Coss Ear2
lakbima.lk
COSS Ear 1

මුලින්ම නළුවෙක් වෙලා මේ වෙනකොට දේශපාලනඥයෙක් බවට පත්ව සිටින රන්ජන් රාමනායක ඉදිරියේදී නීතිය අකුරටම ඉටුකරන ‍පොලිස් නිලධාරියෙක් වෙන්න යන බවට හැඟවෙන ඡායාරූප පෙළක් පසුගිය දිනවල අන්තර්ජාලයේ හුවමාරු වුණා. ඒ ගැන ඇත්ත දැන ගන්නයි රන්ජන්ව මෙලෙස අපි ‘රිද්ම’ කතාබහට එක්කර ගත්තේ. 
 
රන්ජන් රාමනායක කියන්නේ දේශපාලනඥයෙක්ද?  එහෙමත් නැත්නම් නළුවෙක්ද ? 
රන්ජන් රාමනායක කියන්නේ ජනතා කලාකරුවෙක් 
 
එතකොට රන්ජන් රාමනායක දේශපාලනඥයෙක් කියලා හඳුන්වලා දෙන්න ඔබ කැමතිම නැද්ද?
අපේ රටේ තිබෙන්නේ බොහෝ දුරට අපිරිසිදු දේශපාලනයක්. ඒ නිසා හොඳ දේශපාලනඥයෙක් දිහා වුණත් මිනිස්සු බලන්නේ වැරදියට. මම දේශපාලනය කරන්නේ ජනතාව වෙනුවෙන්. ජනතාව අතරට ගියාම මිනිස්සු මට රන්ජන් අයියා, අපේ රන්ජන් පුතා, රන්ජන් මල්ලි කියලා  කතා කරනවා. ඒ කවුරුත් මට ඇමැතිතුමා කියන්නේ නැහැ. 
 
දේශපාලනය කරන්න ගිහින් රන්ජන් රාමනායක කියන කවුරුත් ආදරය කරන නළුවාගේ ප්‍රතිරූපයට හානි වුණා කියලා හිතෙන්නේ නැද්ද?
එහෙම හිතන්නේ නැහැ. ඉස්සර මගේ වටේ හිටියේ රන්ජන් රාමනායකට ආදරය කරපු ප්‍රේක්ෂකයන් විතරයි. නමුත් අද මගේ දේශපාලනයට වගේම නළුකමටත් ආදරය කරන පිරිසකුත් ඉන්නවා. හැබැයි දේශපාලනඥයෙක් ලෙස මට අකමැති පිරිසකුත් නැතුවා ‍නෙවෙයි.
 
ඉදිරියේදී රන්ජන් රාමනායක ඇමැතිකමෙන් අයින් වෙලා ‍පොලිස් නිලධාරියෙක් වෙන්න යනවා කියන කතාවේ ඇත්ත නැත්ත මොකක්ද? 
ඔව්, මම නීතිය අකුරටම ඉටු කරන ‍පොලිස් නිලධාරියෙක් වෙන බව ඇත්ත. නමුත් ඒ තිරගත වීමට නියමිත ‘බොස්’ කියන චිත්‍රපටය වෙනුවෙන්. බොස් කියන්නේ මගේම අධ්‍යක්ෂණයක්.
 
බොස් චිත්‍රපටයට අමතරව මේ දිනවල ඔබ නිරත වෙනත් කලා කටයුතු මොනවද කියලා ඇහුවොත් ?
‘ඩොක්ටර් නවලියන්’ කියන මම අධ්‍යක්ෂණය කළ තවත් චිත්‍රපටයක් තිරගත වීමට නියමිතයි. ගමක ඉන්න චණ්ඩියෙක් දොස්තර කෙනෙක් වෙන විදිහ තමයි එහිදී මම නිරූපණය කරන්නේ. 
 
වන්ෂොට්, බොස්, ලීඩර් මේ වගේ නායකත්වය ඉස්මතු වන චිත්‍රපටම කරන්නේ ඔබේ දේශපාලන ජීවිතය ඉස්මතු කරන්න කියලා සමහරු කියනවා
මට රඟපෑමෙන් මාව දේශපාලනඥයෙක් විදිහට ඉස්මතු කරගන්න මට වුවමනාවක් නැහැ. මගේ දේශපාලන වෘත්තියේ ක්‍රියාකාරකම් එක්ක මාව කොහොමත් ඉස්මතු වෙනවා. ඒ වගේම මඩ ප්‍රහාරත් මට එල්ල වෙනවා. බොහෝ දෙනා මට අද කියන්නෙත් හොරු අල්ලන ඇමැති කියලානේ. 
 
“මගේ මේ හැම වෑයකමක්ම ඇමැතිකම රැක ගැනීමට නෙමේ හොරු අල්ලා ගැනීම පිණිසයි“ මේ වගේ ඡායාරූප සටහන් සමාජ මාධ්‍ය තුළින් ප්‍රචාරය කිරීමෙනුත් ඔබට නැති ජනප්‍රියත්වයක් මතු කරගන්න හදනවා කියලත් සමහරු චෝදනා කරනවා.
මට වෙනම ඉස්මතු වෙන්න කිසිම වුවමනාවක් නැහැ. මොකද රන්ජන් රාමනායක කියන්නේ මේ වෙනකොටත් රටම ආදරය කරන නළුවෙක්. ඒ වගේම රටම හඳුනන දේශපාලනඥයෙක්. මගේ ෆේස් බුක් ගිණුම ගොඩක් වෙලාවට මෙහෙය වන්නේ මම ‍නෙවෙයි. ඒකට මට වෙනම කණ්ඩායමක් ඉන්නවා. එහෙම නැතුව මම අන්තර්ජාලයට ගිහිල්ලා මේ වගේ සටහන් හුවමාරු කර කර ඉස්මතු වෙන්න හදන්නේ නැහැ.
 
ඔබේ ෆේස්බුක් ගිණුම මෙහෙයවීමට කණ්ඩායමක් සිටීම ඔබේ පෞද්ගලිකත්වයට ප්‍රශ්නයක් ‍නෙවෙයිද?
ලංකාවේ හතර වෙනියට විශාලම ෆේස්බුක් වබේ පිටුව තියෙන්නේ මටයි. ඒ තරමට මට මිතුරු මිතුරියන් ඉන්නවා. ඉතින් මට ෆේස්බුක් එක වෙත තනියම අවධානය යොමු කරන්න වෙලාවක් නැහැ. නමුත් විවේක ලැබෙන හැම වෙලාවකම මම මගේ මිතුරන්ට පෞද්ගලිකවම ප්‍රතිචාර දක්වනවා.
 
ආණ්ඩුවෙන් අයින් වෙන්න කිව්වොත් අයින් වෙනවා කියන කතාව මොකක්ද? 
මට දේශපාලනයට ආරාධනා කළේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා. ඉතින් එතුමා මට යන්න කියලා කිව්වොත් එතුමාට හිස නමලා මම අයින් වෙනවා. 
 
රන්ජන් රාමනායක සඳහටම තනිකඩව ඉන්න තීරණය කරලා තියෙනවා කියන්නේ ඇත්තක්ද? 
මට මාවම අවබෝධ කරගන්නත් කාලය මදිවෙලයි තියෙන්නේ. ඉතින් මම කොහොමද තව කෙනෙක්ව අවබෝධ කරගන්නේ. අනිත් එක රන්ජන් රාමනායකට ආපු හැම අභියෝගයක්ම දිනුවේ තනිකඩව ඉඳලා. දෙන්නෙක් එක්ක එකතු වෙලා තීරණ ගන්නවාට වඩා මේ විදිහට තනිකඩව ඉඳගෙන ගන්න තීරණ හොඳයි. කසාඳ බැන්දොත් මම වුණත් ගන්න තීරණ දෙපැත්තකට වැනෙන්න ඉඩ තියෙනවා. 
 
සමන්මලී නැලිගම{jcomments on}

වැඩිම ගීත රූප රචනා සංඛ්‍යාවකට දායක වූ නළුවා ඔබද?
මම රඟපෑ ගීත රූප රචනා 138ක් මේ වෙද්දී අන්තර්ජාලයේ සැරිසරනවා. දැනට රූගත කළ ගීත රූප රචනා 15ක් ඉදිරියෙදි එළිදැක්වේවි. අලුත් ගීත රූප රචනා 6කට ආරාධනා ලැබිලා තියෙනවා. බොහෝ මාධ්‍යවල වැඩිම ගීත රූප රචනාවලට සිටි නළුවා විදියට හඳුන්වන්නේ මාව. මම දන්න තරමට ලංකාවේ වැඩිම ගීත රූප රචනා ප්‍රමාණයක රඟපෑවේ මම තමයි. 
 
ආන්දෝලනාත්මක සරාගී දර්ශනවලට ඔබත් පෙනී ඉඳලා තියෙනවාද?
නළල සිප ගන්න එක, තුරුළු කරගැනීම, ෂර්ට් එකේ බොත්තම් දෙක තුනක් ඇරගෙන රඟපාන එක ටෙලි නාට්‍යවලත් තියෙනවා. ඒවාට සරාගී දර්ශන කියන්න බැහැ. එවැනි අවස්ථා තියෙනවා. හැබැයි සරාගි දර්ශනවල නම් ඉඳලා නැහැ.
 
විශාල මුදලක් ගෙවලා එවැනි දර්ශනයකට කතා කළොත්?
මුල්ම කා‍ලේ මියුසික් වීඩියෝ එකකට කතා කළාම පිටතට නැතුව ගිහින් රඟපාලත් තියෙනවා. ඒත් දැන් මේ ඇතිවෙලා තියෙන වාතාවරණයත් එක්ක ගීත රූප රචනාවකට කතා කරල පිටපත දුන්නට පස්සෙත් කෝල් කරලා අහනවා. “පිටපතට එහා දේවල් තියෙනවාද?” කියලා. කෝටියක් දුන්නත් Music Video එකකට නම් මම නිරුවත් වෙන්නේ නැහැ. 
 
Music Video එකකට විතරද ඒ වාරණය 
ඔව්, Music Video කියන්නේ එක්තරා පිරිසකට සීමා වූවක්. ඕ ලෙවල්, ඇඩ්වාන්ස් ලෙවල් ළමයි, විභාග කරල ගෙදර ඉන්න ළමයි, ගාමන්ට්වල අය. බස්වලත් ඔය Music Video සැරි සැරුවට ආචාර්ය මහාචාර්යවරු අතරට ඒවා යන්නෙ නැහැ. ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම වගේ කෙනෙකුගේ උසස් කලා කෘතියක නම් සම්පූර්ණයෙන් වුණත් නිරුවත් වෙන්න වුණත් මා සූදානම්. හැබැයි කෝටියක් දුන්නත් විනාඩි තුනක Music Video එකක් වෙනුවෙන් නම් මම නිරුවත් වෙන්නේ නැහැ.
 
රූගත කරන්න ගියාම අධ්‍යක්ෂවරයාගේ බලපෑම මත නිරුවත හෝ ලිංගිකත්වය මතු කරන්න සිදුවන බව ඇතැමුන් මැසිවිලි නඟනවා ?
මට නම් කවදාවත් එවැනි බලපෑමක් වෙලා නැහැ. එහෙම බලපෑම් වුණොත් මම ඒ වෙලාවෙම ඒක නතර කරලා එනවා. “පිටපතේ නැති දර්ශන තියෙනවාද? ඒ මොනවද?” කියලා යන්න කලින් අහන්න ඕනෑ. ඒ වගේ අනවශ්‍ය බලපෑම් එනවා නම් ඒවාට නතුවෙලා කැමරාව ළඟදී තමන්ගේ රෙදි ගලවනවා නම් ඒකට හේතුව තමන්ගේ පෞරුෂයක් නැතිකමයි.
 
අද ගීත රූප රචනා කර්මාන්තයක් පවතිනවා. ඒ තුළ නළු නිළියන්ට ඉහළ ගෙවීම් ලැබෙනවා කියන්නේ ඇත්තද?
නිළියන්ට නම් ඒ අවස්ථා ඇති. නිළියකුගේ කකුලක් පෙන්නුවත් Video එක මාකට් කරගන්න පුළුවන් හින්දා ඒ වගේ ගෙවීම් කරලා ඒ අයට අවස්ථා දෙනවා ඇති. ඒත් මම දන්න තරමින් නළුවන්ට ඔය කියන තරම් ලොකු මුදලක් ගෙවන්නේ නැහැ. ප්‍රචාරණය ලබන්න වෙන්නෙත් තමන්ගේ උත්සාහයෙන්. ඒ වගේ අවස්ථාවලදී හිත් රිදීම්වලට මුහුණ දෙන්නත් සිදුවෙනවා. 
 
විරාජ්ටත් ඒ වගේ දේවල් වෙලා තියෙනවාද?
මම එක්තරා පුවත්පතකට කතා කරලා ආටිකල් එකක් කරලා දෙන්න කිව්වා. ඒකේ නිසි බලධාරියාටමයි මම කතා කළේ. මගේ ෆොටෝස් ටිකකුයි, විස්තරයි Mail කරන්න කියලා ඔහු මට කිව්වා. මම යවපු ඒ විස්තර ඔහු අදාළ ආටිකල් එක කරන කෙනෙකුට Mail කරලා “මූ කවුද කියලා මම දන්නෙවත් නැහැ. මූ කවුද කියලා බලලා ආටිකල් එකක් කරලා දාපං” කියලා තමයි ඔහු ඒ Mail එක දාලා තිබුණේ. ඒක වැරදිලා Forwed කරලා තිබුණේ මටයි.
 
ආරියවංශ කුලතිලක

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 739

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 355

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 3456

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 1957

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 3948

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 5040

Please publish modules in offcanvas position.