Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

නිතරම හිනාවෙලා හිටියට කලාකරුවන්ගේ ජීවිතවලත් දුක, සතුට තියෙනවා. මිහිර සිරිතිලක කියන්නේත් බොහොම දුෂ්කර ගමන්මගක් ඔස්සේ කලා ලොව විජයග්‍රහණය කළ දක්ෂ තරුණ නළුවෙක්. තමන්ගේ ජීවන ගමන් මග දෙස ආපසු හැරී බලපු මිහිර අපි අහපු ප්‍රශ්නවලට බොහොම සීරුවෙන් මෙන්න මේ විදියට පිළිතුරු දුන්නා.
 
මිහිර, සතුට හා දුක කෙටියෙන් නිර්වචනය කරන්න කියලා අපි ඔබට කියනවා. ඔබ කොහොමද එය කරන්නේ ?
සතුට කියන්නේ තමන් කැමති දේ කරන්න ලැබිමයි. දුක කියන්නේ අකමැති දේවල් කරන්න සිදුවීමයි.
 
කලාකරුවකු විදියට ඔබ අත් විඳි ලොකුම සතුට මොකක්ද?
2000 දී ලයනල් වෙන්ට් රඟහ‍ලේදී ජෙරම් අයි.ටී. සිල්වාගේ මැක්බත් නාට්‍යයේ මැක්බත්ගේ චරිතය තුළින් හා හා පුරා වේදිකාවට ගොඩ වූ දවස.
 
කලා ජීවිතේ විඳි ලොකුම දුක...
මම ක්ෂේත්‍රයට ආ මුල්ම කාලෙදී එක්තරා ටෙලි නාට්‍යයක නළු නිළියන් තෝරන සම්මුඛ පරීක්ෂණයකට ගියා. එහි අධ්‍යක්ෂවරයා මට කිව්වා ඔයාගේ මූණ ෆොටෝ ජෙනික් නැහැ. ඒ හින්දා නළුවෙක් වෙන්න හිතලා වැඩක් නැහැ කියලා. ඒ වෙලාවේ නම් හිතට ඇතිවුණේ දරාගන්න බැරි දුකක්.
 
මුහුණින් වගේම දක්ෂතාවය තුළිනුත් දක්ෂ ජනප්‍රිය නළුවෙක් වන්නට පුළුවන් බව පස්සේ කාලෙක මිහිර ඔප්පු කළා. ඒ ගැන අද සතුටු වෙනවාද?
ඔව්, ඒ ගැන නම් ගොඩක් සතුටු වෙනවා. ඒ විතරක් නමෛයි මම නළුවෙක් වශයෙන් නමක් ගොඩ නගාගත්තට පස්සේ අර අධ්‍යක්ෂවරයාගේ නිර්මාණයකත් රඟපෑවා. ඔහු මාව තමන්ගේ නිර්මාණයට තෝරා ගත්තු මොහොතේ මට අතීතය සිහි වුණා. ඒත් ඒ අධ්‍යක්ෂවරයාට මතක නැතිව ඇති කාලෙකට කලින් මට කී කතාව. මම ඒක ඔහුට මතක් කළෙත් නෑ. එදා හා අද ගැන හිතද්දී ඇත්තටම සතුටුයි.
 
 
පෞද්ගලික ජීවිතේදී සතුටු වූ අවස්ථා වගේම දුක් වූ අවස්ථා ඇති නේද?
තාත්තාගෙ වියෝව තමයි පෞද්ගලික ජීවිතේ මම විඳපු ලොකුම දුක. සතුට දැනෙන අවස්ථා නම් ගොඩයි.
 
මිහිරි හින්දා වෙනත් අය සතුටු වූ අවස්ථා වගේම දුක්වූ අවස්ථාත් ඇති.
කවදාවත් වේදිකා නාට්‍යයක් බලලා නැති අහිංසක ළමයි පිරිසක් වෙනුවෙන් මම 'කෝ කුක්කෝ නාට්‍ය පෙන්නුවා. එදා ඒ ළමයි පුදුම  සතුටක් වින්දා. ඒක මටත් විශාල සතුටක් ඇති කළා. දන්න තරමින් මම හින්දා අනිත් අය දුකට පත්වූ අවස්ථා නම් නැහැ.
 
ජනප්‍රිය චරිතයක් විදියට රටේම මිනිසුන්ගෙන් ලැබෙන ආදරය මිහිරට දැනෙන්නේ මොන විදියටද?
මට ගොඩක් වෙලාවට ඒ ආදරය හිමිවෙන්නේ ප්‍රසංග නළුවෙක් විදියටයි. ඒ හින්දා සමහරු හිතනවා අපි අන් අයගේ හිනාවටම වෙන්වූ පිරිසක් කියලා. ඒ විදියේ දෘෂ්ටියකින් අපි දිහා බලන අයගේ ප්‍රතිචාර නම් සමහර වෙලාවට වේදනාවක්. එක්තරා ජනප්‍රිය රූපවාහිනී නාලිකාවක් ඒ අයගේ එවැනි වැඩසටහනක් හින්දා මාව අමානුෂික විදියට පීඩනයටත් ලක් කළා. ලැබෙන ප්‍රේක්ෂක ආදරය හමුවේ ඔය විදියේ කටුක අත්දැකීමුත් තියෙනවා. 
 
අනාගතය ගැන හිතද්දී දැනෙන්නෙ සතුටක්ද දුකක්ද?
මම මගේ අනාගතය සැලසම් කරලයි තියෙන්නේ. පහුගිය මැයි 28 වැනිදා මම රචනා කළ ඔබ ගියා කවි ‍පොතයි දෙහි දොඩම් ක්‍රමය කෙටි කතා සංග්‍රහයයි එළිදැක්වූවා. එය මගේ තවත් කඩඉමක්. මේ හැමදේම හිතද්දී ජීවිතයේ අද ඉන්න තැන ගැන ඇත්තේ විශාල සතුටක්. 
 
ආරියවංශ කුලතිලක

ජීවන් හඳුන්නෙත්තිව බොහෝ දෙනෙක් හඳුනන්නේ හාසේ‍යාත්පාදක නළුවෙක් විදිහටයි. මතෛක් කාලයක් රංගනයෙන් ශිල්ප දැක්වූ ඔහු තවත් නොබෝ දිනකින් සිය කලා ජීවිතයේ අලුත් පිටුවක් පෙරළන්න සූදානමින් සිටින බව අපට ආරංචි වුණා. ඒ ගැන වැඩිදුර තොරතුරු හෙළි කරන්නයි ජීවන් අපිත් එක්ක මේ විදියට සංවාදයට එක් වුණේ. 
 
අලුත් පිම්මකට නේද මේ දවස්වල සූදානම් වෙන්නේ? 
ඔව්. මගේ හීනයක් තිබුණා කවදා හරි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න ඕනෑ කියලා තව ටික දවසකින් ඒ හීනය සැබෑ වෙනවා. 
 
කවදා වගේද චිත්‍රපටයෙ වැඩ පටන් ගන්න හිතාගෙන ඉන්නේ?
ලබන මාසේ අග හරියෙදි වැඩ කටයුතු ආරම්භ කරන්නයි හිතාගෙන ඉන්නේ. 
 
චිත්‍රපටයේ නම? 
දැනට නම් කිහිපයක්ම යෝජනා වෙලා තියෙනවා. ඒ අතරින් ආකර්ෂණීය නමක් අද හෙටම තෝරා ගන්නවා. 
 
නළු නිළියෝ එහෙම තෝරාගෙන ඉවරද? 
ප්‍රධාන නළුවා හැරුනාම අනෙක් චරිත සඳහා නළු නිළියන් තෝරාගෙන අවසන්. 
 
ආසාව තිබුණ පළියට හැම නළුවාටම හොඳ අධ්‍යක්ෂවරයෙක් වෙන්න බැහැ. ඒ භූමිකාවේ තිබෙන වගකීම ගැන අවබෝධයෙන්ද චිත්‍රපටයට මුල පිරුවේ?
චිත්‍රපටයක් හදන්න ආසාව තිබුණත් අධ්‍යක්ෂවරයාගේ භූමිකාව ගැන හොඳට ඉගෙන ගෙන චිත්‍රපටයකට අතගහනවා කියන අදහස තමයි මට මුල ඉඳන්ම තිබුණේ. නළුවෙක් වුණු හැටියේ අධ්‍යක්ෂවරයෙක් වෙන්න අමාරුයි. හැබැයි මම අවුරුදු ගාණක් තිස්සේ ඒ ගැන හදාරලයි චිත්‍රපටයට අතගැහුවේ. ඒ නිසා ඒ ගැන ලොකු බයක් මට නැහැ. 
 
කවුද ඔබට අධ්‍යක්ෂවරයාගේ භූමිකාව ගැන ගුරුහරුකම් දුන්නේ? 
අපට ඒ ගැන ඉගෙනගන්න පාසල් නැහැනේ. හැබැයි මම රඟ පෑ චිත්‍රපටවල අධ්‍යක්ෂවරු දිහා බලලා මම හුඟක් දේවල් ඉගෙන ගත්තා. 
 
අද කා‍ලේ චිත්‍රපටයක් නිර්මාණය කරනවා කියන්නේ අභියෝගයක්. එහෙම තියෙද්දී නිෂ්පාදකවරයකු සොයාගැනීම වගේ මුලින් මතුවන දුෂ්කරතා ඔබ ජය ගත්තේ මොන විදියටද? 
චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වන මගේ මිත්‍ර කරු අතුකෝරලට, ඒ හැම අභියෝගයක් ගැනම දැනුවත් කරලයි මම වැඩේට බැස්සේ. නිෂ්පාදකවරයාගේ මහ ලොකු සල්ලි කන්දරාවක් චිත්‍රපටයට යට කරන්න මගේ බලා‍පොරොත්තුවක් නැහැ. අනික, අභියෝගවලට බයවෙලා හිටියොත් කවදාවත් අලුත් දෙයක් කරන්න බැරි වෙනවා. 
 
ක්ෂේත්‍රයේ හැමෝම දන්නා කියන නළුවෙක් විදිහට ඔබට නළු නිළියන්ගෙනුත් විශාල සහයෝගයක් ලැබේවි නේද? 
අ‍පොයි ඔව්. සමහර නළු නිළියන් මට කිව්වා අපි ඔයා වෙනුවෙන් නොමි‍ලේ රඟපානවා කියලා. ඒත් මමත් නළුවෙක්නේ. ඉතින් මම කැමති නැහැ නළු නිළියන්ව මගේ චිත්‍රපටයට නොමි‍ලේ දායක කරගන්න. 
 
ඔබත් හාසේ‍යාත්පාදක නළුවෙක් නිසා චිත්‍රපටයත් හාස්‍ය පැත්තට බර එකක් වෙයිද? 
මේක හාස්‍ය වගේම, ආදරය සහ කුතුහලය වැනි හැඟීම්ද විඳගත හැකි මුල මැද හා අග තිබෙන කතා වස්තුවක් සහිත චිත්‍රපටයක්. 
 
කලා ජීවිතයට කොච්චර කාලයක් ගතවුණාට පසුවද ජීවන්ට අධ්‍යක්ෂවරයෙක් වෙන්න ලැබෙන්නේ? 
මට දැන් වයස අවුරුදු 53ක්. මගේ ජීවිත කාලයෙන් අවුරුදු 33ක් විතර ගෙවුණේ කලාව වෙනුවෙන්. ඒ කාලය තුළ මම වේදිකා නාට්‍ය 45ක සහ චිත්‍රපට 40ක රඟපාලා අත්දැකීම් ලැබුවා. ඇත්තම කීවොත් මේක මම බොහොම දුෂ්කරතා විඳලා ආපු ගමනක්. 
 
ඒ ගමනේදී ඔබ වේදිකා නාට්‍ය කිහිපයකුත් නිර්මාණය කළා නේද? 
මම වේදිකා නාට්‍ය දෙකක් නිෂ්පාදනය කළා. ඒ සම්මානයක් විතරයි සහ මට පුරුෂයෙක් ඕනෑ නමින්. සාරි ගැටේ නමින් තවත් වේදිකා නාට්‍යයක් ළඟදීම එළිදක්වන්නත් බලා‍පොරොත්තුවක් තියෙනවා. 
 
කලාකරුවෙකු විදිහට යන මේ ගමනට ශක්තිය ලබාදෙන්නේ කවුද? 
ප්‍රධානම කෙනා තමයි මගේ බිරිඳ. කලාකරුවෙකුට පවුල් ජීවිතය සාර්ථක කරගන්න බැරි වුණොත් අනික් හැම දෙයක්ම අවුල්වෙනවා. හැබැයි ඕක අපේ හුඟක් කලාකරුවෝ වරද්දා ගන්නා තැනක්. ඒ නිසා මම මගේ බිරිඳට ස්තූතිවන්ත වෙනවා මේ විදිහේ ගමනක් යන්න මට විශාල සහයෝගයක් දීම ගැන.
 
කිෂාන් කනංකෙ
IMAGE

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 192

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 3495

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 2134

නීල හරිත ෆුල් සූට් එක පෙන්වා අමුඩ කෙටිය ගලවා ගන්න එපා

IMAGE 2017 Nov 19 11:35
මෙවර අයවැය ලෝකයේ දියුණුම ආර්ථික සංකල්පයක් වන නීල-හරිත ආර්ථිකයට රට යොමු කරවන්නක් බව මුදල්...
Views - 1575

ඔහු නොවන්නට ලෝක ක්‍රිකට් මේ තරම් දියුණු නොවනු ඇත

IMAGE 2017 Nov 18 00:19
අද මට ඉතාමත් සතුටු දවසක්. ඉන්දියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විරාත් කෝලි සහ ඔහුගේ කණ්ඩායමත්...
Views - 3825

මෙතේ බුදු පදවිය ලබන්නේ බැංකු කළමණාකරුවෙක්ද?

IMAGE 2017 Nov 17 12:13
ඔහු මධ්‍යම පළාතේ වාණිජ බැංකුවක කළමණාකරුවෙකි.  ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වේ. ක්‍රිස්තියානි...
Views - 6399

Please publish modules in offcanvas position.