Coss Ear2
lakbima.lk
COSS Ear 1

“දෙරණ මිහිකත රූ රැජින 2017” පසුගියදා පැවැත්වුණා. තරගයේ කිරුළ හිමිකරගනු ලැබුවේ ශ්‍යාමා දහනායක විසිනුයි. ඒ අනුව ඇයට නොවැම්බර් 4 වැනිදා පිලිපීනයේ පැවැත්වෙන අන්තර්ජාතික මිහිකත රූ රැජින තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වීමටත් අවස්ථාව සැලසී තිබෙනවා. අපි අද ශ්‍යාමා විතරක් නෙමෙයි  “දෙරණ මිහිකත රූ රැජින” තරගයෙන් දෙවැනි ස්ථානය දිනූ දිලූෂි වීරප්පෙරුමවත්, තුන්වැන ස්ථානය දිනූ චලනි සේනානිවත් මේ කතාබහට එකතු කරගත්තේ අපට මේ තිදෙනාගෙන්ම අසන්නට යමක් තිබූ නිසයි.
 
මොන දේ කළත් හෙදියකගේ වගකීම අමතක කරන්නේ නැහැ  - ශ්‍යාමා දහනායක
 
මුලින්ම අපි කැමතියි දැනගන්න ශ්‍යාමාගේ පෞද්ගලික ජීවිතයේ විස්තර ටිකක්...
මගේ ගම කුරුණෑගල. ඉගෙනගත්තේ කුරුණෑගල මලියදේව බාලිකා විදුහ‍ලේ. මම ඉපදුණේ 1993 වසරේ. දැනට හෙද නිලධාරිනියක් විදියට පුහුණු වෙනවා. අවසන් වසරේ තමයි ඉගෙනුම ලබන්නේ. ඒත් මේ තරගය හින්දා ඒ කටයුත්තත් වසරක් විතර පමා වෙනවා.
 
ශ්‍යාමා මීට කලින් රූප රාජිනී තරගාවලියේ කිරුළ හිමි කරගෙන තිබෙනවාද?
නැහැ. මේක තමයි මගේ පළමු තරගය. මම අඩි 5යි අඟල් 7ක් උසයි. බ්‍රයන් කෙන්වන් යටතේ නිරූපණ ශිල්පය හදාරලා තියෙනවා. වෙළෙඳ දැන්වීම් කිහිපයක රඟපාලා තියෙනවා. වෘත්තීය නිරූපණ ශිල්පිනියක් නොවුණත් තෝරාගත් අවස්ථා කීපයක නිරූපණ ශිල්පිනියක ලෙස කටයුතු කරලා තියෙනවා. 
ඒ හින්දා මට හිතුණා මේ තරගයට ඉදිරිපත් වෙලා බලන්න.
 
ජයග්‍රහණය අපේක්ෂාවෙන්ද තරගයට ඉදිරිපත් වුණේ?
ඇත්තම කියනවා නම් තරගයට ඉදිරිපත් වූ හැම තරගකාරිනියකගේම අපේක්ෂාව වුණේ කිරුළ හිමිකර ගැනීමයි. මමත් ඒ අරමුණ ඇතුව තමයි තරග වැදුණේ. ඒත් කිරුළ අහිමි වුණා නම් ඒක දරාගන්නත් මට ශක්තිය තිබුණා.
 
ලැබූ ජය ගැන දැන් සතුටු ඇති...
ඔව්. ගොඩක් සතුටුයි. තරගයේ කිරුළ විතරක් නමෛයි අනුශූරතා 6න් 4ක්ම හිමි වුණෙත් මටයි. Miss Beutiful 
face, Miss best figure, Miss photogenic, Miss Beautiful Hair Ãxp mini title 4 මට හිමි වුණා. කිරුළ හිමිවීමත් එක්ක මට දැන් ලොකු වගකීමකුත් පැවැරී තිබෙනවා. මිස් අර්ත් අන්තර්ජාතික රූ රැජින තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ මම නිසා හැමෝම මා දිහා බලාගෙන ඉන්නවා. මේ දවස්වල පුහුණුවීම් කරන්නේ ලංකාවට එම තරගයෙනුත් කීර්තියක් අත්කර දෙන්නයි.
 
රූ රැජිනියෝ පසු කාලෙක නිළිකමටත් එනවා. ඔබේ එහෙම අදහසක් නැද්ද?
මටත් එවැනි ආරාධනා කීපයක් මේ වන විටත් ලැබිලා තියෙනවා. තරගය ඉවර වෙලා, රංගනය ගැන යම් හැදෑරීමක් කරලා ඊට පස්සේ සුදුසු චරිතයක් ලැබුණොත් රඟපානවා. 
 
හෙදියකට වගකීම් හා සීමා තියෙනවා නේද? කලා කටයුතු රූ රැජිනියකගේ කටයුතු ඒ සීමා එක්ක ගැටෙන එකක් නැද්ද?
මොන දේ කළත් මම හෙදියකගේ වගකීම් අමතක කරන්නේ නැහැ. මගේ ජීවිතේ පළමු තැන හෙදියක් ලෙස කටයුතු කිරීමටයි.
 
 
විනිසුරු තීරණය මට ප්‍රශ්නයක් - දිලක්ෂි වීරප්පෙරුම
 
දිලක්ෂිට නම් කලා ක්ෂේත්‍රය නුහුරු තැනක් නමෛයි නේද?
ඔව්, මගේ අක්කා දෙනුෂිකා වීරප්පෙරුම නිළියක් වගේම නිවේදිකාවක්. මමත් මේ වෙද්දී චිත්‍රපට දෙකක රඟපාලා තියෙනවා. 
 
තරගයේ කිරුළ අහිමි වීම ගැන දුකක් නැද්ද?
මම ඉපදුණේ 1997. මට ඉදිරියට යන්න තව වයස තියෙනවා. ඒ හින්ද ප්‍රශ්නයක් නැහැ. අනික මේ තරගයේ අනුශූරතා අතරින් හොඳම Title එක Miss Personality කියන Title එක ලැබුණෙත් මටයි.
 
කිරුළ අහිමි වෙයි කියලා තරගය අතරතුර හිතුණද?
ඇත්තම කියනවා නම් මම හිතුවේ මට කිරුළ හිමි වෙයි කියලා. ප්‍රතිඵල ප්‍රකාශ වූ පසුව ප්‍රේක්ෂකාගාරය කිව්වෙත් කිරුළ හිමි විය යුත්තේ මට බවයි. අනෙක විනිසුරු මඬුල්ල පැවැසුවා මගේ උස 5යි 4 වීම හින්දා උස මදිකම මගේ ජයග්‍රහණයට බලපෑවා කියලා. තරගයට ඉදිරිපත් වීමේ අවම උස විදියට සඳහන් වුණේ 5 - 4 නිසයි මම තරගයට ඉදිරිපත් වුණේ. එහෙම පසුබිමක 5 - 4ත් උස කිරුළ දිනන්නට ප්‍රමාණවත් මදි කියපු එක මට නම් ප්‍රශ්නයක්.
 
තරගය නිසා තරගකාරියන් අතරත් තරගයක් ඇති වුණාද?
මම සියලුම තරගකාරියන්ට සුහදශීලී කෙනෙක්. අනෙක් අයත් ඒ වගේ හැබැයි තරගය අවසන් වේගන එද්දී වෙනස් වූ අය හිටියා.
 
කිරුළ මට හිමි වෙයි කියලයි හිතාගෙන හිටියේ - චලනි සේනානි
 
චලනිගේ පෞද්ගලික විස්තර ටිකක් කියලාම මේ කතාබහ පටන් ගනිමු.
මගේ ගම නුවර වුණාට හැදුණේ වැඩුණේ නාරාහේන්පිට. දැනට මම නීතිය හදාරනවා. ඒ වගේම මනෝවිද්‍යා උපාධියත් හදාරනවා. 1995 තමයි මම ඉපදුණේ. 
 
මනෝ විද්‍යාව, නීතිය වැනි විෂයන් හදාරන ඔබ මෙවැනි රූ රැජින තරගයකට ඉදිරිපත් වෙන්න හිතුවේ ඇයි...?
මගේ උස අඩි 5යි අඟල් 7යි. මේ තරගයේදී තුන්වැනි ස්ථානයට අමතරව "Miss Beautiful Skin" කියන Mini Title එක හිමිවුණෙත් මටයි. මේ වගේ තරගයකට ඉදිරිපත් වීමට අවශ්‍ය සුදුසුකම් මට තිබුණා. මම මීට කලිනුත් "Miss Grand International - 2016" තරගයට ඉදිරිපත් වෙලා තුන්වැනි ස්ථානය දිනාගෙන තිබෙනවා.   
 
තරගයෙන් ඔබට හිමිවූ ස්ථානය ගැන සෑහීමට පත්වෙනවාද?
මම තරගයකට ඉදිරිපත් වුණේ ජය ගන්නයි. ඕනෑම කෙනෙකු තරගයකට ඉදිරිපත් වෙන්නේ දිනන්න මිසක් පරදින්න නොවෙයිනේ. ඒත් තරගයක තරග වැදෙද්දී අනෙක් තරගකරුවන් ගැන අවබෝධයක් එද්දී තමයි  හිමිවන ස්ථානය ගැන දැනෙන්නේ. මේ තරගය තුළ රැඳී සිටිද්දී මට කිරුළ හිමිවෙයි කියලා විශ්වාසයක් ගොඩ නැගුණා. ප්‍රතිඵල ප්‍රකාශයට පත් වූ පසු ප්‍රේක්ෂකාගාරය මගෙන් ඇහුවා අපි හිතුවේ ඔයා දිනයි කියලා. ඇයි ඔයාට දිනන්න බැරි වුණේ කියලා.
 
ඒ කියන්නේ මේ තරගය චලනිට ඉතුරු කළේ දුකක් හා ඔබට ඉදිරියෙන් සිටින දෙදෙනා ගැන ඊර්ෂ්‍යාවක්.
මම කවදාවත් කාටවත් ඊර්ෂ්‍යා කරන කෙනෙක් නොවෙයි. තරගය තුළ සිටි තරගකාරියන් සියලු දෙනාම එක්ක සුහදව හිටියා. හැබැයි ඉතින් දුකක් නෑ කියලා කිව්වොත් ඒක බොරුවක්. 
 
ආරියවංශ කුලතිලක

ගයාන් අලුත් වැඩක් කළා කියල ආරංචියි......?
ඔව්. ඒ අලුත්ම ආරංචිය ඉස්සෙල්ලාම කිව්වේ 'රිද්ම' ඔයාලට. 
 
ආයෙමත් එනවාදෝ ඔයා........ කාටද ගයාන් මේ හද පතුලෙන්ම ආරාධනා කරන්නේ? 
අපි කාගෙත් ජීවිතයේ කොයි තරම් ආස වුණත් ළං කරගන්න බැරි අය ඉන්නවා. මේ එහෙම අය වෙනුවෙන් ගයපු ගීතයක්. 
 
කැමැත්තෙන් ඉඳලා කාවද ගයාන්ට ළං කරගන්න බැරි වුණේ? 
ඔන්න ඉතින් වැරදි ප්‍රශ්න අහනවා. මම කියන්නේ ඔය කෙනා පෙම්වතා පෙම්වතිය විතරක් නමෛයි. සහෝදරයෙක්, යාළුවෙක්, දරුවෙක්, වෙන්නත් පුළුවන්. මේක ‍පොදු දෙයක්. 
 
කවුද පද රචනාව කළේ?
ඩිලාන් දේවින්ද තමයි පද රචනා කළේ තනුව අශාන් ප්‍රනාන්දුගේ. 
 
ගීතයේ අදහස ඩිලාන්ගෙද, ගයාන්ගෙද?
මම තමයි අදහස දුන්නේ ඩිලාන්ගේ හැකියාවයි එයාගේ අත්දැකීමුයි එකතුවෙලා පද ටික ලස්සනට ගැළපුණා. 
 
'ආයෙමත් එනවාදෝ ඔයා......' කියලා ඇහෙනකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් ගයානුත් ඉඳලා ඉඳලා අඬන සින්දුවක් කළා කියලා? 
අ‍පෝ නෑ මේ ගීතය අඬන සින්දුවක්්, මල් සින්දුවක් නමෛයි. ඒ රැල්ලට යන ගීත කරන්න මමවත් මගේ පරම්පරාවේ අයවත් කැමති නෑ. 
 
මගේ පරම්පරාව කිව්වේ? 
අලුත්ම පරම්පරාව, විශේෂයෙන්ම මව්පියන් සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ අය. ගීතයක් හිට් කරගන්න රසඥතාවට හානි කරන නිර්මාණ කරන්න අපි කැමති නෑ. ඒක අපේ දෙමව්පියන්ගෙ නමට හොඳ නෑ. කලාවටත් හොඳ නෑ. 
 
කවුද දැන් ඔය අපි කියන කුලකයට අයිති වෙන්නේ? 
මම, සනුක, කවි නදීමාල් වගේ අය. සූර්යගේ දෙමව්පියෝ කලාවට සම්බන්ධ නැති වුණත් ඔහුත් ගීතයක් නිර්මාණය කරලා හිට ගත්තේ අපේ පැත්තේ 
 
එහෙනම් කට්ටියට ගීත හිට් කරන්න දුක් විඳින්න වෙයි? 
ඒකට කමක් නෑ. අද කා‍ලේ ගීත හිට් කරන්න බාල උපක්‍රම වලටවත් සල්ලි විසි කරලා ගීත හිට් කරන්නවත් අපි කැමති නෑ. 
 
කට්ටිය උඩුගම් බලා පීනන්න යන්නෙ? 
ඔව්. ඇත්තටම මේක අභියෝගයක්. ඒත් අපි ඒ අභියෝගයට මුහුණ දෙනවා.මොකද මේ වෙනස කරන්න කවුරු හරි ඉදිරිපත් වෙන්න ඕනෑ. නැත්නම් අපෙන් පස්සේ පරම්පරාවත් පව්. 
 
රූප රචනාවෙත් වෙනසක් තියනවා? 
මගේ රූප රචනාවේ කතන්දර, ටෙලි නාට්‍ය, චිත්‍රපට නෑ. ගීතයට ගැළපෙන දර්ශන රාමු ටිකක් තියනවා. 4 ථඥඤඪච තමයි මට රූප රචනාව නිර්මාණය කරලා දුන්නේ. 
 
රූප රචනාවේ ඉන්නේ ත්‍රිෂාලා. ඇයි ගයාන් කාවින්ද්‍යාව ගත්තේ නැත්තේ?
කවී යාළුවා තමයි, යාළුවා කියලා එයාම ගන්න ඕනේ කියලා දෙයක් නෑනේ. කවිට වඩා ත්‍රිෂාලා ගැළපෙනවා කියලා හිතුණා. කවීත් එයාගේ අලුත් වැඩකින් ළඟදීම එළියට එයි. 
 
කොහොමද ගයාන් කියන නිවේදකයා? 
අනේ මම වෘත්තීය නිවේදකයෙක් නම් නමෛයි. ඊ 1 නාලිකාවේ දඟ රැල්‍ලේ නිවේදකයෙක් වෙලා මට පුළුවන් විදියට මම ඒ කාර්ය කරනවා. 
 
ඒත් ගයියාටයි හසීටයි වෙන් වෙච්ච රසිකයෝ පිරිසක් ඉන්නවා. 
ඔව්. ඇත්තටම ඒ ගැන සතුටුයි. 
 
ගයාන් දැන් නළුවෙකුත් වෙලා? 
ඔව්. ෂර්ලි පී. දෙලංකාවල මහත්තයා මේ දවස්වල හිතුවක්කාරයා ටෙලි නාට්‍යයෙන් මම තුළ ඉන්න නළුවා එළියට ගන්න උත්සාහ කරනවා. 
 
පෙම්වතිය චතුරිකාලු නේද? 
ඒක ටිකක් වෙනස් විදියේ කතාවක්. බලනකොට තේරෙයි. 
 
හිමේෂා සවන්තී රාජපක්ෂ 
 
ඡායා-අසන්ත ගමආරච්චි

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 1940

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1050

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5000

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2874

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 4953

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 6174

Please publish modules in offcanvas position.