Coss Ear2
lakbima.lk
COSS Ear 1

‘මලී ටෙලිනාට්‍යය හරහා බොහෝ දෙනාගේ ආදරය දිනාගත් සමාධි අරුණඡායාට කලා ලොවේ දොරටුව විවර කර දුන්නේ 2010 ජාතික රූපවාහිනී අවුරුදු කුමාරි තරගයේදී ඇය දිනාගත් කිරුළයි. 
2010 ජාතික රූපවාහිනී අවුරුදු කුමාරි තරගයේ කිරුළ හිමි වූයේ මටයි. ගෙදරින් තමයි මාව ඒ තරගයට යොමු කළේ. මම ඒ සඳහා ඉදිරිපත් වෙන තුරු කවුරුවත් මාව රංගන ශිල්පිනියක් විදිහට දැකලා තිබුණේ නැහැ. ඉතින් මේ තරගාවලිය මට ක්ෂේත්‍රයට එන්න ලොකු පිටිවහලක් වුණා. රංගන ක්ෂේත්‍රයේම වෙන්න ඕනෙ නැහැ. ඕනෑම ක්ෂේත්‍රයකින් ඉදිරියට යන්න මෙවැනි තරගාවලි සඳහා ඉදිරිපත් වීම බෙහෙවින්ම වැදගත් වෙනවා. මම 'මලී' කියන කවුරුත් ආදරයෙන් වැලඳ ගත්ත චරිතය රඟපාන්න අවස්ථාව උදා කරලා දුන්නෙත් මට අවුරුදු කුමාරි තරගයෙන් ලැබුණු ඔටුන්න බව කියන්නම ඕනේ. 
මේ අවුරුද්දේ පැවැත්වෙන අවුරුදු කුමාරි තරග සඳහා අයදුම් කරන්න බලා‍පොරොත්තුවෙන් ඉන්න තරුණියන්ට මට කියන්න තියෙන්නේ විශේෂයෙන් ගැහැනු ළමයෙක් විදිහට තමන්ට ආරක්ෂාව ලැබෙන තරගයකට ඉදිරිපත් වෙන්න කියලයි. ඒ වගේම ඒ අයදුම් කරන තරගයෙන් තමන්ට සේවාවක් ඉටු වෙනවද කියලත් හිතලා බලන්න ඕනේ. උපරිම ආත්ම විශ්වාසය වර්ධනය කරගන්න එකත් වැදගත් වෙනවා. තමන්ට මේක කරන්න පුළුවන් කියලා හිතුවොත් අනිවාර්යයෙන්ම ඕනෑම දෙයක් කරන්න පුළුවන්. ඒ වගේම විනිශ්චය මණ්ඩලය සලකා බලන සුදුසුකමුත්  තමන් ළඟ වැඩි දියුණු කරගන්න ඕනේ. තමන් ඉදිරිපත් වෙන තරග තුළ තිබෙන්නේ කොයි වගේ වගකීමක්ද විනිශ්චය මණ්ඩලයට ඉන්නේ කවුද, ඒ වගේම තරගය පැවැත්වෙන්නේ කොහේද, මොන වගේ පුහුණුවීම්ද කරන්නේ වැනි දේවල් පිළිබඳව හොඳ දැනුවත්වීමකින් තරගයට ඉදිරිපත් වුණොත් වරදින්නේ නැහැ. 

සුරංගනීට මාළු ගෙනවා” යන ගීතයෙන් ඉමහත් ජනප්‍රියත්වයට පත් ‍පොප් ගායක සහ චිත්‍රපට නළු ඒ.ඊ මනෝහරන් මහතා පෙරේදා (22) ඉන්දියාවේ චෙන්නායි නගරයේදී අභාවප්‍රාප්ත විය. මියයනවිට ඔහු 73වන වියේ පසුවිය.
බගවන්තලාව සිරිපුර ප්‍රදේශයේ උපන් ඒ.ඊ. මනෝහරන් 70 දශකයේදී මෙරට ගායන ක්ෂේත්‍රයට පිවිසි අතර පසුව ඔහු කන්ද උඩරට බයිලා රජු ලෙසද ප්‍රකට විය. ඔහු සිංහල, දෙමළ, ඉංග්‍රීසි, ඇතුළු භාෂා රැසකින් ගී ගැයීමේ දක්ෂතාව තිබූ ගායන ශිල්පියෙකු විය. 1964 වසරේදී මෙරට නිෂ්පාදනය වූ “ පාස නීලා” නම් චිත්‍රපටයෙන් රංගනයට පිවිසි ඔහු අනතුරුව දකුණු ඉන්දියානු දමිළ චිත්‍රපට රැසකටද රංගන දායකත්ව ලබා දුන්නේය.  සිංහල භාෂාවෙන් මුල්වරට ගායනා කරන ලද ‘ සුරංගනීට මාළු ගෙනාවා’ ගීතය පසුව ඔහු දමිළ බස ඇතුළු තවත් භාෂා  කිහිපයකින් ගායනා කළ  අතර එය තමිල්නාඩුවේද විශාල ජනප්‍රියත්වයක් අත්කර ගැනීමට සමත්විය.

නීටා පද්මකුමාරි - හැටන්

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 518

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 237

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 3194

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 1797

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 3775

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 4871

Please publish modules in offcanvas position.