Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

උත්තරා දේවිව සොයාගත් අරුම පුදුම කතාව

මේ දවස්වල ප්‍රේක්ෂකයන්ගෙන් අසීමිත ප්‍රතිචාර ලැබෙන ටෙලි නාට්‍යයක් විදියට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ සෑම සති අන්තයකම රාත්‍රී 8.30ට විකාශය වන “සහෝදරයෝ” හඳුන්වා දෙන්න පුළුවන්.
මේ ටෙලි නාට්‍යය හරහා කරළියට ආ සුවිශේෂී අමුත්තියක් ගැනයි අද මේ ඔබට කියන්නට යන්නේ. “සහෝදරයෝ” හි උත්තරා දේවිය වුණත් ඇගේ සැබෑ නම කලණි දොඩම්තැන්නයි.
 
ඔබව හඳුන්වා දෙන්න කැමති මොන විදිහටද? 
“උත්තරා දේවි” හරහා කලාවට එන තුමිඳු දොඩම්තැන්නගේ ආදරණීය බිරිඳ විදිහට. 
 
කලණි උත්තරා දේවි වුණේ අහම්බෙන් කියන්නේ ඇත්තද? 
ඔව්. ඒක මට අහඹු සිදුවීමක්. මම කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ අධ්‍යයන කටයුතු කරන කා‍ලේ “සහෝදරයා” අධ්‍යක්ෂණය කළ නාමල් ජයසිංහ මගේ ගුරුවරයා වුණා. තුමිඳුත් අපේ විශ්ව විද්‍යාලයේ ගුරුවරයෙක්. ඒ නිසා නාමල් සර් තුමිඳුගේ හොඳම මිතුරෙක්. පසු කාලෙක මම තුමිඳු එක්ක විවාහ වුණා. ඒත් එක්කම නාමල් සර් අපේ පවු‍ලේ සමීපතම මිතුරෙක් වුණා. ඔය අතරේ තමයි මට ආශාවක් ඇති වුණේ කැමරාවක් ඉදිරියේ රඟපානවා කියන එක මොන වගේ අත්දැකීමක්ද කියලා දැන ගන්න. ඒ නිසා මම නාමල් සර්ගේ වැඩමුළු වලට සහභාගි වුණා. ඒ අතරතුර තමයි සර්’ සහෝදරයා” තිර පිටපත ලියමින් හිටියේ. එතකොටත් තිර පිටපතේ තියන ප්‍රධාන චරිතේට තුමිඳුව තෝරගෙනයි තිබුණේ. සර් දවසක් තුමිඳුගේ අතේ මට කියවන්න කියලා සහෝදරයො පිටපත එවලා තිබුණා. ඒත් මම දන්නේ නැහැ ඇයි මට පිටපත කියවන්න කිව්වේ කියලා. මං ඉතින් පිටපත කියවලා සර්ට කිව්වා හරිම සංවේදි ලස්සන කතාවක් කියලා. එහෙම කියන කොට සර් මට කිව්වා කලණි ඔයා තමයි “උත්තරා දේවි” කියලා. එහෙම කියන්න කලින් මේ චරිතේට මාව ගැළපෙනවාද කියලා සර් හිතාගෙන හිටියද කියලවත් මම දන්නේ නැහැ.
 
ඔබ ප්‍රතිනිර්මාණය කරන උත්තරා දේවියගේ චරිතය ගැන කතා කළොත්? 
උත්තරා දේවි කියන්නේ හරිම සංවේදි කාන්තාවක්. ස්වාමිපුරුෂයාට ගොඩක් ආදරේ කරන, එයා එක්කම  කාලය ගත කරන්න කැමති ආදරණීය බිරිඳක්. දෙමළ කතෝලික කාන්තාවක් විදිහට තමන්ගේ සිංහල, ස්වාමිපුරුෂයාගේ සංස්කෘතියට ආදරේ කරන භක්තිමත් කාන්තාවක්. ඇය ස්වාමි පුරුෂයා වෙනුවෙන්ම හැම යුතුකමක්ම ඉටු කරනවා. 
 
ඔබේ කුලුඳුල් රංගනයට මේ දවස්වල ලැබෙන ප්‍රතිචාර මොන වගේද? 
පළවෙනි එපිසෝඩ් එකේ ඉඳලා තමයි මම රඟපාපු කොටස් තිබුණේ. එදා ඉඳලා විවිධාකාරයේ ප්‍රතිචාර ලැබෙනවා. තුමිඳුත් මම වැඩේ හොඳට කරලා තියෙනවා කිව්වා. එයාගෙන් එහෙම වචනයක් අහපු එකම මට ලොකු සතුටක්. 
 
ඔබට හිතෙන්නේ නැද්ද උත්තරා දේවි කියන්නේ කලණිට කියලා? 
ඇත්තටම මං පිටපත කියවගෙන යනකොට එහෙම හිතුනා. උත්තරා දේවි කියන්නේ දෙමළ කතෝලික කාන්තාවක්. මමත් ඇත්තටම දෙමළ කතෝලික කාන්තාවක්. උත්තරා දේවි වගේම මමත් විවාහ වෙලා ඉන්නේ සිංහල බෞද්ධ කෙනෙක් සමගයි. ඒ වගේම ඇය වගේම හරිම සංවේදි, තුමිඳුට ගොඩක් ආදරේ කරන කෙනෙක්. එයා එක්ක කාලය ගත කරන්න ගොඩාක් කැමති බිරිඳක්. එහෙම බැලුවොත් උත්තරා දේවි කියන්නේ කලණිට තමයි. 
 
උත්තරා දේවි-රජීව් කියන්නේ, සැබෑ ජීවිතේදිත් අඹු සැමියෝ. පළවෙනි චරිතේම සැමියා එක්ක රඟපාන්න ලැබුණු එක ගැන මොකද හිතෙන්නේ? 
ඇත්තටම නාමල් සර් ලියපු පිටපතේ තිබුණු රජීව්-උත්තරාගේ ආදර කතාව අපි දෙන්නටම සමීපයි. සමහර තැන්වල රඟපානකොට මේ අපේම ජීවිත කතාව නේද කියලා මට හිතුණා. හැබැයි නාට්‍යයේ අපි දෙන්නා ආදරේ කරන තැන්වලදී මට ටිකක් ලැජ්ජත් හිතුණා. කැමරාවක් ඉස්සරහ ආදරේ කරන්න කිව්වාම ඇත්තටම මට  බය හිතුණා. ඒත් තුමිඳුත් එක්ක රඟපානකොට ඒ බය මග හැරුණා. ඒ අතින් මම වාසනාවන්තයි. 
 
මේ දවස්වල ඔබ ආදරණිය මවක් වන දිනය ගැන ඇඟිලි ගණිනවා නේද? 
මේ දවස්වල අපි දෙන්නම ඒ හීනය දකිනවා. අපේ බැඳීම තවත් ශක්තිමත් කරන ඒ බලා‍පොරොත්තුව තව ටික දවසකින් අපි අතරට එයි. මම වගේම තුමිඳුත් ළමයින්ට ගොඩාක් ආදරේ කරන කෙනෙක්. දරුවෙක් කියන්නේ මගේ ජීවිතේ තිබ්බ ලස්සනම හීනේ. ඉතින් අපි ගාවට එන්න ඉන්න අපේ අලුත් අමුත්තාව පිළිගන්න අපි දෙන්නම මේ දවස්වල ගොඩාක් ආදරෙන් බලාගෙන ඉන්නවා. 
 
සමන්මලී නැලිගම

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තනි දළයා සිපිරිගෙට යනු බලා ගල්ගමු වැසියෝ කඳුළු සලති

IMAGE 2017 Dec 18 13:25
තම පවුලක නාහෙට නාහන හිතුවක්කාර තරුණයෙකු වුව බන්ධනාගාරගත වන්නේ නම් එම පවුලේ ඥාතීන් තුළ විශාල...
Views - 806

සාර්ථක ගැබ් ගැන්වීමක් සඳහා පිරිමියෙකු සතු සුදුසුකම්

IMAGE 2017 Dec 18 12:42
දරු පිළිසිඳ ගැනීමකදී කාන්තාවක තුළ තිබිය යුතු සුදුසුකම් පිළිබඳව බොහෝ දෙනෙක් කථා කරනවා. නමුත්...
Views - 1487

ඉදිරියට යනකොට මට හිතුණා මේ ජයග්‍රහණය ලැබෙයි කියලා

IMAGE 2017 Dec 18 10:00
දෙරණ  සිහින තරු වේදිකාව අදියර හයක් පුරා නවක ගායන තරු රැසක්ම සංගීත ක්ෂේත්‍රයට බිහි කළේය....
Views - 768

හීං බබා සීයා වෙන්න කලින් මම හිඟන්නෙක්

IMAGE 2017 Dec 18 09:11
සේන ගුණවර්ධන කියන ඔබව දැන් රටම හඳුනන්නේ “හීං බබා සීයා” නමින්. වයසට ගිහින් හරි රටම හඳුනන...
Views - 1981

හැරී කුමරුගේ සහ මෙගන් මාර්කල් ගේ විවාහ දිනය නිවේදනය කරයි

IMAGE 2017 Dec 18 09:03
බ්‍රිතාන්‍යයේ රජ පවුල පිළිබඳ තොරතුරු කියවීමට කැමැත්ත දක්වන බොහෝ දෙනෙකු තුළ පසුගිය දිනවල...
Views - 644

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 4488

Please publish modules in offcanvas position.