lakbima.lk
2017-03-17 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.32 , විකුණුම් මිල රු154.17 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.184.90 , විකුණුම් මිල රු191.29 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.89 , විකුණුම් මිල රු.167.08 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.89 , විකුණුම් මිල රු.155.90 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.23 , විකුණුම් මිල රු.116.68 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.35 , විකුණුම් මිල රු.119.49 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.67 , විකුණුම් මිල රු.110.61 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3185 , විකුණුම් මිල රු.1.3688 |

තිරසර සංවර්ධනයේ අභිමතාර්ථ

තිරසර සංවර්ධනය යනු කුමක්දැයි හඳුනා ගැනීම සඳහා ප්‍රවේශයක් ලබා ගැනීමට පසුගිය සතියේ මෙම කොලමෙන් මූලික අවධානය යොමු කෙරිණ. මෙහි ඊළඟට අවධානය යොමු කළ යුතු මූලික කරුණු වන්නේ 2030 වර්ෂය ඉලක්ක කරගත් තිරසර සංවර්ධන වැඩසටහන සහ එහි අභිමතාර්ථ මොනවාද යන්න සොයා බැලීමය.
තිරසර සංවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රයට ප්‍රධාන වශයෙන් අභිමතාර්ථ 17ක් සහ ඒ හා සම්බන්ධ වූ ඉලක්ක 169ක් ඇතුළත්ව තිබේ. තිරසර සංවර්ධනය යනු විශ්වීය සංකල්පයක් බැවින් මෙහි අභිමතාර්ථ සකස්කර තිබෙනුයේ ලෝකයේ සෑම රටක්ම ඇතුළත් වන ලෙසිනි.
තිරසර සංවර්ධනයේ අභිමතාර්ථයන් 17 මෙසේ සඳහන් කළ හැකිය.
01. දරිද්‍රතාව සෑම ආකාරයකින්ම අවසන් කිරීම, 02. ආහාර සුරක්ෂිතතාව සහ කුසගින්න අවසන් කිරීම, 03. නීරෝගී ජීවිතයක් සඳහා සියලුදෙනාම සෑම වයසකදීම යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම 04. සියලු සමාජ තලයන්ට අවස්ථාව ලැබෙන අධ්‍යාපනයක් සහ සැමට ජීවිත කාලය පුරා අධ්‍යාපනයක් ලැබිමේ අවස්ථාව ප්‍රවර්ධනය කිරීම, 05. ස්ත්‍රී පුරුෂ සමාජ භාවය අත්කර ගැනීම සහ කාන්තාවන් සහ ගැහැනු ළමයි බල ගැන්වීම 06. සැමට ජලය ලැබිම හා තිරසර ජල කළමනාකරණය, 07. තිරසර නූතන බලශක්තීන් සඳහා ප්‍රවේශය සැමට තහවුරු කිරීම, 08. තිරසර ආර්ථික වර්ධනයක් සම්පූර්ණ හා ඵලදායී රැකියාවක් සැමට ගෞරවාන්විත වෘත්තියක් ලැබිම ප්‍රවර්ධනය කිරීම, 09. යටිතල පහසුකම් තැනීම තිරසර කාර්මීකරණයක් ප්‍රවර්ධනය, නවෝත්පාදන ධෛර්යමත් කිරීම, 10. රටවල් ඇතුළත හා රටවල් අතර අසමානතාව අඩු කිරීම, 11. නගර සහ මානව හා ජනාවාස අන්තර්ග්‍රහණය, 12, තිරසර පරිභෝජනය හා නිෂ්පාදන රටා තහවුරු කිරීම, 13. දේශගුණික වෙනස්වීම් හා එහි බලපෑම වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගැනීම, 14. සාගර, මුහුදු හා සමුද්‍රීය සම්පත් සංරක්ෂණය කිරීම හා තිරසර සංවර්ධනය සඳහා යොදා ගැනීම, 15. භෞතික පරිසර පද්ධති ආරක්ෂා කර ගැනීම ප්‍රතිෂ්ඨාපනය කිරීම හා තිරසර භාවිතයන් ප්‍රවර්ධනය කිරීම, වනාන්තර තිරසර ආකාරයෙන්  කළමනාකාරණය කිරීම, කාන්තාරකරණය වැළැක්වීම, භූමි හායනය වළක්වා එය ප්‍රතිවර්තනය කිරීම, ෙජෙව විවිධත්වය අහිමිවීම නැවැත්වීම, 16. තිරසර සංවර්ධනය සඳහා වූ සමාජ ප්‍රවර්ධන සැමට සාධාරණය සඳහා ප්‍රවේශය සැපයීම වගකීමක් සහිත අන්තර්ග්‍රහණය වූ ආයතන සෑම මට්ටමකම ස්ථාපිත කිරීම, 17. තිරසර සංවර්ධනය සඳහා වූ ගෝලීය සහයෝගීතාව ක්‍රියාත්මක කිරීමේ හා නව ජීවයක් දීමේ මාර්ග ශක්තිමත් කිරීම.
ඉහත සඳහන් අභිමතාර්ථයන් ඉටුකර ගැනීම සඳහා ගෝලීය දැක්මක් සහිත දේශීය චින්තනයක් සකස් කරගත යුතුව තිබේ. අප මේ මොහොතේ මුහුණ දෙමින් සිටින්නේ රටට ගැළපෙන එම චින්තනය ගොඩනගා ගැනීමේ අවධියටය. අප විසින් නිර්මාණය කරගනු ලබන එම චින්තනය ඔස්සේ සංවර්ධන කාර්යයන්හිදී කෘෂිකාර්මික සංවර්ධනය දේශීය සම්ප්‍රදායන්, සිරිත් විරිත් කෙරෙහි අවධානය යොමු කළ යුතුව තිබේ. දේශීය කෘෂිකර්මාන්තයේදී නව තාක්ෂණය නව සොයා ගැනීම් නව පර්යේෂණ සමග ඉදිරියට යා යුතුව තිබේ. එසේම දේශීය කර්මාන්ත සංවර්ධනයේදී ජාතික වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන්ද උගතුන් සහ බුද්ධිමතුන්ගේ අත්දැකීම් සමග දේශීය කර්මාන්ත දියුණු කළ යුතුවේ.
අප මේ වනවිටත් 2017 වසර දිළිඳුකම පිටුදැකීමේ වසර ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. දිළිඳුකම පිටුදැකීමේ කාර්යයේදී ඒ පිළිබඳව වගකීම පැවැරෙනුයේ එක අමාත්‍යාංශයකට හෝ ආයතන කිහිපයකට නොවේ. එය සියලු අංශ අතර පුළුල් පරාසයකට විහිදී යනු ලබයි. නව රජය යටතේ මෙම පුළුල් අභිමතාර්ථ ප්‍රායෝගික ක්‍රියාවලියක් බවට පත් කිරීම සඳහා යහපත් ප්‍රවේශයක් ලබාගෙන ඇත. තිරසර සංවර්ධනය වෙනුවෙන් පාර්ලිමේන්තු අනුකමිටුවක් පත් වූ එකම රට ලංකාව බවද මේ මොහොතේ සිහිපත් කළ යුතුය.
මේ අතර 2015 වන විට සහස්‍ර සංවර්ධනයේ ඉලක්ක කිහිපයක්ද සම්පූර්ණ කර ගැනීමට අපට හැකිව තිබේ. ඊට අදාළ වාර්තාවලට අනුව සහස්‍ර ඉලක්ක හා සබැඳි උප ඉලක්ක 44න් 13ක් සම්පූර්ණයෙන්ම සපුරා ගැනීමට අප රට සමත්වී තිබේ. උදාහරණයක් ලෙස 1990/91 කාලයේ 22.6 වූ උග්‍ර දරිද්‍රතාව 6.7 (2012/2013) දක්වා අඩුකර ගැනීමට සමත්ව තිබේ. එසේම 1993දී 8ක් වූ විරැකියා භාවය 2012/2013 වන විට 3.9 දක්වා අඩුකර ගැනීමට සමත්විය. එහෙත් කාන්තාවන් අතර රැකියා විරහිත භාවය පිරිමින්ට වඩා දෙගුණයක් බව වාර්තා වී ඇත. එය අප ඉදිරියේ ජයගත යුතු ප්‍රබල අභියෝගයකි.
එමෙන්ම පාසල් යන වයසේ සියලු දරුවන් 99 පාසල් යැවීමට අප රටේ දෙමාපියන් සමත්ව තිබේ. එසේ වුවත් පිරිමි දරුවන් සාමාන්‍ය පෙළ සමත්වීමට පෙර පාසල් හැරයාමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇත. උසස් පෙළ හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය සලකන විට ඊට ප්‍රවේශ වන ගැහැනු දරුවන්ගේ ප්‍රතිශතය ප්‍රබල ලෙස ඉහළ ගොස් ඇති අතර පිරිමි දරුවන්ගේ ප්‍රතිශතය පහළ ගොස් ඇත. පිරිමි දරුවන් උසස් අධ්‍යාපනයෙන් බැහැර වීම ඉදිරියේ උග්‍ර සමාජ අර්බුදයක පෙරනිමිත්තක් බැවින් 2030 සහස්‍ර ඉලක්ක සපුරා ගැනීමේදී ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතුව ඇත.
මෙම ඉලක්ක සපුරා ගැනීම සඳහා යන ගමනේදී විශේෂ අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් ඇත. විශේෂයෙන් සමස්ත ලෝකයේ රටවල බහුතරයක පෞද්ගලික අංශය ප්‍රසාරණය වී ඇතත් තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීමේදී ඔවුන් සතු කාර්යභාරය සම්බන්ධයෙන් ප්‍රමාණාත්මක අවධානයක් යොමුවී නැති බව තිරසර සංවර්ධනය සම්බන්ධයෙන් කෙරෙන විද්වත් කතිකාවලදී හෙළිදරව් වෙමින් තිබේ.
ඉහතින් සඳහන් වූ අභිමතාර්ථ සාක්ෂාත් කර ගැනීම සඳහා විද්වත් මණ්ඩලයක් මගින් සකස් කරන ලද තිරසර යුගයක දැක්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී එළිදක්වනු ලැබුයේ මේ වසරේ ජනවාරි මාසයේය. දැන් තිරසර සංවර්ධනයේ ඉලක්ක සම්පූර්ණ කර ගැනීම සඳහා ජාතික වැඩපිළිවෙළක් අප සතුව තිබේ. එසේම තිරසර සංවර්ධනයේ ඉලක්ක සපුරා ගැනීමට ගෙන යන ජාතික වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නම් ජාතික සංහිඳියාවද අත්‍යවශ්‍ය කාරණයකි.
මෙම සටහන අවසන් කිරීමට පෙර මිහිදු මහරහතන් වහන්සේ දේශනා කළ යමක් මෙහි සටහන් කළ යුතු යැයි සිතේ. මහණෙනි, ඔබ මේ භූමියේ රජ වුවත් ඔබට මේ භූමියේ අයිතියක් නැහැ. ඔබ මේ භූමියේ භාරකරුවෙක් පමණයි. ඒ භාරකාරීත්වය තුළ සැමවිටම අද දවසේ ජීවත් වන මිනිසුන්ට වගේම මේ භූමියේ උරුමය ලබන සෑම කෙනෙක්ටම මේ භූමියේ අයිතිය තහවුරු විය යුතුයි. එදා උන්වහන්සේ වදාළ ඒ සත්‍යය එදා මෙන්ම අදටත් හෙටටත් කෙතරම් වලංගුදැයි සිතේ.

තිසු.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

IMAGE

සුද්දන් දෙකට පැලූ 'මීයන් ඇල්ලේ' කතාව

IMAGE 2017 Mar 27 16:59
වර්ෂ 1815දී අප රටේ පාලනය මුළුමනින්ම සිය’තට ගත් ඉංග්‍රීසි ජාතිකයන් එය නැවත අප අතට පත් කරන ලද්දේ...
Views - 164

මැතිනිය බක්කි කරත්තෙන් ඉස්කෝ‍ලේ ගිය හැටි

IMAGE 2017 Mar 27 11:07
ඒ වර්ෂ 1923 ජූලි මස 9 බ්‍රහස්පතින්දායි. රත්නපුර දඹවින්න වලව්වෙන් පිටත් වූ බක්කි කරත්තය නගරයේ...
Views - 688

සමහර සාස්තර බලාගෙන හිටියා වගේ කියැවෙන්නේ කොහොමද?

IMAGE 2017 Mar 27 10:43
ගතවූ වසර විසිඅටක කාලය තුළ මම වරින්වර ‘බලා සිටියාක් මෙන් සත්‍ය පවසෙතැ’යි බොහෝ දෙනකු කී...
Views - 899

සමහරු සල්ලි මත්තේ නැහෙද්දී තාත්තා වින්දනය සොයමින්...

IMAGE 2017 Mar 26 14:43
සිංහල වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය විජයග්‍රහණය කළ චරිතාංග නළුවකු වශයෙන් ජයලත් මනෝරත්නයන්...
Views - 5039

රන්ජන් එක්ක ගත්ත මංගල ඡායාරූපය නිසා මට ප්‍රශ්න පිට...

IMAGE 2017 Mar 26 14:30
ජනප්‍රිය නළු නිළියන් දෙ‍පොළක් වූ රන්ජන් රාමනායක සහ අනූෂා දමයන්ති පෙනී සිටි මංගල ඡායාරූපය...
Views - 3198

හෘද රෝගීන් අනියම් සබඳතා පවත්වන්නේ බලාගෙනයි!

IMAGE 2017 Mar 24 13:39
හදවත් රෝග ලක්ෂණ ඇත්තවුන් සහ හදවත් රෝග වැළදුන පුද්ගලයන් තුළ තම ලිංගික ජීවිතය සම්බන්ධයෙන්...
Views - 5012

Please publish modules in offcanvas position.