Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

2017 සුමති සම්මාන උළෙ‍ලේ වඩාත්ම කැපී පෙනුණ සම්මාන ලාභියා වූයේ සුමිත් රත්නායකයි කීවොත් වැරදි නැහැ. මෙවර සම්මාන උළෙ‍ලේ ඔහු සම්මාන හතරක්ම තමන් සතුකර ගැනීමට සමත් වුණා. වසරේ හොඳම නළුවා, හොඳම අධ්‍යක්ෂවරයා, හොඳම තිර පිටපත සහ හොඳම ගීත රචනයට හිමි එම සම්මාන සුමිත් දිනා ගත්තේ තමන්ගේම අධ්‍යක්ෂණයක් වූ මද්දහන ටෙලි නාට්‍යය වෙනුවෙන්. එහිදී එකම සම්මාන උළෙලකදී වසරේ හොඳම නළුවා සහ හොඳම අධ්‍යක්ෂවරයා යන සම්මාන දෙකම ලාභියා වීමේ දුලබ වාර්තාවටත් ඔහු හිමිකම් කීවා. 
 
මෙවර සුමති සම්මාන උළෙ‍ලේදී ඔබ සම්මාන හතරකින් පිදුම් ලැබුවා. ඒ සම්මාන හතරේ බර ඔබට දැනෙන්නේ මොන විදිහටද? 
අපේ රටේ යම් කිසි හොඳ දෙයක් කළොත් ඒක යටපත් නොවී කොයි මොහොතේ හෝ ඇගයුමට පාත්‍ර වෙනවා කියන සතුට තමයි මේ සම්මාන නිසා මට වැඩිපුරම දැනෙන්නේ. 
 
ඔබ සම්මානයට පාත්‍ර වෙන්නේ මද්දහන ටෙලිනාට්‍යය වෙනුවෙන් මද්දහන කියන්නේ ඔබේ පළමු නාට්‍ය අධ්‍යක්ෂණය. රංගන ශිල්පියෙක් විදිහට ක්ෂේත්‍රයට පිවිසුණු ඔබ කවදා හෝ අධ්‍යක්ෂවරයෙක් වෙනවා කියලා හීනයක් තිබුණාද? 
අ‍පොයි නැහැ. පුංචි කා‍ලේ ඉඳන්ම මගේ අරමුණ වුණේ නළුවෙක් වෙන එකයි. නිකම්ම නිකන් නළුවෙක් නමෛයි, දක්ෂතාවලින් පිරිපුන් නළුවෙක් වෙන එකයි මගේ ආසාව වෙලා තිබුණේ. මම හිතන්නේ මම ඒක සංසාරයේ පතාගෙන ආපු දෙයක් වෙන්න ඇති. ටෙලි නාට්‍ය කර්මාන්තය පැත්තෙන් හොඳ දෙයක් කරන්න ඕනෑ කියලා හිතමින් හිටපු කාලයේදී තමයි මට අධ්‍යක්ෂවරයෙක් වෙන්න අවස්ථාව උදා වෙන්නේ. 
 
මද්දහන ටෙලිනාට්‍යයේ ඔබේ රංගනය ඔබව සුමති සම්මාන උළෙ‍ලේ හොඳම නළුවා කියන කිරුළ වෙත ඔසවා තබනවා. ඔබ මීට පෙර ටෙලි සම්මාන උළෙලකදී හොඳම නළුවා විදිහට සම්මානයට පාත්‍ර වී නැහැ. හොඳම නළුවා බවට පත් වෙන්න තමන්ම ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණය කරනාතුරු බලා ඉන්නට සිදුවුණේ අධ්‍යක්ෂවරු ඔබේ ප්‍රතිභාව මීට කලින් හඳුනාගෙන නොසිටි නිසාද? 
මම 2006 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙ‍ලේ හොඳම නළුවා විදිහට සම්මාන ලැබුවා. 2003 වසරේ සුමති සහ රයිගම් සම්මාන උළෙලවලදී නැගී එන නළුවා සම්මානය සඳහා නිර්දේශ වුණා. 2009 වසරේදී නැගී එන නළුවාට හිමි සම්මානය දිනා ගත්තා. නමුත් පළමු වතාවට තමයි හොඳම නළුවා කියන සම්මානය මට ලැබුණේ. ඇත්තටම ජනතාව මගේ රඟපෑම් දැකලා තිබුණාට, මා රඟපෑ චරිතවලින් හඳුනාගෙන හිටියාට, සුමිත් රත්නායක කියන නමින් බොහෝ අය කලින් මාව දැනගෙන හිටියෙත් නැහැ. සමහර විට ඔය කියන විදිහට මට මගේ දක්ෂතා එළි දක්වන්න වැඩිපුර අවස්ථා නොලැබුණා වෙන්නත් ඇති. හැබැයි දක්ෂතා පෙන්වන්න පුළුවන් චරිත ලැබුණු හැම අවස්ථාවකදීම මම අඩුම තරමේ සම්මාන සඳහා නිර්දේශ වුණා. 
 
සුමති සම්මාන උළෙල ඉතිහාසයේ හොඳම අධ්‍යක්ෂ සහ හොඳම නළුවා කියන සම්මාන දෙකම දිනාගත් පළමුවැන්නා බවට ඔබ මෙවර පත් වුණා. අධ්‍යක්ෂණය කරමින් රඟපෑම කියන අභියෝගය ඔබ බාරගත්තේ මොන විදියටද? 
මද්දහන ටෙලිනාට්‍යයේ සෝමසිරිගේ චරිතය මම රඟපානවාද නැද්ද කියලා මුලදී මම දෙගිඩියාවකිනුයි හිටියේ.ඒනිසා මම මුලදී මා තුළ සිටින අධ්‍යක්ෂවරයාටයි මුල් තැන දුන්නේ. හැබැයි කොපමණ චරිත රඟපාලා තිබුණත් මෙවැනි පුළුල් වපසරියක් සහිත සහ විවිධ තලවල රැඳෙන්න පුළුවන් චරිතයක් මට ඊට කලින් ලැබිලා තිබුණේ නැහැ. ඒ නිසා ඒ චරිතය රඟපාන්න ලොකු ආසාවකුත් මගේ හිතේ තිබුණා. 
අනික මීට කලින් මා විසින්ම අධ්‍යක්ෂණය කරමින් රඟපෑ වේදිකා නාට්‍ය කිහිපයකම අත්දැකීම් තිබුණු නිසා මේ අභියෝගය බාරගන්න පුළුවන් විදිහේ ආත්ම විශ්වාසයකුත් මා තුළ ගොඩනැගිලා තිබුණා. 
 
මෙගා ටෙලිනාට්‍යය රජ කරපු කාලයක ඔබ මද්දහන කොටස් 30කට සීමා කරලා උඩුගම් බලා යෑමක් නේද කළේ? 
සත්තකින්ම ඔව්. මම මද්දහන හදන්න පටන් ගත්තේ ටෙලි නාට්‍ය කර්මාන්තයේ කඩ වැටෙමින් තිබූ කාලයක. ඒක මම මා තුළ හිටපු නළුවාව අමතක කරලා තිබුණු කාලයක්. මොකද ඒ කා‍ලේ වැඩිපුර ටෙලි නිර්මාණවල දකින්නට ලැබුණේ නළු නිළියෝ ‍නෙවෙයි, නිකම්ම පෙනී සිටින්නන් පමණයි. මට වුවමනා කළේ පරාක්‍රම නිරිඇල්ල, ධර්මසේන පතිරාජ, ධම්ම ජාගොඩ ආදී නිර්මාණකරුවන් ඒ කා‍ලේ ටෙලිනාට්‍ය හදපු විදියට, නළු නිළියන්ට පිටපතක් දීලා ක්‍රමවත් විදිහට මගේ ටෙලිනාට්‍යයේ වැඩ කරගෙන යන්නයි. ඇත්තම කීවොත් හරියට භාවනාවක් වගෙයි, මද්දහනේ වැඩ කටයුතු නිම කළේ. එහි වැඩ කරද්දී අඩුම තරමේ මගේ ශිල්පීන් සහ ශිල්පිනියන් දුරකථනවල එල්ලිලා හෝ සෙල්ෆි ගනිමින් හෝ හිටියේ නැහැ. 
 
මද්දහන සඳහා ලියූ පිටපත වෙනුවෙනුත් ඔබ මෙවර සම්මානයට පාත්‍ර වෙනවා? 
ඔව්. සම්මානනීය ‍ලේඛිකා ශාන්ති දිසානායකගේ හිරු මඬල නවකතාව ඇසුරෙනුයි මෙහි පිටපත ලියැවුණේ. නවකතාව ඇසුරෙන් පිටපත ලියන්න අවසරය ලබා දුන් පසු ශාන්ති අක්කා කිව්වා මට ඕනෑ විදිහකට පිටපත ලියන්න දීලා ඇය තමන්ගේ නවකතාව අත්හරිනවා කියලා. නමුත් මම ඇය දුන් ඒ නිදහස වල් බූරු නිදහසක් කරගත්තේ නැහැ. 
 
සුමිත් රත්නායක කියන්නේ කට්ට කාලා ආපු කලා කරුවෙක්ද?
කට්ට කෑවා කියලා සමහරු බොරුවට කියන ජනප්‍රිය කතාවේ අර්ථයෙන් ‍නෙවෙයි මම මේ දේ කියන්නේ. මම විශාල වෙහෙස මහන්සියක් දරලා ඇත්තටම කට්ට කාලා මේ තරම් දුරක් ආපු කලාකරුවෙක් අනුරාධපුරයේ, තඹුත්තේගම කියන මගේ ගමේ ඉඳලා අගනුවරට ඇවිත් තමයි මම කලා කටයුතුවලට සම්බන්ධ වුණේ. ඇත්තටම මේ ක්ෂේත්‍රයට එන්න විතරක් ‍නෙවෙයි, ප්‍රතිපත්ති රැකගෙන එහි දිගටම රැඳී ඉන්න එකත් පහසු නැහැ. 
 
නළුවෙක් වෙන්න හීන දැකපු ඔබ කලාවට පිවිසෙන්නේ නළුවෙක් විදිහට ‍නෙවෙයි නේද? 
ගමේදී රඟපාලා තිබුණාට ප්‍රධාන ධාරාවේදි මුලින්ම මට නළුවෙක් වෙන්න අවස්ථාව ලැබුණේ නැහැ. බුද්ධික දමයන්තගේ දවස තාම ගෙවුනේ නෑ කියන වේදිකා නාට්‍යයේ වේදිකා පරිපාලකවරයා සහ කටේ ගුරා විදිහටයි මම මුලින්ම ප්‍රසිද්ධ වේදිකාවට පිවිසුණා. 
 
ඔබ දකින විදිහට ටෙලිනාට්‍ය කර්මාන්තය දැන් යහපත් අතට හැරිලාද? 
මම මද්දහන හදපු කාලයට වඩා දැන් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයෙ තරමක පිබිදීමක් තියෙනවා. හැබැයි ප්‍රේක්ෂකයන් නරඹන විදිහේ උසස් මට්ටමේ නිර්මාණ බිහි කරන්න නිර්මාණ කරුවන්ටත් ලොකු වගකීමක් තියෙනවා. රඟපෑම හදාරා නැති නිරූපණ ශිල්පීන් සහ ශිල්පිනියන් ආදි අය යොදාගෙන නම් හොඳ ටෙලිනාට්‍ය හදන්න බැහැ. 
 
නළුවෙක් විදිහට ඔබ මෙගා ටෙලිනාට්‍ය ගැන දරන ආකල්පය මොන වගේද? 
ප්‍රතිපත්තියක් විදිහට මම නම් දැන් මෙගා නාට්‍යවල රඟපාන්නේ නැහැ. ඒ වගේම සිංහල හඬ කවන විදෙස් ටෙලිනාට්‍යවලට දෙබස් කැවීමෙන් දායක වෙන්නෙත් නැහැ. 
 
වේදිකාවෙන් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පය තබපු ඔබේ මීළඟ නැවතුම සිනමාවද? 
සත්තකින්ම ඔව්. මම රන් කොල්ලා කියන යොවුන් නවකතාව ඇසුරෙන් චිත්‍රපටයක් නිර්මාණය කිරීම ආරම්භ කළා. එහි වැඩ කටයුතු දැන් බොහෝ දුරට අවසන්. ලබන වසරේදී එය සිනමාහල්වලට ඒවි. 
 
කිෂාන් කනංකෙ 

සංගීත කණ්ඩායම් සහ ගීත අලෙවි කිරීම් ගැන සංගීත ක්ෂේත්‍රයේ මෑත කාලයේ නිතර අසන්නට දකින්නට ලැබුණා. ඒ පුවත් අතරතුර ප්‍රවීණ සංගීතඥ සරත් ද අල්විස්ගේ “ඩයිනමයිට්” සංගීත කණ්ඩායමත් විකුණලා බව අපට ආරංචි වුණා. ඒ ගැන සැබෑ තොරතුරු දැනගන්න අපි සරත් ද අල්විස්ට කතා කළා. ඒ වගේම “ඩයිනමයිට්” සංගීත කණ්ඩායම මිලට ගත් බව ප්‍රචාරය වූ චමත් විලත්ගමුවටත් කතා කළා. ඒ ගැන ඔවුන් තමන්ගේ අදහස් දැක්වූයේ මේ විදියටයි.
 
නම විකිණුවේ මම බංකොළොත් වෙලා නමෛයි - සරත් ද අල්විස්
 
මෑත කාලයේ සංගීත කණ්ඩායම් සංගීත අලෙවි කිරීමේ ප්‍රවණතාව මේ සිදුවීමට අදාළ නැහැ. මොකද මෙතැනදී වූ සිදුවීම ඊට වෙනස්.
මම අසූව දශකයේ තමයි සුපර් ස්ටාර් සංගීත කණ්ඩායම ආරම්භ කළේ. එහි සාමාජිකයන් විදෙස් ගත වූ පසුව එය නවතානයිට්රයිඩර් ඇරඹුවා. පසුව 90 දශකයේදී ඩයිනමයිට් සංගීත කණ්ඩායම ආරම්භ කළා.
මට සුපර් ස්ටාර් යළි ආරම්භ කිරීමේ අවශ්‍යතාවය තිබුණා. ඒ අනුව යළිත් වතාවක් මීට වසර දෙකකට පමණ පෙර එය ආරම්භ කළා. ඔය අතරේ ඩයනමයිට් කණ්ඩායම නැවතිලා තිබුණේ. ඒ අතරේ තමයි චමත් මගෙන් එය ඉල්ලා සිටියේ. චමත්ව මම කාලෙක ඉඳලා දන්නවා. ඔහු සංගීතයට උනන්දුවක් දක්වන හොඳ ගමනක් යන තරුණයෙක්. මම හිතන්නේ අපේ යුතුකම තමයි තරුණ පරපුරට ඉදිරියට ඒමට උදව් කරන එක. ඒ හින්දයි මම ඔහුට ඩයිනමයිට් සංගීත කණ්ඩායම විකුණුවේ. එහෙම නැතුව මම බංකොළොත් වෙලා ඒක වෙන කෙනෙකුට විකුණුවා නමෛයි. මම දැන් සුපර් ස්ටාර් ඉදිරියට ගෙන යාමේ කටයුතුවල යෙදිලා ඉන්නේ. මොරිස් සිල්වා, ජෝර්ජ් සිල්වා, මම, ග්‍රේෂන් කනකරාජා සහ මංජුල කළු ආරච්චි එහි සාමාජිකයන් ලෙස  දැන් කටයුතු කරනවා. ක්ලයිව් ජෑන්ස්, දුශ්ගා, නානායක්කාර, පීටර් රොසයිරෝ එහි ගී ගයනවා.
 
අලුත් ගමනක් යන්නයි ඩයිනමයිට් මිලට ගත්තේ - චමත් විලත්ගමුව
 
මම අවුරුදු 15ක විතර කාලයක් තිස්සේ බත්තරමුල්ල රශ්මි සංගීත කණ්ඩායම පවත්වාගෙන යනවා. අපි එළිමහන් ප්‍රසංග, විදෙස් සංචාර වැනි කටයුතුවල යෙදෙන අතර මංගල උත්සව අවස්ථා වැනි සාමාන්‍ය කටයුතු සඳහා තවත් සංගීත කණ්ඩායමක් හදන්න මම සැලසුම් කරගෙනයි හිටියේ. මේ වනවිටත් ඩයිනමයිට් සංගීත කණ්ඩායමේ වැඩ නතරවෙලා තිබුණේ. සරත් අයියත් කාලෙක ඉඳන් මම දන්නවා. ඒ හින්දා මට හිතුණා ඩයිනමයිට් කණ්ඩායම මිලට ගන්න.
මීට මාස කිහිපයකට කලින් මම ඩයිනමයිට් කණ්ඩායම මිලට ගත්තේ. දැන් මම ඩයිනමයිට් නිව් ජෙනරේෂන් නමින් එය පවත්වාගෙන යනවා. රශ්මි සංගීත කණ්ඩායමේ සාමාජිකයන් වූ ශිල්පීන් තමයි දැන් ඩයිනමයිට් නිව් ජෙනරේෂන් කණ්ඩායම වාදනය කරන්නේ.   නුවන් (ඩ්‍රම්ස්), ධිලංක (ඔක්ටපැඩ්), සමන්ත (කීබෝඩ්) සුරංග (ලීඵඩ් ගිටාර්), සෑම් (රිදම් ගිටාර්), ඉන්දුල (බේස් ගිටාර්) මෙහි වාදක ශිල්පීන් විදියට කටයුතු කරනවා. සමිත, අචින්ත, ගායකයින් විදියට කටයුතු කරන අතර හර්ෂ නිවේදකයකු වගේම ගායකයකු විදියටත් කටයුතු කරනවා. මම නවක පිරිසක් යොදාගෙන රශ්මි කණ්ඩායමත් පවත්වාගෙන යනවා. 
 
චන්ද්‍රලතා තන්ත්‍රිගේ
IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 1840

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 2170

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 4974

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 2967

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 1724

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 2601

Please publish modules in offcanvas position.

Web Analytics