lakbima.lk
2017-04-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.4400 , විකුණුම් මිල රු.154.2400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.193.4600 , විකුණුම් මිල රු.200.0200 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.5000, විකුණුම් මිල රු.168.6800 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.150.3500 , විකුණුම් මිල රු.156.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.6100 , විකුණුම් මිල රු.113.9700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.3600 , විකුණුම් මිල රු.116.3700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.3000 , විකුණුම් මිල රු.111.2300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3472, විකුණුම් මිල රු.1.3983 |

ජාතික සංවර්ධනය සහ කැබිනට් වෙනස

කැබිනට් මණ්ඩල සංශෝධනයක් කඩිනමින් සිදුවන බව දේශපාලන ක්ෂේත්‍රයේ මේ දිනවල කෙරෙන කතාබහ අනුව පෙනෙන්නට තිබේ. අසාර්ථක සහ කාර්යක්ෂම නොමැති ඇමැතිවරුන් සිටී නම් ඒවා වෙනස් කිරීම කාලෝචිතව සිදුවිය යුත්තකි. මෙවර කෙරෙන සංශෝධනයේදී ඊට භාජනය වන ඇමැති ධුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒවාද එසේ   නොමැති නම් එක්සත් ජාතික පක්ෂයේ ඒවාද යන කාරණය දේශපාලන ක්ෂේත්‍රයෙත් රට තුළත් කතාබහ වුවද එම විෂයන් බෙදිය යුතු ආකාරය සම්බන්ධයෙන් සමාජයේ කතිකාවතක් ඇති වී නොමැත.
ජාතික සංවර්ධනයට හිතකර අන්දමින් ඇමැති ධුරයන්හි විෂයන් බෙදා වෙන් කළ යුතු අන්දම සහ එය විද්‍යාත්මකව සිදුවිය යුතු ආකාරය සම්බන්ධයෙන් කතාබහ ඇති වන්නේ මැතිවරණ කාල සීමාවලදී පමණි. නමුත් ලංකාවේ දේශපාලන සංස්කෘතිය අනුව ඇමැති මණ්ඩලය පත් කිරීමේදී විද්‍යාත්මක ක්‍රමවේදය අමතක කර දමා හුදු දේශපාලනමය අවශ්‍යතාව පාදක කරගනිමින් විෂයන් බෙදීම සිදුවේ. නමුත් රටේ ඇති වී තිබෙන නව දේශපාලන සංස්කෘතිය තුළ හෝ මෙම තත්ත්වය වෙනස් විය යුතුව තිබේ. මෙම කෙරෙන කැබිනට් සංශෝධනයේදී හෝ ජාතික සංවර්ධන ක්‍රියාවලියට හිතකර අන්දමින් එය සිදුවන්නේ නම් තත්ත්වය වඩාත් යහපත් වනු ඇත.
රටේ සංවර්ධනය ඉලක්ක කරගත් ආකල්පමය වෙනසක් අවශ්‍ය වී තිබේ. එය ඇති කිරීම නූතන පාලන තන්ත්‍රයේද වගකීමකි. වරප්‍රසාද සහ ඒ මත ලැබෙන ප්‍රතිලාභ මත සියල්ල නිශ්චය කෙරෙන සමාජ සහ දේශපාලන ආකල්පය වෙනස් විය යුතුව තිබේ. මේ අතර අප රටේ ඇමැති ධුරයන්් විෂයානුබද්ධ ලෙස සකස් කිරීම පසෙක දමා දේශපාලනමය හේතූන් මුල් කරගෙන ඇමැති ධුර බෙදී යාම කලෙක පටන් සිදුවන්නකි. උදාහරණයක් ලෙස පසුගිය පාලන සමයේද ඇමැති ධුර බෙදී ගියේ මහජනයාට විහිළුද සපයමිනි. උද්භිද උද්‍යාන සහ මහජන විනෝදාත්මක අමාත්‍යාංශය, සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය, මහජන සබඳතා වැනි අමාත්‍යාංශවලින් අපේක්ෂිත අරමුණු පැහැදිලි නැත. උද්භිද උද්‍යානවලින් ජාතික ආර්ථිකයට සිදුවන මෙහෙවර පැහැදිලි නැත. ආනයනය කරන සීනි මත සීනි පරිභෝජනය රඳා පවතින අවධියක ඒ සඳහා වෙනම අමාත්‍යාංශයක් තිබිම කොතරම් දුරට උචිතද නැද්ද යන්න කුඩා දරුවකුට වුවද තේරුම් ගැනීමට අපහසු නැත.
රටේ වර්තමානයේ පවතින කැබිනට් මණ්ඩලය තුළද විෂයන් බෙදී තිබෙන ආකාරයද ජාතික සංවර්ධනයට උචිත නොවේ. මේ වන විට මුදල් අමාත්‍යාංශය සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය ඇත්තේ වෙන වෙනමය. එම අමාත්‍යාංශ දෙක එකක් ලෙස පවතින්නේ නම් එය වඩාත් යෝග්‍ය වේ. 1977 ජේ.ආර්. ජයවර්ධන මහතාගේ කැබිනට් මණ්ඩලයේ ඉහත අමාත්‍යාංශවලට අදාළ විෂයන් තිබුණේ එකම අමාත්‍යාංශයක් ලෙසය. මුදල් සහ ක්‍රම සම්පාදන අමාත්‍යාංශය ලෙස එය පැවැති අතර එම අමාත්‍ය ධුරය දරනු ලැබූයේ රොනී ද මෙල් මහතාය. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය දීර්ඝ කාලයක් එකට පැවැති අතර එය වත්මන් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේදී වෙනස් වී ඇත. දැන් එය පවතිනුයේ අධ්‍යාපන වෙනම උසස් අධ්‍යාපන සහ මහාමාර්ග යන විෂයන් දෙක එකටය. මෙය බැලූ බැල්මටම නොගැළපෙන බව පැහැදිලිය. දැන් ඉඩම් විෂය ඇත්තේ සංචාරක අමාත්‍යාංශය යටතේය. කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇත්තේ වෙනමය. 1977 කැබිනට් මණ්ඩලයේ කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යාංශය පැවැතියේ එක් අමාත්‍යාංශයක් ලෙසය. එහි ඇමැති ධුරය දැරුවේ ඊ.එල්. සේනානායක මහතාය.
එසේම නව කැබිනට් මණ්ඩලයේ රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඇත්තේ වෙනම අමාත්‍යාංශයක් ලෙසය. එසේම අභ්‍යන්තර කටයුතු ඇත්තේ වෙනත් අමාත්‍යාංශයකටය. මෙම විෂයන් තුනම රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ අභ්‍යන්තර කටයුතු යන අමාත්‍යාංශ ලෙස ක්‍රියාත්මක විය යුතුය.
මෙම අමාත්‍යාංශයන් මේ අයුරින් ක්‍රියාත්මක වීමෙන් ජාතික සංවර්ධනය සඳහා ඒවායේ ක්‍රියාකාරීත්වය ඉවහල් වන්නේ අල්ප වශයෙනි. එසේම මෙම අමාත්‍යාංශයත් නඩත්තුව සඳහා අමාත්‍යාංශ ගොඩනැගිල්‍ලේ සිට නිලධාරීන් යාන වාහන වැටුප් දුරකථන බිල් ආදී සියලු දේ සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවේ. මේ සඳහා වැය වන්නේ මහජන මුදල් බව අප අමතක නොකළ යුතුය. එකම අමාත්‍යාංශයක් යටතේ පැවැතිය යුතු විෂයන් වෙනම පැවැතීම නිසා මහජන මුදල් අපතේ යනවා පමණක් නොව ප්‍රතිපත්ති සකස් කිරීමේදී ද විවිධ දුෂ්කරතා පැන නගී.
ලෝකයේ ප්‍රබල ආර්ථිකයක් පවතින ඇමෙරිකාවේ කැබිනට් මණ්ඩලය සමන්විත වන්නේ 15 දෙනෙකුගෙනි. ඉන්දියාවේ කැබිනට් මණ්ඩලය අමාත්‍යවරු 33කගෙනි. මෙයින් ගම්‍ය වනුයේ රටක විශාලත්වය, ජනගහනය ජන සහ ආගමික විවිධත්වය ආදී සාධක පදනම් කරගනිමින් කැබිනට් මණ්ඩලය නිර්මාණය නොකෙරෙන බවය. එසේම ඇමැතිවරු සංඛ්‍යාව මත රටෙහි සංවර්ධනය රඳා පවතින්නේ නැති බව මෙයින් පැහැදිලි වේ. එමෙන්ම දේශපාලන පක්ෂවල අවශ්‍යතාව මත පදනම්ව ඇමැති ධුර ලබාදීම සේම දේශපාලන ලැදියාවන් මත එසේ කිරීම උචිත වන්නේ නැත. නව පාලන තන්ත්‍රය යටතේ රටේ දියුණු දේශපාලන ප්‍රතිසංස්කරණ ඇති වෙමින් තිබේ. ඊට සමගාමීව අමාත්‍යාංශවල විෂයන් නැවත ප්‍රතිසංධනය කිරීම අවශ්‍ය වන්නේ එය රටේ ඉදිරි සංවර්ධනයට සෘජුව බලපාන බැවිනි.
ජාතික සංවර්ධනය ‍පෝෂණය කිරීම අවශ්‍ය වන්නේ ඒ සඳහා රජයේ ප්‍රතිපත්ති යාවත්කාලීන විය යුතුව ඇත. ඒ තුළින් වැරදුණ තැන් නිවැරදි කර ගනිමින් ආර්ථික සංවර්ධනයට මාර්ගය එළිපෙහෙළි කළ යුතුය. ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය කිරීමට නම් නිවැරදි ප්‍රතිපත්ති ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි යාන්ත්‍රණයක් අවශ්‍ය වේ. එම යාන්ත්‍රණය සකස් වී ඇත්තේ අමාත්‍යාංශ මූලික කරගත් පරිපාලන ව්‍යුහයකිනි. එබැවින් එය වඩාත් යහපත් ලෙස නිර්මාණය කරගැනීමේ වගකීම දේශපාලන නායකයන්ට මෙන්ම සමාජයටද එක හා සමාන ලෙස තිබේ.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

තිසු.

IMAGE

අද අපේ රටේ ටෙලිනාට්‍ය කලාවක් කියලා දෙයක් නැහැ

IMAGE 2017 Apr 30 22:20
අවුරුදු කා‍ලේ හදිසියේම විදේශ ගතවෙන්න හිතුවේ ඇයි? ‘200-300’ කියන වේදිකා නාට්‍යයේ කටයුතුවලටයි...
Views - 3

රට වෙනුවෙන් මම සූදානම් - විජේවීරගේ පුත් උවිඳු

IMAGE 2017 Apr 30 11:59
ලංකාවේ බොහෝ දේශපාලනඥයන්ගේ දූ දරුවන් ගැන රටේ තොරතුරු ප්‍රකටය. ඔවුන් ගමන් කරන්නේ සිය...
Views - 1660

තාත්තා මැරෙන බව දන්නවා නම් ඒ බෝම්බයට පනින්නේ මම

IMAGE 2017 Apr 30 11:46
හිටපු ජනපති ආර්.ප්‍රේමදාසගේ විසිහතරවැනි ගුණ සැමරුම හෙට (01)ට යෙදී තිබේ. ඒ නිමිතිකොට මේ සිය පියා...
Views - 1368

මහින්දානන්දට දී.මූ දියණියට යළි මංගල සීනු

IMAGE 2017 Apr 28 11:18
පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28)...
Views - 10973

FB WhatsApp Twitter තහනම් වෙයි

IMAGE 2017 Apr 27 12:11
ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර...
Views - 1602

තිස්නව හැවිරිදි ජනපති අපේක්ෂක ගේ බිරිඳට හැට හතරයි

IMAGE 2017 Apr 27 11:21
ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන...
Views - 4881

Please publish modules in offcanvas position.