lakbima.lk
2017-06-15 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.8400 , විකුණුම් මිල රු.154.6400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.5800 , විකුණුම් මිල රු.198.1100 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.168.2300, විකුණුම් මිල රු.174.5900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.154.3400 , විකුණුම් මිල රු.160.4500 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.2400 , විකුණුම් මිල රු.117.7200 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.7400 , විකුණුම් මිල රු.118.8200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.109.0900 , විකුණුම් මිල රු.113.1000 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3701, විකුණුම් මිල රු.1.4216 |

මෙහේ මිනිස්සු හදන චීන කෑමවල කොහෙද මෙහෙම රහක්

දැන් අපේ රටේ පඳුරක් පඳුරක් ගානේ චයිනීස් රෙස්ටෝරන්ට් තිබුණට නියම චීන  කෑමක් රහ බලන්න පුළුවන් ලංකාවේ තැන් කීපයකදී විතරයි කියලා එන්සිනා කොහේදී හරි අහලා තිබුණා.  ඒ හින්දම පුංචි එවුන් දෙන්නටත් නියම චීන කෑමක් රස බලන්න  සලස්වලා තමනුත් ඒවායින් ටිකක් සප්පායම් වීමේ පුංචි ආසාවක් එන්සිනාගේ හිතේ ඇති වුණා.කොහොම හරි තමන්ගේ හිතේ තියන මේ බලා‍පොරොත්තුව මහත්තයත් එක්ක කියලා ටික කාලයක් ගත වුණා කියමුකෝ.
 
‘ඔන්න එන්සිනා අද මට ඔයා හොයන ජාතියේ චයිනීස් රෙස්ටෝරන්ට් එකක් හම්බ වුණා. ඉන්ටනේට් එකේ තිබිලා .
වැඩි ඈතක ‍නෙවෙයි මේ කිට්ටුවමයි තියෙන්නේ.’ ඔන්න හිටිහැටියෙම දවසක් මහත්තයා එන්සිනාට කිව්වා. 
 
‘අනේ මන්දා තැන නම් හොඳ වෙන්න පුළුවන්. ඒත් අපේ ඉඩම උගස් තියන්න වෙයිද දන්නේ නැහැ ඕවයින්  කන්න ගිහින්. හිත යට හංගා ගත්තු සතුට හිත යට හංගා ගත්තු එන්සිනාත් කිව්වා.
 
නෑ නෑ එහෙම වෙන්න විදිහක් නෑ. අනික ඔය වගේ තැනක තියන රෙස්ටෝරන්ට් එකකින් කෑම කන්නේ ඒ පැත්තෙම මිනිස්සු තමයි. එහෙම නැතුව ඕවට සුද්දෝ හරි චීන්නු හරි එනවද?’ මහත්තයත්  බොහොම සැහැල්ලුවෙන් කියලා දැම්මා.
 
කොහොම හරි ඔන්න සිංහල අලුත් අවුරුද්ද එහෙම පහුවෙලා එක හැන්දෑවක එන්සිනා මහත්තයයි පුංචි උන් දෙන්නයි එක්ක  ඔය කියන චයිනීස් රෙස්ටෝරන්ට් එකට ගියා. ඇත්තෙන්ම ඒක ඇතුළට ගියාම මේ කාට කාටත් තේරුණේ හරියට චීන සංචාරයක් යනව වගේ. ඒ රෙස්ටෝරන්ට් එක වර්ණ ගන්වලා තිබුණෙත් තද රතු පාටින් විතරයි. ඒ වගේම මකර රූප චීනයේ සාම්ප්‍රදායික සිත්තම් මේ හැම දේකින්ම ඒ අවන්හල හැඩවෙලා තිබුණා.
 
‘ටෝෆු ෆ්‍රයිඩ් රයිස්’ මෙනු පතේ තිබුණුු එක එක කෑම අතරින්  ඔක්කොටම ගැළපෙන කෑමක් හැටියට කට්ටිය ඒ කෑම තෝරා ගත්තා. කාලය  ඕනේ  නම් විනාඩි දහයක් යන්න ඇති. මෙන්න රෙස්ටෝරන්ට් එකේ  පැන්ට්‍රිය පැත්තේ ඉඳලා සුදු කමිසයකට උඩින් සුදු ඒප්‍රන් එකකුයි  හිස්වැස්මකින් දාගත්තු බනිස් ගෙඩියක් වගේ වටකුරු මූණක් තියන චීන කෝකියෙක් හෝ ගාලා දුම් දමන කෑම පිඟානක් අත උඩ තියාගෙන ගෙනත් කෑම කවුන්ටරේ උඩ තිබ්බා. එතකොට අවන්හ‍ලේ වැඩ කරපු සුදු කමීසයට උඩින් රතු ජැකට් එකක් ඇඳල බෝ එකක් දාගත්තු අපේ රටේ වේටර් ළමයෙක් ඒ කෑම බන්දේසිය අරගෙන එන්සිනාලා ළඟට ආවා.
ඇත්තෙන්ම කිව්වොත් සෑහෙන කාලෙකින් එන්සිනා ඒ වගේ කෑමක් කාලා නැහැ. මහත්තයයි දරුවෝ දෙන්නයි කිව්වෙත් ඊට බොහොම කිට්ටුවෙන් යන කතාවක්.
 
‘පුදුමේ කියන්නේ අපේ මෙහේ චයිනීස් රෙස්ටෝරන්ට්වල කෑමවල වගේ කට  හාරන ලුණු රහක් මේ කෑමවල නැති එකනේ. ඒ වගේම බලන්නකෝ මේවායේ සුවඳ’ හරියට මල් වට්ටියක් ළඟ ඉන්නවා වගේ. එන්සිනා වටපිට අයට නෑහෙන විදිහට මහත්තයට කිව්වා. එතකොටම අපේ රටේ වේටර් ළමයත් හිනාවේගෙන ඇවිත් ‘කොහොමද සර් කෑම රසද?’ කියලා ඇහුවේ ඒකට ලැබෙන උත්තරේ සීයට දාහක් දැනගෙන වගේ.
 
‘ඒකනේ මල්ලී කියන්නේ මෙතන අර චයිනීස් කුක් හදන හින්දාම මෙහෙම රසට තිබුණට අපේ රටේ මිනිස්සුන්ට කොහෙද මෙහෙම පුළුවක් කමක්.?’
 
මහත්තයා එහෙම කියන කොට අර වේටර් ළමයා මුකුත් නොකියා වටපිට බලන්න පටන් ගත්තා.
 
‘ඇයි මල්ලි‘ වේටර් ළමයගේ හැසිරීම ටික්ක අමුතු හින්දා එන්සිනාත් ඇහුවා.
 
‘සර්ලා බොහෝම හොඳ අහිංසක පවුලක් වගේ පේන හින්දා කියන්නේ’ එහෙම කියපු වේටර් කොලුවා ආයිමත් වටපිට බැලුවා.
 
‘ඇත්තෙන්ම මෙතන කෑම ඔක්කොම හදන්නේ අපේ රටේ කොල්ලෝ. ඔය යකා කරන්නේ ඔය සෝබන ඇඳුම ඇඳගෙන කස්ටමර්ලට පේන්න ඒ කෑම ඉස්සරහට ගේන එක විතරයි. එහෙම කියපු වේටර් ළමයා එන්සිනාලගේ පැත්තට තවත් මූණ කිට්ටු කළා.
 
‘ඇත්තම කියනවා නම් සර් ඔය චීනාට කෑම උයනවා තියා හරියට පපඩමක්වත් බැදගන්න බැහැ. 

 
IMAGE

බුද්ධි-බූඩි අළුත් වැඩක

IMAGE 2017 Jun 26 13:47
ශ්‍රී ලාංකිය සිනමාව නව මගකට යොමුකළ බුද්ධි කිර්තිසේන හා බූඩි කිර්තිසේන පිය පුතු දෙපළ සිනමා...
Views - 581

ලංකාවේ අවංකම බස් කොන්දොස්තර කුරුණෑගලින්?

IMAGE 2017 Jun 26 10:49
කුරුණෑගල මහ රෝහල ඉදිරිපිට බස් නැවතුම නිතර ජනයාගේන් පිරී පවතින්නකි. විශේෂයෙන් රෝහලේ රෝගීන්...
Views - 1304

සෙල්ෆි ගැසීම මානසික රෝගයක් නොවේ

IMAGE 2017 Jun 26 09:57
තමාගේම ඡායාරූපයක් තම ජංගම දුරකථනයෙන් ගැනීම හෙවත් සෙල්ෆි ගැනීමට ගිය කීපදෙනෙකු අවාසනාවන්ත ලෙස...
Views - 473

නතාෂා රට හැර යාමට සැරසෙයි

IMAGE 2017 Jun 25 19:41
නතාෂා පෙරේරා ගැන අමුතුවෙන් හැඳින්වීම් මොකටද? ඇය රටේම ආදරය දිනා ගත්තේ පුංචිම පුංචි...
Views - 2047

අපේ හොර වැඩවලට උදව් කරන්නේ මාලනී නැන්දා

IMAGE 2017 Jun 25 19:26
මාලනී ෆොන්සේකා පරම්පරා දෙකක පිරිසක් කලාවට කැඳවාගෙන ආවා. ඒ දෙවැනි පරපුරේ බාලම පුරුක තමයි...
Views - 2086

ජීවිතයේ මුල්වරට කෝච්චියේ අධිවේගයේ ගිය කෙවිලියාමඩුවේ...

IMAGE 2017 Jun 25 11:18
කෙවිලියාමඩුව ගමේ දරුවෝ හරියට “හෝ ගාන ‍පොකුණ” චිත්‍රපටයේ හුන් දරුවන් මෙන් යැයි මට සිතුණේ...
Views - 928

Please publish modules in offcanvas position.