Coss Ear2
lakbima.lk
COSS Ear 1

නළුවෙක්, නිරූපණ ශිල්පියෙක් විදියට ජනාදරය දිනූ අනුජ් රණසිංහගේ නවතම සිනමා පටය ලබන මාසයේ තිරගත වීමට නියමිතයි. ඒ විතරක් නමෛයි. ඔහු තවත් අලුත් චිත්‍රපටයක රඟපෑමටත් මේ දවස්වල සූදානම් වෙනවා. ඔය අතරේ අනුජ් නිවේදන කටයුතුවලටත් සම්බන්ධවෙලා ඉන්නවා. මේ කියන වැඩ කටයුතු අතරේ අනුජ් ගැන පැතිර යන කට කතාවලත් කෙළවරක් නැහැ. අන්න ඒ නිසාම අපි “අනුජ්”ගෙන් මෙන්න මේ විදියේ ප්‍රශ්න කීපයක් ඇහුවා. 
 
මේ දවස්වල මොනවද කරන්නේ? 
හර්ෂත් එක්ක එකතු වෙලා “රෙඩ්” නමින් චිත්‍රපටයක් කරන්න සූදානම් වුණා. ඒත් ඒක තාවකාලිකව නතර කරලා හර්ෂයි මමයි කලාත්මක පැත්තට නැඹුරු චිත්‍රපටයකට සූදානම් වෙනවා. මේ චිත්‍රපටයේ නිෂ්පාදනය වගේම රංගනයටත් මම සම්බන්ධ වෙනවා. 
 
රංගනයෙන් ඉදිරියට යන නිසා දැන් නිරූපණ ක්‍ෂේත්‍රයෙන් ඈත් වෙලාද ඉන්නේ? 
දැන් නිරූපණ ක්‍ෂේත්‍රයේ එදා තරම් හොඳ අවස්ථා අඩුයි. මම තෝරා බේරාගෙන හොඳ අවස්ථා සඳහා සම්බන්ධ වෙනවා. නවකයින් විශාල වශයෙන් ක්‍ෂේත්‍රයට ඒ නිසා එන අයටත් ඉඩ දෙන්න ඕනනේ. 
 
2010,2011, 2015 වසරවල ජාත්‍යන්තර තරග තුනකින්ම ඔබ නිරූපකයෙක් විදියට ජයග්‍රහණ ලබා ගත්තා. ඒත් දැන් අනුජ් එවැනි තරග ප්‍රතික්‍ෂේප කරනවා කියන්නේ ඇත්තද?
මම ආයේ එවැනි තරගයකට යනවා නම් යන්නේ එය සුවිශේෂී අවස්ථාවක් නම් විතරයි. මට ලැබුණු ඇතැම් ආරාධනා පවා ප්‍රතික්‍ෂේප කළා. නවකයන් ඒ වගේ දෙයකට යනවා නම් මම කැමතියි ඒ අයට උදව් කරන්න. 
 
ඔබ නවක රංගන ශිල්පිනී දුෂේනි මියුරංගිට Miss sri lanka තරගය ජයගන්න ගොඩක් උදව් කළේ ඒ හින්දද? 
ඔව්. ඇය ඒ කිරුළ දිනන්න සුදුසු බව මට තේරුණා. මම දන්නා දේවල් ඇයට කියලා දුන්නා. ඇය තරගය දිනා ගත්තේ ඇගේ දක්ෂතා හා සුදුසුකම් නිසා. 
 
එදා ඔබ ගොඩක් සතුටු වුණා නේ? 
ඔව්. ඉතින් උදව් කරපු කෙනෙක් ජයග්‍රහණය ලබනවා දකිනකොට සතුටක් ඇති වෙනවානේ. 
 
මේ දවස්වල ඇය ලෝක රූ රැජින කරන්නත් අනුජ් ගොඩක් වෙහෙසෙන බව ආරංචියි? 
(හිනැහී) ගොඩක් වෙහෙසෙන්නේ නැහැ. මගේ කලා කටයුතුත් තියෙනවානේ. ඒවා අතර ලැබෙන විවේකයේදී ඇයට පුළුවන් විදියට උපකාර කරනවා. 
 
ඔවැනි තරගවලට යන අනිත් නවකයින්ටත් ඔය විදියට උදව් උපකාර කරනවාද නැද්ද? 
අනිවාර්යයෙන්ම ඕනෑම කෙනෙකු උදව්වක් ඉල්ලුවොත් මම එවැනි තරගවලට ගිහින් ලබාගත් අත්දැකීම්, දැනුම ඔවුනට ලබාදෙනවා 
 
අපිට නම් ආරංචි අනුජ් හා දුෂේනි අතර සමීප යාළුකමක් තිබෙන බවයි. 
ඔව්. අපි හොඳ යාළුවෝ. 
 
යාළුකටම එහා ගිය සම්බන්ධයක් ඔය දෙන්න අතරේ තිබෙන බව සමහරු කියනවා. ඒ ගැන මොකක්ද කියන්න තියෙන්නේ? 
නියම වෙලාවට ඒ ප්‍රශ්නවලට උත්තර දෙන්නම්. 
 
පහුගිය කා‍ලේ අනුජ් සම්බන්ධ විවිධ කටකතා පැතිරුනා. ඒ තුළින් ඔබට යම් යම් විවේචනත් එල්ල වුණා? 
ඒ හැම ප්‍රශ්නයක්ම දැන් විසඳිලා තියෙන්නේ. දැන් ඒ දේවල් ගැන කතා කරන්න මම කැමති නැහැ. 
 
ආරියවංශ කුලතිලක

2017 සුමති සම්මාන උළෙ‍ලේ වඩාත්ම කැපී පෙනුණ සම්මාන ලාභියා වූයේ සුමිත් රත්නායකයි කීවොත් වැරදි නැහැ. මෙවර සම්මාන උළෙ‍ලේ ඔහු සම්මාන හතරක්ම තමන් සතුකර ගැනීමට සමත් වුණා. වසරේ හොඳම නළුවා, හොඳම අධ්‍යක්ෂවරයා, හොඳම තිර පිටපත සහ හොඳම ගීත රචනයට හිමි එම සම්මාන සුමිත් දිනා ගත්තේ තමන්ගේම අධ්‍යක්ෂණයක් වූ මද්දහන ටෙලි නාට්‍යය වෙනුවෙන්. එහිදී එකම සම්මාන උළෙලකදී වසරේ හොඳම නළුවා සහ හොඳම අධ්‍යක්ෂවරයා යන සම්මාන දෙකම ලාභියා වීමේ දුලබ වාර්තාවටත් ඔහු හිමිකම් කීවා. 
 
මෙවර සුමති සම්මාන උළෙ‍ලේදී ඔබ සම්මාන හතරකින් පිදුම් ලැබුවා. ඒ සම්මාන හතරේ බර ඔබට දැනෙන්නේ මොන විදිහටද? 
අපේ රටේ යම් කිසි හොඳ දෙයක් කළොත් ඒක යටපත් නොවී කොයි මොහොතේ හෝ ඇගයුමට පාත්‍ර වෙනවා කියන සතුට තමයි මේ සම්මාන නිසා මට වැඩිපුරම දැනෙන්නේ. 
 
ඔබ සම්මානයට පාත්‍ර වෙන්නේ මද්දහන ටෙලිනාට්‍යය වෙනුවෙන් මද්දහන කියන්නේ ඔබේ පළමු නාට්‍ය අධ්‍යක්ෂණය. රංගන ශිල්පියෙක් විදිහට ක්ෂේත්‍රයට පිවිසුණු ඔබ කවදා හෝ අධ්‍යක්ෂවරයෙක් වෙනවා කියලා හීනයක් තිබුණාද? 
අ‍පොයි නැහැ. පුංචි කා‍ලේ ඉඳන්ම මගේ අරමුණ වුණේ නළුවෙක් වෙන එකයි. නිකම්ම නිකන් නළුවෙක් නමෛයි, දක්ෂතාවලින් පිරිපුන් නළුවෙක් වෙන එකයි මගේ ආසාව වෙලා තිබුණේ. මම හිතන්නේ මම ඒක සංසාරයේ පතාගෙන ආපු දෙයක් වෙන්න ඇති. ටෙලි නාට්‍ය කර්මාන්තය පැත්තෙන් හොඳ දෙයක් කරන්න ඕනෑ කියලා හිතමින් හිටපු කාලයේදී තමයි මට අධ්‍යක්ෂවරයෙක් වෙන්න අවස්ථාව උදා වෙන්නේ. 
 
මද්දහන ටෙලිනාට්‍යයේ ඔබේ රංගනය ඔබව සුමති සම්මාන උළෙ‍ලේ හොඳම නළුවා කියන කිරුළ වෙත ඔසවා තබනවා. ඔබ මීට පෙර ටෙලි සම්මාන උළෙලකදී හොඳම නළුවා විදිහට සම්මානයට පාත්‍ර වී නැහැ. හොඳම නළුවා බවට පත් වෙන්න තමන්ම ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණය කරනාතුරු බලා ඉන්නට සිදුවුණේ අධ්‍යක්ෂවරු ඔබේ ප්‍රතිභාව මීට කලින් හඳුනාගෙන නොසිටි නිසාද? 
මම 2006 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙ‍ලේ හොඳම නළුවා විදිහට සම්මාන ලැබුවා. 2003 වසරේ සුමති සහ රයිගම් සම්මාන උළෙලවලදී නැගී එන නළුවා සම්මානය සඳහා නිර්දේශ වුණා. 2009 වසරේදී නැගී එන නළුවාට හිමි සම්මානය දිනා ගත්තා. නමුත් පළමු වතාවට තමයි හොඳම නළුවා කියන සම්මානය මට ලැබුණේ. ඇත්තටම ජනතාව මගේ රඟපෑම් දැකලා තිබුණාට, මා රඟපෑ චරිතවලින් හඳුනාගෙන හිටියාට, සුමිත් රත්නායක කියන නමින් බොහෝ අය කලින් මාව දැනගෙන හිටියෙත් නැහැ. සමහර විට ඔය කියන විදිහට මට මගේ දක්ෂතා එළි දක්වන්න වැඩිපුර අවස්ථා නොලැබුණා වෙන්නත් ඇති. හැබැයි දක්ෂතා පෙන්වන්න පුළුවන් චරිත ලැබුණු හැම අවස්ථාවකදීම මම අඩුම තරමේ සම්මාන සඳහා නිර්දේශ වුණා. 
 
සුමති සම්මාන උළෙල ඉතිහාසයේ හොඳම අධ්‍යක්ෂ සහ හොඳම නළුවා කියන සම්මාන දෙකම දිනාගත් පළමුවැන්නා බවට ඔබ මෙවර පත් වුණා. අධ්‍යක්ෂණය කරමින් රඟපෑම කියන අභියෝගය ඔබ බාරගත්තේ මොන විදියටද? 
මද්දහන ටෙලිනාට්‍යයේ සෝමසිරිගේ චරිතය මම රඟපානවාද නැද්ද කියලා මුලදී මම දෙගිඩියාවකිනුයි හිටියේ.ඒනිසා මම මුලදී මා තුළ සිටින අධ්‍යක්ෂවරයාටයි මුල් තැන දුන්නේ. හැබැයි කොපමණ චරිත රඟපාලා තිබුණත් මෙවැනි පුළුල් වපසරියක් සහිත සහ විවිධ තලවල රැඳෙන්න පුළුවන් චරිතයක් මට ඊට කලින් ලැබිලා තිබුණේ නැහැ. ඒ නිසා ඒ චරිතය රඟපාන්න ලොකු ආසාවකුත් මගේ හිතේ තිබුණා. 
අනික මීට කලින් මා විසින්ම අධ්‍යක්ෂණය කරමින් රඟපෑ වේදිකා නාට්‍ය කිහිපයකම අත්දැකීම් තිබුණු නිසා මේ අභියෝගය බාරගන්න පුළුවන් විදිහේ ආත්ම විශ්වාසයකුත් මා තුළ ගොඩනැගිලා තිබුණා. 
 
මෙගා ටෙලිනාට්‍යය රජ කරපු කාලයක ඔබ මද්දහන කොටස් 30කට සීමා කරලා උඩුගම් බලා යෑමක් නේද කළේ? 
සත්තකින්ම ඔව්. මම මද්දහන හදන්න පටන් ගත්තේ ටෙලි නාට්‍ය කර්මාන්තයේ කඩ වැටෙමින් තිබූ කාලයක. ඒක මම මා තුළ හිටපු නළුවාව අමතක කරලා තිබුණු කාලයක්. මොකද ඒ කා‍ලේ වැඩිපුර ටෙලි නිර්මාණවල දකින්නට ලැබුණේ නළු නිළියෝ ‍නෙවෙයි, නිකම්ම පෙනී සිටින්නන් පමණයි. මට වුවමනා කළේ පරාක්‍රම නිරිඇල්ල, ධර්මසේන පතිරාජ, ධම්ම ජාගොඩ ආදී නිර්මාණකරුවන් ඒ කා‍ලේ ටෙලිනාට්‍ය හදපු විදියට, නළු නිළියන්ට පිටපතක් දීලා ක්‍රමවත් විදිහට මගේ ටෙලිනාට්‍යයේ වැඩ කරගෙන යන්නයි. ඇත්තම කීවොත් හරියට භාවනාවක් වගෙයි, මද්දහනේ වැඩ කටයුතු නිම කළේ. එහි වැඩ කරද්දී අඩුම තරමේ මගේ ශිල්පීන් සහ ශිල්පිනියන් දුරකථනවල එල්ලිලා හෝ සෙල්ෆි ගනිමින් හෝ හිටියේ නැහැ. 
 
මද්දහන සඳහා ලියූ පිටපත වෙනුවෙනුත් ඔබ මෙවර සම්මානයට පාත්‍ර වෙනවා? 
ඔව්. සම්මානනීය ‍ලේඛිකා ශාන්ති දිසානායකගේ හිරු මඬල නවකතාව ඇසුරෙනුයි මෙහි පිටපත ලියැවුණේ. නවකතාව ඇසුරෙන් පිටපත ලියන්න අවසරය ලබා දුන් පසු ශාන්ති අක්කා කිව්වා මට ඕනෑ විදිහකට පිටපත ලියන්න දීලා ඇය තමන්ගේ නවකතාව අත්හරිනවා කියලා. නමුත් මම ඇය දුන් ඒ නිදහස වල් බූරු නිදහසක් කරගත්තේ නැහැ. 
 
සුමිත් රත්නායක කියන්නේ කට්ට කාලා ආපු කලා කරුවෙක්ද?
කට්ට කෑවා කියලා සමහරු බොරුවට කියන ජනප්‍රිය කතාවේ අර්ථයෙන් ‍නෙවෙයි මම මේ දේ කියන්නේ. මම විශාල වෙහෙස මහන්සියක් දරලා ඇත්තටම කට්ට කාලා මේ තරම් දුරක් ආපු කලාකරුවෙක් අනුරාධපුරයේ, තඹුත්තේගම කියන මගේ ගමේ ඉඳලා අගනුවරට ඇවිත් තමයි මම කලා කටයුතුවලට සම්බන්ධ වුණේ. ඇත්තටම මේ ක්ෂේත්‍රයට එන්න විතරක් ‍නෙවෙයි, ප්‍රතිපත්ති රැකගෙන එහි දිගටම රැඳී ඉන්න එකත් පහසු නැහැ. 
 
නළුවෙක් වෙන්න හීන දැකපු ඔබ කලාවට පිවිසෙන්නේ නළුවෙක් විදිහට ‍නෙවෙයි නේද? 
ගමේදී රඟපාලා තිබුණාට ප්‍රධාන ධාරාවේදි මුලින්ම මට නළුවෙක් වෙන්න අවස්ථාව ලැබුණේ නැහැ. බුද්ධික දමයන්තගේ දවස තාම ගෙවුනේ නෑ කියන වේදිකා නාට්‍යයේ වේදිකා පරිපාලකවරයා සහ කටේ ගුරා විදිහටයි මම මුලින්ම ප්‍රසිද්ධ වේදිකාවට පිවිසුණා. 
 
ඔබ දකින විදිහට ටෙලිනාට්‍ය කර්මාන්තය දැන් යහපත් අතට හැරිලාද? 
මම මද්දහන හදපු කාලයට වඩා දැන් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයෙ තරමක පිබිදීමක් තියෙනවා. හැබැයි ප්‍රේක්ෂකයන් නරඹන විදිහේ උසස් මට්ටමේ නිර්මාණ බිහි කරන්න නිර්මාණ කරුවන්ටත් ලොකු වගකීමක් තියෙනවා. රඟපෑම හදාරා නැති නිරූපණ ශිල්පීන් සහ ශිල්පිනියන් ආදි අය යොදාගෙන නම් හොඳ ටෙලිනාට්‍ය හදන්න බැහැ. 
 
නළුවෙක් විදිහට ඔබ මෙගා ටෙලිනාට්‍ය ගැන දරන ආකල්පය මොන වගේද? 
ප්‍රතිපත්තියක් විදිහට මම නම් දැන් මෙගා නාට්‍යවල රඟපාන්නේ නැහැ. ඒ වගේම සිංහල හඬ කවන විදෙස් ටෙලිනාට්‍යවලට දෙබස් කැවීමෙන් දායක වෙන්නෙත් නැහැ. 
 
වේදිකාවෙන් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පය තබපු ඔබේ මීළඟ නැවතුම සිනමාවද? 
සත්තකින්ම ඔව්. මම රන් කොල්ලා කියන යොවුන් නවකතාව ඇසුරෙන් චිත්‍රපටයක් නිර්මාණය කිරීම ආරම්භ කළා. එහි වැඩ කටයුතු දැන් බොහෝ දුරට අවසන්. ලබන වසරේදී එය සිනමාහල්වලට ඒවි. 
 
කිෂාන් කනංකෙ 
IMAGE

මට දැන් තාත්තා ගැන තියෙන්නේ අනුකම්පාවක් විතරයි

IMAGE 2018 Feb 18 10:28
ආචාර්ය  වික්ටර් රත්නායකයන්ගේ පුතුන් දෙදෙනා වන ජයන්ත සහ ලෙලුම් ගැන අද වෙද්දී මුළු රටම...
Views - 22

ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීම සොයුරාගේ සැලසුමක් -...

IMAGE 2018 Feb 16 13:54
හත්දෙනෙකුට මරු කැඳවමින් පසුගිය (14) දා ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය...
Views - 2965

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 6213

හෙදිය සමූහ දූෂණයට විනයාරක්ෂක කපිතාන් අල්ලයි

IMAGE 2018 Feb 14 23:55
රංචු ගැසී පුද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‍පොලීසියට...
Views - 5195

ඡන්ද ප්‍රතිඵල වලින් පස්සෙ සමහරුන් බුම්මාගෙන ඉන්නේ ඇයි?

IMAGE 2018 Feb 14 13:39
මෙවර පළාත් පාලන ඡන්දයේ දී මෙන්ම  සෑම මැතිවරණයකදීම කිසියම් පිරිසක් ජයග්‍රහණය කරන විට ඊට...
Views - 3110

හොර හැඳුනුම් පතක් ගෙන ප්‍රේම ලෝකයට බසින 'වැලන්ටයින්'

IMAGE 2018 Feb 14 09:22
පෙම්වතුන් පෙම්වතියන් අතර හෝ අඹු සැමියන් අතර පවත්නා ආදරය ලිංගිකත්වය හා අනුරාගය මත පදනම් වූ...
Views - 3065

Please publish modules in offcanvas position.