Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඔය කතා ඔක්කොම බොරු ඒ අය මාව රැවැට්ටුවා

“මලට නොඑන බඹරු තහනම් කරයි ප්‍රධාන නිළිය රට හැර යයි” අසූව දශකයේ තාප්පයක් ගානේ ඇලවුණු මේ ‍පෝස්ටරය බොහෝ අයගේ කතා බහට ලක්වුණා. ශ්‍රී ලංකාවේ තිරගත වූ ප්‍රථම සමලිංගික චිත්‍රපටය වූ “මලට නොඑන බඹරු” චිත්‍රපටය ඇති කළ ආන්දෝලනය එහි ප්‍රධාන නිළිය රට හැර යාම නිසා තවත් උණුසුම් වුණා. අද වන විට ඇය ආයෙමත් ලංකාවට ඇවිත් සිනමාවට එකතුවෙලා. එපමණක් නොවෙයි ඇය මේ වන විට චිත්‍රපට තුනකම රඟපෑමටත් එකතු වෙලා.
ඇය නමින් ශිරානි කෞෂල්‍යායි. 
 
ඔබ නැවතුන තැනින්ම අපි මේ කතා බහ පටන් ගනිමු. “මලට නොඑන බඹරු” රඟපාලා රටට මුහුණ දෙන්න බැරුව එදා ඔබ රට හැර ගියා නේද? 
ඕක තනිකරම බොරු කතාවක් “මලට නොඑන බඹරු “තහනම් කළේ නැහැ. 
චිත්‍රපටයේ ප්‍රචාරය වෙනුවෙන් කරපු දෙයක් ඕක. චිත්‍රපටය රූගත කරද්දීත් කළේ මාව රවටපු එකයි, ප්‍රචාරණය කරන්නත් පාවිච්චි කළේ මාවයි. 
 
රූගත කරද්දි ඔබ රැවටිලාද ඒ ලිංගික දර්ශනවලට පෙනී සිටියේ? 
කතාවේ හැටියට මගේ සැමියා (අජිත් ජිනදාස) සමලිංගිකයෙක්. ඒත් මම ඒක දන්නේ නැහැ. එයා මම ගැන උනන්දුවක් නැති එක මට ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙ කතා කරන්න මම ගෙදර ඉන්න බෝඩිංකාරයා (ටෝනි රණසිංහ) ළඟට යනවා. එතැනදී ඔහුත් මාත් අතර සම්බන්ධයක් ගොඩනැගෙනවා. පිටපතේ ඔය සිද්ධිය විස්තරාත්මකව තිබුණේ නැහැ. ඇඳක සිදුවන සිප ගැනීමක් විදියට තමයි මට කිවුවේ. රූගත කරද්දී ඒක එතැනින් එහා ගියා. ඒක රාත්‍රී දර්ශනයක් හින්දා මට ඉන්න වුණේ නයිටියක් ඇඳලා. මගේ නයිටියේ අත කොටස මෑත් වුණාම කැමරාවට පෙනෙන්නේ උඩුකය නිරුවතින් ඉන්න විදියට. ඒක කැමරාවට එකතු වූ දේ තමයි චිත්‍රපටයට ඇතුළත් කළේ. මම ඒක දන්නේ නැහැ. 
 
ඒ හින්දා ඇති වූ කලකිරීමක් හින්දාද කෞෂල්‍යා රට හැර ගියේ? 
ඒකත් අර වගේම බොරු කතාවක්. මම රට ගියේ චිත්‍රපටය ඩබ් කරලා ඉවර වුණ හැටියේ. චිත්‍රපටය තිරගත වෙද්දී මම ලංකාවේ නැහැ. මම රට ගියේ මගේ පෙම්වතා ඇමෙරිකාවේ හිටපු හින්දා. 
 
ඔබ විවාහ වෙලා ඇමෙරිකාවේ නැවතුනාද? 
ඔව්. ඒත් මගේ පෙම්වතා එක්ක ‍නෙවෙයි. ඒ ප්‍රේම සම්බන්ධය බිඳ වැටුණා. මම වෙනත් කෙනෙක් එක්ක විවාහ වෙලා දරුවෝ තුන්දෙනෙක් ලැබුවා. ඒ විවාහයත් බිඳ වැටුණා. මම මගේ දරුවෝ එක්ක ජීවත් වුණා. පුතාලා දෙන්නා දැන් විවාහකයි. මට මුණුබුරෝ දෙන්නෙක් ඉන්නවා. දුව තවම අධ්‍යාපනය හදාරනවා. දැනටත් මම ඒ අය එක්ක ඇමරිකාවේ ඉන්නේ. ඒත් ලංකාවට ඇවිත් දිගටම රඟපෑමේ යෙදෙන්න හිතාගෙන ඉන්නවා. 
 
දඩයම, කැලෑ කෙල්ල, මහගෙදර, චිත්‍රපටවලත් ඔබ රඟපෑවා නේද? 
ඔව්. ඒ මලට නොඑන බඹරු රඟපෑ කාලයේමයි. ඒ චිත්‍රපට තිරගත වන විටත් මම ලංකාවේ හිටියේ නැහැ. 
 
ඔබට ආයෙමත් වැඩිහිටියන්ට පමණක් සීමා වූ නිර්මාණවලට ඇරයුම් ලැබුණොත්? 
මම මගේ දරුවෝ එක්ක “මලට නොඑන බඹරු” ඩී.වී.ඩී. එක නරඹලා තියෙනවා. ඇමෙරිකාවේ හැදුණු මගේ දරුවෝ පුළුල් විදියට ජීවිතය ගැන සිනමාව ගැන හිතනවා. මමත් එහෙමයි. පහුගියදා මම “ඇගේ ඇස අග” චිත්‍රපටය නැරඹුවා. එහි රඟපාන නිළියගේ එඩිතරකම ගැන මට ලොකු ගෞරවයක් ඇති වුණා. නළුවකුට නිළියකට සීමා තියෙන්න බැහැ. ඕනෑම දෙයක් නිරූපණය කළ හැකි විය යුතුයි. මමත් එතන ඉන්නේ. ඒත් හැමෝම එහෙම හිතන්නේ නැහැ. සමහරු හරියට යක්කු වගේ. “මම ඕනෑම චරිතයක් ඕනෑම ජවනිකාවක් රඟපාන්න සූදානම්.” ඒත් අවුරුදු 30කට කලින් වයස 17ක පුංචි කෙල්ලෙක් විදියට මලට නොඑන බඹරු රඟපාන්න ගිහින් සිදු වූ දේ මට හොඳට මතකයි. ඒ හින්දා මම රඟපාන ජවනිකාවේ කැමරා කෝණ ගැන නම් කතා කරලා තමයි රඟපාන්න යන්නේ. 
 
ඔබේ අලුත් රංගනයන් ගැන කතා කළොත්? 
බි.බි.සී. එකේ ටෙලි නාට්‍ය මාලාවක රඟපානවා. ඒක විදෙස් ටෙලි නාට්‍යයක්. සිංහල චිත්‍රපට තුනකටත් සම්බන්ධ වුණා. 
 
ආරියවංශ කුලතිලක{jcomments on}
IMAGE

ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීම සොයුරාගේ සැලසුමක් -...

IMAGE 2018 Feb 16 13:54
හත්දෙනෙකුට මරු කැඳවමින් පසුගිය (14) දා ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය...
Views - 2510

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 5390

හෙදිය සමූහ දූෂණයට විනයාරක්ෂක කපිතාන් අල්ලයි

IMAGE 2018 Feb 14 23:55
රංචු ගැසී පුද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‍පොලීසියට...
Views - 4774

ඡන්ද ප්‍රතිඵල වලින් පස්සෙ සමහරුන් බුම්මාගෙන ඉන්නේ ඇයි?

IMAGE 2018 Feb 14 13:39
මෙවර පළාත් පාලන ඡන්දයේ දී මෙන්ම  සෑම මැතිවරණයකදීම කිසියම් පිරිසක් ජයග්‍රහණය කරන විට ඊට...
Views - 2866

හොර හැඳුනුම් පතක් ගෙන ප්‍රේම ලෝකයට බසින 'වැලන්ටයින්'

IMAGE 2018 Feb 14 09:22
පෙම්වතුන් පෙම්වතියන් අතර හෝ අඹු සැමියන් අතර පවත්නා ආදරය ලිංගිකත්වය හා අනුරාගය මත පදනම් වූ...
Views - 2820

කෝවක්කා කෑවම මැරෙනවද?

IMAGE 2018 Feb 13 19:41
කෝවක්කා ගෙඩියක් ආහාරයට ගත් දරුවෙකු ශරීරයේ සීනි මට්ටම පහත වැටීමෙන් මිය ගිය පුවත පසුගිය සතියේ...
Views - 7428

Please publish modules in offcanvas position.