෙවිරත්නට රිදී පදක්කම සහ ඉන්දුනීසියානු විශේෂ සම්මානය හිමි විය. ගම්පහ යශෝධරා දේවී බාලිකා මහා විද්‍යාලයේ කාවින්දි හිරුණි අධිකාරි සහ කේ. ජී. සචින්තා එරින්දි ඉදිරිපත් කළ ගංවතුර දොර ආවරණයට රිදී පදක්කම හිමිවූ අතර කැලණිය ගුරුකුල විද්‍යාලයේ ජේ. ඩබ්ලිව්. තිමින් නවෝද්‍යා ඉදිරිපත් කළ රෝල්ස් සාදන යන්ත්‍රය සඳහාද රිදී පදකකමක් හිමිවිය.
මෙම නව නිපැයුම් ප්‍රදර්ශනයට සහභාගි වූ මහියංගණය බ/ඔරුබැඳිවැව ද්වතීයික පාස‍ලේ ඩී. එම්. ඒ. සඳමාලි දිසානායක සහ බි. ඩබ්. එම්. ඩී. ලක්මාල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ බස් රථ පාපුවරු ආරක්ෂණය සඳහා රිදී පදක්කම හිමිවිය. මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ වී. විශාන්තන් ඉදිරිපත් කළ සනීපාරක්ෂකව මුත්‍රා කිරීමට අදාළ සරල උපකරණය සඳහා ලෝකඩ පදක්කම හිමිකරගෙන තිබිණි.
ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනයේදී පාසල් අංශයේ ජයග්‍රහණය කරන ලද නව නිපැයුම් 13 ක් ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ පූර්ණ අනුග්‍රහය සහ මගපෙන්වීම යටතේ තායිවානයේදී පැවැති Kaohsiung International Invention and Design EXPO (KIDE)- 2017 ප්‍රදර්ශනයට සහභාගි විය.  සියලු නව නිපැයුම්කරුවන් සඳහා ලියාපදිංචි ගාස්තු, ගුවන් ටිකට් පත් සඳහා වියදම සහ අනෙකුත් සියලු වියදම් ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ සංගමය විසින් දරන ලදී.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් ආචාර්ය මහේෂ් එදිරිසිංහ මහතා විසින් හොබවනු ලැබිණි.

තනුජා නානායක්කාර

IMAGE

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 56

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 205

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 6927

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4543

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 6031

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 6721

Please publish modules in offcanvas position.

X

Right Click

No right click