lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්   

රට වට බැඳි රන් වැටේ රණවිරු සැමරුම

අදට යෙදී ඇති ජාතික රණවිරු සැමරුම් උළෙලට සමගාමීව සටනේදී දිවි පිදූ නාවික රණවිරුවන් සිහිපත් කිරීම සහ පුෂ්පෝපහාර දැක්වීම අද (19) උදෑසන 09.00 ට වැලිසර පිහිටි රණවිරු ස්මාරකය අභියස දී සිදු කෙරුණි. මෙම උළෙලට නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

එහිදී, නාවික හමුදාධිපතිතුමන් විසින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝහාර දක්වා සිය ආචාරය පුද කරන ලදී. ඉන් අනතුරුව විනාඩි දෙකක නිෂ්ශබ්දතාවයක් පවත්වා අප මාතෘ භූමියේ නිදහස හා භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාග කරන ලද නාවික රණවිරුවන්ට ආචාරය පුද කෙරිණි.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා,  නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල්වරුන්, නාවික හමුදා මූලස්ථානයේ ‍ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ බටහිර නාවික විධානය නියෝජනය කරමින් නිලධාරීන් රැසක් මෙන්ම නාවිකයන් විශාල පිරිසක් ද එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ. අද දින මෙම සැමරුම් උළෙල පැවැත්වූයේ 8 වන වරටය.










Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ඉන්දියන් සැලුන් ජාලයක් ශ්‍රී ලංකාව ආක්‍රමණය කරයි

IMAGE 2017 Aug 23 15:19
ඉන්දීය රූපලාවන්‍යාගාර ජාලයක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට යන පුවත ක්‍ෂේත්‍රයේ සැලකිය යුතු...
Views - 684

මම අවුරුදු තුනක රසිකාවියකගේ උපන්දිනයට ගියා

IMAGE 2017 Aug 23 11:59
ඔහුගේ පෙනුම, කතාබහ, ඇවැතුම්, පැවැතුම් වෙනස්ම ප්‍රතිරූපයක් මවයි. ඒ ‘හාරකෝටිය’ ටෙලි...
Views - 1096

සැබෑ ජීවිතයේදිත් සොනාලිගෙන් මිදෙන්න අමාරුයි

IMAGE 2017 Aug 23 09:38
ටී.වී. දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ “සොනාලි ටීචර්” මේ වන විට...
Views - 1389

ජා ඇල අධිවේගී පිටවුමේ මරණ දහයක් සිදුවීමට හේතුව කුමක්ද?

IMAGE 2017 Aug 22 10:22
කොළඹ -  කටුනායක අධිවේගී මාර්ගයේ ජා ඇල පිවිසුමට සම්බන්ධ  පමුණුගම - ජා ඇල මාර්ගයේ අධිවේගී...
Views - 2539

මඩු වන්දනාවේ ගොස් එන ගමන් බල්ලෙක් ‘උස්සලා‘

IMAGE 2017 Aug 21 14:29
වන්දනාව සියළුම ආගමිකයන්ට පොදු වූවකි. වන්දනා ගමනකින් සිදුවනුයේ සැහැල්ලු, සරළ, චාම් සහනශීලි...
Views - 1486

විභාග සමත් කරවන බුද්ධික පතිරණගේ මන්තර ගුරුකම්

IMAGE 2017 Aug 21 12:02
පහුගිය සති අන්තයේ පුවත්පත්වල සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අපූරු දැන්වීමක් ප්‍රචාරය විය. ඒ...
Views - 2102

Please publish modules in offcanvas position.