Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

රියැලිටිවලිනුත් අති දක්ෂයෝ බිහි වෙනවා

Nadeeka
නදීක ගුරුගේ කියන්නේ සංගීත අධ්‍යක්ෂවරයෙක් බව බොහෝ අය දන්නවා. නමුත් ඔබතුළ සිටින ගායකයා තවමත් ජනතාව අතරට ගිහින් නැති බව ඔබට පිළිගන්න පුළුවන්ද?
මම කලා ජීවිතයේ මගේ ගමන පටන් ගත්තේ ගායකයෙක් විදිහට. ඒ කේමදාස මාස්ටර්ගේ කණ්ඩායමේ බේස් ගායකයෙක් ලෙස. මම අවුරුදු ගණනාවකට කලින් ගායනා කරපු ගීත පවා අදටත් රස විඳින පිරිසක් ඉන්නවා. නමුත් ගායකයෙක් විදිහට මගේ නම වැඩිපුර ජනතාව අතරට ගිහින් නැති බව මම පිළිගන්නවා. ඩී්‍රම් ස්ටාර් තරගාවලියේ විනිසුරුවරයෙක් විදිහට කටයුතු කරද්දී තරගකරුවෙක් ගායනා කරපු ගීතයක් නිවැරදිව ගායනා කරලා පෙන්වපු අවස්ථාවක තමයි මට ගායන හැකියාවක් තිබෙන බවත් බොහෝ දෙනා දැනගත්තේ.

සමහරු ඔබ කරළියට එනවා දකින්නේ රියැලිටි තරග විනිසුරුවරයකු විදිහට විතරයි. ඔබ වසර ගණනාවක් තිස්සේ රියැලිටි තරග සමග ගමනක් යන්නේ මොන විදිහේ අරමුණක් හිතේ තියාගෙනද?
හොඳ ගායන හැකියාවක් තිබෙන ගායක ගායිකාවන් සංගීත ක්‍ෂේත්‍රයට අලුතෙන් ඇතුළු විය යුතුයි කියන කාරණය මම විශ්වාස කරනවා. ඔවුන්ට ක්‍ෂේත්‍රයට එන්න අත දීමක් විදිහටයි මම ඒවට සම්බන්ධ වෙන්නේ.


රියැලිටි තරග කියන්නේ අපේ රටේ ජනතාවට අද වෙද්දී අලුත් දෙයක් ‍නෙවෙයි. එවැනි තරගවලින් තෝරා ගැනෙන්නේ සැබෑ දක්ෂයෙක් කියලා ඔබට කියන්න පුළුවන්ද?
අනිවාර්යයෙන්ම ඔව්, රියැලිටි තරගවලින් අතිදක්ෂයන් එළියට එන බව පැහැදිලි කාරණයක්. එහෙම දක්ෂයන්ව මම මගේ නිර්මාණ කටයුතුවලට පවා සම්බන්ධ කරගන්නවා.

ඔය කියන විදිහේ දක්ෂයන් බිහි වෙනවා නම් පැරණි පරපුරට අභියෝග කළ හැකි ආකාරයේ ගායක ගායිකාවන් ක්‍ෂේත්‍රයට එක්විය යුතුයි. නමුත් එවැනි තත්ත්වයක් පේන තෙක් මානයකවත් නැහැ?
හැට හැත්තෑව දශකවලදී වගේ ජනතාවට මතක හිටින විදිහේ ගායක ගායිකාවෝ බිහිවෙන්නෙ නෑ කියන එක අද වෙද්දී තිබෙන ලොකු නෝක්කාඩුවක්නේ. එදාත් හොඳ නරක දෙකම තිබුණා. අනෙක් ක්‍ෂේත්‍රයන් වගේ තමයි සංගීතය වුණත් පරිණාමය වෙනවා. ඒ නිසා එදාට වඩා දක්ෂයන් අද බිහිවෙනවා. නව පරපුර අතරේ වැඩක් නොකරන අයත් ඉන්නවා තමයි. නමුත් අද වෙද්දී නිෂ්පාදකයන්               ක්‍ෂේත්‍රයෙන් ඉවත් වෙලා නිසා ඔවුන්ට ගීත එකතුවක්වත් එළිදක්වන්න අවස්ථාවක් නැහැ. මෙවැනි හේතූන් නිසා ඔවුන් තමන්ගේ හැකියාවන් එළියට දාන්නේ කොහොමද කියන එක ගැටළුවක්.

අද වෙද්දී ඔබ වේදිකා සහ ටෙලි නාට්‍ය සංගීතයෙන් ඈත් වෙලාද?
වේදිකාවේ සංගීතයෙන් මම නොනිල වශයෙන් ඉවත් වුණා. වේදිකාව කියන්නේ ඓන්ද්‍රීය කලාවක්. මේ නිසා එහි ගත කරන්නට සිදුවන කාලය වැඩි වීම නිසයි මම එවැනි තීරණයකට එළැඹුණේ. ටෙලි නාට්‍ය වුණත් ගොඩක් දීර්ඝ ඒවා වීම නිසා මීට කාලයකට ඉහතදීම එයින් ඉවත් වුණා.

සිනමාවේදී ඔබට එවැනි බාධක නැහැ?
සිනමාවේදී මට බෙහෝ දුරට ලැබෙන්නේ කලාත්මක චිත්‍රපට. වෙනත් විදිහේ අධ්‍යක්ෂවරුන්ගෙන් මට ආරාධනා ලැබෙන්නේ නැහැ. ඒ නිසා එම අධ්‍යක්ෂවරු විසින්ම සිනමාවේදී මාව තෝරාගනු ලබනවා කියලා කීවොත් නිවැරදියි.

එතකොට මේ දිනවල නියැළෙන කලා කටයුතු මොනවාද?
අනුරුද්ධ ජයසිංහගේ “ගින්නෙන් උපන් සීතල” සහ ගාමින්ද ප්‍රියවිරාජ්ගේ නවතම චිත්‍රපටයේ සංගීත කටයුතු මේ වනවිට අවසන් අදියරෙයි පවතින්නේ. ඒ අතරේ මගේ සංගීත ඇකඩමියේ වැඩකටයුතුත් කරගෙන යනවා.

“කර්ම” චිත්‍රපටයෙන් නළු වරම් ලබපු ඔබ, රංගන කටයුතු එතැනින්ම නතර කළේ ඇයි?
“කර්ම” චිත්‍රපටයේදී මට මගේ සැබෑ චරිතයට සමපාත වන වපරිසයක් තුළ තමයි රඟපෑම කරන්න සිදුවුණේ. ඒ නිසා මට ඒක අසීරු අභියෝගයක් වුණේ නැහැ. නමුත් රඟපෑම කියන විෂය හරිහැටි නොදැන රඟපාන්න යාම සාර්ථක නැහැ කියන කාරණය මට වැටහුණා. ඒ නිසා ඒ දිනවල රඟපෑමට ලැබුණු ආරාධනා මම ප්‍රතික්‍ෂේප කළා. නමුත් මගේ චරිතයට සමපාත වන චරිතයක් යළිත් රඟපෑමට ආරාධනා ලැබුණොත් ඒ ගැන සලකා බලන්න පුළුවන්.

කිෂාන් කනංකෙ

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2462

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2403

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3912

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4448

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5279

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3131

Please publish modules in offcanvas position.

X

Right Click

No right click