Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

හිටපු ජනපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ 72 වැනි ජන්ම දිනය පසුගිය 18 දිනට යෙදී තිබිණි. මහින්ද රාජපක්ෂ මහතා හිටපු ආරක්ෂක අමාත්‍යවරයකු වූ අනුරුද්ධ රත්වත්තේ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතාගේ නුවර නිවසේදී ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණේ ලාංඡනය වූ නෙළුම් ‍පොහොට්ටුව සහිත කේක් ගෙඩියක් කපා ජන්ම දිනය සැමරූ අයුරු.

ගාල්ල ‍පොලිස් වසමේ දෙපාර්ශ්වයක් අතර ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය මත දේපළ රැසකට හානි වී තිබුණි. ඡායාරූපවලින් දැක්වෙන්නේ එසේ හානියට පත් වෙළෙඳසැල් , යතුරු පැදි හා හානියට පත් ස්ථානයක්.
 
කමල් විජේහේවා - ගාල්ල


කොළඹ නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ පහසුකම් තවදුරටත් පුළුල් කරමින් ගාලුමුවදොර පිටිය ඉදිරිපිට ඉදිකෙරුණු ෂැන්ග්‍රිලා හෝටලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත කෙරිණි.
ලොව පුරා ව්‍යාප්තව ඇති ෂැන්ග්‍රිලා හෝටල් සමූහයට අයත් 101 වැනි හෝටලය ලෙස විවෘත කෙරුණු කොළඹ ෂැන්ග්‍රිලා හෝටලය අති නවීන පහසුකම් සහිතව ඉදිකර තිබෙන අතර, සේවා නවාතැන් 41ක් සහ අධි සුඛෝපභෝගී කාමර 34ක් ඇතුළු කාමර 541කින් සමන්විතය.
පීත්තපටිය කපා හෝටලය විවෘත කළ ජනාධිපතිවරයා අනතුරුව සමරු ඵලකය ද නිරාවරණය කළේය.
එහි විශේෂ අමුත්තන්ගේ ‍පොතේ සමරු සටහනක් තැබූ ජනාධිපතිවරයා 32 වැනි මහ‍ලේ පිහිටි නැරඹුම් මැදිරියේ සිට අවට පරිසරය නිරීක්ෂණය කළේය.
ෂැන්ග්‍රිලා ආසියා සමාගමේ සභාපති හූයි කුඕක් මහත්මිය ජනාධිපතිවරයා වෙත විශේෂ සමරු තිළිණයක්ද පිළිගැන්වූවාය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන ජෝන් අමරතුංග, මංගල සමරවීර, ෂැන්ග්‍රිලා ආසියාහි ප්‍රධාන විධායක නිලධාරී ලිම් බෙන්ග් චී , ෂැන්ග්‍රිලා ශ්‍රී ලංකා හෝටල් සමූහයේ අධ්‍යක්ෂ සාජාඩ් මව්සුන් යන මහත්ම මහත්මීහු සහ ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

ඡායාරූප : ජනාධිපති මාධ්‍ය අංශය

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා 25 ක කාන්තා නියෝජනය අනිවාර්ය කිරීම පිළිබඳ ජාතික ප්‍රවර්ධන වැඩසටහනේ එක් අංගයක් ලෙස පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍යංශය ඒකාබද්ධව සංවිධානය කරන ලද ඇයට බලයක් - රටට වෙනසක් පා ගමන ඊයේ (14) කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසලින් ආරම්භ විය.
කොළඹ නිදහස් චතුරශ්‍රය දක්වා ගමන් කළ එම පා ගමනට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය ඇතුළු මැති ඇමැතිවරු, දේශපාලන නියෝජිතවරියන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
 
ඡායාරූපය: තුෂාර අතපත්තු

ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් සංවිධානය කර තිබූ ජාතික දියවැඩියා දින පා ගමන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පෙරවරුවේ කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්විණි. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන , ‍පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු විශාල පිරිසක්  එම අවස්ථාවට එක් වූ අතර ගාලු මුවදොර පිටියේ මදක් විවේක සුවයෙන් ගත කළ ජනාධිපතිවරයා ඡායාරූපවල වේ. 




ඡායාරූපය  - ජනාධිපති මාධ්‍ය අංශය 


ඡායාරූපයේ සිටින්නේ ජ.වි.පෙ. ලාල් කාන්තත් පෙරටුගාමී පක්ෂයේ දුමින්ද නාගමුවත්ය. කලක් එකට සිටි මේ දෙපිරිස වෙන්වූ පසු පසුවූයේ නයි මුගටි වෛරයෙනි. ඉතිහාසයේ ලියැවී තිබුණේ දෙපිරිස එකතු වූ තැන කෙළවර වූයේ ගැටුමකින් බවය. පසුගියදා මේ පස මිතුරු කඳවුරු දෙක සයිටම් විරෝධී දෙමාපිය රැස්වීමකට සහභාගි වූහ. එහිදී හදිසියේම වට මහ වැස්සෙන් ඔළුව බේරා ගන්නට ලාල් කාන්තත් නාගමුවත් එකම කුඩයක් යටට ගාල්වූ අයුරු අප ඡායාරූප ශිල්පී නිමල්සිරි එදිරිසිංහගේ කැමරාවේ සටහන් වී තිබුණේ මේ අයුරිනි.
 
ඡායාරූපය:නිමල්සිරි එදිරිසිංහ

Page 1 of 26

IMAGE

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 2984

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 1814

නීල හරිත ෆුල් සූට් එක පෙන්වා අමුඩ කෙටිය ගලවා ගන්න එපා

IMAGE 2017 Nov 19 11:35
මෙවර අයවැය ලෝකයේ දියුණුම ආර්ථික සංකල්පයක් වන නීල-හරිත ආර්ථිකයට රට යොමු කරවන්නක් බව මුදල්...
Views - 1395

ඔහු නොවන්නට ලෝක ක්‍රිකට් මේ තරම් දියුණු නොවනු ඇත

IMAGE 2017 Nov 18 00:19
අද මට ඉතාමත් සතුටු දවසක්. ඉන්දියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විරාත් කෝලි සහ ඔහුගේ කණ්ඩායමත්...
Views - 3545

මෙතේ බුදු පදවිය ලබන්නේ බැංකු කළමණාකරුවෙක්ද?

IMAGE 2017 Nov 17 12:13
ඔහු මධ්‍යම පළාතේ වාණිජ බැංකුවක කළමණාකරුවෙකි.  ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වේ. ක්‍රිස්තියානි...
Views - 5985

බොහෝ කලා කරුවන් තමන්ගේ පවුල් ජීවිත ගැන කියන්නේ බොරු

IMAGE 2017 Nov 16 11:31
වත්මන් ශ්‍රී ලාංකීය ජන සමාජයේ දික්කසාද වීම් සහ පවුල් අර්බුද පැන නැගීම සම්බන්ධයෙන් කලා...
Views - 5252

Please publish modules in offcanvas position.