Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

සුජීව දුලීකාගේ හිස බූ ගායි

හැඩට ඇඳපු කාන්තාවක් තට්ට හිසකින් යුතුව පාරේ තොටේ ගියොත් ඕනෑම කෙනෙක් දෙවතාවක් ඈ දිහා හැරිල බලන එක සාමාන්‍ය දෙයක්. රටම හඳුනන කෙනෙක් ඒ විදිහට ගියොත් අවධානය කිහිප ගුණයකින් ඉහළ යනවා. මේ දවස්වල අපේ ජනප්‍රිය නිළියක් වන දුලීකා මාරපනටත් මේ වගේ අත්දැකීමකට මුහුණ දෙන්න සිදු වෙලා. ඒකට හේතුව තමයි මීට දින කිහිපයකට කලින් දුලීකා තමන්ගේ හිස මුළුමනින්ම මුඩු කිරීම. දුලීකාගේ තට්ට හිසේ රහස දැන ගන්නත් එක්ක අපි දුලීකාව මේ විදිහට කතාබහකට එක්කර ගත්තා. 
 
දුලීකා ඇයි මේ.... ලස්සනට තිබුණු කොණ්ඩෙට මේ මොකද වුණේ?
මම හිස බූ ගෑවා
 
ඇයි ඒ .....? 
මගේ අලුත්ම චිත්‍රපට රංගනය වෙනුවෙන්.
 
මොකක්ද චිත්‍රපටය ...?
චිත්‍රපටයේ නම සුපර්ණා. මම ඒකේ රඟපාන්නේ “සුපර්ණා” කියන චරිතය.
 
බොහෝ නළු නිළියෝ හිස බූ ගාන්නේ භික්ෂු චරිත රඟපාද්දී. දුලීකාගේ චරිතයත් එවැනි එකක්ද? 
ඒක තමයි මේ චිත්‍රපටයේ විශේෂත්වය. සුපර්ණා භික්ෂුණියක් නමෛයි. සාමාන්‍ය ගැහැනියක්. ඒත් සුපර්ණාට තියෙන්නේ තට්ට හිසක්. ඇයට ඒ තත්ත්වය උරුම වෙලා තියෙන්නේ පරම්පරාවෙන්. 
 
කේෂ කල්‍යාණිය අහිමි වීම හින්දා මානසිකව කඩා වැටුණු ගැහැනියක්ද සුපර්ණා කියන්නේ?
කිසිසේත්ම නැහැ. සුපර්ණා කියන්නේ හරිම ශක්තිමත් ගැහැනියක්. කොටින්ම කියනවා නම් සාමාන්‍ය ගැහැනියකට වඩා ආත්ම ශක්තියක් ඇයට තියෙනවා. ඇය අශ්වයන් පිට යන. අධිවේගයෙන් බයිසිකලය පැද යන ගැහැනියක්.
 
හිස මුඩු කළ චරිත රඟපාන කොට ඇතැම් නළු නිළියෝ කෘත්‍රිම තට්ටයක් පාවිච්චි කරනවා. ඇයි දුලීකා එහෙම නොකළේ?
මේ චරිතය විග් එකක් දාලා කරන්න බැහැ. මම මුලිනුත් කිව්වානේ අශ්වයෝ පිට යන බයිසිකල් පදින දර්ශන මෙහි තියෙනවා කියලා. විග් එකක් දාලා කරන්න බැරි ජවනිකාත් ගොඩක් තියෙනවා. ඒ නිසා තමයි චරිතය වෙනුවෙන් හිස මුඩු කළේ. 
 
කාන්තාවකට කොණ්ඩය ආභරණයක්. චරිතයක් වෙනුවෙන් කෙස්වැටිය අහිමි කරගන්න වුණාම පුංචි දුකක්වත් ඔබේ හිතට ආවේ නැද්ද?
මට කිසිම දුකක් නැහැ. හොඳ චරිතයක් වෙනුවෙන් ලිංගිකත්වය මතු කරවීම හැර ඕනෑම අභියෝගයක් මම භාර ගන්නවා.
ඇයි ලිංගිකත්වයට විශේෂ වාරණයක් දමා ගන්නේ?
අපිට තියෙන ප්‍රබලම සහ අත්‍යවශ්‍යම ප්‍රශ්නය ලිංගිකත්වය ‍නෙවෙයි. ඊට වඩා සිනමාව තුළ කතා කළ යුතු දේවල් තියෙනවා. අපිට ආවේණික සංස්කෘතියක් තියෙනවා. ඒ නිසාම තමයි මම සියලු දේවල් කරන්නේ. 
 
මේ තරම් කැපවීම් කරන්නේ ඇගයීම් ගැන හිතලද. නැත්නම් මුදල් ගැන හිතලද?
විශිෂ්ට තිර පිටපතක් නම් නොමි‍ලේ වුණත් රඟපානවා. මුදල ප්‍රශ්නයක් නොවෙයි. ඒත් අපිව ගණන් ගන්නේ නැති, රංගන ශිල්පිනියන්ට ගෞරවයක් නැති අය නිර්මාණය කරද්දී එහෙම නැහැ. කොහොමත් මම මගේ නිශ්චිත ගාස්තුවම තමයි අය කරන්නේ.
 
දුලීකා ගත්තු මේ තීරණය ගැන සැමියා මොකද කියන්නේ?
“සුපර්ණා” රචනය හා අධ්‍යක්ෂණයත් මගේ සැමියා සුජීව ප්‍රියාල්ගේමයි. ඒ චරිතය වෙනුවෙන් මා කළ කැපකිරීම ඔහු හුඟක් අගය කළා. 
 
දුලීකාගේ සැමියාගේ කට උත්තරය
 
සුජීව ප්‍රියාල්:
“සුපර්ණා” වෙනස්ම ආරක කතාවක්. ස්වභාව ධර්මය තුළ අපි හැමෝටම ඉන්න ඉඩ හදලා අපිට අවශ්‍ය දේ දීලා තියෙන්නේ. ඒත් මිනිසා ස්වභාව ධර්මය අභිභවා ගිහින්. අද වෙද්දී පරිසරයේ සමතුලිත බවත් බිඳිලා. ඒකේ අහිතකර ප්‍රතිඵල අපි අත්විඳිනවා. ඒ පණිවුඩය තමයි මේ තුළින් දෙන්නේ. දුලීකා එම නිර්මාණයේ සුවිශේෂ චරිතයක් කරනවා. ඒ වෙනුවෙන් ඇය හිස බූ ගෑවා. නිළියක් විදිහට කළ කැපකිරීමක් තමයි ඒ. එතැනදී ඇය මගේ බිරිඳ කියන එක ප්‍රශ්නයක් ‍නෙවෙයි. වෙනත් අධ්‍යක්ෂවරයකුගේ නිර්මාණයක් වෙනුවෙන් දුලීකා මේ කැපකිරීම කළත් මම ඊට විරුද්ධ වෙන්නේ නැහැ.
 
ආරියවංශ කුලතිලක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 689

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 530

නීල හරිත ෆුල් සූට් එක පෙන්වා අමුඩ කෙටිය ගලවා ගන්න එපා

IMAGE 2017 Nov 19 11:35
මෙවර අයවැය ලෝකයේ දියුණුම ආර්ථික සංකල්පයක් වන නීල-හරිත ආර්ථිකයට රට යොමු කරවන්නක් බව මුදල්...
Views - 565

ඔහු නොවන්නට ලෝක ක්‍රිකට් මේ තරම් දියුණු නොවනු ඇත

IMAGE 2017 Nov 18 00:19
අද මට ඉතාමත් සතුටු දවසක්. ඉන්දියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විරාත් කෝලි සහ ඔහුගේ කණ්ඩායමත්...
Views - 2438

මෙතේ බුදු පදවිය ලබන්නේ බැංකු කළමණාකරුවෙක්ද?

IMAGE 2017 Nov 17 12:13
ඔහු මධ්‍යම පළාතේ වාණිජ බැංකුවක කළමණාකරුවෙකි.  ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වේ. ක්‍රිස්තියානි...
Views - 4526

බොහෝ කලා කරුවන් තමන්ගේ පවුල් ජීවිත ගැන කියන්නේ බොරු

IMAGE 2017 Nov 16 11:31
වත්මන් ශ්‍රී ලාංකීය ජන සමාජයේ දික්කසාද වීම් සහ පවුල් අර්බුද පැන නැගීම සම්බන්ධයෙන් කලා...
Views - 4285

Please publish modules in offcanvas position.