Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ජනප්‍රිය නළුවෙක් විදියට සමහරු ජයලාල් රෝහණව හඳුනා ගත්තට, තවත් කෙනෙකුට නම් ජයලාල් රෝහණ කියන්නේ බොහොම ලෙංගතු, දක්ෂ ගුරුවරයෙක්. නාට්‍ය හා රංග කලාව පිළිබඳ ජයලාල් සතු දැනුම නිසාම, ඔහුගෙන් ගුරුහරුකම් ලබන ගෝලබාලයන් විශාල පිරිසක්ද මේ රටේ ඉන්නවා. පසුගිය දවස්වල ජයලාල් වේදිකා නාට්‍ය පිළිබඳ තරමක අමුතු විදියේ පරීක්ෂණයක් කළා. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසකගේ උපදෙසුත් මේ පර්යේෂණාත්මක නාට්‍ය සඳහා එක්කර ගන්නට ජයලාල් අමතක කළේ නැහැ. දැන් ජයලාල් හදන්නේ තමන් වෙහෙසවී නිර්මාණය කළ මේ නාට්‍ය වේදිකාවට ගෙන එන්නයි. නාට්‍යයේ නම තමයි “ගොන්ඩෝලා”.
 
“ගොන්ඩෝලා” කියන්නේ මොන වගේ කතාවක්ද?
“ගොන්ඩෝලා” කියන්නේ ප්‍රායෝගික යථාර්ථයන් සමග ජීවත් වෙන මිනිසෙකුගේ ජයග්‍රහණය සහ න්‍යායයන් මත යැපෙන මිනිසෙකුගේ පරාජයන් පිළිබඳව කියවෙන කතාවක්. ජුනි 23, 24 ලුම්බිණි රඟහ‍ලේදීත්, ජුනි 30 වැනිදා පුංචි තියටර්හිදීත් ගොන්ඩෝලාව වේදිකා ගතවෙනවා. මෙහිදී විශේෂයෙන්ම කියන්න ඕනේ “ගොන්ඩෝලා” කියන්නේ තදබල දේශපාලන විවරණයක්. ඒ නිසාම මේ නාට්‍යයට තදබල විවේචන ඇතිවෙන්නත් පුළුවන්. 
 
ඇයි ඔබ මේ නාට්‍ය ගොන්ඩෝලා ලෙස නම් කළේ?
“ගොන්ඩෝලා” කියන්නේ වැනිසියේ තිබෙන ඔරු විශේෂයක්. ඉස්සර කා‍ලේ ඔරු පදින්න අරගෙන තියෙන්නේ පුහුණු කරපු වහලුන් පිරිසක්. ප්‍රධානියා දෙන අණ මතම යැපෙන පිරිසක් ලෙස ජීවත් වීම මේ වහල්ලුන්ගේ ප්‍රධානම ලක්ෂණය වෙනවා.
 
ගොන්ඩෝලා වගේ වේදිකා නාට්‍යයක් වේදිකා ගත කිරීමේ අවශ්‍යතාවක් මතු වුණේ කොහොමද?
ලංකාවේ ජනතාවත් හරියට ගොන්ඩෝලාව පදින වහල්ලු වගේ. මොකද අද පාලකයන්ට ඕන දේවල් විතරයිනේ වෙන්නේ. ඉතින් ගොන්ඩෝලා කියන්නේ හරි වෙලාවේදී හරි කා‍ලේදී වේදිකා ගත වෙන නාට්‍යයක්.
 
ගොන්ඩෝලාවට පණ ‍පොවන නළු නිළියන් කවුරුන්ද?
මම, රොඩ්නි වර්ණකුලසූරිය, මාල් ජයවීරගේ, කුමාර කරුණානන්දන, චන්දන නිශාන්ත ගොන්ඩෝලාවේ ප්‍රධාන චරිත නිරූපණය කරනවා. සුනිල් අරුණ වීරසිරි අනිත් තමා ගොන්ඩෝලාව නිෂ්පාදනය වෙන්නේ.
 
ගොන්ඩෝලාවේ ඔබ නිරූපණය කරන්නේ මොන වගේ චරිතයක්ද?
මම මෙහි රඟදක්වන්නේ ‍පොඩි සහෝදරයාගේ චරිතය. න්‍යායයන් මත නොසිට, ප්‍රායෝගික සමාජයත් සමග ගැටෙන යාවත්කාලීන වෙන පුද්ගලයෙකුගේ චරිතයක් තමා මම කරන්නේ.
 
මේ දවස්වල ඔබ පුංචි තිරයේ දකින්න ලැබෙන්නේ නැහැ නේද?
අද තියෙන්නේ විනාශ වුණ ටෙලි නාට්‍ය කලාවක්නේ. කිසිම ගුණාත්මක භාවයක් නැහැ. ලිංගික ආශාවන් පමණක් අලෙවි වෙන ටෙලි නාට්‍ය කලාවක් අද ව්‍යාප්ත වෙලා. ඉතින් මම කැමති නැහැ පාරවල්වල වහන නිල මැස්සෙක් වගේ වෙන්න. මට තෘප්තිමත් වෙන්න බැරි නාට්‍යවල මම රඟපාන්නේ නැහැ.
 
ටෙලි නාට්‍ය කලාව වළපල්ලට ගිහින් නම් වේදිකා නාට්‍ය කලාව මොන වගේ තැනකද තියෙන්නේ?
එදා වේදිකා නාට්‍ය කලාවම අද නැති වෙන්න පුළුවන්. නමුත් වේදිකා නාට්‍යවල තවමත් හොඳ පර්යේෂණ කෙරෙනවා. උසස් තත්ත්වයේ වේදිකා නාට්‍ය තවමත් බිහි වෙනවා. ගොන්ඩෝලාව කියන්නෙත් ඒ වගේ වෙහෙස වෙලා කරපු නාට්‍යයක්. 
 
සමන්මලී නැලිගම

Anusha“සතුටයි දුකයි“ විශේෂාංගයට අනුෂා දමයන්ති ගොඩවන්නේ අලුත්ම ආරංචියක්ද රැගෙනයි. “ආදරය” හින්දා ඇගේ ජීවිතයේ අත් විඳපු බොහෝ දුක් මුසු අවස්ථා ඇය මේ වන විටත් උත්සාහයෙන්ම ජය අරගෙන. එක් අවස්ථාවක ජීවිතයට එකතු වෙන්න ගිය කඳුළු බිඳුවක්, හෙට දවසේ සතුටු කඳුළක්ව බිමට ඇද හැලෙනු ඇති බවයි ඇය පවසන්නේ. අනුෂා කියන ඒ කතාව අද “සතුටයි දුකයි” විශේෂාංගය ඔස්සේ ඔබටත් දැන කියා ගන්නට පුළුවන්.

සතුට හා දුක කෙටියෙන් නිර්වචනය කරන්න කියලා  අපි ඔබට කියනවා. ඔබ කොහොමද අපේ අභියෝගය බාරගන්නේ?
“සතුට කියන්නේ හෘද සාක්ෂියට අනුව නිවැරදි දෙයක් කළ විට දැනෙන හැඟීම. අවංක සිතින් හොඳ දෙයක් කරලා නරක ප්‍රතිචාරයක් ලබන්න සිදුවුණාම දැනෙන හැඟීමට තමයි දුක කියලා කියන්නේ.

දශක එකහමාරක කලා දිවිය තුළ අනුෂා වඩාත්ම සතුටු වූ දවස මතකද?
ස්වර්ණවාහිනී නාලිකාව මෙහෙයවූ “ඩාන්සිං ස්ටාර්” තරගයේ කිරුළ දිනා ගත් දවස. ඒ අවස්ථාව උදා කරගත්තේ ගොඩක් බාධක මැද්දේ. ඒ හින්දා එදා සතුට වැඩියි.

කලා ජීවිතේ ඔබ අත් විඳි ලොකුම දුක මොකක්ද?
එක්තරා සම්මාන උළෙලක ජනප්‍රිය නිළිය සම්මානය මට හිමි වන බව දැනුම් දීමක් කළා. ඒ වසරේ මගේ චිත්‍රපට 7ක් තිරගත වුණා. ඒත් උළෙලට ගියාට පස්සේ සම්මානය හිමි වුණේ වෙනත් නිළියකටයි. ඒ වෙලාවේ ලොකු දුකක් ඇති වුණා.

පුද්ගලික ජීවිතේ අත් විඳි ලොකුම සතුට මතකද?
පහුගිය වෙසක් මාසේ බාප්පයි පුංචියි මරණයට නියම වුණ හරකෙක් නිදහස් කළා. මටත් ඒ වගේ පින් කටයුත්තකට දායක වෙන්න හිතුණා. මමත් අදාළ තැනට කතා කළා. ඒ වෙද්දී පැටියෙක් ලැබෙන්න ඉන්න එළදෙනක් මරණයට සූදානම් කරලා තිබුණා. ඉරිදා දවසේ තමයි ඒ එළදෙන මරන්න යොදාගෙන තිබුණේ. මම සෙනසුරාදා සල්ලි දීලා ඇයව නිදහස් කළා. පහුවදා පාන්දර එළදෙන පැටියව බිහි කළා. ජීවිත දෙකක් බේරා ගැනීමේ සතුට මම එදා අත් වින්දා. දැන් ඒ මවයි පැටවයි වෙනත් පවුලකට දීලා තියෙන්නේ. ඒ දෙදෙනා සතුටින් ජීවත් වෙනවා. ඒ දකින මොහොතක් ගානේ මම විඳින සතුට අප්‍රමාණයි.
 

පෞද්ගලික ජීවිතේ විඳි ලොකුම දුක මතක් කරන්න කැමතිද?
1999 දී මගේ සීයාගේ අභාවය සිදුවුණා. ඒ වියෝව තරම් දුකක් මගේ ජීවිතේ විඳලා නැහැ.

ආදරය ඔබට සතුටක්ද දුකක්ද?
හරියට තේරුම් ගත්තොත් ආදරය තරම් සුන්දර දෙයක් තවත් නැහැ. ඒ වගේම ආදරය තරම් ජීවිතයට සතුට රැගෙන එන දෙයකුත් ලෝකෙ තවත් නැහැ. ඒ වගේම තමයි නිවැරදිව වටහාගන්න බැරි වුණොත් ඒ ආදරය කඳුළක් විතරයි.

අනුෂා ආදරය හින්දා විඳි ලොකුම සතුට මොකක්ද?
දුරකථනයෙන් කතා බහ කරලා දැන හඳුනාගත් ඔහු පසුව හමුවීම, ඉන්පසු අපි පෙම්වතුන් වීම. ඒ සිද්ධි මාලාවම හරිම සුන්දරයි.

අනුෂා ආදරය හින්දා අත් විඳපු ලොකුම දුක සිහිපත් කළොත්?
අපි දෙන්නගේ කේන්දරවල ‍පොඩි ප්‍රශ්නයක් තිබුණා.  අම්මලා ඒ ගැන තදින් හිතුවා. ඒ වෙලාවේ ලොකු දුකක් ඇති වුණා. පසුව අපි දෙන්නාම එකතුවෙලා ඒ දුක ජයගත්තා.

ඒ ආදරයේ සතුට විවාහයෙන් මල්පල ගැනෙන දවස කවදාද?
ළඟදීම.

ආරියවංශ කුලතිලක

IMAGE

මෙතේ බුදු පදවිය ලබන්නේ බැංකු කළමණාකරුවෙක්ද?

IMAGE 2017 Nov 17 12:13
ඔහු මධ්‍යම පළාතේ වාණිජ බැංකුවක කළමණාකරුවෙකි.  ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වේ. ක්‍රිස්තියානි...
Views - 1279

බොහෝ කලා කරුවන් තමන්ගේ පවුල් ජීවිත ගැන කියන්නේ බොරු

IMAGE 2017 Nov 16 11:31
වත්මන් ශ්‍රී ලාංකීය ජන සමාජයේ දික්කසාද වීම් සහ පවුල් අර්බුද පැන නැගීම සම්බන්ධයෙන් කලා...
Views - 2128

මුහුණුපොත ගැන ඔබ මෙතෙක් නෑසූ කතා

IMAGE 2017 Nov 16 09:44
‘ෆේස්බුක්’ කියන්නේ නම කියූ මණින් අද උපන් දරුවාගේ සිට සිහිකල්පනාවක් ඇති මහල්ලා දක්වාම...
Views - 2077

හැංගිමුත්තම් කරන අතරේ ඇඳ යටදී දැරියට අතවර කරලා

IMAGE 2017 Nov 15 09:26
හැංගි මුත්තම් සෙල්ලමක් අතරදී වයස අවුරුදු 10 ක වන පාසල් සිසුවියක දුෂණය කළ බව කියන 16 හැවිරිදි...
Views - 4912

ලිංගික උත්තේජන පෙති අකල්මරණවලට හේතුවක් ද?

IMAGE 2017 Nov 14 10:46
පුරුෂ ලිංගික උද්දීපනය සඳහා ගනු ලබන පෙති වර්ග වලින් අකල් මරණ සිදුවන බවට සමාජය පුරා පොදු...
Views - 4541

වික්ටර්ට අපහාස වෙන බව දන්නවා නම් මම හොඳ කෙළියක් කරනවා

IMAGE 2017 Nov 13 13:02
සිනමාවේ හැමදාමත් දුෂ්ටකම් කරන විල්සන් කරූ පසුගිය දවස්වල ඉරාජ්ගේ මියුසික් වීඩියෝ එකක රඟපාලා...
Views - 7325

Please publish modules in offcanvas position.

DMC Firewall is a Joomla Security extension!