Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ද.කොරියානු ජනපති පෙරමගට ගොස් ශ්‍රී ලංකා ජනපති පිළිගනී

දකුණු කොරියාවේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ දකුණු කොරියානු ජනාධිපති මුන් ජෙයින් මහතා අතර නිල හමුව හෙට දිනයේ සිදුවීමට නියමිතව තිබුණ ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පිළිබඳ සිය පැහැදීම පළ කරමින් ජනාධිපතිවරයා උණුසුම් ලෙස පිළිගැනීමට ඊයේ දකුණු කොරියානු ජනාධිපතිවරයා කටයුතු කර තිබුණි. 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය තෙදින දකුණු කොරියානු රාජ්‍ය සංචාරයේ පළමු කටයුත්ත සනිටුහන් කරමින් සෝල් නුවර පෞරාණික බෞද්ධ විහාරස්ථානයක් වන ජොග්යේසා විහාරස්ථානය වැඳ පුදා ගැනීමට ඊයේ (28) පස්වරුවේ එක් වූ අතර, සියලු දෙනා පුදුමයට පත් කරමින් කොරියානු ජනාධිපතිවරයා එහි පැමිණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැමිණෙන පෙර මග බලා සිටියේය. 
එහිදී  ජනාධිපතිවරයා ඉතා උණුසුම් ලෙස පිළිගත් කොරියානු ජනාධිපතිවරයා සිය නිල හමුව හෙට දිනට යෙදී තිබුණු ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් මිත්‍රශීලී පිළිගැනීමක් දීමට තමා මෙහි පැමිණි බව කියා සිටියේය. 
මෙම නිහතමානී විශිෂ්ට පිළිගැනීම වෙනුවෙන් කොරියානු ජනාධිපතිවරයා වෙත සිය ස්තුතිය සහ ගෞරවය පිරිනැමූ ජනාධිපතිවරයා මෙම හෘදයාංගම මිත්‍රශීලිත්වය තම ජීවිතයේ සුවිශේෂී මතක සටහනක් බව ද සඳහන් කළේය. 
එමෙන්ම මෙය දකුණු කොරියානු ජනාධිපතිවරයා තුළ ශ්‍රී ලංකාවත් ඵහි ජනතාවත් පිළිබඳ ඇති ගෞරවය සහ පැහැදීම මනාව තහවුරු කරන්නක් බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. 
තමන් මෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ගමෙන් පැමිණ නායකයන් ලෙස ජනාධිපතිධුරය දක්වා පැමිණියේ ඉතා දුෂ්කර ගමනක් බව සිහිපත් කළ දකුණු කොරියානු ජනාධිපතිවරයා තමන් දෙදෙනාම අද ජනතාව වෙනුවෙන් ජනතාවාදී සේවයක් ඉටු කිරීමට කැපව සිටින බව සඳහන් කළේය. 
එමෙන්ම දෙරටට ‍පොදු තත්ත්වයන් රැසක් පවතින බව සඳහන් කළ දකුණු කොරියානු ජනාධිපතිවරයා රටවල් දෙකම අධිරාජ්‍යවාදයට යටත්ව සිටි අතර, යුද අත්දැකීම්වලටද මුහුණ දී අවසානයේ ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කළ රටවල් බව කියා සිටියේය. යුද ජයග්‍රහණයෙන් පසු ශීීඝ්‍ර සංවර්ධනයක් කරා පිය මනිමින් වංචාව හා දූෂණයට එරෙහිව සටන් කිරීමට ද රටවල් දෙකම කටයුතු කරමින් සිටින බව ද දකුණු කොරියානු ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය. 
මෙම තත්ත්වයන් තුළ රටවල් දෙක අතර සුවිශේෂී සබඳතා රැසක් ඉදිරියේදී නිර්මාණය වනු ඇති බවට දකුණු කොරියානු ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය. 
දෙරටේ නායකයන් වෙත මෙහිදී සිය ආශිර්වාදය පළ කළ ජොග්යේසා විහාරස්ථානයේ ප්‍රධානී පූජ්‍ය ඉජධත බ්ඥධදඨ   හිමියන් නිහතමානි නායකයන් දෙදෙනකු ලෙස ජනාධිපතිවරු දෙදෙනාම තම රටවල් නිසැකයෙන්ම අභිවෘද්ධිය කරා ගෙන යනු ඇති බව සඳහන් කළේය. 
1913 අනගාරික ධර්මපාලතුමා විසින් ජොග්යේසා විහාරස්ථානයේ තැන්පත් කරන ලද සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාවක් ලැබිම පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී සිය සතුට පළ කළේය. 
අමාත්‍යවරුන් වන ආචාර්ය සරත් අමුණුගම, තිලක් මාරපන, දයා ගමගේ, රන්ජිත් සියඹලාපිටිය, තලතා අතුකෝරළ, හා මලික් සමරවික්‍රම යන මහත්ම මහත්මීහුද ජනාධිපතිවරයා සමග මෙම සංචාරයට එක්ව සිටිති. 

ඡායාරූපය - සුදත් සිල්වා 
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 4587

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3298

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4784

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5392

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6217

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3796

Please publish modules in offcanvas position.

X

Right Click

No right click