Coss Ear2
lakbima.lk
COSS Ear 1

බොහිමියානුවෝ හි නූරි, කළු අරලියේ හි සුදු උක්කුන් ඒ වගේම හාර කෝටියේ රංජි කියන්නේ අපි කවුරුත් ආදරයෙන් වැළඳ ගන්න සුවිශේෂී චරිත කිහිපයක්. මේ චරිත  මේ විදිහට අප අතර රැඳිලා තියෙන්නේ ඒ චරිතවල බාහිර ස්වරූපය ප්‍රබල හේතුවක් වෙනවා. අන්න එතකොට තමයි වේශ නිරූපණ ශිල්පියාව අපිට මතක් වෙන්නේ. අද අපි කතා කරන අයගේ නම තමයි වාසනා බණ්ඩාර 
 
ඔබ අංග රචන ශිල්පියෙකු එහෙමත් නැත්නම් වේශ නිරූපණ ශිල්පියෙකු ලෙස ක්ෂේත්‍රයට අවතීර්ණ වුණේ කොහොමද? 
මම 2005 කොළඹට ඇවිත්, 2007 දී ටවර් හෝල් රඟහල පදනමට ඇතුළත් වුණා. පස්සේ නාට්‍යකරණය කියන විෂය ඇතුළේ තිබෙන වේශ නිරූපණය ගැන හැදෑරීමක් කළා. ඒ හරහා ජයරත්න රණවක, වසන්ත විට්ටච්චි, ඩග්ලස් සිරිවර්ධන වැනි ප්‍රවීණයන් හරහා අංගරචන ශිල්පයට යොමු වුණා.
 
ඔබේ අංග රචනයෙන් නිර්මාණය වූ ප්‍රබල චරිත මොන වගේද?
නරි බෑණා, ජසය ලෙන්චිනා, සක්කාය දිට්ඨි කියන වේදිකා නාට්‍ය මම හැඩ ගැන්වූ  චරිත ඇතුළත් විශේෂ නිර්මාණ. හංස දඩයම, බොහිමියානුවෝ, සුර දූතයෝ, කළු කුරුල්ලා, මෙඩි සිනා, හාරකෝටිය, සැරද සිරි නද හා හුළං ගෙදර ටෙලි නාට්‍ය මගේ අංග රචනයෙන් හැඩ වුණ විශේෂ ටෙලි නිර්මාණ ලෙස හඳුන්වන්න පුළුවන්. ඔය අතර ඉදිරියේදී තිරගත වීමට නියමිත “සීයෙන් අනූවයි“ කියන චිත්‍රපටයත් විශේෂයෙන් මතක් කළ යුතුයි. 
 
ඔබේ අතින් සම්පූර්ණයෙන්ම වෙනස් වූ චරිතවලට අද මොන විදියේ ප්‍රතිචාරද හිමි වන්නේ?
හංස පිහාටුහි කිත්තා, බොක්කි කියන චරිත මිනිස්සු ආදරයෙන් වැළඳගත්තා. ඒ වගේම කළු කුරුල්ලා හි සුදු උක්කුන්ගේ චරිතයත් මට වඩාත් සුවිශේෂියි. මට සුදු උක්කුන් හදන්න විනාඩි 45ක් විතර ගියා. සාරංග කියන්නේ කඩවසම් රංගන ශිල්පියෙක්. සුදු උක්කුන් වුණ ගමන්ම සාරංගට රස්තියාදුකාර පෙනුමක් ආවා. සමහර වෙලාවට මේ නිසාම සාරංගට මිනිස්සු බණින්නත් පටන් ගත්තා. ඒකට වගකියන්න ඕනේ මම නිසා මුලදී මටත් ටිකක් බය හිතුණා. සාරංග මගේ නිර්මාණයට අකමැති වේවි කියලත් හිතුනා. හැබයි මට සාරංගම ඇවිත් කිව්වා “මිනිස්සු සුදු උක්කුන්ට බණිනවා කියන්නේ ඔයාගේ නිර්මාණය සාර්ථක නිසානේ” කියලා. ඒ වගේම හාර කෝටියේ රංජිත් මට අතිශය පුදුමාකාර ප්‍රතිචාර ලැබුණු චරිතයක්.
 
හාරකෝටියේ රංජි කියන්නේ මෙවර සුමති සම්මාන උළෙ‍ලේත් ජනප්‍රිය නළුවා ලෙස නිර්දේශ වූ චරිතයක්?
ඔව්, රංජිගේ චරිතේ අද ගොඩාක් හිට් වෙලා. රංජි කියන්නේ සියල්ලන්ගේම හෑල්ලුවට ලක්වෙන, නමුත් සියල්ලෝම හෑල්ලුවට ලක්කරන බොරු ආටෝප ගොඩ නඟමින් වීරත්වය පෙන්වන චරිතයක්. මේ චරිතෙට මම අංග රචන ශිල්පියෙකු විදිහට උපරිම සාධාරණයක්  කළා කියලා හිතෙනවා. රාජගිරිය ‍පොල්වත්තේ තමා අපි හාරකෝටිය රූගත කරන්නේ. දැන් ඒ වත්තේම ‍පොඩි ළමයගේ ඉඳලා තරුණයා වෙනකම් වැඩි පිරිසක් රංජි වගේ කොණ්ඩේ පීරනවා, රංජි වගේ අඳිනවා. මම රංජිගේ කොණ්ඩ මෝස්තරේ දාන්න යොදා ගත්ත ජෙල් එකක් එකත් දැන් සෑහෙන්න විකිණෙනවා. සමහර වෙලාවට මට ගන්නවත් ඒ ජෙල් නෑ.  ඒ කියන්නේ හාර කෝටියේ රංජියා නිසා ජෙල් කොම්පැණියටයි වාසි.
 

වේශ නිරූපණ ශිල්පියෙකු හෝ අංග රචන ශිල්පියෙකු ලෙස ඔබ ලබාගත් විශාලම ජයග්‍රහණය මොකක්ද කියලා ඇහුවොත්?මම ලබාගත් විශාලම ජයග්‍රහණය තමයි 2016 හොඳම වේශ නිරූපණ ශිල්පියා ලෙස පැවැති සම්මාන උළෙලකදී “බොහිමියානු” ටෙලි නාට්‍ය වෙනුවෙන් මගේ නම නිර්දේශ වීම. මට ඒ සම්මානය නොලැබුණත්, මට විශේෂ නිරූපණ ශිල්පියෙකු ලෙස මගේ හැකියාව ගැන දැනගන්න ඒ නිර්දේශයම නිර්ණායකයක් වුණා. 

අංග රචන ශිල්පියෙකු වීම ඔබ කුඩා කළ සිටම පැවැති අනාගත බලා‍පොරොත්තුවක්ද? 
නැහැ, මගේ පුංචි කා‍ලේ ඉඳලා තිබුණු බලා‍පොරොත්තුව තමයි රංගන ශිල්පියෙකු වීම. ඒත් මට උසස් පෙළ සිංහල විෂය හදාරන්න උපුල් ශාන්ත සන්නස්ගල සර් ගාවට ගියාම එතුමාගේ ඉගැන්වීම දැකලා මට ගුරුවරයෙක් වෙන්න ඕනෙ වුණා. සර් තමයි මාව කොළඹට අරගෙන ආවේ. සර් මට කිව්වා පුතා ඔයා යන්න ඕනේ පාර මේක නමෛයි කියලා. ඉතිං කොහොම හරි මම අද වෘත්තීය අංග රචන ශිල්පියෙක් වුණා. ඒ වෙනුවෙන් මගේ අධ්‍යාපනවේදී උපාධියත් අතරමග නතර කරන්න සිදු වුණා. 
 
සමන්මලී නැලිගම 
 
ඡායාරූප - රෝහණ සිරිවර්ධන{jcomments on}

“මලට නොඑන බඹරු තහනම් කරයි ප්‍රධාන නිළිය රට හැර යයි” අසූව දශකයේ තාප්පයක් ගානේ ඇලවුණු මේ ‍පෝස්ටරය බොහෝ අයගේ කතා බහට ලක්වුණා. ශ්‍රී ලංකාවේ තිරගත වූ ප්‍රථම සමලිංගික චිත්‍රපටය වූ “මලට නොඑන බඹරු” චිත්‍රපටය ඇති කළ ආන්දෝලනය එහි ප්‍රධාන නිළිය රට හැර යාම නිසා තවත් උණුසුම් වුණා. අද වන විට ඇය ආයෙමත් ලංකාවට ඇවිත් සිනමාවට එකතුවෙලා. එපමණක් නොවෙයි ඇය මේ වන විට චිත්‍රපට තුනකම රඟපෑමටත් එකතු වෙලා.
ඇය නමින් ශිරානි කෞෂල්‍යායි. 
 
ඔබ නැවතුන තැනින්ම අපි මේ කතා බහ පටන් ගනිමු. “මලට නොඑන බඹරු” රඟපාලා රටට මුහුණ දෙන්න බැරුව එදා ඔබ රට හැර ගියා නේද? 
ඕක තනිකරම බොරු කතාවක් “මලට නොඑන බඹරු “තහනම් කළේ නැහැ. 
චිත්‍රපටයේ ප්‍රචාරය වෙනුවෙන් කරපු දෙයක් ඕක. චිත්‍රපටය රූගත කරද්දීත් කළේ මාව රවටපු එකයි, ප්‍රචාරණය කරන්නත් පාවිච්චි කළේ මාවයි. 
 
රූගත කරද්දි ඔබ රැවටිලාද ඒ ලිංගික දර්ශනවලට පෙනී සිටියේ? 
කතාවේ හැටියට මගේ සැමියා (අජිත් ජිනදාස) සමලිංගිකයෙක්. ඒත් මම ඒක දන්නේ නැහැ. එයා මම ගැන උනන්දුවක් නැති එක මට ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙ කතා කරන්න මම ගෙදර ඉන්න බෝඩිංකාරයා (ටෝනි රණසිංහ) ළඟට යනවා. එතැනදී ඔහුත් මාත් අතර සම්බන්ධයක් ගොඩනැගෙනවා. පිටපතේ ඔය සිද්ධිය විස්තරාත්මකව තිබුණේ නැහැ. ඇඳක සිදුවන සිප ගැනීමක් විදියට තමයි මට කිවුවේ. රූගත කරද්දී ඒක එතැනින් එහා ගියා. ඒක රාත්‍රී දර්ශනයක් හින්දා මට ඉන්න වුණේ නයිටියක් ඇඳලා. මගේ නයිටියේ අත කොටස මෑත් වුණාම කැමරාවට පෙනෙන්නේ උඩුකය නිරුවතින් ඉන්න විදියට. ඒක කැමරාවට එකතු වූ දේ තමයි චිත්‍රපටයට ඇතුළත් කළේ. මම ඒක දන්නේ නැහැ. 
 
ඒ හින්දා ඇති වූ කලකිරීමක් හින්දාද කෞෂල්‍යා රට හැර ගියේ? 
ඒකත් අර වගේම බොරු කතාවක්. මම රට ගියේ චිත්‍රපටය ඩබ් කරලා ඉවර වුණ හැටියේ. චිත්‍රපටය තිරගත වෙද්දී මම ලංකාවේ නැහැ. මම රට ගියේ මගේ පෙම්වතා ඇමෙරිකාවේ හිටපු හින්දා. 
 
ඔබ විවාහ වෙලා ඇමෙරිකාවේ නැවතුනාද? 
ඔව්. ඒත් මගේ පෙම්වතා එක්ක ‍නෙවෙයි. ඒ ප්‍රේම සම්බන්ධය බිඳ වැටුණා. මම වෙනත් කෙනෙක් එක්ක විවාහ වෙලා දරුවෝ තුන්දෙනෙක් ලැබුවා. ඒ විවාහයත් බිඳ වැටුණා. මම මගේ දරුවෝ එක්ක ජීවත් වුණා. පුතාලා දෙන්නා දැන් විවාහකයි. මට මුණුබුරෝ දෙන්නෙක් ඉන්නවා. දුව තවම අධ්‍යාපනය හදාරනවා. දැනටත් මම ඒ අය එක්ක ඇමරිකාවේ ඉන්නේ. ඒත් ලංකාවට ඇවිත් දිගටම රඟපෑමේ යෙදෙන්න හිතාගෙන ඉන්නවා. 
 
දඩයම, කැලෑ කෙල්ල, මහගෙදර, චිත්‍රපටවලත් ඔබ රඟපෑවා නේද? 
ඔව්. ඒ මලට නොඑන බඹරු රඟපෑ කාලයේමයි. ඒ චිත්‍රපට තිරගත වන විටත් මම ලංකාවේ හිටියේ නැහැ. 
 
ඔබට ආයෙමත් වැඩිහිටියන්ට පමණක් සීමා වූ නිර්මාණවලට ඇරයුම් ලැබුණොත්? 
මම මගේ දරුවෝ එක්ක “මලට නොඑන බඹරු” ඩී.වී.ඩී. එක නරඹලා තියෙනවා. ඇමෙරිකාවේ හැදුණු මගේ දරුවෝ පුළුල් විදියට ජීවිතය ගැන සිනමාව ගැන හිතනවා. මමත් එහෙමයි. පහුගියදා මම “ඇගේ ඇස අග” චිත්‍රපටය නැරඹුවා. එහි රඟපාන නිළියගේ එඩිතරකම ගැන මට ලොකු ගෞරවයක් ඇති වුණා. නළුවකුට නිළියකට සීමා තියෙන්න බැහැ. ඕනෑම දෙයක් නිරූපණය කළ හැකි විය යුතුයි. මමත් එතන ඉන්නේ. ඒත් හැමෝම එහෙම හිතන්නේ නැහැ. සමහරු හරියට යක්කු වගේ. “මම ඕනෑම චරිතයක් ඕනෑම ජවනිකාවක් රඟපාන්න සූදානම්.” ඒත් අවුරුදු 30කට කලින් වයස 17ක පුංචි කෙල්ලෙක් විදියට මලට නොඑන බඹරු රඟපාන්න ගිහින් සිදු වූ දේ මට හොඳට මතකයි. ඒ හින්දා මම රඟපාන ජවනිකාවේ කැමරා කෝණ ගැන නම් කතා කරලා තමයි රඟපාන්න යන්නේ. 
 
ඔබේ අලුත් රංගනයන් ගැන කතා කළොත්? 
බි.බි.සී. එකේ ටෙලි නාට්‍ය මාලාවක රඟපානවා. ඒක විදෙස් ටෙලි නාට්‍යයක්. සිංහල චිත්‍රපට තුනකටත් සම්බන්ධ වුණා. 
 
ආරියවංශ කුලතිලක{jcomments on}

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 1955

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1057

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5017

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2884

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 4967

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 6186

Please publish modules in offcanvas position.