Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

‘පායා එන්න හිරු සේ’ “ආදරණීය කතාවක්” වගේ චිත්‍රපටවලින් වගේම ‘බොඳ මීදුම්’ හි සංසලාගේ චරිතයෙන්ද ප්‍රේක්ෂක ආදරය දිනා ගත් උදාරි වර්ණකුලසූරිය මේ දිනවල විකාශනය වෙන ‘පිනි’ ටෙලි නාට්‍යයේ සුද්දිගේ චරිතයෙන්ද ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගෙන සිටිනවා. ඒ අතරම උදාරි ‍පොලිස් පරීක්ෂකවරියක් වී ඇති බවටත් තොරතුරු මේ දිනවල අන්තර්ජාලයේ හුවමාරු වෙනවා. ඒ ගැන වගේම ඇයව රංගන ශිල්පිනියක් කළේ කවුද කියන එකත් මුලින්ම උදාරි කිව්වේ ‘රිද්ම’ අපිටයි. 
 
උදාරි අපරාධ විමර්ශන අංශයේ ‍පොලිස් පරීක්ෂකවරියක් වුණා කියන්නේ ඇත්තද?
මම ‍පොලිස් පරීක්ෂකවරියක් වුණේ “‍පෝරිසාදයා” කියන චිත්‍රපටය වෙනුවෙන්. ඒ අත්දැකීම ගොඩක් සුන්දරයි. මං හිතනවා මේ චිත්‍රපටය මගේ ජීවිතේ සුවිශේෂීම සන්ධිස්ථානයක් කියලා. චිත්‍රපටය තාම තිරගත වෙලත් නැහැ. ඒත් එහි ප්‍රචාරක පටයෙන්ම මට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ නිසා චිත්‍රපටය තිරගත වුණාම ප්‍රේක්ෂකයෝ මට තවත් ළං වෙන බව මට විශ්වාසයි. 
 
උදාරි වැල්‍ලේ සුද්දි කියලා නමත් වෙනස් කරගත්තා නේද? 
මං නමෛයි. මගේ ආදරණීය ප්‍රේක්ෂකයෝ තමයි අනේ මගේ නම වෙනස් කරලා කතා කරන්නේ. මේ දවස්වල විකාශනය වෙන “පිනි” ටෙලි නාට්‍යයේ මම නිරූපණය කරන්නේ නිම්සරාගේ චරිතය. ඒත් වැල්‍ලේ අය ඇයට කතා කරන්නෙත් “වැල්‍ලේ සුද්දි” කියලා. ඒ විතරක්ද මම මේ දිනවල එළියට බැස්සම කට්ටිය මට අන්න වැල්‍ලේ සුද්දී එනවා කියලා කෑ ගහනවා. මේ තරම් ප්‍රතිචාර ලැබෙනකොට පුදුමාකාර ආත්ම තෘප්තියක් ලැබෙනවා. 
 
උදාරිගේ පුංචි කා‍ලේ ඉඳලාම තිබුණු හීනයක්ද රංගන ශිල්පිනියක් හෝ තරුවක් වීම?
අනේ නැහැ. මම ‍පොඩි කා‍ලේ ඉඳලාම ආශා කළේ හෙදියක් වෙන්න. ඒත් මගේ තාත්තා මම ඉපදෙනකොටම මගේ පෙකනි වැල අතගාලා මගේ රත්තරං දුවව මං කවදා හරි රූප සුන්දරියක් කරනවා කියලා මාව ආදරෙන් තුරුළු කරගෙන තියෙනවා. මට හිතෙන විදිහට මම නිළියක් වෙලා ඉන්නේ තාත්තාගේ ඒ හීිනය නිසාමයි. 
 
ලෝක රූ රැජින තරගාවලියකට සහභාගි වෙලා උප කිරුළු කිහිපයක්ම හිමිකරගත් උදාරිට අද පැවැත්වෙන රූ රැජින තරග ගැන මොකද හිතෙන්නේ? 
රූ රැජිනක් ඔටුන්නක් ඔළුවට දාගන්නවා විතරක් නෙවේ, අපේ රටේ අනන්‍යතාව ලෝකයටත් ගෙන යනවා. ඒත් අද මේ වගේ තරගාවලි වැහි වැහැලා. එක එක ක්ලබ්වලින් ප්‍රමිතියක් නැති තරගාවලි සංවිධානය වෙනවා. ඇත්තටම එතනදී ගැහැනු 
ළමයින්ගේ විනය විකිණෙනවා. අනිත් එක රූ රැජින තරගයකදී බිකිනි අඳින්න කියලා බල කරන්න කාටවත් බැහැ. මම ආධුනික තරුණ තරුණියන්ට ආදරෙන් කියනවා, මේ වගේ තරගයකට අයදුම් කරනවා නම් ඒ ගැන අධ්‍යයනයක් කරලා ඉදිරිපත් වෙන්න කියලා. 
 
ඉක්මනින්ම විවාහ වීම ඔබේ ජනප්‍රියත්වයට බාධාවක් වුණේ නැද්ද? 
කිසිම බාධාවක් වුණේ නැහැ. මගේ විවාහය තමයි මගේ රංගන ජීවිතේ ලොකුම ශක්තිය වුණේ. මම ජනප්‍රිය නිළියක් කියන ජනතා සම්මානේ පිට පිටම දිනා ගත්තෙත් විවාහයෙන් පස්සේ තමයි. ඉතින් කොහොමද කියන්නේ විවාහය රංගන ශිිල්පිනියකගේ ජනප්‍රියතාවට බාධාවක් කියලා? 
 
කාලයක් උදාරිට විවිධ කටකතා හැදුණා. ඒ අවස්ථාවලදි සැමියා කොහොමද ප්‍රතිචාර දැක්වූවේ? 
ඔහු ඒවා ගණන් ගත්තේ නැහැ. ඔහු මගේ දවෛනි තාත්තා විදිහට මට ඒවාට මුහුණ දෙන්න විශාල ශක්තියක් වුණා. ඔහු හරිම බුද්ධිමත් සැමියෙක්. 
 
උදාරි රංගන ශිල්පිනියක්. සුජිත් වෛද්‍යවරයෙක් ඉතින් දෙදෙනා අතර ඇති වෘත්තීමය පරස්පරතාව උදාරිගේ රංගන ජීවිතයට අභියෝගයක් වූ අවස්ථා නැද්ද? 
කවදාවත් ඒක මගේ ජීවිතයට අභියෝගයක් වුණේ නැහැ. ඉදිරියේදී වෙන්නෙත් නැහැ. දැනට අපි විවාහ වෙලත් අවුරුදු 10ක් වෙනවා. සුජිත් මට නිතරම කියන්නෙත් “උදාරි මට ඔයාව හම්බ වුණෙත් රංගනය නිසානේ. ඔයා ඒක නැති කරගන්න එපා කියලා. අදටත් එයා මට කියනවා ඔයා නිෂ්පාදනයක් කරන්න මම සල්ලි දෙන්නම් කියලා. 
 
සමන්මලී නැලිගම

හෙල සිනමාවේ අග රැජින මාලනී ෆොන්සේකා පහුගිය කා‍ලේ රෝගාතුර වූවා කියන පුවත ඇගේ සුවහසක් රසික කැල කම්පනයට පත්කළා. ඇගේ තොරතුරු දැනගන්න රසික පිරිස් දැඩි උනන්දුවක් දැක්වුවත් අපි ඇයව මාධ්‍යය ඉදිරියට කැඳවාගෙන එන්න උත්සාහ නොකළේ මාලනී විවේකී සුවයෙන් පසුවූ හින්දා. දැන් අපි රසික පිරිසට කියන්නට සැරසෙන්නේ මාලනී ගැන සුබ ආරංචියක්. සම්පූර්ණ සුවය ලැබූ මාලනී ආයෙමත් සුපුරුදු කටයුතුවල ක්‍රියාකාරීව යෙදෙනවා. ඒ වගේම ඇය ආයෙම රංගනයටත් එකතු වෙලා ඉන්නවා. මාලනීගේ නැගණිය දමයන්ති ෆොන්සේකාගේ 'රංකිරි අම්මා' ටෙලි නාට්‍ය හරහා මාලනී ෆොන්සේකා ආයේම රංගනයට එකතුවනවා.  
 
ඔබේ අලුත්ම රංගනය ගැන කතා කළොත්?
රංකිරි අම්මා ටෙලි නාට්‍යයේ කිරිහාමි කියන චරිතය තමයි මම රඟපාන්නේ. ඇය ඈත දුෂ්කර ගමක වින්නඹු සේවයේ යෙදුණු වින්නඹු මාතාවක්. කාලයත් සමග ඇගේ ඇස් අන්ධ වෙනවා. ඉන්පසු තරුණ වින්නඹු මවක් ගමට එනවා. ඒ චරිතය රඟපාන්නේ උමයංගනා වික්‍රමසිංහ. කිරිහාමි කියන්නේ දෑස නොපෙනුණත් බොහොම දහිරියවන්ත ශක්තිමත් ගැහැනියක්.
 
ඔබේ නැගණිය දමයන්ති ෆොන්සේකාගේ අධ්‍යක්ෂණය ගැන කතා කළොත්?
රං කිරි අම්මා කණ්ඩායමට ඇය අධ්‍යක්ෂවරියක් වුණත් මට නම් හැමදාම ඇය චූටිම තමයි. මම දර්ශන තලයේ රඟපාන අතර චූටි ටෙලි නාට්‍යය මෙහෙයවන දිහා බලාගෙන හිටියා. නළු නිළියන් නිර්මාණ ශිල්පීන් මෙහෙයවන ආකාරය, දර්ශන තලයේ කටයුතු කරන ආකාරය දිහා බලනකොට චූටි අධ්‍යක්ෂවරියක ලෙස දක්වන දක්ෂතාවය මට පෙනුණා. මීට කලින් මම ආනන්දගේ (ආනන්ද ෆොන්සේකා) අධ්‍යක්ෂණ යටතේ උමයංගනා චිත්‍රපටයයි කඩවර ටෙලි නාට්‍යයෙයි රඟපෑවා. මගේ පවු‍ලේ තවත් බාල සහෝදරියකගේ නිර්මාණයට එකතු වීමට ලැබිම ලොකු සතුටක්.
 
පසුගිය දිනවල ඔබ අසනීප තත්ත්වයෙන් පසුවුණා. ඉන්පසු දායක වූ ප්‍රථම රංගනය රංකිරි අම්මා. දැන් ඔබ සම්පූර්ණයෙන් සුව අතට හැරිලාද?
මම රෝගාබාධවලට අභියෝගයන්ට යටත්වන කෙනෙක් ‍නෙවෙයි. මම රෝගාබාධවලට අභියෝග කරන කෙනෙක්. මම දරුණු මාරාන්තික රෝගාබාධවලට ලක්වූ අවස්ථා කීපයක්ම තියෙනවා. ඒ හැම අවස්ථාවකම මම ජයගත්තා. ලෙඩෙක් වුණාට වෛද්‍ය උපදෙස් මත අවශ්‍ය සියලුම දේ කරනවා. හැබැයි ලෙඩෙක් වුණාට මානසිකව කඩා වැටෙන්නේ නැහැ. හදවත් සැත්කමක් කරලා විවේක අරගෙන ඉන්පසුව රිදී රැයක් සඳහා නර්තනය ඉදිරිපත් කළා. 
 
ඔබේ සහෝදර නිළි ගීතා කුමාරසිංහ හදිසි අනතුරකට ලක්වූ අවස්ථාවේ ඇයට බෝධි පූජාවක් තියන්න පවා මුල් වුණෙත් ඔබයි? 
ගීතාට ඒ අනතුර වුණා කියලා දැනගත්තාම මට ලොකු කම්පනයක් ඇති වුණා. අද වෙද්දී ගීතා සුව අතට හැරිලා ඉතා හොඳින් ඉන්නවා. ඉදිරියෙදී ඇය සුපුරුදු විදියට අප හමුවට එයි. ගීතා වගේම ස්වර්ණාත් අසනීප වෙලා ඊට සාර්ථකව මුහුණ දීලා අද ඉතා හොඳින් ඉන්නවා. මම, 'ගීතා' ස්වර්ණා තුන්දෙනාම ශක්තිමත් කාන්තාවෝ. මම මෙහෙම කිව්වට අපේ රංගන ශිල්පීන් අමනාප වෙයිද දන්නෙ නැහැ. හැබැයි අපේ රංගන ශිල්පීන්ට වඩා රංගන ශිල්පිනියන් ශක්තිමත් කියලා මට හිතෙනවා.
 
රංකිරි අම්මා ටෙලි නාට්‍යයේ රූගත කිරීම් කරද්දී දුෂ්කරතාවලට මුහුණ දෙන්න වුණා නේද? 
තණමල්විල දැඩි අව් රශ්මිය තියෙන පළාතක්. බිම වැටුණ තණකොළත් රත්වෙලා තියෙන්නේ. චූටියි ටෙලි නාට්‍යයේ කාර්මික ශිල්පීන් හැමෝමයි සපත්තු සෙරෙප්පු දාගෙන දර්ශන තලෙත් හිටියා. මට ඉන්න වුණේ සෙරෙප්පු දෙකක්වත් නැතුව. මේ ටෙලි නාට්‍යය ඉවර වුණාට පස්සේ මට ගිනි පාගන්න යන්න පුළුවන් වෙයි කියල මම කිව්වා. හැබැයි ඉතින් රං කිරි අම්මා කණ්ඩායම හරිම හොඳයි. ඒ අයත් එක්ක ගත කරපු කාලය හරිම සුන්දරයි. 
 
ආරියවංශ කුලතිලක
IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 4326

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 4032

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 7097

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4426

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2817

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3623

Please publish modules in offcanvas position.

Web Analytics