Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

යළිත් සහල් හිඟයක් ඇතිවෙයිද?

මෙරට ජනතාවගේ 90කටවත් වඩා පිරිසකගේ ප්‍රධාන ආහාරය බත්ය. රන්පස පෙරළා බිජ වපුරන ගොවියා දෙවියකු බව එදා අපේ මුතුන් මිත්තන් කීවේද අද අප කියන්නේද මේ නිසාය.
නමුත් පසුගියදා සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමය කැඳවූ මාධ්‍ය හමුවකදී මෙරට බත් කන අයගේ අනාගතයේ අවිනිශ්චිතභාවය පිළිබඳව දැඩි අනතුරු හැඟවීමක් සිදුකෙරිණි.
සැබැවින්ම අපේ රටේ දරුණු සහල් හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින්නේද එහි සත්‍ය අසත්‍යභාවය කෙබඳුද යන්න අප විමසා බලන්නට සිතුවේද ඒ නිසාය.
සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගාමිණී කුමාරසිංහ මහතා එහිදී ප්‍රකාශ කරනු ලැබුවේ මෙවන් කරුණකි.

හාල් හිඟයක් නිර්මාණය කරන්නේ මහා පරිමාණ වී මෝල් හිමියෝ

“ඇත්තටම අපේ රටේ හාල් හිඟයක් නැහැ. නමුත් මහ පරිමාණ වී මෝල් හිමියන් හාල් සඟවාගෙන හාල් හිඟයන් නිර්මාණය කරමින් ඉන්නවා. හය හත් දෙනෙක් කූඨ විදියට හාල් අස්වැන්න ලොක් කරලා. නාඩු සහල් රු. 72කටත්, කැකුළු සහල් රු. 70කටත්, සම්බා සහල් රුපියල් 80කටත් අලෙවි කරන්න පසුගිය පෙබරවාරි 7 වනදා ගැසට් කළා. නමුත් දැන් ඒ නීතිය කඩලත් ඉවරයි“
යම් ලෙසකින් මේ රටේ හාල් හිඟයක් ඇතිවන්නේ නම් මෙරට සුළු පරිමාණ මධ්‍යම පරිමාණ හෝ මහ පරිමාණ වී මෝල් හිමිවරුන්ටද එම වගකීමෙන් මිදෙන්නට පුළුවන්කමක් නැත. මේ වගකීම පිළිබඳව සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපතිවරයා මෙසේ පවසන්නේය.

මාස් කන්නයේ අස්වැන්නේ සියයට 5ක්වත් වෙළෙඳ‍පොළට ඇවිත් නැහැ

පැයට ටොන් 10ට අඩු ධාරිතාවක් ඇති වී මෝල් සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් ලෙසට හඳුන්වන්න පුළුවන්. මහ පරිමාණ වී මෝල් ලෙසට සැලකෙන්නේ පැයට ටොන් 10කට වැඩි ධාරිතාවයක් ඇති වී මෝල් අද මහ පරිමාණ මෝල් හිමියන් එක්ක කුඩා පරිමාණ මෝල් හිමියන්ට තරග කරන්න බැරි තත්ත්වයක් උදාවෙලා. ඒ අය වී මිල දවසින් දවස වැඩි කරනවා. ගොවියාගේ කකුල් දෙක ළඟටම ගිහිං වී මිලට ගන්නවා. වෙළෙඳ‍පොළේ හාල් හිඟයක් ඇති කරලා මිල වැඩි කරන්න හදන්නේ මහ පරිමාණ වී මෝල්. ඔවුන්ගේ මේ ක්‍රියාව නිසාම මාස් කන්නයේ අස්වැන්නෙන් 5ක්වත් වෙළෙද‍පොළට ඇවිත් නැහැ.

මිල වැඩි කරන මහා පරිමාණ මෝල් හිමියන්ට නඩු පවරන්නේ නැතිව අසරණ සිල්ලර කඩ හිමියන්ට නඩු පැවරීම විහිළුවක්

යම් ලෙසකින් යළිත් රටේ හාල් හිඟයක් ඇතිවෙයිද? සිල්ලර වෙළෙන්දාට පමණක් නොව සාමාන්‍ය ජනතාවටත් මතුවිය හැකි මේ ප්‍රශ්නයට, සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගාමිණී කුමාරසිංහ මහතා පිළිතුරු දෙන්නේ මේ ලෙසය,

“මහ පරිමාණ වී මෝල් හිමියන් නිර්මාණය කරමින් සිටින හාල් හිඟය නිසා හාල් වෙළෙඳ‍පොළට ආවේ නැත්නම් සිල්ලර කඩ හිමියන්ට හාල් වැඩි මුදලකට විකුණන්න සිදුවෙන්න පුළුවන්. නමුත් මේ වගේ තත්ත්වයක් ඇතිවුණොත් නඩු පැවරිය යුත්තේ කඩහිමියන්ට නොවෙයි. මහ පරිමාණ වී මෝල් හිමියන්ටයි.”
දේශීය හාල් වල හිඟයක් යම් ලෙසකින් ඇතිවුවහොත් පිටරටින් හාල් ගෙන්වීම සිදුකරන බවට රජයේ අමාත්‍යවරු පාරම් බාති. දේශීය හාල් වෙළෙඳ‍පොළ පිළිබඳව සමස්ත ලංකා සහල් නිෂ්පාදක සංගමය දරන්නේ මෙවන් අදහසකි.

පාලන මිල නමට විතරයි

පසුගිය පෙබරවාරි මාසයේදී හාල් හිඟයක් ඇතිවුණා කියලා රු. 30 බද්ධ රු. 5ට අඩුකරලා. හාල් ගෙන්නුවා. එහිදී අපේ හාල් 80ට 95ට ගියා. ඇතැම් මහ පරිමාණ වෙළෙඳ හිමියන් රට හාල් තමන්ගේ බෑග් එකට දාගෙන දේශීය නමින් හාල් අලෙවි කළා. දැන් කෙළින්ම බිල් කරගෙන 85ට අලෙවි කරනවා.

හාල් මිල පාලනයට පාලන මිලක් හඳුන්වා දීමට රජය කටයුතු කර තිබුණත් ඒ පාලන මිල ගණන් නොසලකා හරිමින් හාල් වැඩි මුදලට අලෙවි කරන බවද සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමය චෝදනා නගන්නේය.

පසුගිය පෙබරවාරි 07 වනදා සහල් පාලන මිල සම්බන්ධයේ ගැසට් කළ නීතිය මේ වනවිට බිඳ දමලා මේ විදිහට නීති කඩකරන අයට ක්‍රියාත්මක කරන්න ඕනේ නීතිය කෝ.

දැන්වත් පාරිභෝගික සේවා අධිකාරිය තොග ගණනය කරලා රජයේ පාලන මිලට සහල් මුදාහරින්න ඕනේ. පාලන මිල අභිබවා යන්නේ නම් ඊට එරෙහිව ෙනෙතික පියවර ගත යුතුමයි.

වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මකයි

අප මේ නගන චෝදනාව පිළිබඳව පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතාගෙන් අදහස් විමසා සිටියෙමු.
“දැනට අපට පෙනෙන තරමට සහල් මිල වැඩි වීම සම්බන්ධව ලොකු ප්‍රශ්නයක් නැහැ. පාලන මිල නොතකා කටයුතු කරන සහල් අලෙවිකරන අලෙවිකරුවන් පිළිබඳව අපේ වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. මේ මැයි මාසේ අපි ස්ථාන 2500ක් පමණ පරීක්ෂා කළා. එයින් අපි 76 දෙනකු සම්බන්ධව නීතිමය පියවර අරගෙන තියෙනවා.
විශේෂයෙන් කියන්න ඕනේ හාල් මිල වැඩිවීම මහ පරිමාණයෙන් සිදුවෙලා නැහැ කියන එක.”

සහල් හිඟයක් තියනවා කියන්නේ බොරු

සහල් හිඟය හෝ සහල් මිල වැඩිවීම සම්බන්ධයෙන් විමසා බලන කළ සැබවින්ම අපේ රටේ සහල් මාෆියාවක් දක්නට ලැබෙන්නේද යන්න පිළිබඳව වී අලෙවි මණ්ඩලයේ සභාපති එස්.බි. දිසානායක මහතා දැක්වූයේ මෙවන් අදහසකි.
“සහල් මිල ඉහළ යාම පාලනය කිරීමට අපි මේ වතාවේ අපි ළඟ තිබුණු වී තොග වී මෝල් 500කට වැඩි ගණනකට බෙදලා දුන්නා. අපි සතුව තවත් මෙට්‍රික් ටොන් 76000ක් පමණ තිබෙනවා. වෙළෙඳපළේ වී මිල දැන් පාලන මිලත් ඉක්මවා ගිය නිසා ගොවීන් අපට මෙවර වී දුන්නේ නැහැ. කෙසේ වෙතත් අප සහල් මිල දිහා බලලා ඒ තත්ත්වය පාලනය කිරීමට සතොස මගින් වී හාල් කරලා ඒවා අලෙවි කරනවා. මම නම් හිතන්නේ දැනට නම් අපේ රටේ හාල් හිඟයක් නැහැ කියලයි.” හාල් හිඟයක් නිර්මාණය කරන බව ඇතැම් වගකිව යුතු ආයතන පවසන විට තවත් වගකිව යුතු ආයතන පෙන්වා දෙන්නේ දැනට හාල් හිඟයක් දක්නට නොලැබෙන බවය.

කෙසේ වෙතත් මෙරට සාමාන්‍ය ජනතාව පවතින හාල් මිල පිළිබඳව දැනට සෑහීමකට පත්ව නොසිටින බව නම් මෙහිදී කිව යුතුමය.

සමන්මලී නැලිගම

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

බත් පත බෙදාගන්නට මට සිටියේ ඔබ පමණි

IMAGE 2017 Oct 19 20:52
මිනිසත් බව ලැබිමට තමන් රැස් කළ කුසල් හේතුවන බව බෞද්ධ ඉගැන්වීමේ සඳහන් වේ. ආත්ම ගණනක්...
Views - 1603

සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට ලිංගික 'ස්ප්‍රේ' විදලා

IMAGE 2017 Oct 19 10:56
දඹුල්ල ප්‍රදේශයේ පාසලක අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට එම...
Views - 2686

සරණාගත කඳවුරු වල කතුන් ලිංගික අතවර වලට

IMAGE 2017 Oct 18 13:35
ආපදා තත්වයන් යටතේ අවතැන්වන කාන්තාවන් හා ගැහැණු දරුවන්ට අනාරක්ෂිතම ස්ථානයක් වන්නේ සරණාගත...
Views - 1905

මගේ පෙම්වතිය රඟපාන්න කැමති නෑ - සජිත අනුත්තර

IMAGE 2017 Oct 17 12:52
ඔබට නළුකමට එන්නට පියා ලොකු ආලෝකයක් වුණා අනිවාර්යයෙන්ම ඔව්. ගෙදර කලා පසුබිමක් ඇති වන්නට මුල්...
Views - 1673

ලංකාවේ පළමු මෝටර් සයිකල් ලයිසන්කාරිය විමල නයනා

IMAGE 2017 Oct 17 00:21
ඇමෙරිකානුවෙක වූ නීල් ආම්ස්ටේ‍රා්න් සඳ තරණය කළ දා මුළු ලොවම ඒ සඳට ගිය මිනිසා ගැන කතා කරමින්...
Views - 2163

රවීන් දැක්කාම “බුදු අම්මෝ” කියලා ඔළුවේ අත ගහ ගත්තා

IMAGE 2017 Oct 15 18:43
හිමාලි සයුරංගි කියන ඔබ “සතුට” හා “දුක” කියන අත්දැකීම් දෙකට මුහුණ දෙන්නේ මොන විදියටද? ...
Views - 3366

Please publish modules in offcanvas position.