Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මොකක්ද මල්ලී හදිසිය?

අපේ ගල්හේන මහත්තයා පහුගිය දවසක ඉඩම් ගනුදෙනුවකට යාළුවෙකුත් එක්ක කුරුණෑගල පැත්තේ පිටිසර ගමකට ගියා. ඒ ගම මොන තරම් පිටිසරද කිව්වොත් හරියට පාරක් තොටක්වත් නැහැ. ගමට යන පාර දෙපැත්තෙම ලොකු ලොකු ‍පොල් වතු.
කොහොම හරි ගල්හේන මහත්තයා තමන් ආපු ඩබල් කැබ් එක අතරමග නතර කරලා යාළුවත් එක්ක ගංගොඩේ පැත්තට ඇවිදගෙන යන කොට එක ‍පොල් වත්තක ඉන්න ඉලන්දාරි ගැටව් දෙන්නෙක් දකින්න ලැබුණා. මේ දෙන්නා ‍පොල්ගහක් මුල ඉඳගෙන කුරුම්බා බොනවා. ඒ ගිනි මද්දහනක් හින්දත්. ඒ වෙලාවේ දෙන්නටම තරමක පිපාසයක් තිබුණු හින්දත් මේ යාළුවෝ දෙන්නත් හෙමිහිට ඒ පැත්තට කිට්ටු වුණා.
“සර්ටත් කුරුම්බා ගෙඩි දෙකක් කපලා දෙන්නද? කොහොම හරි මේ දෙන්නගේ අදහස තේරුම් ගත්තා වගේ අර එක කොළුගැටයෙක් ඇහුවා. “අනේ මල්ලි පුළුවන් නම් නියමයි. අපිත් මේ බාගෙට මැරිලා ඉන්නේ.” ගල්හේන මහත්තයා එහෙම කියනකොටම අනිත් කොළු ගැටයා ‘දඩස් බඩස්’ ගාලා කුරුම්බා ගෙඩි දෙකක් කපලා මේ දෙන්නට ඇල්ලුවා. ඒ කුරුම්බා ගෙඩි දෙක බිව්වා විතරයි අපේ මිත්‍රයෝ දෙන්නගේ පිපාසයයි තෙහෙට්ටුවයි එක පාරටම අන්තරස්දාන වුණා. “මේක තියාගන්න මල්ලී.”
කුරුම්බා ගෙඩිය බිලා ‍ලේන්සුවෙන් කට පිහිදාගත්ත ගල්හේන මහත්තයා කලිසම් සාක්කුවෙන් පර්ස් එක එළියට ඇඳලා රුපියල් සීයේ කොළ දෙකක්ම ඒ කොලු ගැටයට දික් කළා. “පිස්සුද සර් අපිට සල්ලි එපා, අපි මේවා විකුණන්න නමෛයි කැඩුවේ. අපිට බොන්න.” එතකොට ඒ කොලුගැටයා කිව්වා.
“තමන්ගේ ගමට ආපු කෙනෙකුට කුරුම්බා ගෙඩියක් දීලා සල්ලි ගන්න ලජ්ජා නැද්ද සර්. “එතකොටම අනික් ඉලන්දාරියත් කිව්වේ නැතැයි. මේ කොළු ගැටව් දෙන්නගේ කතාව ඇහුණා විතරයි තමන්ගේ හදවත වේගයෙන් උණුසුම් වෙනවා වගේ අපේ ගල්හේන මහත්තයට දැනුණා. “ඇත්තෙන්ම මට නම් පුදුම විදිහට ආඩම්බරයි මල්ලි ඔයාලා ගැන. අපේ පළාත්වල නම් අද වෙනකොට මනුස්සකම කියන දේටත් මිලක් නියම වෙන තත්ත්වයක් තිබියදී ඔයාලා වගේ අන්තිම අවංක, ගුණගරුක, සදාචාරවත් තරුණ පරපුරක් තවමත් මෙහෙම හරි දකින්න ලැබිම අපේ වාසනාවක්.”
ගල්හේන මහත්තයා එහෙම කියලා ඉවර වෙනවත් එක්කම අර ඉලන්දාරි දෙන්නා ඔළුව උස්සලා ඒ අතුරු පාරේ කෙළවර දිහා බැලුවා.
“අපි දුවමු සර්. මෙතන හිටියොත් සර්ලටත් අම්බානක කන්න තමයි වෙන්නේ.” එක කොලු ගැටයෙක් එහෙම කියනවත් එක්ක මෙන්න ඒ දෙන්නම සරම් කැහැපට ගහගෙන දුවන්න පටන් ගත්තා. “ඇයි මොකක්ද මල්ලි හදිසිය?” මේ කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව ගල්හේන ලොක්කා ඇහුවා. එතකොටම ඒ කොල්ලෝ දෙන්නා කම්බි වැටෙන් පනින අතරේ එක කොල්ලෙක් මෙහෙම කිව්වා. 
“හදිසියක් නැද්ද සර් මේ ‍පොල්වත්තේ අයිතිකාරයෝ එනවා දැක්කම.”

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 1275

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 2721

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 8225

2017 විශ්ව රූ රැජින ඩෙමී සහ අපේ ක‍්‍රිස්ටියානා

IMAGE 2017 Dec 13 10:17
ලෝක රූ රැජින තේරීමේ තරගයේ උණුසුම පහව යෑමටත් පෙර තවත් සුරූපිනියක් විශ්ව රූ රැජින ලෙස  කිරුළ...
Views - 4116

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි නිලියක ගේ අත ගනී

IMAGE 2017 Dec 12 12:41
ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ඊයේ (11) යුග දිවියට එළඹුණි. ඔහුගේ අතගත් මනාලිය වූයේ බොලිවුඩ්...
Views - 4344

පාතාලයට ඔත්තු දීමේ වරදට වෙඩි කෑ රූපලාවන්‍ය ශිල්පිනිය

IMAGE 2017 Dec 12 10:22
අතුරුගිරිය නගරයේ පිහිටි සයෝනාරා රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය වන හතළිස්හත් වියැති මංජුලා...
Views - 6006

Please publish modules in offcanvas position.