Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

හිතේ කඳුළු හංගාගෙන හැඬුවා 
මගේ කුසේ දරුවෙක් නැතුවා 
දොහොත් මුදුන් දී දණ බිම ඇන්නා 
පිහිටක් වන්නකෝ පත්තිනි අම්මා... 
 
උත්තරීතර මාතෘත්වය හැම පතිනියකගේම අපේක්ෂාවයි. ඒ හීනය ඉටු නොවීම නිසා ජීවිතයම කඳුළක් කරගත්තු කාන්තාවොත් ඉන්නවා. මේ විදියට දරුවන් නොලද කාන්තාවෝ පිහිට පතාගෙන යන්නේ පත්තිනි මෑණියගේ ළඟටයි. පත්තිනි මෑණියන් වෙනුවෙන් මේ දිනවල අපූරු ගීතයක් නිර්මාණය වෙලා තියෙනවා. නීලක දිනේෂ් රූපතුංග තමයි මේ සත් කාර්යයට දායක වෙලා තියෙන්නේ. ඔහු විසින් ලියපු ගීතය සංගීතවත් කර ඇත්තේ ලහිරු කොස්තා. ගීතය ගායනා කරන්නේ සුභානි හර්ෂණී මුතුකුමාරණ විසින්. නීලක තමන්ගේ සන් ක්‍රියේෂන් තුළින් මේ ගීතයට අපූරු රූප රචනාවක්ද සිදුකර තිබෙනවා. අන්තර්ජාලයට පිවිසිලා පත්තිනි අම්මා සුභානි හර්ෂණී කියලා ටයිප් කළොත් ඔබටත් මෙය නරඹන්නට පුළුවන්. අපි හිතුවා මේ අපූරු නිර්මාණය පිළිබඳ තව ටිකක් සොයා බලන්න ඕන කියලා. ඒ හින්දා අපි මුලින්ම කතා කළේ නීලකට. 
අද ගීත වගේම රූප රචනා කෙරෙන්නෙත් මුදල් පරමාර්ථය පෙරදැරිවයි. මම කරපු කටයුත්ත උඩුගං බලා පිහිනීමක්. මම දැනට අවුරුදු 24ක් නිවේදකයෙක් වගේම නිෂ්පාදකවරයෙක් විදියටත් මාධ්‍ය ක්‍ෂේත්‍රයේ රැඳිලා ඉන්නවා. සංගීත වැඩසටහනක්, කලා. වැඩසටහන්, මෝටර් කාර්මික වැඩසටහන්, 1000කට අධික ප්‍රමාණයක් කරලා ඇති. මගේ වැඩසටහන් තුළින් ඇවිත් ගායනය තුළ රංගනය තුළ ඉහළ තැන්වල ඉන්න පිරිසකුත් ඉන්නවා. ඒත් කියන්න කනගාටුයි. පත්තිනි ගීතය කරලා මට ඒකත් අරගෙන නාලිකා ගානේ රස්තියාදු වෙන්න සිදුවුණා. පැකේජ් ක්‍රමයට ගීත ප්‍රචාරය කරන්න මුදල් ඉල්ලන නාලිකා තමයි අද ලංකාවේ වැඩිපුර තියෙන්නේ. නීලක කතා බහ පටන් ගත්තේ එසේ කියමින්. 
නීලක සමාජ සත්කාරයක් විදියට හිතලා ඔහු මේ නිර්මාණය කරලා තියෙන්නේ ලොකු කැපවීමකින්. ඒ අදහස නීලකගේ හිතට ඇවිල්ලා තියෙන්නේ අපූරු විදියටයි. 
මමත් පත්තිනි දේවිය තදින්ම විශ්වාස කරන කෙනෙක්. ඒක මම දන්නා තරමින් පත්තිනි මෑණියන්ට උපහාර ගීතයක් ලියැවිලා නැහැ. ඔය අදහස මට ඇති වුණාම මම ඒ ගැන මුලින්ම කිව්වේ වෛද්‍ය මඩපාත ගීතා ජයන්ති හේරත් මහත්මියට. එතුමිය දරුවන් නැති අය වෙනුවෙන් වෛද්‍ය උපදෙස් දෙන ආයුර්වේද වෛද්‍යවරියක්. 
නීලකගේ අදහස පිළිගත් ගීතා ජයන්ති හේරත් වෛද්‍යතුමිය ඒ කටයුත්තට සියලු මූල්‍ය දායකත්වය සපයන්නට කැමති වුණාලු. නීලක මුලින්ම තමන්ගේ ගී පදමාලාව ඇයට පෙන්නලා ඇගෙන් අනුමැතිය ලැබුණාට පසුව ගී පදමාලාව පෙන්නලා තියෙන්නේ නවගමුව පත්තිනි දේවාලයේ ප්‍රධාන කපු මහත්තයට. 
කපු මහත්තයා ගී පද මාලාව දැකලා ගොඩක් ප්‍රශංසා කළා. ඒ වගේම එහි ගණ පිහිටීමත් ඉතා සුබ බව කිව්වා. 
නවගමුව දේවාලය තුළ මේ ගීතය රූගත කරන්න මම කපු මහතාගෙන් අවසර ඉල්ලුවා. මීට පෙර නවගමුව පත්තිනි දේවාලය තුළ රූගත කිරීම් කරන්න කාටවත් ලැබිලා නැහැ. ඒත් මට ඒ අවස්ථාව ලැබුණා. මේ ගීතය තමයි නවගමුව පත්තිනි දේවාලය තුළ රූගත කළ පළමු ගීත රූප රචනාව.
ගීතය නිෂ්පාදනය කළ මඩපාත ගීතා ජයන්ති හේරත් වෛද්‍ය තුමිය අපි අපේ කතා බහට එකතු කරගත්තා.
දරුවන් නැති කාන්තාවෝ පිහිට අයදින්නේ පත්තිනි මෑණියන්ගෙන්. පත්තිනි මෑණියෝ ගැන ගීතයක් නිර්මාණය කරන බව කිව්වාම මම ගොඩක් කැමැත්තෙන් ඊට එකතු වුණා. 
ගීතයට ගායනයෙන් එකතුවන සුභානි මෑත කාලයේ ගීත කීපයක්ම ගායනා කළාලු. ඇය අන්තිමට ගායනා කළ ගීතය තමයි මේ පත්තිනි ගීිිතය. සුභානි තාවකාලික ගායනයෙන් දුරස්වීමට හේතුවත් විශේෂයි. 
මට කුළුඳුල් දරුවා ලැබෙන්න ඉන්න කා‍ලේ තමයි  තාවකාලිකව ගායනයෙන් ඈත් වුණේ. ඒ කා‍ලේ තමයි නීලක අයියා මේ ගීතය ගයන්න ආරාධනා කළේ. මමත් පත්තිනි මෑණියන් අදහන කෙනෙක්. මමත් කුළුඳු‍ලේම මවු පදවිය ලබන්න සූදානම් වෙලා හිටියේ. ඒ හින්දා මම මේ ගීතය ගායනා කළේ බොහොම කැමැත්තෙන්. 
රූප රචනාවේ සුභානිගේ මුහුණ විතරක් පෙන්නන්නේ ඒ වෙද්දී ඇය අට මස් ගැබිනියක් නිසා. ඒ වගේම මේ ගීතය රූපගත කරද්දී තවත් අමුතු අහඹු සිදුවීමක් වුණාලු.
ගීතයේ රූප රචනාවේ රඟපෑවේ නීලංගනී සහ සුමිත්. රූප රචනාවට පුංචි දරුවෙකුත් අවශ්‍යයි. ඒත් ගෙනාපු දරුවා අදාළ දර්ශනයට ගැළපුණේ නැහැ. ඔය වේලාවේ දෙමවුපිය යුවළක් දේවාලයට ඇවිත් හිටියා. දරුවෝ නැති හින්දා නවගමුව දේවාලයට ඇවිත් භාරයක් වෙලා. ඉන්පසුව දරුවන් ලැබිලා ඒ භාරේ ඔප්පු කරන්නයි ඒ අය ඇවිත් හිටියේ. ඒ දරුවා තමයි රූප රචනාවට යොදාගත්තේ. 
නීලක තමයි ඒ කතාව අපිට කිව්වේ.  
 
චන්ද්‍රලතා තන්ත්‍රිගේ

ජීවන ගමන කොයිවෙ‍ලේ කණපිට පෙරළේවිද කියලා අපි කාටවත් අනාවැකි පළකරන්න බැහැ. ඇතැම් විට අපට එවැනි සිදුවීමකට මුහුණදීමට සිදුවෙන්නේ අපි කවදාවත් බලා‍පොරොත්තු නොවූ අවස්ථාවක වෙන්න පුළුවන්. වේදිකාවේ සහ පුංචි තිරයේ නිතර දැක පුරුදු සුන්දර කලාකරුවෙකුටත් මෑතකදී එබඳු අනපේක්ෂිත අත්දැකීමකට මුහණදීමට සිදුවුණා. 
ඔහු ගාමිණී අම්බලන්ගොඩ. ගාමිණීගේ දුක සැප විමසීමට අපි පාඨක ඔබ වෙනුවෙන් පසුගිය දවසක ඔහුව හමුවුණා.
 
හීනෙකින්වත් නොහිතපු සිදුවීමකට නේද ඔබට මුහුණ දෙන්න සිද්ධ වුණේ ?
අනේ ඔව්. මේ ආත්මයේදී නම් මේ වගේ විපතක් වෙන්න තරම් මම පව් කරලා නැහැ. පුළුවන් විදිහට හැමෝටම උදව් කරමින් තමයි මම ජීවත් වුණේ. මට හිතෙන විදිහට පෙර ආත්මයකදී කරපු පවක් තමයි මට මේ පලදුන්නේ.
 
ඔය විදියේ ඉරණමක් ඔබට අත්වුණේ කොහොමද කියලා කියන්න කැමතිද?
ඒ අවාසනාවන්ත සිදුවීම හදිසියේම වෙච්ච දෙයක්. යාළුවෙක් එක්ක සාදයකට යන්න සූදානමින් සිටියදී හදිසියේම මට කලන්තයක් හැදුණා. පේ‍රෂර් එක වැඩිවීමෙන් තමයි එහෙම වෙලා තියෙන්නේ. රෝහලට ගිහින් ප්‍රතිකාර ගත්තාට පස්සේ යටි පතු‍ලේ විශාල වේදනාවක් ඇති වුණා. 
 
වෛද්‍යවරු ඒ ගැන මොනවාද කිව්වේ ?
දොස්තර මහත්තයා මගේ කකුල පරීක්ෂා කරලා කිව්වා “හොඳ වෙලාවට ඔයා ඉක්මනට ප්‍රතිකාර ගන්න ආවේ. එහෙම නොවුණා නම් ජීවිතයට වුණත් හානි වෙන්න තිබුණා” කියලා. මට කොහොමටත් දියවැඩියාවත් තියෙනවා. කලාන්තය හැදිලා වැටුණු වෙලාවේ කකු‍ලේ ඇඟිලි හොඳටම තැලිලා තිබුණා. පස්සේ බලද්දී ඇඟිලි තුනක් හොඳටම අප්‍රාණික වෙලයි තිබුණේ.
 
ඊට පස්සේ මොකද වුණේ ?
මුලින්ම, ඇඟිලි තුනක් කපා දමනවා කියලා වෛද්‍යවරු කිව්වා. පස්සේ අනෙක් ඇඟිිලිවලටත් අවදානම් තිබෙන නිසා ඇඟිලි පහම කපන්න ඕනෑ කියලා කිව්වා. ඇඟිලි කැපුවාට පස්සේ කරාපිටිය රෝහ‍ලේ නැවතිලා කකුලට බෙහෙත් කළා. මාස 2 1/2ක් රෝහ‍ලේ ප්‍රතිකාර ලබමින් ඉඳලා තමයි මම ආපහු ගෙදර ආවේ. 
 
මේ සිදුවීම නිසා ඔබේ කලා ජීවිතයට වූ බලපෑම සුළුපටු නැහැ නේද?
ඒකනම් එහෙම තමයි. ඒ වෙනකොටත් මම භාරගත්තු වැඩ හුඟක් තිබුණා. මගේ කලා කටයුතු සේරම රෝගී තත්ත්වය නිසා ඇනහිටියා.
 
එය ඔබට ආර්ථික වශයෙනුත් බලපාන්න ඇති ?
මම තනිකඩයි. එදිනෙදා ජීවත්වෙන්න කීයක් හරි හම්බ කළා මිස මම ලොකු මුදලක් උපයලා තිබුණු කලාකරුවෙකු ‍නෙවෙයි. කලා කටයුතුවල යෙදෙන්නට බැරිවීම මට ආර්ථික වශයෙනුත් විශාල පහරක් වුණා. රඟපෑම සහ ගීත ගායන කටයුතුවල නියැළිලා ලබපු තෘප්තිය අහිමි වීම ගැන තමයි මට වැඩිපුරම කනගාටු.
 
කලා ක්ෂේත්‍රයේ හිත මිතුරන්ගෙන් ඔබට හයියක් ලැබුණාද?
හුඟක් අය මට කතා කරලා දුක සැප විමසුවා. ජනක් ප්‍රේමලාල්, රොඩ්නි වර්ණකුල වැනි කලාකරුවෝ මට ආධාර පිණිස ප්‍රසංග සංවිධානය කළා. අම්බලන්ගොඩ කෝළම් කණ්ඩායමත් ප්‍රසංගයක් පැවැත්වූවා. එවැනි ආධාර ලැබුණු නිසා මට ආර්ථික වශයෙන් පහළටම නොවැටී ඉන්න හැකි වුණා.
 
දශක ගණනාවක් කලා ක්ෂේත්‍රයේ රැඳී ඉඳලා එයින් ඉවත්වීම ඔබට පහසු වෙන එකක් නැහැ?
“බය වෙන්න එපා. අපි කකුලක් දාමු” කියලා මගේ හිතවතුන් මට නිතරම කියනවා. ඇඳෙන් නැගිටලා ආයෙමත් ඉස්සර වගේ කලා නිර්මාණවලට දායක වෙන්න පුළුවන් දවසක් ඒවී කියන බලා‍පොරොත්තුවෙන් තමයි මම දැන් ජීවත් වෙන්නේ. 
(0777699808 යන දුරකථන අංකයෙන් ඔබටත් මෙම කලාකරුවාගේ දුක සැප විමසන්නට පුළුවන්)
 
කිෂාන් කනංකෙ
ඡායාරූප : එස්. සමරනායක-අම්බලන්ගොඩ
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 4690

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3355

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4825

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5446

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6269

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3836

Please publish modules in offcanvas position.

X

Right Click

No right click