Coss Ear2
lakbima.lk
COSS Ear 1

තත්පර විනාඩි, පැය විදියට කාලය ගෙවිලා යන්නේ හමුවීම්, වෙන්වීම්, හිමි වීම්, අහිමි වීම්, අපි හැමෝගෙම ජීවිතවලට එකතු කරමිනුයි. ජීවිතයට බද්ධ වෙලා හිටපු අය දුරස් වුණාට පස්සෙ ඉතුරු වන්නේ මතකය විතරයි කිව්වට කාලයත් එක්ක ඒ මතකයත් අමතක වෙලා යන එක ස්වභාවිකයි. 
මීට මාස තුනකට කලින් සැප්තැම්බර් 25 වැනිදා හදිසියේම ජීවිතය හැරගිය ජනප්‍රිය නළු දසුන්  නිශාන් මරණයත් සමගම රටේම ජනප්‍රිය පුද්ගලයන් අතරට එකතු වුණා කිව්වොත් වැරදි නැහැ. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වගේම අන්තර්ජාල වබේ අඩවි දසුන් ගැන විවිධාකාර තොරතුරු හා ඡායාරූපවලින් පිරිලා ඉතිරිලා ගියා. කාලයත් එක්ක දසුන්ගේ මරණය ගැන පුවත වගේම දසුන්ගේ මතකයත් හැමෝටම ටිකෙන් ටික අමතක වෙලා ගියා. පසුගිය 25 වැනිදා නත්තල් සිරියෙන් රටම ඒකාලෝක වෙලා තියෙද්දී දසුන්ගේ අම්මයි, මල්ලියි එකතු වෙලා පවත්වපු දසුන්ගේ තුන් මාසේ පින්කමේ හඬත් නත්ත‍ලේ රතිඤ්ඤා හඬට යට වෙලා ගියාදෝ කියලා හිතුණේ දසුන්ගේ බොක්ක කියපු  ගොඩක් අයගේ මුහුණු මේ පින්කමේදී දකින්නට ලැබුණෙ නැති හින්දා. හැබැයි දසුන් එක්කම බැඳිලා හිටපු මිත්‍රයෝ කීප දෙනෙක් නම් මේ පින්කමට සහභාගි වුණා. 
මම කලා ලෝකයේ හැමෝටම වාගේ පුතාගේ තුන් මාසේ පින්කම ගැන දැන්වූවා. ඒත් ඉතින් හැමෝම හරි කාර්යබහුල ජීවිත ගත කරන අයනේ. ඒ හින්දා ඒ අයට එන්න බැරි වෙන්නත් ඇති. අනික ඉතින් කාලයත් එක්ක හැමදේම අමතක වෙලා යනවනේ. දසුන් ගැන ගොඩක් අයට දැන් මතක නැතුව ඇති. ඒ  වුණත් පුතාට ඇත්තටම හිතවත් වෙලා හිටපු කලා ලෝකයේ යාළුවෝ ටිකයි ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 2007 ඒ ලෙවල් ක්ලාස් එකේ හිටපු පුතාගේ යාළුවෝ ටිකයි මිරිගම කනිෂ්ඨ විදුහ‍ලේ යාළුවොයි පුතාගේ තුන් මාසේ පින්කමට ආවා. 
පුතාගේ මරණයෙන් පස්සේ එයාගේ නූල් පටක දෙයක් අපිට ලැබිලා නැහැ. අඩුම තරමින් අයියාගේ සුවඳ විඳින්න අයියා ඇඳපු කමිසයක් කලිසමක් වත් මල්ලිට ලැබුණේ නැහැ. ඒත් මම මගෙ දරුවගේ තුන් මාසේ පින්කම අඩුවක් නැතුව කළා. මගේ යාළුවෝ නෑදෑයින් එකතු වුණා. 24 රෑ බණ කියලා 25 දවල් දානේ දීලා පුතාට පින් පෙත් පැමිණෙව්වා.'' 
දසුන්ගේ ආදරණීය අම්මා ශ්‍යාමා හේරත් ඒ විදියට අපිත් එක්ක පැවසුවා. මාස තුනක් ගෙවිලා ගියත් ඇගේ දෑසින් ගලන කඳුළු උල්පත් සිඳී ගිහින් නැහැ. ලෝකේ තියෙන හැම ආදරයකටම වඩා අම්මා කෙනෙකුගේ හිතේ දරුවකු ගැන උපදින  දාරක සෙනෙහස ප්‍රබලයි කියන සහතිකය ඒ තනි වුණ ඇස් දෙකේ රැඳිලා තියෙනවා. ඇස අග දිලිසෙන කඳුළු වගේම මුවගෙ රැඳෙන සුසුම් අතරින් දසුන්ගේ මව හිතේ දුක වචනවලට හරවමින් අපිත් එක්ක බොහෝ දේ පැවසුවා. 
''පුතාට ආදරය කරන රසිකයන් කොයි තරම් ඉන්නවද කියලා මට තේරුණේ එයාගේ මරණයෙන් පස්සෙ. දැනටත් පුතාව මතක් කරමින් අඬන රසික රසිකාවියන් ලියුං එවනවා. මේ ළඟදී පුතා ඇහැට දැකලාවත් නැති රසිකාවියක් පුතා ගැන දුක කියලා බොහොම දිග ලියුමක් එවල තිබුණ. එයා දසුන්ට හදවතින් ආදරේ කරපු රසිකාවියක්. නළුවන්ට හදවතින් ආදරේ කරන ගැනු ළමයි ඉන්නවා තමයි. ඒක බොළඳ ප්‍රේමයක් කියලා කෙනෙකුට හිතෙන්ණ් පුළුවන්. ඒත් ඒ ලියුම දැක්කම මට හිතුනේ අනේ මගේ පුතාට ඇත්තටම ආදරේ කරපු ගෑනු ළමයෙක් නේද මේ පුතාට ඇත්තටම ආදරේ කරන මේ වගේ ගෑනු ළමයෙක් ලැබුණා නං මගෙ පුතා තවමත් ජීවතුන් අතර ඉන්නව නේද කියලා..... 
එහෙම කියලා ආයෙමත් හඬා වැටුන දසුන්ගේ මව අපෙන් මේ වගේ ඉල්ලීමක් කළා. 
පුතාට තවමත් ආදරේ කරන අය ඉන්නවා කියලා දැනුණම හිතට ලොකු සැනසීමක් දැනෙනවා. මගේ අංකය 077-4672027 පුතාගේ හිතවතුන්ට රසිකයින්ට ඕනෑම වෙලාවක මේ අංකයට කතා කරන්න පුළුවන්. කියලත් රිද්ම හරහා දැනුම් දෙන්න. 
 
ආරියවංශ කුලතිලක

නගරයේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයා විදිහට ඔබට ලැබුණ අලුත්ම පත්වීම ගැන මොකද හිතෙන්නේ?
ඒ අත්දැකීම මට ලබා දුන්නේ මගේ ළඟම මිතුරෙක් වන ෂිවගුරුනාදන්. සිවා මට කරපු ආරාධනාවකට අනුව  තමයි මම විදුහල්පති තනතුර බාරගත්තේ. හැබැයි ඒ ඔහු අධ්‍යක්ෂණය කළ “5-සමත්” චිත්‍රපටයටයි. 
 
ඔබේ ප්‍රථම සිනමා රංගනයට ලැබුණ ප්‍රතිචාර ගැන මොකද හිතෙන්නේ?
මම එහි රඟපෑ චරිතය චිත්‍රපටය පුරාවටම නිරූපණය නොවුණත් රඟපාපු ටිකට වුණත් මට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම හොඳ විචාරයකුත් ලැබුණා. 
 
5- සමත් හි ඔබ නිරූපණය කරන විදුහල්පති චරිතය රඟපෑම අභියෝගයක් වුණේ නැද්ද? 
මම ඉගෙන ගත්තේ කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ. අපේ පාසලෙන් මම 5-සමත් හි රඟපාපු විදුහල්පති වගේම විදුහල්පතිවරු ගුරුවරු ඉඳලා තියෙනවා. ඒ හින්දා විදුහල්පතිගේ චරිතය ප්‍රති නිර්මාණය කරන්නට මට ලොකු අපහසුවක් ඇති වුණේ නැහැ.
 
පිටපත් රචකයෙක්, නිෂ්පාදකයෙක් විදිහට ප්‍රේක්ෂකයන් අතරට ගිය සද්ධා මංගල සූරියබණ්ඩාර මීට කලින් නළුවෙක් වෙලා නැද්ද?
පාසල් වේදිකාවේ නම් මම ජනප්‍රිය නළුවෙක්. ඒ වගේම ජාතික රූපවාහිනියේ විකාශනය වූ සන්තුෂ ලියනගේ අධ්‍යක්ෂණය කළ “කාහල නාදය” ටෙලි නාට්‍යයෙත් මම මාධ්‍යවේදියෙක් විදිහට රඟපෑවා. ඒ විතරක් නමෛයි මම නිර්මාණය කරපු “ලැම්බට් සහ සෝමපාල” කියන කොමඩි ටෙලිනාට්‍ය තුළත් සෝමපාල කියන ‍පොලිස් කොස්තාපල්වරයකුගේ චරිතය මම රඟපෑවා. 
ඒත් සිනමා නළුවෙක් විදිහට මම ප්‍රේක්ෂකයා අතරට ආවේ “5 සමත්” චිත්‍රපටයෙන්. 
 
දැන් ඔබ ඉදිරියටත් රඟපාන්නද හිතාගෙන ඉන්නේ? 
මට රඟපෑවේ හැකියාවක් වගේම ඊට කැමැත්තකුත් තියෙනවා. ඒ වගේම රඟපෑමට මට විශාල අවස්ථාවනුත් තියෙනවා. මගේ අනිත් වැඩ කටයුතු නිසා පහුගිය කා‍ලේ රඟපාන්න ඇත්තටම මට වේලාවක් තිබුණේ නැහැ. ඒත් දැන් 5-සමත් චිත්‍රපටයේ මගේ රඟපෑම් දැක්කම මටම දැන් හිතෙනවා ඉදිරියටත් රඟපාන්න ඕනේ කියලා. 
 
“හාරකෝටිය ටෙලි නාට්‍යයේ පිටපත් රචකයා විදියටයි මේ ප්‍රශ්නය අපි ඔබෙන් අහන්නේ. හාර කෝටිය දැන් නතර වුණොත් හොඳයි කියලා ප්‍රේක්ෂකයෝ කරන යෝජනාවට ඔබ මොකද කියන්නේ?
හාරකෝටිය ටිකක් දිග්ගස්සන්න වුණේ ප්‍රේක්ෂක ආකර්ෂණය වගේම ඉහළ රේටින් ලැබුණු නිසා. ඒත් ළඟදීම අපි හාරකෝටිය ඉවර කරනවා. ඉස්සරහට කෝටිපතියෝ කියලා අලුත් ටෙලි නාට්‍යයක් පටන් ගන්නවා.  හාරකෝටියේ චරිත එක්කම මේ කෝටිපතියෝ ටෙලිනාට්‍යය කරන්නයි බලා‍පොරොත්තු වෙන්නේ. ඒත් කෝටිපතියෝ කියන්නේ හාරකෝටියේ දෙක නමෛයි. 
 
සමන්මලී නැලිගම 
 
ඡායා: තුෂාර සංජීව

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 2211

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1229

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5378

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 3110

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 5206

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 6461

Please publish modules in offcanvas position.