Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

හෝකන්දර පැත්තෙ ගැරේජ් එකක කැමරා ආම්පන්න අටවාගෙන ලයිට් එළි මැද කට්ටියක් බරටම වැඩ. එතැන අපි හැමෝම දන්න කියන මුහුණු කීපයක්ම තියෙනවා. මෙතැන අද මේ සිදු කරන්නේ අද දවසේ මේ රටේ ජනප්‍රියම ටෙලි නාට්‍යයක් විදියට කිරුළ දරා සිටින “දෙවැනි ඉනිම” ටෙලි නාට්‍යයේ 110 වැනි නාට්‍යයේ රූගත කිරීමයි. 
“ක්‍රෝධය, වෛරය, පලිගැනීම වපුරන ඉන්දීය ටෙලි නාට්‍ය සිංහලෙන් හඬ කවලා අපේ රටේ විකාශය කරනවා. අපේ අයත් ඒ වටා එකතුවෙලා ඉන්නවා කියලා හැමෝද දොස් කිව්වා. හැබැයි කවුරුත් ඊට විසඳුමක් හෙව්වේ නැහැ. ඔන්න අපි ඊට විසඳුමක් දුන්නා. අපේම දේවල් යොදාගෙන කරපු අපේ නාට්‍යය අද අපේ රටේ ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබූ නාට්‍යය බවට පත්වෙලා තියෙනවා.”
“දෙවැනි ඉනිම” අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස් තම ටෙලි නාට්‍ය ගැන කතා කරන්නේ බොහොම තෘප්තියෙන්. ටෙලි නාට්‍ය ලෝලීන් බොහොම ආසයි කැමරාවෙන් එහා පැත්තේ සිදුවන දේවල් දැනගන්න. ඒවගේ තැන් “රිද්ම” කැමරාවට එකතු කරගන්න අපි උනන්දු වෙන්නේ ඒ හින්දා. ඒ වගේම මෙහි රූගත කිරීම් අතර සිදුවන දේ දැනගන්නත් ප්‍රේක්ෂකයෝ ආසයි. 
 “දෙනුවන්ට විදුහල්පතිතුමාගේ වේවැල් පාර වදින ජවනිකාවක් තිබුණා. ඒක දොළොස් වතාවක් රෑගත කරන්න සිදු වුණා. දර්ශනය රූගත කරලා ඉවර වෙද්දී වේවැල් පාරවලට දෙනුවන්ගේ පිට හොඳටම රතුවෙලා ඉදිමිලා තිබුණා. ශනුද්‍රි වැස්සේ නටන ජවනිකාවක් කරද්දී ඒක වැරදිලා පැය ගණනක් එයාට මහ වැස්සේ ඉන්න සිදු වුණා.”
සාරංග රූගත කිරීම් අතර වූ රසවත් සිදුවීම් විස්තර කළේ ඒ විදියටයි. 
“චාමිකා මෙන්ඩිස්” නිෂ්පාදනය කරන, සාරංග මෙන්ඩිස් අධ්‍යක්ෂණය කරන “දෙවැනි ඉනිම” රචනා කරන්නේ සමන් එදිරිමුණි. “ජානක සිරිවර්ධන” නිෂ්පාදනය කරන, තිළිණ බොරලැස්ස අධ්‍යක්ෂණය කරන “සිඳූ” ටෙලි නාට්‍යයත් ප්‍රේක්ෂක උන්මාදය දිනූ නාට්‍යයක්. “සිඳූ” ටෙලි නාට්‍යය රචනා කළේත් සමන් එදිරිමුණි. ඒත් අද එය රචනා කරන්නේ සුනන්ද සිල්වා. “දෙවැනි ඉනිම” ලියන්න පටන්ගත්තට පස්සේ සමන් “සිඳූ” ලියන එක නතර කළාද? නැත්නම් සමන් “සිඳූ” කණ්ඩායම සමගින් අමනාපයක්ද? අපි සමන්ගෙන් ඒ ගැනත් විමසන්න සිතුවේ කලක් අතිශය ජනාදරය දිනූ නාට්‍ය දෙකක්ම රචනා කළේ ඔහු හින්දා.
“මේ දෙකේම කතා සංකල්පය දෙරණ උප සභාපති ලක්සිරි වික්‍රමගේ මහතාගේ. එතුමා මට ඒ කතා සංකල්පය දීලා කතාව ලියන්න කිව්වාම ඊට චරිත පසුබිම් එකතු කරලා ලිව්වේ මම. මම “සිඳූ” හරහා මට කියන්න ඕන වුණ දේ කියලා ඉවරයි. එතනින් එහා තවත් ලියන්න මට බැහැ. ඒ හින්දයි මම පිටපත් රචනයෙන් ඉවත් වුණේ. එහෙම නැතිව කිසිම අමනාපයකින් නමෛයි. මේ නාට්‍ය දෙකම දෙරණ නාලිකාව කරන නාට්‍ය. ඉදිරියේදීත් මම දෙරණ නාලිකාව වෙනුවෙන් පිටපත් රචකයෙක් විදියට කටයුතු කරනවා.
“සිඳූ” ටෙලි නාට්‍ය වගේම එහි චරිත මේ රටේ අතිශ්‍ය ජනප්‍රියත්වයක් දිනාගනු ලැබුවා. “සරණ” නමැති පූස් පැටියා ඒ අතරින් කෙනෙක්. සරණගේ චරිතේ රඟපෑවේ සමන්ගේ ගෙදර ඇති කරන සුරතල් “පැටී”. සමන් සිඳූගෙන් ඉවත්වීම හින්දා “පැටී”ත් සරණගේ චරිතයෙන් ඉවත් වුණාද කියලා අපි ඔහුගෙන් ඇහුවා. 
“මම අයින් වුණාට සරණගේ චරිතේ පිටපතේ තියෙන තුරු පැටී ඒ චරිතේ රඟපානවා. පෙරේදත් නිශ්පාදන කණ්ඩායම වාහනයක් එවලා උදේ පාන්දර පැටීව එක් කරගෙන ගියා. හවස ගෙනත් දැම්මා. පැටී දැන් දර්ශන තලයේ හැමෝටම හුරුයි. ඒ නිසා මම නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ.”
සරණට ආදරය කරන ප්‍රේක්ෂක පිරිසකුත් ඉන්න හින්දා අපි පැටීගේ තොරතුරු ටිකකුත් ඇහුවා.
“අපේ ළමයි පාරේ හිටපු පූස් පැටියෙක් ගෙදරට ගෙනාවා. එයා බැළලියක්. එයා අපේ ගෙදර හැදුණේ. පස්සේ කාලෙක ඒ පූසි පැටව් තුන් දෙනෙක් බිහි කළා. ඉන් දෙන්නෙක් මිය ගියා. ඉතුරු කෙනා තමයි පැටී. මම “සිඳූ” පිටපත ලියුවේ පැටී ගැන හිතලා නොවෙයි. 
රූගත කිරීම් පටන්ගත්තම දර්ශන තලය ආසන්නයේ හිටපු පූසෙක්ව තමා යොදා ගත්තේ. ඒත් එයා කැමරාව ළඟට ගෙනාවම පැනලා දුවනවා. ඊට පස්සේ මම ගෙදර හිටපු පැටීව අරගෙන ගියා. පැටී බොහෝම ඉක්මනින් එතනට හුරු වුණා.” 
ආරියවංශ කුලතිලක 
 
ඡායාරූප : මංජුල පෙරේරා/ තුෂාර සංජීව

මහාචාර්ය සුනිල් ආරියරත්න තමන්ගේ නවතම චිත්‍රපටයේ වැඩ කටයුතු මේ වන විට ආරම්භ කරලයි තියෙන්නේ. චිත්‍රපටයේ නම තමයි “බිම්බා දේවි හෙවත් යශෝධරා.” මෙම චිත්‍රපටයේ මුහුරත් උළෙලක් කිසිදු නළුවකු හෝ නිළියක සහභාගි කර නොගෙන පවත්වන්නයි සුනිල් ආරියරත්නයන් තීරණය කරලා තිබුණේ. චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන නළුවා සහ නිළිය ඒ වන විටත් තෝරාගෙන නොතිබිම නිසා එවැනි තීරණයක් ගත් බවයි ඔහු  ප්‍රකාශ කළේ මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත වන සිදුහත් කුමරු සහ යශෝධරා දේවිය සඳහා චරිතවත් නළුවකු සහ නිළියක තෝරා ගැනීම කෙරෙහි තමන් විශේෂ අවධානයක් යොමු කරන බව මීට පෙර “රිද්ම” සමග කතාබහකට එක්වෙමින් සුනිල් ආරියරත්නයන් පවසා සිටියා. කොහොම නමුත් තමන් සොයන ආකාරයේ නළුවකු සහ නිළියක ශ්‍රී ලංකාවෙන් සොයා ගැනීමට නොහැකි වූ නිසා අවසානයේ ඔහුට ඒ සඳහා ඉන්දියාව බලා යාමට සිදුවුණා.  එහිදී පවත්වන ලද තෝරා ගැනීමේ පරීක්ෂණවලින් අනතුරුව එම චරිත දෙක රඟපෑම සදහා නළුවකු සහ නිළියක තෝරාගෙන තිබෙන මහාචාර්ය සුනිල් ආරියරත්න මේ වන විට චිත්‍රපටයේ  රූගත කිරීම් බොහෝ දුරට අවසන් කර තිබෙනවා. 
සිදුහත් කුමරු සහ යශෝධරා දේවියගේ චරිත සඳහා තෝරාගත් ඉන්දීය නළුවා සහ නිළියගේ තොරතුරු සහ “බිම්බා දේවි හෙවත් යශෝධරා” චිත්‍රපටය පිළිබඳ මතෛක් නොකී කරුණු රැසක් හෙළි කරමින්  මහාචාර්ය සුනිල් ආරියරත්න අප සමග මෙලෙස සංවාදයට එක්වුණා. 
 
යශෝධරා දේවිය සහ සිදුහත් කුමරුගේ චරිත සඳහා නළුවකු සහ නිළියක තෝරා ගැනීමට ඔබට ඉන්දියාවටත් යෑමට සිදු වුණා කවුද අවසානයේ ඔබ තෝරා ගත් නළු නිළි දෙපළ? 
ඉන්දියාවේදී කරන ලද තෝරා ගැනීමේ පරීක්ෂණවලින් ගණනාවකින් අනතුරුව යශෝධරා සහ සිදුහත් චරිත සඳහා මා සොයමින් සිටි ආකාරයේම නළුවෙක් සහ නිළියක් මට හමු වුණා. ඒ තමයි පල්ලවි සුභාෂ් සහ ඒ. චෞද්රි. 
 
ඔවුන් දෙදෙනා මීට පෙර සිනමා පටවල රඟපා පළපුරුද්ද ඇති අයද? 
යශෝධරා චරිතය සඳහා තෝරා ගන්නා නිළිය කවුරුන්ද යන්න තමයි අපට බොහෝ සෙයින් වැදගත් වුණේ. ඒ සඳහා තෝරාගත් පල්ලවි සුභාෂ් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ උපත ලැබූ යුවතියක්. ඇයගේ මව් භාෂාව මරාති. මරාති චිත්‍රපට 12ක පමණ ඇය මේ වන විට රඟපා තිබෙනවා. 
විශේෂත්වය තමයි ඇය හොඳින් තෝරා බේරාගත් චරිත පමණයි රඟපාන්නේ. අනික පල්ලවි මීට පෙර චිත්‍රපටවලදී වීර කාන්තා චරිත රැසක් රඟපා ඇති නිළියක්. 
 
එතකොට ප්‍රධාන නළුවා? 
ඔහුත් හින්දි සිනමාවේ නැගී එන නළුවන් අතරේ නමක් දිනා ගත් රංගන ශිල්පියෙක්. 
 
මෙම චරිත සඳහා ගැළපෙන නළුවකු සහ නිළියක තෝරා ගැනීමේදී ඔවුන්ගේ චරිතවත් බව ගැන විශේෂ සැලකිල්ලක් දක්වන බව ඔබ මීට පෙර ප්‍රකාශ කළා. තෝරා ගත් නළුවා සහ නිළිය එම සුදුසුකම් සපුරා ඇති අයද? 
මේ දෙදෙනා මීට පෙර රඟපා තිබෙන චරිතවල ස්වභාවය මොන වගේද යන වග අපි හොඳින් අධ්‍යයනය කළා. ඔවුන් ගැන වැඩිදුර සොයා බලද්දී ඔවුන් තුළ තිබෙන ආගමික නැඹුරුතාව සහ විනීත බව අපට තහවුරු වූ නිසා තමයි ඔවුන්ව මේ චරිත සඳහා තෝරා ගත්තේ. 
 
ප්‍රධාන චරිත දෙක හැරුණු විට වෙනත් චරිත සඳහා ඉන්දියානු නළු නිළියන් තෝරා ගැනීමේ අවශ්‍යතාවක් පැන නැගුණේ නැද්ද? 
නැහැ. නමුත් එතැනදී අප ප්‍රවේශම් වුණා. 
ප්‍රවීණත්වය  සහ ජනප්‍රියත්වයේ හිණි පෙත්තට නොගිය  නළු නිළියන් තෝරා ගන්න. මොකද ඔවුන්ගේ පුද්ගල චරිත ඉස්මතු නොවීම මේ චිත්‍රපටයේදී අපට ඉතා වැදගත් වෙනවා. 
 
එලෙස චිත්‍රපටය සඳහා මෙරටින් තෝරාගත් නළු නිළියන් කවුද? 
දෙව්දත් ලෙස දිනෙත් ද සිල්වා, මහාමායා දේවිය ලෙස සංගීතා තදානි, සුද්ධෝදන රජු ලෙස අජිත් වීරසිංහ, නන්දා ලෙස උදාරි පෙරේරා, නන්ද ලෙස හේෂාන් මනුල, චන්න ලෙස ෂම්මු කසුන්, සුප්‍රබුද්ධ චරිතය කමල් දේශප්‍රිය, අසිත තවුසාගේ චරිතය විල්සන් ගුණරත්න, රාහුල කුමරු ලෙස නෙත්සුක මුළුතැන්රාළ සහ රාධිතා ලෙස රුවි ලක්මාලිත් මේ සඳහා රංගනයෙන් දායක වෙනවා. 
 
කිෂාන් කනංකෙ
IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 4890

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 4476

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 7630

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4832

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 3101

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3909

Please publish modules in offcanvas position.

Web Analytics