Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

“ආදර පුතේ නුඹ එනතුරු
මග බලා ඉන්නේ අම්මයි තාත්තායි..”


තම නූපන් කුළුදුල් පුතු වෙනුවෙන් තමන්ගේ හිතේ ඇතිවෙච්ච ආදරය මේ විදියට වචනවලට පෙරළා ගත්තේ තීක්ෂණ අනුරාධ. ඒ ඔහුගේ අලුත්ම ගීතයෙන්. දවසින් දවස තීක්ෂණගේ ගීතය ජනප්‍රිය වෙද්දී දවසින් දවස තීක්ෂණගෙත් අනුරාධිකාගෙත් බලා‍පොරොත්තුව කුස තුළ මෝරනවා. තව මාස කීපයකින් බලා‍පොරොත්තු මල් ඵල ගැන්විලා තීක්ෂණත්, අනුරාධිකාත් කුළු‍ලේ මව්පිය පදවි ලබනවා. තීක්ෂණ අපිත් සමග ඒ බලා‍පොරොත්තු ගැන කතා කළේ බොහොම සතුටින්.

ඉතින් තීක්ෂණ? අලුත් බලා‍පොරොත්තුවත් එක්ක දෙන්නා බොහොම සතුටින් වගේ?
ඇත්තටම ඔව්. මේ දවස්වල අපි අලුත් අමුත්තා පිළිගන්න සූදානම් වෙනවා. එයාට අවශ්‍ය බඩු මුට්ටු ලෑස්ති කරනවා. ආගමික චාරිත්‍ර කරනවා.මේ දවස්වල වැඩි අවධානය තියෙන්නේ අපේ ලෝකෙට එන පුංචි අමුත්තා ගැන තමයි.

ඔබ ගීතය ගයන්නේ පුතෙක් ගැන. ලැබෙන්න ඉන්නෙත් පුතෙක්ද?
ඔව්. අපිට ලැබෙන්න ඉන්නේ පුතෙක්.

බලා‍පොරොත්තුවෙන් හිටියෙත් පුතෙක්ද?
මම මුලින්ම කැමැති වුණේ දුවෙක්ට. මොකද මගේ පවු‍ලේ මුලින්ම ලැබුණේ අක්කානේ. අනූට ඉන්නේ අයියා කෙනෙක්. එයා කැමැති වුණේ පුතෙකුට. ලැබෙන්න ඉන්නේ පුතෙක් කියලා දැනගත්තාම මමත් පුතාව පිළිගන්න හදවතින්ම සූදානම් වුණා. කවුරු වුණත් ඒ මගේ දරුවෙක්නේ.    

තීක්ෂණ විවාහ වෙලාත් ටික කාලයක් වෙනවා?
ඔව්. මේ නොවැම්බර්වලට අවුරුදු හතයි. අවුරුදු පහක් යනකන් අපි දරුවෙක් ගැන හිතන්නෙ නෑ කියලා හිතුවා. මොකද අපි ස්ථාවරයකට එන්නේ නැතුව දරුවෝ හදලා දුක්විඳින්න දෙන්න බෑනේ. හිතුවටත් වඩා කාලයක් බලා‍පොරොත්තු කල්දාන්න වුණෙත් ඒ නිසාමයි.

දැන් ස්ථාවර වෙලාද?
සෑහීමකට පත්වෙන්න පුළුවන් මට්ටමකට ස්ථාවරයි.

අලුත් නිවසේ වැඩකටයුතු අවසන්ද?
තාම නෑ. ටික කාලයකට වැඩ නතර කළා. පුතා හම්බවුණාට පස්සේ ඉතුරු වැඩ පටන් ගන්නවා.

ගායන ක්‍ෂේත්‍රයේ ඉන්න අම්මලා තාත්තලා තමන්ගේ දරුවා ගැන ගීතයක් නිර්මාණය කිරීම සුලබ දෙයක්. නමුත් නූපන් දරුවන් ගැන ගැයූ ගීත දුලබයි. තීක්ෂණ නූපන් පුතා ගැන ගීයක් ගයන්න හිතුවේ ඇයි?
මටත් ඕනෑ වුණේ ඒ රික්තය පුරවන්න. නූපන් දරුවන්ට ගැයූ ගීත අඩුයි. මගේ මතකයේ හැටියට කුස ඉන්න බිලිඳු ගැන තියෙන්නේ නිරෝෂා විරාජිනීගේ ‘සුදු ඇත් ‍පොව්වෙක්’ ගීතය විතරයි. ඒකත් පුතෙක් වෙනුවෙන්ම ගැයුව ගීයක් නමෛයි. ඒ නිසයි මම මගේ නූපන් පුතාට ගීතයක් කරන්න ඕනෑ කියලා හිතුවේ. අපි දෙන්නගේ හැගීම් පදවලට හැරෙව්වෙ සත්සර කසුන්, සංගීතය කළේ අමිත් ගුරු.

රූප රචනයට රංගන ශිල්පීන් යොදාගන්නේ නැතුව ඔය දෙන්නටම රඟපාන්න තිබුණානේ?
ගීතයක් ගයනවා වගේ නමෛයි ඒ ගීතයේ රූප රචනාව කිරීම. මට කෙසේ වෙතත් ඉන්න තත්ත්වය එක්ක අනූට ඒක කරදර වැඩක්. ඒ නිසයි වෙන දෙන්නෙක් ඒකට තෝර ගත්තේ.

මේ කා‍ලේ කලා ක්‍ෂේත්‍රයේ තරුණ විවාහකයන්ට ලබා ඇති කල දසාව සුබ නෑ. අවුරුදු ගාණක් පෙම්වතුන් වෙලා ඉඳලා, අවුරුදු හතකට ආසන්න කාලයක් විවාහ වෙලා හෙට අනිද්දාට මව්පියන් වෙන්න යන ඔය දෙන්නා මතෛක් දිනක් සාර්ථකව විවාහය ගැටගසා සිටීමේ රහස මොකක්ද?
මම නම් හිතන්නේ විශ්වාසය සහ සීමා මායිම් දැන සිටීම තමයි අපේ විවාහයේ රහස. අපි අතරත් ප්‍රශ්න ඇති නොවෙනවා නමෛයි. නමුත් අපි කතාබහ කරලා ඒ ප්‍රශ්න දුරදිග නොයවා විසඳ ගන්නවා. කලාකරුවන්ට විරුද්ධ ලිංගික ආකර්ෂණය තිබිම සුලබයි. නමුත් අපි අපේ සීමාව දැනගන්න ඕනෑ. මම මගේ සීමා මායිම් දන්නවා. ඒක වෘත්තියක් විතරයි. ජීවිතේ තියෙන්නේ එතන නමෛයි කියලා තේරුම් ගන්නවා. අනූ මාව විශ්වාස කරනවා. ඒ නිසා අදටත් අපි සතුටින් ඉන්නවා.

හිමේෂා සවන්තී රාජපක්ෂ

ඡායා:- අසන්ත ගමආරච්චි{jcomments on}

සිනමාවේදී ‘මචං’ ලෙස මිතුරෙකු වූ ඔහු වේදිකාවට ‘නැතුවම බැරි මිනිහෙක්ද විය. අද තරුණ පරපුර සොයන්නා වූ ඒ ආදරණීය තාත්තාද ඔහුය. දවෛනි ඉනිමේ ‘ආනන්දගේ’ චරිතයෙන් තරුණ හදවත් දිනාගත් ආනන්දට, එහෙම නැත්නම් ධර්මප්‍රිය ඩයස් ලෙසින් කවුරුත් හොඳින් හඳුන්වන ඒ දක්ෂ රංගන ශිල්පියාට අප “රිද්ම” දොරගුළු ඇරියේ මේ විදියටය. 
 
ආනන්ද කියන්නේ සැබෑ ජීවිතේ මොනවගේ කෙනෙක්ද? 
හරිම සරල නිහතමානී පුද්ගලයෙක්. 
 
වේදිකාවට නැතුවම බැරි මිනිහෙක් වූ ඔබ ටෙලි නාට්‍යයටත් නැතිවම බැරි වෙලාද? 
ඒක තීරණය කරන්න ඕනේ මගේ ආදරණීය ප්‍රේක්ෂකයෝ. “දෙවැනි ඉනිම” නිසා අද තරුණ පරපුරට මාව නැතිවම බැරි වෙලා. එයාලා මම වගේ තාත්තා කෙනෙක් හොයනවා. ඉතින් මට ආඩම්බරයක් නැද්ද?
 
ඔබ වගේ පියෙක් ප්‍රාර්ථනා කරන්නේ ඇයි?
දෙවැනි ඉනිමේ මගේ චරිතය තාරුණ්‍යයට බොහොම ලෙන්ගතු එකක්. මටත් වඩා තරුණ පරපුර මගේ චරිතය එක්ක ජීවත් වෙන්න පටන් අරගෙන. සමහරු මට දුරකථනයෙන් කතා කරලා කියනවා ‘ආනන්ද වගේ තාත්තා කෙනෙක් ඕනේ’ කියලා. තවත් සමහරු කියනවා. ‘ආනන්ද වගේ මාමා කෙනෙක් හිටියා නම්’ කියලා. 
 
ඇත්තටම ධර්මප්‍රිය ඩයස් කියන්නේ ආනන්ද වගේ තාත්තා කෙනෙක්ද? 
දෙවැනි ඉනිමේ ආනන්ද සැබෑ ජීවිතයේදී ධර්මප්‍රිය ඩයස්ගෙන් බාගෙට බාගයක් කියලා කියන්න පුළුවන්. 
 
මෙවර රාජ්‍ය නාට්‍ය උළෙ‍ලේදී ඔබට ලැබුණු සම්මානය මොකක්ද?
“නැතුවම බැරි මිනිහෙක්’ කියන වේදිකා නාට්‍යයේ මම රංගනය ලබාදුන් “ජයන්තගේ” චරිතයට දක්ෂතම රංගන ශිල්පියාට හිමි සම්මානය ලැබුණා. නමුත් මෙවර සම්මානය මට ලැබෙයි කියලා අන්තිම මොහොත වනතුරු දැනගෙන හිටියේ නැහැ. සම්මානයත් සමග විශාල ආත්ම ශක්තියක් මට දැනුණා. තමන් නියළෙන ක්ෂේත්‍රයේ හෝ රැකියාවේ යම් ඇගයුමක් ලැබෙනවා කියන්නේ තවත් හොඳට වැඩ කරන්න කියලා ලැබෙන උත්තේජනයක්. මම තවමත් ඉන්නේ ඒ උත්තේජනය නිසා පී්‍රති ප්‍රබෝධයෙන්. 
 
මේ දවස්වල ඔබ නිරතවෙලා සිටින වෙනත් කලා කටයුතු මොනවාද?
සාදය මාරයි සල්ලි හමාරයි අධ්‍යක්ෂණය කළා. රතු සමනළ හීනයක්, මුරුග සන්නියේ රංගන කටයුතු සඳහා දායක වුණා. Colombo කියන රංගනයෙන් දායක වුණ චිත්‍රපටයත් තිරගත වීමට නියමිතයි.  
 
රඟපෑමේදී ඔබ චරිත තෝරා බේරා ගැනීමක් කරනවාද? 
මම චරිත තෝරා ගන්නේ මුදල පිළිබඳව සැලකිලිමත් වෙලා. සුදු කළු, කියලා චරිත දෙවර්ගයක් තියෙනවා කියලා සමහරු පටලවාගෙන ඒ අනුව චරිත තෝරා ගන්නවා. හැම චරිතයක් තුළම සුදු සහ කළු ගති ලක්ෂණ තියෙනවා. ඒ නිසා මම සුදු කළු වශයෙන් වෙන් කරලා චරිත තෝරා ගන්නේ නැහැ. කොහොම නමුත් මට උපරිමයෙන් කරන්න පුළුවන් චරිත විතරයි මම තෝරා ගන්නේ. 
 
සමහරු අද අපේ රටේ පවත්නා ටෙලි නාට්‍ය කලාවට දෝෂාරෝපණය කරනවා නේද?  ඔබ ඉන්නේ කුමන මතයකද? 
අද අපේ ටෙලි නාට්‍ය කලාව කියන්නේ වැඩ කරන මිනිහට ලාභයක් නැති උඩින් පුම්බපු ක්ෂේත්‍රයක් විතරයි. මම නම් කියන්නේ හිටපු ටෙලිනාට්‍යකරුවෝ තමයි මේකට වගකියන්න ඕනේ. අපේ රටේ දැන් තියෙන ටෙලි නාට්‍ය කලාව නළු,නිළියෝ, අන්ත හිඟන්නෝ බවට පත් කරනවා. 
රජවරුන් වගේ හිටියට ටෙලි නාට්‍ය කලාව තුළ ඉන්නේ හිඟන්නෝ. නළු නිළියන්ට සැලකිය යුතු මුදලක් ලැබෙන්නේ නැහැ. මේ තත්ත්වය කාර්මික ශිල්පියාගේ සිට තේ අල්ලන පුද්ගලයාටත් ‍පොදුයි. 
රූප පෙට්ටියේ කොච්චර ජනප්‍රිය වුණත් පර්ස් එක අතට ගත්තොත් අතේ පිච්චියක් නෑ. බොහෝ දෙනකුගේ තත්ත්වය ඕක තමයි. 
 
සමන්මලී නැලිගම{jcomments on}
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 4587

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3298

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4784

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5392

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6217

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3796

Please publish modules in offcanvas position.

X

Right Click

No right click