Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

දුටුවන් මන බඳින රුවෙන් සහ ප්‍රතිභාපූර්ණ රංගන හැකියාවෙන් පිරිපුන් රංගන ශිල්පිනියකට ජනතාවගේ ආදරය දිනාගැනීම එතරම් අපහසු කාර්යයක් නමෛයි. ඒ සුදුසුකම් නොඅඩුව තමන් තුළ තිබූ නිසාම යශෝධා විමලධර්ම කියන රංගන ශිල්පිනියටත් කලා 
ක්ෂේත්‍රයට පිවිස ඉතා කෙටි කාලයකදී රසික රසිකාවියන්ගේ නොමඳ ප්‍රතිචාර හිමිකර ගැනීමට හැකි වුණා. යශෝධා සිනමාව, පුංචි තිරය සහ වේදිකාව හරහා එලෙස ප්‍රේක්ෂකයන් හමුවට ඇවිත් මේ වනවිට දශක කිහිපයක් ගතවී තිබෙනවා. නමුත් රසික ජනතාව ඇය වෙත දක්වන ඇල්ම නම් තවමත් බිඳකින්වත් අඩුවී ඇති බවක් පෙනෙන්නට නැහැ. එපමණක් නමෛයි, රසිකයන් ඇද බැඳ තබා ගැනීමට සමත් වූ ඇගේ රුවත් තවමත් එදා වගේමයි කියලයි බොහෝ දෙනා පවසන්නේ. යශෝධා තමන්ගේ පියාට බෙහෙවින් ආදරය කළ දියණියක බව ප්‍රකට කාරණයක්. ඔහු වසර කිහිපයකට පෙර මෙලොවින් සමුගත්තේ යශෝධාට මවගේ රැකවරණය පමණක් ඉතිරි කරමින්.
පියාගේ අභාවයෙන් පසුව මව සමග මෙලොව තනි වුණත් යශෝධා තවමත් ගත කරන්නේ තනිකඩ ජීවිතයක්. තමන් මේ වන විට ගෙවන ජීවිතය සහ සිය අතීත මතකයන් අකුරු බවට පෙරළමින් යශෝධා පසුගිය දිනක ඉතා සංවේදී සටහනක් සිය ෆේස් බුක් පිටුව මත තබා තිබුණා. ඇයගේ එම සටහනේ තිබූ සංවේදී බව සහ අර්ථාන්විත බව නිසාම මුහුණු ‍පොතේ සැරිසරන බොහෝ දෙනකු ඊට ප්‍රතිචාරද එක්කර තිබුණා.

හැත්තෑව දශකයේදී නීල් රූපසිංහගේ ලස්සන කෙල්ල චිත්‍රපටයෙන් සිනමාවට පැමිණි ඇයව ඒ යුගයේ බොහෝ මාධ්‍ය විසින් හැඳින්වූයේ සිනමාවේ ලස්සනම නිළිය කියලා. දශක ගණනක් පුරා සරල විනෝදාත්මක සිනමාව තුළ මෙන්ම සම්භාව්‍ය සිනමාවේත් රැඳී සිටි ඇය අප කවුරුත් හොඳින් දන්නා ගීතා කුමාරසිංහයි. සිනමා දිවියට දශක ගණනක් ගෙවී ගියත් එදා ඈ තුළ තිබූ සුන්දරත්වය තවමත් ඒ වගේමයි. නව යොවුන් පරපුර සමග රියැලිටි වැඩසටහන් තුළ තරග කොට ජය ගන්නට තරම් තාරුණ්‍යයක් තමා සතු බව මේ මෑතකදීත් ඇය ඔප්පු කළා. 
පහුගිය දවසක අපිට ගීතා කුමාරසිංහ ගැන ආරංචි වුණේ කනගාටුදාක සිදුවීමක්. 
ගීතාගේ ගෙදර ගෑස් සිලින්ඩරේ පුපුරලා ගීතාව පිච්චිලා ප්‍රයිවට් හොස්පිට්ල් එකකට අරගෙන ගිහින්. මේ වෙද්දි අයි.සී.යු. එකේ ඉන්නවාලු. 
ආරංචිය අහාපු හැමෝම කම්පා වුණේ ෙදෙවයේ අකාරුණික බලපෑමට ගීතාගේ සොඳුරු රුව විනාශ වෙලා ගියාද කියලා. වෛද්‍ය උපදෙස් මත කිසිවකුට ඇයව  බලන්නට ඉඩ නොදීම නිසා ගීතා ගැන තොරතුරක් දැන කියා ගන්නට කාටවත් ක්‍රමයක් තිබුණෙත් නැහැ. ඒ නිසා අපි ගීතාගේ නැගණිය වන නයනා කුමාරසිංහට කතා කරලා ගීතාගේ වර්තමාන තත්ත්වය ගැන තොරතුරු විමසා සිටියා. 
වේච්ච අනතුරින් අක්කාගේ මුණට කිසිම අනතුරක් සිදුවෙලා නැහැ. අතකුයි කකුලකු විතරයි පිච්චිලා තියෙන්නේ. අක්කා බොහොම හොඳින් ඉන්නවා. වෛද්‍ය උපදෙස් මතයි තවම අයි.සී.යු. එකේ ඉන්නේ. අක්කා හරිම ශක්තිමත් හිතක් තියෙන කෙනෙක්. මොන දේ වුණත් වැටෙන්නේ නැහැ. අනතුර සිදු වූ වෙලාවෙත් උඩ තට්ටුවේ ඉඳන් පහළට දුවගෙන ඇවිත් අපි හැමෝටම කෝල් කරලා වෙච්ච දේ ගැන කියලා මාව හොස්පිට්ල් ගෙනියන්න කියලා කිව්වත් අක්කා ඒ වෙලාවේ ඉඳන් අක්කා. තවමත් හොඳ මානසික මට්ටමක ඉන්නවා. 
නයනා කී ආරංචිය ගීතාගේ රසික පිරිසටත් සුභ ආරංචියක් වෙයි. පහුගිය 4 වැනිදා හවස බෙල්ලන්විල රජ මහා විහාරයේදී ගීතා කුමාරසිංහ වෙනුවෙන් බෝධි පූජාවක් හා ආශිර්වාද පූජාවක්ද පැවැත්වුණා. මාලනී ෆොන්සේකා, සෝනියා දිසා, ජීවන් කුමාරතුංග, ෂෙරින් කුමාරතුංග,  උදාරි වර්ණකුලසූරිය, නිල්මිණි තෙන්නකෝන්, සේමිනි ඉද්දමල්ගොඩ, විනු උදානි, අනුෂා දමයන්ති, අනෝජා වීරසිංහ, රොබින් ප්‍රනාන්දු, නදීකා ගුණසේකර, සචිනි අයේන්ද්‍රා, ඩග්ලස් සිරිවර්ධන, යශෝධා විමලධර්ම, සංගීතා වීරරත්න,දයාන් විතාරණ, පද්මසිරි කොඩිකාර ඇතුළු කලාකරුවන් රාශියක් වගේම නයනා, ධම්මිකා, කෝකිලා හා දිනුෂා යන ගීතාගේ නැගණියන්ද ගීතාට ඉක්මන් සුවය පතන්නට එදා එකතුවී සිටියා. 
ආරියවංශ කුලතිලක
 
ඡායාරූප - නලින් සමරවික්‍රම 
 
එක්වන්න අපගේ Facebook පිටුවට - www.facebook.com/lakbima.lk
IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 3875

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 3623

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 6705

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4126

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2566

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3369

Please publish modules in offcanvas position.

Web Analytics