Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

දෙවැනි ඉනිමේ “චබියා” දෙරණ ඩී්‍රම් ස්ටාර්වලින් ආපු ගායකයෙක් කියලා කිව්වට සමහරුන් විශ්වාස කරන්නෙත් නැහැ. ඒත් කණිෂ්ක ප්‍රසාද් කියන නම කිව්වොත් නම් ‘දෙරණ’ හා බැඳුණු ඔබට ඒ අපූරු ගායකයාව මතක් වෙන්න පුළුවන්.
 
දෙරණ ඩී්‍රම් ස්ටාර් හරහා කරළියට ආපු කණිෂ්කට දෙවැනි ඉනිමේ චබියා වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද කියලා මුලින්ම කිව්වොත් ? 
මට ‘ඩී්‍රම් ස්ටාර්’ හයවන අදියරේ පස්වන ස්ථානයයි හිමි වුණේ. ඒ නිසාම හත්වන අදියරේ ආරම්භක අවස්ථාවට ගීත ගායනා කරන්නත් මට අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාවේ මට දෙරණ ආයතනයේ නියෝජ්‍ය සභාපති ලක්සිරි වික්‍රමගේ මහතාව මුණ ගැහෙන්න අවස්ථාවක් ලැබුණා. එතකොට මම එතුමාගෙන් මට රඟපාන්න අවස්ථාවක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටියා. කිසිම ලොකුකමක් නැතිව එතුමා මගේ ඉල්ලීමට අවස්ථාවක් දුන්නා. එතැනින් එහාට දෙවැනි ඉනිමේ අධ්‍යක්ෂ සාරංග අයියා හරහා මට චබියා වෙන්න අවස්ථාව ලැබුණා. 
 
කොහොමද දැන් චබියාට ලැබෙන ප්‍රතිචාර? 
චබියට අසීමිත ප්‍රතිචාර ලැබෙනවා කිසිම වයස් භේදයකින් තොරව. චබිය නිසා කණිෂ්කට හැමෝම ආදරය කරන්න පටන් අරගෙන. ඒ වගේම චබියා නිසාම කණිෂ්කට පිටරට සංචාර කිහිපයකටත් ආරාධනා ලැබුණා. 
 
රංගන ශිල්පීන් විශාල පිරිසක් දෙවැනි ඉනිමට සම්බන්ධ වෙලා ඉන්නවනේ. ඒ අතරින් ඔබ වඩාත්ම සමීප කාටද? 
මගේම අයියා කෙනෙක් වගේ ඉන්න දෙනුවන් අයියට තමයි මම ගොඩක් සමීප. චබියට මයික් නැතුව ඉන්න බැහැ වගේ කණිෂ්කටත් දෙනුවන් අයියා නැතිව ඉන්න බැහැ. අපි කන්නෙත් එකම බත්පත බෙදාගෙනයි. දෙනුවන් අයියා හරියට මගේම සහෝදරයෙක් වගේ. 
 
ඒ වුණත් කණිෂ්ක ගැහැනු ළමයින්ගෙන් වඩාත්ම ළෙන්ගතු ශනුද්‍රිට කියන්නේ ඇත්තද?
නයනතාරත්, දෙවැනි ඉනිමේ අනෙක් ගැහැනු ළමයිනුත් මගේ හොඳම යාළුවෝ තමයි. ඒත් මම වැඩිපුරම රඟපාන්න කැමති ශනුද්‍රිත් එක්කයි. ශනුද්‍රි හරියට ‍පොඩි ළමයෙක් වගේ. කලා පවුලකින් ආවා කියලා කිසිම ලොකුකමක් නැහැ. රඟපාන්න හරිම පහසුයි. ඒ නිසා මම ශනුද්‍රි එක්ක රඟපාන්න හරිම කැමතියි. 
 
දැන් කණිෂ්ක නළුවෙක් විදියට ජනප්‍රියයිනේ. එතකොට ඔබ තුළ හිටපු ගායකයාට මොකද වෙන්නේ?
කණිෂ්ක නළුවෙක් වුණෙත් ගායකයෙක් වුණ නිසානේ. ඒ නිසා මම කවදාවත් මා තුළ සිටින ගායකයා නැතිකර ගන්නේ නැහැ. හැබැයි ගායනය සහ රංගනය කියන දෙකටම එකවගේ ආදරේ කරනවා.
 
කණිෂ්ක ඩී්‍රම් ස්ටාර් තරුවක් කියලා සමහරු දන්නෙත් චබියා නිසා නේද?
ඔව් ඇත්ත, මම ඩී්‍රම් ස්ටාර් පස්වන තැන ගත්තා කියලා බොහෝ දෙනා දැන ගත්තෙත් චබියා නිසා තමයි. නමුත් චබියාගෙන් වෙන් වුණාම ගායක කණිෂ්කට ආදරේ කරන පිරිසකුත් ඉන්නවා කියලා නම් කියන්නම ඕනේ.
 
ඔබේ පෞද්ගලික විස්තර ගැනත් කිව්වොත් ?
අම්මයි, තාත්තයි, අක්කල දෙන්නයි, මමයි පවු‍ලේ ඉන්නේ. මගේ අක්කලා දෙන්නත් ටෙලි නාට්‍ය තේමා ගීත ගායන කරන ගායිකාවන්. මේධා ධනංජනී, කවින්ද්‍රා මධුෂාණි තමයි අක්කලාගේ නම්. අද කණිෂ්කව චබියා කරන්න මගේ දෙමාපියන් වගේම අක්කලා දෙන්නත් විශාල වෙහෙසක් ගත්තා. මේ වෙලාවේ මගේ පසුපස ඉඳන් මට දිරිදෙන මගේ පෙම්වතියවත් මතක් කරන්න ඕනේ. 
 
ඒ කියන්නේ ඔබේ පෙම්වතියත් ඔබ රඟපානවාට කැමතියි?
එයා අකැමැති නෑ. හැබැයි හැම නළුවෙකුටම තියෙන ප්‍රශ්නය මටත් තියෙනවා. මොකක්ද දන්නවද ඒ ප්‍රශ්නේ. රඟපාල ගෙදර ඇවිත් තමන්ගේ වයිෆ්ව ෂේප් කරගන්නේ කොහොමද කියන එක. කෙල්ලෙක්ගේ අතින් ඇල්ලුවත් සමහර වයිෆ්ලා කැමති නෑනේ. මමත් එහෙම කළත් ඒ චබියා මිස, කණිෂ්ක නොවන බව මගේ ආදරවන්තිය හොඳින්ම දන්නවා. අනිත් එක කණිෂ්ක සැබෑ ජීවිතයේදී චබියා නමෛයිනේ. ඔහොම කියලයි මමත් එයාව ෂේප් කර ගන්නේ. 
 
කවදාහරි පෙම්වතිය කිව්වොත් රඟපෑමෙන් අයින් වෙන්න කියලා එතකොට කණිෂ්ක මොකද කරන්නේ?
මම අනිවාර්යයෙන් අයින් වෙනවා. ඒ වුණත් එයා මට කවදාවත් එහෙම කියන්නේ නැහැ. මොකද අපි අතරේ ඒ තරම් ලොකු විශ්වාසයක් තියෙනවා. 
 
සමන්මලී නැලිගම

සචිත්‍ර සේනානායක ඉන්නේ ක්‍රිකට් පිටියේ. සමිතා ඉන්නේ සංගීත වේදිකාවේ. මේ දෙන්නා ලෝක දෙකක දෙන්නෙක්. ඒත් ඉතින් ආදරයට ඔය සීමා මායිම් කිසිවක් නැහැ කියන කරුණ සනාථ කරමින් මේ දෙදෙනා අසම්මත පෙම් යුවළකගේ හිතේ උපන් ආදරයකට තමන්ගේ මධුර හඩින් ජීවය එකතු කරලා මියුරු ගීයක් විදියට පසුගියදා රසික හිතවතුන්ට තිළිණ කළා.

සිංහල තරුණයෙකු හා දමිළ යුවතියකගේ සිත්වල උපදින නිහඬ ප්‍රේම කතාවක් තේමා කරගත්තු මේ ගීතය දැන් රූප රචනයකුත් එක්ක දැන් රසික පිරිස අතරට ඇවිත්.

මල් මාල ගවසාලා
කෙහෙරැල්ල හැඩකරලා
රතු දෙතොල පැටලීලා
හුස්මක් පවා...
නොකියාම උන්නත් මා
ඔය චාටු දන්නවා
මනමාල කම්පාලා
ආශා වෙලා
ඔය මරතොන්ඩි දෑතේ නෑවිලා
රිදවාලා හඬවාලා මා හැරයන්නෙපා

කසුන් කොන්දසිංහ ලියා NEO සංගීතවත් කළ මේ ගීතය NEO රෙකෝඩ් නිෂ්පාදනයක්.
ජනප්‍රිය ක්‍රිකට් තරුවක් ගායනා කරන මේ ගීතයේ රූප රචනයේ රඟපාන්නෙත් ජනප්‍රිය ක්‍රිකට් තරුවක්. ඔහු චාමර කපුගෙදර. චාමරගේ ප්‍රේමවන්තිය විදියට රඟපාන්නේ හිරු  TV  අවුරුදු කුමරිය තුළිත් රංගනයට පැමිණි තරුෂි සේනාරත්න.
මේ සුවිශේෂී එකතුව තුළින් බිහිවූ මරතොන්ඩි දෑතේ ගීතය හා Video  එක ගැන වැඩිදුර තොරතුරු ටිකක් රැගෙන එන්න හිතාගෙන අපි ඊට දායක වූ පිරිස සම්බන්ධ කරගත්තා.  මුලින්ම අපි කතාබහට එකතු කරගත්තේ සචිත්‍ර සේනානායකවයි.
මම මීට කලින් ගීත දෙකක් කළා. මේ මගේ තුන්වැනි ගීතය. සමිතා අක්කා එක්ක ගීතයක් ගායනා කිරීමේ ආශාව මට තිබුණේ කාලෙක ඉඳන්.NEO  මට එයාලගේ ප්‍රඩක්ෂන් හවුස් එක හරහා යුග ගීතයක් කරන්න ආරාධනා කළාම සමිතා අක්කව යෝජනා කළේ මමයි. සමිතා අක්කා ගීතය ගයන්න කැමති වුණා. ඊට පස්සෙ තමයි ගීතය නිර්මාණය වුණේ.
මේවන විට සචිත්‍රට ටෙලි නාට්‍ය පසුබිම් ගායනයට වගේම වෙනත් ගායිකාවකගේ ගීතයක යුග ගායනයටත් ආරාධනා ලැබිලා තියෙන බව තමයි ආරංචි. මෙහෙම ගිහින් සචිත්‍ර සේනානායක කියන ගායක තරුව මතුවෙලා ක්‍රිකට් තරුව මැකීයාවීද කියලා සචිත්‍රගේ රසික පිරිසට හිතෙයි. අපි ඒ ගැන විමසූ විට සචිත්‍ර මහ හඩින් හිනාවෙලා මෙන්න මේ විදිහට උත්තරයක් දුන්නා.
ඒක නම් කිසිම දවසක වෙන්නේ නැහැ. මම විශේෂ අවස්ථාවකට ගීතයක් ගයයි. නැතුව වෘත්තීය මට්ටමෙන් ගී ගයලා මුදල් හම්බකරන්න ගීත ගයන්නේ නැහැ..
චාමර කපුගෙදර TV  වැඩසටහන්වලට පැමිණි අවස්ථාවල ඔහු නළුවෙකුට සුදුසු බව බොහෝ අය පැවැසුවා. මරතෝන්ඩි දෑතේ Music Video එකේ ඔහු අපූරු රංගනයක යෙදෙනවා.
පාසල් වේදිකාවේ රඟපාලා තියෙනවා. යශාන්ගේ Music Video එකේ සුළු චරිතයක් රඟපෑවා. ප්‍රධාන චරිතයක් රඟපෑ පළමු වතාවයි මේ. සචිත්‍රගේ දැඩි ඉල්ලීමට තමයි මේක කළේ...
චාමරට මින් පෙර ටෙලි නාට්‍ය දෙකක රඟපාන්න ලැබුණු අවස්ථා ඔහු ප්‍රතික්‍ෂේප කළා. ඉදිරියට රඟපාන්න ආරාධනා ලැබුණොත් මොකද කරන්නේ කියලා අපි චාමරගෙන් ඇහුවා.
 මම වෙනත් ක්‍ෂේත්‍රයක ඉන්නේ. ඒ තුළ ගොඩනගාගත්තු ප්‍රතිරූපයක් තියෙනවා. මේ Video  එකේ ප්‍රේමවන්තයාගේ චරිතය රඟපාන්න තියෙනවා කිව්වාමත් මම ඒකට කැමති වුණේ මගේ සීමාවන් තුළ එය ගොඩනැගිලා තියෙන හින්දා. රඟපාන්න හොඳ අවස්ථාවක්් ලැබුණොත් හිතලා බලලා එය බාර ගන්නවා....
ක්‍රිකට් තරු දෙකක් එකතු කරලා මරතොන්ඩි දෑතේ ගීත වීඩියෝව රූගත කිරීම් අතර සිදුවූ සිදුවීම් ගැනත් අපි විමසා සිටියා.
මට්ටක්කුලිය ප්‍රදේශයේ තමයි රූප ගතකිරීම් කළේ. මහල් නිවාස පෙළක් මැද වීදියක් මැද දිගේ කපු තමන්ගේ මිතුරාගේ පෙම්වතිය පසුපස යන ජවනිකාවේදී තව ටිකෙන් කට්ටිය නානවා...
නිෂ්පාදක ව්ජ් සිද්ධිය මතක් කරල දෙනවිට කපු ඒ ගැන තවත් වැඩි විස්තර පැවැසුවා.
දවස පුරා රූගත කිරීම් කළා. අමාරුම සීන් එක තමයි ඔය. කතාවේ හැටියට මමයි මිතුරයි මගේ පෙම්වතිය පසුපස යන්නේ පාළු පාරක. ඒත් පාර පාළු නැහැ. දෙපැත්තේ ගෙවල්වල අය ජනෙල්වලින් ඔළු එළියට දාලා මටයි සචිත්‍රටයි විවිධ ප්‍රතිචාර දක්වනවා. ඔය හේතු හින්දා ඒ සීන් එක කීප වතාවක්ම කරන්න සිදු වුණා..
මේ විදියට දිගින් දිගටම රූගත කරන අතරේ ඉහළ මාලයක කෙනෙක් පහළ රූගත කිරීම් ඉවරයි කියලා හිතාගෙන වතුර කොරහක් ජනේලයෙන් බිමට හලලා. කට්ටිය ඒ මේ අත පැන්නේ නැත්නම් හැමෝම හොඳට නාගන්නවලු.
දවසම විහිළු තහළුවෙන් තමයි ගෙවුණේ. විහිළු තහළු කොයිතරම් දුර ගියාද කියනවා නම් අපේ එක මිත්‍රයෙකුට කේන්තිත් ගියා...
කපු, පුංචි රහසක් ඉතුරු කරලා එහෙම කිව්වා. අලුත් අත්දැකීම සචිත්‍රට වගේම චාමරටත් සුන්දර අත්දැකීමක් බව තමයි කතා බහෙන් තේරුණේ. ඒත් මේ අයගේ ජීවිතය ක්‍රිකට්නේ. ඒ හින්ද ක්‍රිකට් ජීවිතේ ගැනත් යමක් විමසන්න අපි අමතක කළේ නැහැ.
පසුගිය දවස් ටිකක් අශුභවාදීව ගෙවුණත් ඉදිරියේ එන ඉන්දු ශ්‍රී ලංකා තරගවලට අපි පුහුණු වීම් කරනවා. ඒ වගේම සිංගප්පූරුවේ පැවැත්වෙන ssc තරගාවලියටත් ක්‍රීඩා කරනවා.
සචිත්‍ර සේනානායක සහ චාමර කපුගෙදරගෙන් ලැබුණේ ‍පොදු පිළිතුරක්.

ආරියවංශ කුලතිලක

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 4324

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 4030

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 7096

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4425

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2816

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3622

Please publish modules in offcanvas position.

Web Analytics