Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

හිමාලි මව් පදවිය ලබන්නට සූදානම්

නිළියක් වගේම නර්තන ශිල්පිනියක් විදියටත් ජනතා ආකර්ෂණය දිනා සිටින හිමාලි  සිරිවර්ධන ගැන අලුත්ම අලුත් ආරංචියක් අපිට දැනගන්න ලැබුණා. ඒ සුබාරංචිය ගැන විමසන්න අපි ඇයට කතා කළා. හිමාලිට ආදරය කරන ඔබත් කැමැති ඇතිනේ ඒ ආරංචිය මොකක්ද කියලා දැනගන්න. එහෙනම් අපි ඒ ගැන හිමාලිගෙන්ම අහලා බලමු.
 
ඉතින් හිමාලි මොනවද අලුත් තොරතුරු. 2018 සුබද? 
අ‍පොයි ඔව්, සුබයි. සුබම සුබයි. මගේ ජීවිතේ සුබම වසර 2018 වේවි කිව්වත් වැරදි නැහැ. 
 
හිමාලි මේ දවස්වල කලා කටයුතුවලින් ඈත් වෙලා නේද ඉන්නේ ? 
ඔව්, “සිත් අහස යට” ටෙලි නාට්‍යයේ රඟපෑවා. පස්සේ අලුත් නාට්‍යයක් භාරගත්තේ නැහැ. මගේ නර්තන කණ්ඩායමත් කෙටි කාලීනව නතර කළා. “හිරු සුපර් හීරෝ” වැඩසටහනේ විනිසුරුවරියක් විදියට කටයුතු කරන එක විතරයි පසුගිය කා‍ලේ කළේ. ඒත් දැන් ඒකෙනුත් ඉවත්වෙලයි ඉන්නේ.
 
එතකොට මේ දවස්වල මොනවද කරන්නේ ?
ගෙදරට වෙලා විවේකී සුවයෙන් ඉන්නවා. 
 
හිමාලිගේ ජීවිතේ උදාවූ සුබම සුබ වසර 2018 කිව්වා නේද?
ඔව්
 
එහෙනම් සුබම සුබ වසරේ ඇයි මේ සියලු කටයුතු නතර කරලා ගෙදරට වෙලා ඉන්නේ ?
(හිනැහී), සුබම සුබ කාරණය හින්දා තමයි මම විවේකයක් ගත්තේ.
 
ඒ සුබ ආරංචිය “රිද්ම” හිතවතුන්ට කියන්න කැමැතිද?
කැමැතියි, මම දැන් මව් පදවිය ලබන්න සූදානමිනුයි ඉන්නේ.
 
කවදාද අලුත් අමුත්තා ඔබේ ළඟට එන්නේ ? 
ලබන මැයි මාසේ විතර 
 
මේ බලා‍පොරොත්තුව ඉටු කරගන්න කාලයක් බලාගෙන ඉන්න වුණා නේද? 
අපි විවාහ වෙලා අවුරුදු 10ක් වෙනවා. විවිධ හේතු මත අපිට අපේ හීනය කල් දාන්න සිද්ධ වුණා. ඒ හැම හේතුවක්ම මගේ රංගන හා නර්තන කටයුතු සම්බන්ධ හේතු. අන්තිමට අපි හිතුවා දැන් හැමදේම නතර කරලා අපේ හීනය ගැන හිතන්න ඕන කියලා. 
 
මේ ආරංචිය ඇහුවම ඔබේ සැමියා ගොඩක් සතුටු වෙන්න ඇති නේද?
ඔව්, ඔහු ගොඩක් සතුටු වුණා. එයාට එයාගේ හීනය ඉටු කරගන්න බලාඉන්න වුණේ මම හින්දා. ඒත් ෂෙනාෂ් කවදාවත් මගේ කලා කටයුතුවලට බාධා කළේ නැහැ. එයා ඉවසීමෙන් බලාගෙන හිටියා. දැන් සතුටින් අලුත් අමුත්තා එනතුරු බලාගෙන ඉන්නවා. ෂෙනාෂ් කැමැති පුතෙකුටයි. මම ආස දුවෙකුට. ඒත් කවුරු ලැබුණත් ඒ අමුත්තා බාර ගන්නයි. අපි බලාගෙන ඉන්නේ.
 
ආරියවංශ කුලතිලක
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2262

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2305

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3827

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4358

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5196

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3057

Please publish modules in offcanvas position.

X

Right Click

No right click