Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මේනකා සමග විවාහවු සරත් කොතලාවල අමුඩෙ පිටින් කොළඹ වටේ යයි

සරත් කොතලාවල කියන්නේ අති දක්ෂ රංගන ශිල්පියෙකු බව අමුතුවෙන් කිව යුතු නැහැ. සිනමාවේ පුංචි තිරයේ වගේම වේදිකාවේ රංගනයෙනුත් ඔහු සිය රංගන ප්‍රතිභාව මනාව ප්‍රකට කරලා තියෙනවා. කොහොම නමුත් සරත් ජනප්‍රිය නිළියක වන මේනකා මධුවන්ති සමග ගත්  මංගල ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ ජාල ඔස්සේ හුවමාරු වීම නිසා ඔහු ගැන වෙනස් විදිහේ කතා බහක් පැතිරෙන්නට  පටන් ගත්තා. ඒ කතා බහත් එක්කම සරත් කොතලාවල අමුඩයක් පිටින් කොළඹ නගරයේ සැරිසැරුවා කියලත් ආරංචියක් පැතිර ගියා. සරත් ගැන පැතිරෙන මෙවැනි අමුතු විදිහේ ආරංචිවල ඇත්ත නැත්ත ගැන පාඨක ඔබ දැනුම්වත් කිරීමේ අරමුණින් අපි ඔහුව මෙලෙස සංවාදයකට එකතු කරගත්තා. 
 
සරත් කොතලාවලගේ අලුත් මනමාලි මේනකාද? 
අ‍පොයි නෑ. ඒක හර්ෂ උඩකන්දගේ කොළඹ සන්නිය රිටර්න්ස් චිත්‍රපටයේ රූගත කිරීම්වලදී ගත් ඡායාරූපයක් විතරයි. 
දකොළඹ සන්නිය කියන නම ඇහුවාම ප්‍රවීණ රංගන ශිල්පී ජෝ අබේවික්‍රම ප්‍රධාන චරිතය රඟපෑ චිත්‍රපටයක් සිනමා ලෝලින්ගේ මතකයට එනවා.
 
මේ චිත්‍රපටය එදා හදපු කොළඹ සන්නියේම ප්‍රති නිර්මාණයක්ද? 
ඒ චිත්‍රපටය පදනම් කරගෙන නිර්මාණය කළාට අලුත් චිත්‍රපටය වර්තමාන කාලයට ගැළපෙන විදිහටයි හැදෙන්නේ. ඒ නිසා මුල් චිත්‍රපටයේ ඇතුළත් නොවුණු ඇතැම් සිදුවීම් සහ චරිත මේ චිත්‍රපටයට ඇතුළත් කරලා තියෙනවා. මම තමයි එහි ජෝ අබේවික්‍රම මහත්තයා රඟපෑ අන්දිරිස්ගේ චරිතය නිරූපණය කරන්නේ. 
 
ජෝ අබේවික්‍රම වගේ රංගන ශිල්පියෙක් රඟපෑ චරිතයක් ප්‍රති නිර්මාණය කිරීමට බාරගැනීම ඔබට අභියෝගයක් වුණේ නැද්ද? 
ජෝ මහත්තයයි මාවයි සංසන්දනය කිරීම වැරදියි. මොකද ජෝ අබේවික්‍රම කියන්නේ ආසියාවේ බිහි වූ 
විශිෂ්ටතම රංගන ශිල්පින් අතරින් කෙනෙක්. මේ චිත්‍රපටයේදීයි. මම මගේම රංගන ධාරිතාවට අනුව මගේම විදිහකට තමයි. 
අන්දිරිස් ගේ චරිතය රඟපාන්නේ. 
 
කොළඹ සන්නිය මුල් චිත්‍රපටයේ හැටියට අන්දිරිස් කියන්නේ විවාහක පුද්ගලයෙක් නේද? 
ඔව්. හැබැයි අලුත් චිත්‍රපටයේදී අන්දිරිස් විවාහ දෙකක් කරගන්නවා. එයින් එක බිරිඳක් විදිහට තමයි මේනකා රඟපාන්නේ. 
 
එතකොට පහුගිය දවස්වල අමුඩය පිටින් නගර පුරා ඇවිදින්න සිද්ධ වුණෙත් මේ චිත්‍රපටය වෙනුවෙන්ද? 
ඔව්. අමුඩය කියන්නේ මට අමුතු ඇඳුමක් ‍නෙවෙයි. ඉස්සර මම අමුඩ ගහගෙන කුඹුරු කොටලාත් තියෙනවා. දැන් වෙනස් වෙලා තිබුණාට ඉස්සර අපේ ගම්වල උදවිය අමුඩ පිටින් තමයි කුඹුරු කෙටුවේ. ඒ නිසා විශාල පිරිසක් ඉස්සරහා අමුඩයක් ගහගෙන රඟපාන එක මට ලැජ්ජා වෙන්න හේතුවක් වුණේ නැහැ. අනික මම නළුවෙක්නේ. මට ලැබෙන චරිතයට අදාළ රඟපෑම මම උපරිමයෙන් කරනවා. මට විතරක් ‍නෙවෙයි සැනට් අයියාටත් (සැනට් දික්කුඹුර) චිත්‍රපටය නිසා අමුඩ ගහන්න සිද්ධ වුණා. 
 
චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් වෙන්න තවත් කොච්චර කාලයක් ගතවේවිද? 
රූගත කිරීම් අවසන් අදියරේ තමයි මේ වෙනකොට තියෙන්නේ. 
 
තන්හා රති රඟා චිත්‍රපටයෙන් පස්සේ ඔබ චිත්‍රපට පිටපත් රචනයට තිබුණු අවධානය අඩු වුණාද? 
අ‍පොයි නැහැ. කුමාර තිරිමාදුරයි මමයි එකතුවෙලා අලුත් චිත්‍රපට දෙකක් සඳහා මේ වන විට පිටපත් ලියලයි තියෙන්නේ. ඒ අතින් එක චිත්‍රපටයකට නිෂ්පාදකවරයෙක් සොයාගත්තා. අනෙක් චිත්‍රපටයට නිෂ්පාදකවරයෙක් තවමත් හොයනවා. 
 
කොළඹ සන්නිය හැරුණාම මැතකදී වෙනත් චිත්‍රපටවලින් ඔබව දැකගැනීමට ලැබෙන එකක් නැද්ද? 
මොකද නැත්තේ. මම රඟපෑ අලුත් චිත්‍රපට 6-7ක්ම ළඟදී තිරගතවීමට නියමිතව තිබෙනවා. 
 
කිෂාන් කනංකෙ
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2460

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2402

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3911

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4447

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5278

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3130

Please publish modules in offcanvas position.

X

Right Click

No right click