lakbima.lk
2017-01-20 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.148.28 , විකුණුම් මිල රු.152.03 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.182.53 , විකුණුම් මිල රු.188.80 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.35 , විකුණුම් මිල රු.163.38 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.146.57 , විකුණුම් මිල රු.152.47 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.81 , විකුණුම් මිල රු.115.22 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.34 , විකුණුම් මිල රු.116.34 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.103.66 , විකුණුම් මිල රු.107.47 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2868 , විකුණුම් මිල රු.1.3356 |

විග්නේෂ්වරන් කැනඩාවේ එළිඟු තමිල් පවත්වයි

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාර්ඩ් බදුර්දීන් මහතාගේ මැදිහත්වීම මත විල්පත්තුව අභය භූමිය ප්‍රදේශයේ දැවැන්ත වන විනාශයක් සිදුවන බව ඉකුත් දිනවල විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබුණි. එල්ලවන චෝදනා පිළිබඳව අමාත්‍ය රිෂාර්ඩ් බදුර්දීන් මහතා නිර්දෝෂී බව අමාත්‍යවරයා කියන්නේය. කෙසේ නමුත් එල්ලවන චෝදනාවල සත්‍ය අසත්‍යතාව පිළිබඳ උතුරේ මාධ්‍යවෙදීන් හා පූජ්‍ය පක්ෂය දැනුවත් කිරීම සඳහා ඉකුත් 07 දා විල්පත්තුවේ සංචාරයක් සූදානම් කර තිබුණි. බදුර්දීන් මහතාගේ ප්‍රබල ආධාරකරුවකු වන උතුරු පළාත් සභා මන්ත්‍රී වී. ජයතිලක මහතා විසින් මෙම සංචාරය සූදානම් කර තිබුණි.
මෙහිදී මාධ්‍යවේදීන් හා පූජ්‍ය පක්ෂය කෙළින්ම රැගෙන ගියේ විල්පත්තුව අභය භූමියේ උතුරු පිවිසුම් දොරටුව වෙතයි. එම ස්ථානයේ පිහිටා තිබූ කාර්යාලයේදී එහි රාජකාරි කළ වනජීවී නිලධාරීන්ද හමුවිය. මෙහිදී වනජීවී නිලධාරීන් ප්‍රකාශ කළේ තමන් පාලනය කරන භූමියේ කිසිදු වන විනාශයක් හෝ ඉදිකිරීමක් සිදු නොවන බවට තමන්හට සහතික විය හැකි බවයි.
ඇමැති නිදොස් බව උතුරේ භික්ෂූහු කියති.
කෙසේ නමුත් මාධ්‍යවේදීන් යන මාර්ගයේ අලුතින් ඉදිකර තිබූ ගම්මාන අතර පිහිටුවා තිබූ කොළ පැහැති නාම පුවරු රැසක් විය. ‘වන සතුන් දඩයම් කිරීම, කැලෑ ගිනි තිබිම, එළි පෙහෙළි කිරීම හෝ පදිංචි වීම සපුරා තහනම්’ එම නාමපුවරුවල සඳහන් විය. මේ පිළිබඳව වන ජීවී නිලධාරීන්ගෙන් විමසීමේදී ඔවුන් ප්‍රකාශ කළේ තම පාලනය පවතින විල්පත්තුව අභය භූමිය තුළ කිසිදු වන සංහාරයක් සිදු නොවන බවට සහතික වන නමුත්, අභය භූමියට යාබදව තිබෙන වනාන්තර කලාපවල සිදුවන දෑ පිළිබඳව තමන්ට පිළිතුරු දිය නොහැකි බවයි. කෙසේ වෙතත් එම වනාන්තර කලාපවල පාලනය පැවරී තිබෙන්නේ රජයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවටය. සැබැවින්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් බව කියන මෙම ප්‍රදේශයේ නැවත පදිංචි කිරීම මහා පරිමාණයෙන් සිදුකර තිබිණි. එමෙන්ම ප්‍රදේශයේ වසර 50ක් පමණ පැරණි මුස්ලිම් දේවස්ථානයක නටබුන් හා විනාශ වූ නිවාස කිහිපයක ඉතිරි වූ බිත්ති කිහිපයක්ද විය.
මෙහිදී මාධ්‍යවේදීන්ගේ ඉල්ලීම වූයේ විල්පත්තු රක්ෂිතයට තමන් රැගෙන යන ලෙසයි. සැබැවින්ම විල්පත්තුව අභය භූමිය තුළ එවැනි වන විනාශයක් සිදුව නොතිබූ අතර අදාළ එළි පෙහෙළි කිරීම සිදුව තිබුණේ විල්පත්තුවට කිලෝමීටර 20ක පමණ දුරින් පිහිටි විලත්තිකුලම් වනාන්තර ප්‍රදේශය තුළය. මග පෙන්වන්නන් අපගේ ඉල්ලීම ඉටු කළද එළි පෙහෙළි කරන ලද භූමියේ එක්තරා සුළු බිම් කඩකට පමණක් මාධ්‍යවේදීන් රැගෙන ගියද සැබැවින්ම වන විනාශය සිදුවන බව කියන භූමියට ඔවුන් අප රැගෙන නොගිය බව පැහැදිලි විය.
මෙහිදී දැකීමට ලැබුණු දේ සමග වන විනාශයක් සිදු වූ බව පැහැදිලි වන නමුත් මාධ්‍යවේදීන් අතර වඩාත් කතාබහට ලක්වූ මාතෘකාව වූයේ අමාත්‍යවරයකු ලෙස බදුර්දීන් මහතාගේ දක්ෂතාව හා ජනතා සේවයයි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත්ව තිබූ මෙම කැලෑව නැවත පදිංචිය සඳහා නිදහස් කිරීමට දායක වූ ප්‍රධාන පුද්ගලයන් දෙදෙනෙක් වූහ. ඉන් එක් අයකු වන්නේ මන්නාරම දිස්ත්‍රික් ‍ලේකම්වරයාය. අනෙක් පුද්ගලයා වන්නේ මන්නාරම අඩවි වන සංරක්ෂණ නිලධාරියාය. මේ දෙදෙනාම සිංහල ජාතිකයෝය. එමෙන්ම අමාත්‍යවරයා නිර්දෝෂි බව කීමට උතුරු පළාතේ සංඝයා වහන්සේලා 15ක් පමණ ඉදිරිපත් වූහ. මුස්ලිම් ජනාවාසයක් සඳහා සිංහල බෞද්ධයන්ගේ සහයෝගය ලබාගැනීමට හැකි වීම බදුර්දීන් මහතාගේ එක්තරා දක්ෂතාවකි. විලන්තිකුලම්, මරිච්ටුකඩ්ඩි, නවන්කුලි, කදිර්වේලි යන ප්‍රදේශවල මුස්ලිම් ජනාවාසවල පදිංචි කිරීම් කර තිබුණේ සැලසුමක් මතය. ගම්වැසියන් පදිංචි කිරීමට පෙර හොඳ මාර්ග පද්ධතියක් ඉදිකර විදුලිය පහසුකම් ලබා දී තිබුණි. එමෙන්ම නිවාස ඉදිකිරිම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය හා මූල්‍යාධාර ඉතා කඩිනමින් ලබා දී තිබිණ. ගම්මානයට අවශ්‍ය පාසල්, ප්‍රජා ශාලාව, පල්ලි, පෙර පාසල්, ක්‍රීඩාංගණ ආදියද ඉදිකර තිබිණි. මේ සියල්ල සඳහා ගතව තිබුණේ වසරකට අඩු කාලයකි. මෙහිදී එක් ගම්වැසියකු ප්‍රකාශ කළේ ස්ථිර ආදායමක් නොමැති නිසා තමන්හට මූල්‍යාධාරයක්ද ලැබෙන බවය. දැනගන්නට ලැබෙන පරිදි එම මුදල් ලැබෙනුයේ රජයෙන් නොව පෞද්ගලික පාර්ශ්වයකිනි. “ඇමැතිතුමා අපට දෙයියෙක්. එතුමා වෙනුවෙන් අපි පණ වුණත් දෙනවා” එම ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජනතාව එක හෙළා මාධ්‍යවේදීන් සමග කීහ.
සිංහල දේශපාලනඥයන්ට ඇමැති බදුර්දීන්ගෙන් පාඩමක් මෙම සිදුවීම පිළිබඳව මධ්‍යස්තව බැලීමේදී පරිසර විනාශයක් සේම නැවත පදිංචියේදී ජනතාවට සේවයක්ද සිදු වේ. මෙහි වැදගත්ම කාරණාව වන්නේ සිංහල දේශපාලනඥයන්ට දෙන පණිවුඩයයි. නිවාස ව්‍යාපාති, විදුලි ව්‍යාපෘති, කර්මාන්ත ව්‍යාපෘති ආදිය සඳහා තැබූ මුල්ගල පැළවෙන අවස්ථා දකුණේ ඕනෑතරම් දක්නට ඇත. සිංහලයන් නැවත පදිංචි කළ වව්නියාව බෝගස්වැව ප්‍රදේශයේ පදිංචි කිරිම් ආරම්භ කරන ලද්දේ 2011 වසරේදීය.
නැවත පදිංචියට වසර 05ක් ඉක්මවා ගියද මාර්ගය තවම ඉදිකර නැත. විදුලිය ලබාදීම සඳහා වසර 02ක කාලයක් ගත විය. නිවාස ඉදිකර ඇත්තේ පදිංචි කළ පිරිසෙන් 20කට පමණි. සෙසු පවුල් තාවකාලික මඩුවල දිවි ගෙවති. ‍පොදු පහසුකම් ඉතා අවම මට්ටමක පවතී. නමුත් බදුර්දීන් මහතාගේ මැදිහත්වීම මත ඉදි කරන ගම්මාන සියලු පහසුකම් සහිතය. මුල්ගල හෝ උත්සව නැත. නිශ්ශබ්දව නමුත් ජනතා සේවය සිදුවේ. සිංහල දේශපාලනඥයන් කළ යුත්තේද බදුර්දීන් මහතා ආදර්ශයට ගෙන තම ජනතාවට සේවය කිරීමයි.
මහවිරු සුසාන භූමිය ඉදිකිරීමට මුල්ගල උතුරු - නැගෙනහිර පිහිටා තිබූ එල්.ටී.ටී.ඊ. මහවිරු සුසාන භූමි නැවත ඉදිකිරීම පිළිබඳ කතා බහ පසුගිය වසර කිහිපය පුරා සිදුවිය. නමුත් එය ප්‍රායෝගිකව සිදුවයේ නැත. තත්ත්වය එසේ තිබියදී ඉකුත් මහවිරු දිනය පැවැති නොවැම්බර් 27දා කිලිනොච්චි කනගපුරම් හි පිහිටි කොටි සුසාන භූමිය තුළ එල්.ටී.ටී.ඊ. සොහොන් ආකෘති ඉදිකිරීමට දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී ෂිවඥානම් ශ්‍රිදරන් මහතා කටයුතු කළේය. ඉන් අනතුරුව ඉකුත් 04දා දෙමළ සන්ධාන ආධාරකරුවෝ පිරිසක් කිලිනොච්චිය බලා පිටත් වූහ. මෙම  කණ්ඩායමට නායකත්වය දෙනු ලැබුවේ ගෝපාල් රාජ් කුමාර් නමැත්තාය.
 ඔහු වව්නියාව පුරවැසි කමිටුවේ සභාපතිවරයා වන අතර අතුරුදන්වූවන්ගේ සංගමයේ නිලයක් උසුලන්නෙකි. මීට පෙර පැවැති රජය සමයේ විරෝධතා රැසක්ම ඔහු විසින් සංවිධානය කර තිබිණි. මෙම කණ්ඩායම මෙහෙයවන ලද්දේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය විසිනි.
 පිරිස කිලිනොච්චි කනගපුරම් හි පිහිටි එල්.ටී.ටී.ඊ. සුසාන භූමිය වෙත ගොස් පහන් පත්තු කර මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සැමරූහ. ඒ වන විටත් සංවිධානය වූ පිරිසක් එම ස්ථානයට සිමෙන්ති, ගඩොල්, වැලි, ජලය රැගෙනවිත් තිබිණ. අනතුරුව මියගිය කොටින්ගේ නමින් සොහොන් කොත් ඉදි කිරීම ආරම්භ කරන ලදී.
 මෙම සිදුවීම පිළිබඳව තොරතුරු කිලිනොච්චිය ‍පොලීසියට ලැබිමෙන් පසු උසස් නිලධාරීහු එහි ගොස් ඉදිකිරීම් නැවැත්වීමට කටයුතු කළහ. මීට කලින් ශ්‍රීදරන් මන්ත්‍රීතුමා මෙතැන සොහොන් ඉදිකරා ඔයාලා නිශ්ශබ්දව හිටියා. මම හදද්දී විරුද්ධ වෙනවා. අපේ මැරුණ අය සමරන්න අපට අයිතියක් තියෙනවා. ආදී දේ කියමින් රාජ්කුමාර් ‍පොලිස් නිලධාරීන් සමග වාද කරන්නට විය. කෙසේ නමුත් ඉදිකිරීම නැවතුවත් ඉදිරියේදී මෙලෙස කොටි සොහොන් ඉදිකෙරෙන්නේ නැතැයි සිතිය නොහැක. එබැවින් වෙනත් උපක්‍රම යොදමින් කොටි සොහොන් බිම් ස්ථාපිත කිරීමේ උත්හාසයන් ඉදිරියේදී ද දැක ගැනීමට හැකිවනු ඇත.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පිළිබඳව මේ දිනවල ඇත්තේ නිශ්ශබ්දතාවයකි. ලංකාව තුළ විග්නේෂ්වරන් පිළිබඳව කතාබහක් නැත්තේ ඔහු මේ දිනවල කැනඩාවේ සංචාරයක නිරතව සිටින බැවිනි. කැනඩාවට ගිය විග්නේෂ්වරන් මහතා ටෙරෙන්රටෝ අගනුවර එළිඟු තමිල් (නැගිටුනි දෙමළුනි) උත්සවයද පැවැත්විය. කැනඩාවේ පදිංචි දෙමළ ඩයස් ‍පෝරා සාමාජිකයන් විසින් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.
 මෙහිදී ප්‍රධාන දේශනය පැවැත්වූ විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කර සිටියේ ඒකීය රාජ්‍ය තුළ ස්වයං තීරණ ගත හැකි බලය බෙදා හැරීමක් ශ්‍රී ලංකා රජයෙන් තමන් බලා‍පොරොත්තු වන බවයි. දෙමළ ජනතා සභාවෙන් අපි කියන්නේ දෙමළ ජනතාවගේ දුක හා පීඩනය නමුත් සිංහල ජනතාව මේ තත්ත්වය වැරදියට හිතාගෙන ඉන්නවා. සිංහල ජනතාවගෙන් මේ වැරදි අදහස් ඉවත් කළ යුතුයි. උතුරු - නැගෙනහිර පළාත් එකතු කළ යුතුයි. යුද හමුදාව උතුරේ ඉඩම් නිදහස් කළාට සශ්‍රික ඉඩම් තවම ඔවුන් සන්තකයේ තියාගෙන ඉන්නේ. සෑම ආගමකට සමාන සැලකීම තියෙන්න ඕනේ. රජයට දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුමක් දෙන්න උනන්දුවක් නැහැ. වැඩි කාලයක් යාමට පෙර තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්නා සටනට දෙමළ ජනතාව එනවා.
එතකොට යුරෝපයේ ඉන්න දෙමළ ප්‍රජාව අපට උදව් කළ යුතුයි. ආදී වශයෙන් විග්නේෂ්වරන් මහතා එහිදී අදහස් පළ කර තිබුණි.
විග්නේෂ්වරන් මහතා උතුරේදී ඉතාමත් අන්තවාදී ලෙස අදහස් පළ කළ ද කැනඩාවේදී එවැනි අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.

සනත් ප්‍රියන්ත - වව්නියාව

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරිමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


ලක්බිම ගොසිප්

වයස 169 ක අයෙක් ලංකාවේ ?

IMAGE 2017 Jan 05 13:45
වැඩිහිටි හැඳුනුම්පතේ දෝෂයෙන් වයස අවුරුදු 169ක් වූ අයෙකු ගලහ දෙල්තොට ප්‍රදේශයේ ජීවත් වන බව...
Views - 2795

‍පෝරකයට නියමවූවෙක් උපාධියක් ලබයි

IMAGE 2017 Jan 05 10:00
මරණීය දණ්ඩනය නියමවූවෙකු මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට  අද (05) ශ්‍රාස්තවේදී උපාධිධාරියෙකු ලෙස...
Views - 3804

බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයාට ගෙදරයන්න සැලැස් වූ ලාංකිකයා

IMAGE 2017 Jan 04 12:14
එක්දහස් අටසිය දහඅටේ උඩරට ගිවිසුම ප්‍රකාර රටේ පාලනය හා ස්වාමීත්වය කොන්දේසි සහිතව භාරගත්...
Views - 3678

ලංකාවේ දේශපාලන වේදිකාවට ආ හිට්ලර්ගේ සිහින මෝටර් රිය

IMAGE 2017 Jan 04 11:15
මලලසේකර ශබ්දකෝෂයේ Bettle යන වදනට සපයා ඇති සරල සිංහල තේරුම වනුයේ 'කුරුමිණියා' යන්නයි. එහෙත්...
Views - 4302

සෝරත ‍පොඩිනමගේ චරිතය සාමණේර භික්ෂුවට අපහාසයක් - හෑගොඩ...

IMAGE 2017 Jan 04 09:03
දෙරණ නාලිකාවේ විකාශය වන සිඳු ටෙලිනාට්‍යයේ ජනප්‍රියතාවයට ප්‍රධානතම හේතුව සාමණේර චරිතයයි....
Views - 10690

විජය නැති අඩුව පුරවන්න පුතා වේදිකාවට ගේනවා - දේවිකා...

IMAGE 2017 Jan 04 08:48
කලා ක්‍ෂේත්‍රයේ නොමැකෙන සටහන් තැබූ ප්‍රතිභාපූර්ණ චරිත කිහිපයක් පසුගිය වසරේදී අපේ රටට...
Views - 4749

Please publish modules in offcanvas position.