lakbima.lk
2017-04-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.4400 , විකුණුම් මිල රු.154.2400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.193.4600 , විකුණුම් මිල රු.200.0200 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.5000, විකුණුම් මිල රු.168.6800 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.150.3500 , විකුණුම් මිල රු.156.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.6100 , විකුණුම් මිල රු.113.9700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.3600 , විකුණුම් මිල රු.116.3700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.3000 , විකුණුම් මිල රු.111.2300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3472, විකුණුම් මිල රු.1.3983 |

අගමැති වියට්නාම් නිල සංචාරය අරඹයි

සමාජවාදී වියට්නාම් ජනරජයේ අග්‍රාමාත්‍ය ගුයෙන් ෂුඑන් ෆු (Nguyen Xuan Phuc) මහතාගේ නිල ආරාධනයට අනුව වියට්නාම නිල සංචාරය සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හැනෝයි නගරයේ තොයිබාහි ජාත්‍යන්තර ගුවන් තොටු‍පොළින් ඊයේ දහවල් (16 දා) වියට්නාමයට ළඟා විය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ආචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය තොයිබායි ගුවන් තොටු‍පොළේදී පිළිගනු ලැබූයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ සහය අමාත්‍ය ෆම් සම් චාඕ (Pham Sanh Chau), වියට්නාම විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රධාන සන්ධාන නිලධාරී
මයි ෆුක් ඩොං (Mai Phuoc Dung), දකුණු, ගිනිකොන ආසියා සහ දකුණු පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ගුයැන් ලී තැන් (Nguyen Le Thanh), වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිනි හසන්ති දිසානායක සහ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ෆන් ක්‍යඕ තු (Madam Phan Kieu Thu) යන මහත්ම මහත්මීන් විසිනි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිගැනීම සඳහා තොයිබායි ජාත්‍යන්තර ගුවන් තොටු‍පොළේ විශේෂ හමුදා උත්තමාචාර පෙළපාලියක්ද පැවැත්විණ.
සිය වියට්නාම් නිල සංචාරය අතරතුර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමාජවාදී වියට්නාම ජනරජයේ ජනාධිපති, අගමැති ඇතුළු ඉහළ පෙළේ නායකයන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
නිල සංචාරය අවසන් කර, 19 මධ්‍යම රාත්‍රියේ ශ්‍රී ලංකාවට පෙරළා පැමිණීමට නියමිතව තිබුණද, මීතොටමුල්‍ලේ සිදුවූ ඛිෙදවාචකය හේතුවෙන්, සංචාරය කෙටි කොට, කඩිනමින් ශ්‍රී ලංකාවට පැමිණීමට වික්‍රමසිංහ මහතා අපේක්ෂා කරයි.
ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර, විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ජාතික සහජීවන, සංවාද සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන්, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් අළුවිහාරේ, අග්‍රාමාත්‍ය ‍ලේකම් සමන් ඒකනායක, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශ ‍ලේකම් චාන්දනී විජයවර්ධන, අග්‍රාමාත්‍ය අතිරේක ‍ලේකම් සමන් අතාවුදහෙට්ටි, විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහුද මේ සංචාරයට එක්ව සිටිති.


නිමල්සිරි එදිරිසිංහ වියට්නාමයේ සිට

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

අද අපේ රටේ ටෙලිනාට්‍ය කලාවක් කියලා දෙයක් නැහැ

IMAGE 2017 Apr 30 22:20
අවුරුදු කා‍ලේ හදිසියේම විදේශ ගතවෙන්න හිතුවේ ඇයි? ‘200-300’ කියන වේදිකා නාට්‍යයේ කටයුතුවලටයි...
Views - 3

රට වෙනුවෙන් මම සූදානම් - විජේවීරගේ පුත් උවිඳු

IMAGE 2017 Apr 30 11:59
ලංකාවේ බොහෝ දේශපාලනඥයන්ගේ දූ දරුවන් ගැන රටේ තොරතුරු ප්‍රකටය. ඔවුන් ගමන් කරන්නේ සිය...
Views - 1662

තාත්තා මැරෙන බව දන්නවා නම් ඒ බෝම්බයට පනින්නේ මම

IMAGE 2017 Apr 30 11:46
හිටපු ජනපති ආර්.ප්‍රේමදාසගේ විසිහතරවැනි ගුණ සැමරුම හෙට (01)ට යෙදී තිබේ. ඒ නිමිතිකොට මේ සිය පියා...
Views - 1369

මහින්දානන්දට දී.මූ දියණියට යළි මංගල සීනු

IMAGE 2017 Apr 28 11:18
පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28)...
Views - 10973

FB WhatsApp Twitter තහනම් වෙයි

IMAGE 2017 Apr 27 12:11
ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර...
Views - 1602

තිස්නව හැවිරිදි ජනපති අපේක්ෂක ගේ බිරිඳට හැට හතරයි

IMAGE 2017 Apr 27 11:21
ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන...
Views - 4881

Please publish modules in offcanvas position.