lakbima.lk
2017-04-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.5100 , විකුණුම් මිල රු.154.3100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.9300 , විකුණුම් මිල රු.198.4400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.3000, විකුණුම් මිල රු.166.4200 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.6900 , විකුණුම් මිල රු.155.6300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.9600 , විකුණුම් මිල රු.115.3500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.112.2600 , විකුණුම් මිල රු.117.3100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3712, විකුණුම් මිල රු.1.4229 |

“කළු කුමාරයා” ආ බවට කාන්තාවක් 119ට පැමිණිලි කරලා

අනුරාධපුර ගුවන්තොටුපොළ අසල නිවසක පදිංචි 43 හැවිරිදි කාන්තාවක ගෙන් පසුගිය දිනක මධ්‍යම රාත්‍රියේ 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට දුරකථන ඇමතුමක් ලැබුණි.  එම ඇමතුම දුන් කාන්තාව කියා සිටියේ හදිසියේ තම නිවසට පැමිණි නාඳුනන පුද්ගලයකු තමන් දූෂණයට ලක්කොට තමන් ගෙළ පැළඳ සිටි රුපියල් ලක්ෂයක රන්මාලය ද පැහැරගෙන පලා ගිය බවකි. මෙම ඇමතුමෙන් වහා ක්‍රියාත්මක වූ අනුරාධපුර පොලිස් නිලධාරීහු ඇගේ නිවසට පිවිසියහ. ඒ වන විට ද ඇය කිසියම් කළබලකාරී ස්වරූපයකින් පසුවනු ඔවුනට පෙනිණ.

පොලිසිය:කොහෙන්ද ඔය පුද්ගලයා ආවේ?

කාන්තාව:(කුඩා ජනේලයක් පෙන්නා) මෙන්න මේ ජනේලෙන් තමයි ඇතුළට ආවේ.

පොලිසිය:ඇවිත් මොකද කළේ?

කාන්තාව:මගේ බෙල්ලට පිහියක් තියලා මාලය කඩා ගත්තා.

පොලිසිය:එතකොට තමුන් කෑගැහුවෙ නැද්ද?

කාන්තාව:පිහිය බෙල්ලට තියපු හින්දා කෑගැහුවේ නෑ.

පොලිසිය:අපි අහන්නේ ඒ පුද්ගලයව දැක්කෙ හැටියෙම කෑ ගැහුවෙ නැද්ද කියලා.

කාන්තාව:(නිහඬය)

ඉන්පසුව පොලිස් නිලධාරීන් ඇගේ ගෙල පෙදෙස පරීක්ෂා කළ මුත් එහි සීරීම් තුවාලයක් වත් දක්නට නොතිබිණි.

පොලිසිය:ඊට පස්සේ ඒ පුද්ගලයා මොකද කළේ?

කාන්තාව:මාව දූෂණය කළා.

පොලිසිය:කොතනදි ද?

කාන්තාව:(ඇඳක් පෙන්වා) මෙන්න මේ ඇ‍‍ඳේදි.

ඉන්පසු පොලිස් නිලධාරීන් ඒ යහන පරීක්ෂා කළ අතර එහි ඇතිරිලි වල කිසිදු පොඩිවීම් සළකුණක් වත් දක්නට නොතිබුණි. එමෙන්ම යහනට දමා තිබූ මදුරු දැළද එලෙසම තිබෙනු දක්නා ලදී.

පොලිසිය:එතකොට ඒ පුද්ගලයා කොහෙන්ද පැනලා ගියේ.

කාන්තාව:(ඔහු පැමිණි බව කී ජනේලය පෙන්වා) මෙන්න මෙතනින්ම තමයි පැනලා ගියේ.

එහෙත් එම ජනෙල් පඩිය මත තිබූ ඇගේ සුවඳ විලවුන් ‍කුප්පි ආදී කිසිවකුත් අඩුම තරමින් පෙරළී තිබුණේ වත් නැත.

මෙම කාන්තාවගේ ආරක්ෂක සේවයට සම්බන්ධ සැමියා නිවසට පැමිණෙනුයේ ඉඳහිටය. ඒ අනුව ඒ මොහොතේ සිදුවූ  කිසියම් රහසක් වසන් කරනු පිණිස ඇය පොලිසියට  බොරු පැමිණිල්ලක් කළා විය යුතුය. එසේ නොමැති නම් ඇය “කළු කුමාර දෝෂයෙන්” පෙළෙන්නියක විය යුතුය.

නමුත් අපට ඒ බව සහතික කළ නොහැක්කේ කළු කුමාරයා කාන්තාවන්ට අතවර කරනු මිස ඔවුන්ගේ රන් මාල කඩා ගන්නා බව කිසිදු තැනෙක සඳහන්ව නොමැති බැවිනි.

 

බුද්ධික මහේෂ් විජේසූරිය - අනුරාධපුර

 

 

 

 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

විවාහය සතුටක් තනිකඩ ජීවිතය දුකක් ඒත් මම විවාහ වෙන්නේ නෑ

IMAGE 2017 Apr 23 18:12
“සතුටයි දුකයි“ අතර ගෙවී යන ජීවිතයේ අහුමුළු ස්පර්ශ කරන ‘සතුටයි දුකයි‘ කියන අපේ...
Views - 674

කුණු කන්දට විරුද්ධ වුණාම මට ගැහුවා, නඩු දැම්මා

IMAGE 2017 Apr 23 14:22
මීතොටමුල්‍ලේ කුණු කන්දේ මේ ඛිෙදවාචකය සිදු වන බවට කල් තියාම දැනගෙන හුන් පුද්ගලයෙක් හුන්නේය....
Views - 555

ශරීරයේ සීනි අඩුකරන 'මස්බැද්ද' ගැන රහසක්

IMAGE 2017 Apr 20 12:15
මගෙන් ප්‍රතිකාර ගන්නා රෝගියකුට දියවැඩියාව පාලනය කර ගැනීම පිණිස වන ඖෂධ සහ වෛද්‍ය උපදෙස් නියම...
Views - 29193

සෝමාලියානු කොල්ලකරුවන්ගෙන් නිදහස් වූ අපේ සූපවේදියා

IMAGE 2017 Apr 19 13:29
අපි අටදෙනාට පණ පිටින් ලංකාවට ඒමට අවස්ථාවක් ලැබෙයි කියලා මම කවදාවත් හිතුවේ නෑ. මට අද විශාල...
Views - 2492

මතුරට තරුණියට වතුපිටිවලින් හමුවූ ‘විස්මිත නෑයෝ’

IMAGE 2017 Apr 19 12:04
දිනය පසුගිය අප්‍රේල් දහසය වන ඉරිදාය. ස්ථානය වතුපිටිවල ප්‍රදේශයේ  නිවසකි. වේලාව පස්වරු දෙක...
Views - 6771

වැඩිපුර අවුරුදු කෑ සිවිල් ආරක්ෂක සෙබළා මරුට

IMAGE 2017 Apr 19 10:06
වැඩිමහල් සහෝදරයාගේ නිවසේ පැවැති අවුරුදු සාදයකට සහභාගි වී ප්‍රමාණය ඉක්මවා රාත්‍රී ආහාරය...
Views - 3297

Please publish modules in offcanvas position.