lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්   

මම වගේම තාත්තා කෙනෙක් හැමෝම හොයනවා

සිනමාවේදී ‘මචං’ ලෙස මිතුරෙකු වූ ඔහු වේදිකාවට ‘නැතුවම බැරි මිනිහෙක්ද විය. අද තරුණ පරපුර සොයන්නා වූ ඒ ආදරණීය තාත්තාද ඔහුය. දවෛනි ඉනිමේ ‘ආනන්දගේ’ චරිතයෙන් තරුණ හදවත් දිනාගත් ආනන්දට, එහෙම නැත්නම් ධර්මප්‍රිය ඩයස් ලෙසින් කවුරුත් හොඳින් හඳුන්වන ඒ දක්ෂ රංගන ශිල්පියාට අප “රිද්ම” දොරගුළු ඇරියේ මේ විදියටය. 
 
ආනන්ද කියන්නේ සැබෑ ජීවිතේ මොනවගේ කෙනෙක්ද? 
හරිම සරල නිහතමානී පුද්ගලයෙක්. 
 
වේදිකාවට නැතුවම බැරි මිනිහෙක් වූ ඔබ ටෙලි නාට්‍යයටත් නැතිවම බැරි වෙලාද? 
ඒක තීරණය කරන්න ඕනේ මගේ ආදරණීය ප්‍රේක්ෂකයෝ. “දෙවැනි ඉනිම” නිසා අද තරුණ පරපුරට මාව නැතිවම බැරි වෙලා. එයාලා මම වගේ තාත්තා කෙනෙක් හොයනවා. ඉතින් මට ආඩම්බරයක් නැද්ද?
 
ඔබ වගේ පියෙක් ප්‍රාර්ථනා කරන්නේ ඇයි?
දෙවැනි ඉනිමේ මගේ චරිතය තාරුණ්‍යයට බොහොම ලෙන්ගතු එකක්. මටත් වඩා තරුණ පරපුර මගේ චරිතය එක්ක ජීවත් වෙන්න පටන් අරගෙන. සමහරු මට දුරකථනයෙන් කතා කරලා කියනවා ‘ආනන්ද වගේ තාත්තා කෙනෙක් ඕනේ’ කියලා. තවත් සමහරු කියනවා. ‘ආනන්ද වගේ මාමා කෙනෙක් හිටියා නම්’ කියලා. 
 
ඇත්තටම ධර්මප්‍රිය ඩයස් කියන්නේ ආනන්ද වගේ තාත්තා කෙනෙක්ද? 
දෙවැනි ඉනිමේ ආනන්ද සැබෑ ජීවිතයේදී ධර්මප්‍රිය ඩයස්ගෙන් බාගෙට බාගයක් කියලා කියන්න පුළුවන්. 
 
මෙවර රාජ්‍ය නාට්‍ය උළෙ‍ලේදී ඔබට ලැබුණු සම්මානය මොකක්ද?
“නැතුවම බැරි මිනිහෙක්’ කියන වේදිකා නාට්‍යයේ මම රංගනය ලබාදුන් “ජයන්තගේ” චරිතයට දක්ෂතම රංගන ශිල්පියාට හිමි සම්මානය ලැබුණා. නමුත් මෙවර සම්මානය මට ලැබෙයි කියලා අන්තිම මොහොත වනතුරු දැනගෙන හිටියේ නැහැ. සම්මානයත් සමග විශාල ආත්ම ශක්තියක් මට දැනුණා. තමන් නියළෙන ක්ෂේත්‍රයේ හෝ රැකියාවේ යම් ඇගයුමක් ලැබෙනවා කියන්නේ තවත් හොඳට වැඩ කරන්න කියලා ලැබෙන උත්තේජනයක්. මම තවමත් ඉන්නේ ඒ උත්තේජනය නිසා පී්‍රති ප්‍රබෝධයෙන්. 
 
මේ දවස්වල ඔබ නිරතවෙලා සිටින වෙනත් කලා කටයුතු මොනවාද?
සාදය මාරයි සල්ලි හමාරයි අධ්‍යක්ෂණය කළා. රතු සමනළ හීනයක්, මුරුග සන්නියේ රංගන කටයුතු සඳහා දායක වුණා. Colombo කියන රංගනයෙන් දායක වුණ චිත්‍රපටයත් තිරගත වීමට නියමිතයි.  
 
රඟපෑමේදී ඔබ චරිත තෝරා බේරා ගැනීමක් කරනවාද? 
මම චරිත තෝරා ගන්නේ මුදල පිළිබඳව සැලකිලිමත් වෙලා. සුදු කළු, කියලා චරිත දෙවර්ගයක් තියෙනවා කියලා සමහරු පටලවාගෙන ඒ අනුව චරිත තෝරා ගන්නවා. හැම චරිතයක් තුළම සුදු සහ කළු ගති ලක්ෂණ තියෙනවා. ඒ නිසා මම සුදු කළු වශයෙන් වෙන් කරලා චරිත තෝරා ගන්නේ නැහැ. කොහොම නමුත් මට උපරිමයෙන් කරන්න පුළුවන් චරිත විතරයි මම තෝරා ගන්නේ. 
 
සමහරු අද අපේ රටේ පවත්නා ටෙලි නාට්‍ය කලාවට දෝෂාරෝපණය කරනවා නේද?  ඔබ ඉන්නේ කුමන මතයකද? 
අද අපේ ටෙලි නාට්‍ය කලාව කියන්නේ වැඩ කරන මිනිහට ලාභයක් නැති උඩින් පුම්බපු ක්ෂේත්‍රයක් විතරයි. මම නම් කියන්නේ හිටපු ටෙලිනාට්‍යකරුවෝ තමයි මේකට වගකියන්න ඕනේ. අපේ රටේ දැන් තියෙන ටෙලි නාට්‍ය කලාව නළු,නිළියෝ, අන්ත හිඟන්නෝ බවට පත් කරනවා. 
රජවරුන් වගේ හිටියට ටෙලි නාට්‍ය කලාව තුළ ඉන්නේ හිඟන්නෝ. නළු නිළියන්ට සැලකිය යුතු මුදලක් ලැබෙන්නේ නැහැ. මේ තත්ත්වය කාර්මික ශිල්පියාගේ සිට තේ අල්ලන පුද්ගලයාටත් ‍පොදුයි. 
රූප පෙට්ටියේ කොච්චර ජනප්‍රිය වුණත් පර්ස් එක අතට ගත්තොත් අතේ පිච්චියක් නෑ. බොහෝ දෙනකුගේ තත්ත්වය ඕක තමයි. 
 
සමන්මලී නැලිගම

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ලිංගික ශක්තිය වඩවන ඉංග්‍රීසි බෙහෙත් තිබේද?

IMAGE 2017 Aug 18 15:22
‘බටහිර වෙදකමේ වාජීකරණ ඖෂධ සහ ප්‍රතිකාර නැත්තේ මන්දැයි’ පසුගිය දිනෙක මගේ හිතවතෙක් අසා...
Views - 1943

youtube සඳහා පෙම්වතිය තැබූ ‘බොරු වෙඩිල්ලෙන්’ පෙම්වතා මරුට

IMAGE 2017 Aug 18 10:40
ෆේස්බුක්, යූ ටියුබ් වැනි සමාජ ජාල වබේ අඩවිවල සිදුවන ආසාමාන්‍ය ක්‍රියාකාරකම් ගැන දැන් නිතර...
Views - 1592

කලා ලොවේ ‘මිස්ටර් හොඳ හිත’ හදිසි අනතුරකින් රෝහලේ

IMAGE 2017 Aug 17 11:20
අපේ කලා කරුවන් අතර විවිධ කරුණු සම්බන්ධයෙන් විශේෂත්වයක් දක්වන කලා කරුවෝ සිටිති. ඒ අතරින් සිනමා...
Views - 2331

දේවභක්තියක් නැතත් යකඩ කොකු වලින් එල්ලෙන්න පුළුවන්!

IMAGE 2017 Aug 16 16:24
ශරීරයේ විවිධ ස්ථාන වලට ගසන ලද යකඩ කොකු වලින් එල්ලී කිසිදු වේදනාවකින් තොරව ඇතැම්විට සතුටින්...
Views - 1574

හම්බන්තොට වරායේ තාත්තාත් මං බාප්පාත් මං

IMAGE 2017 Aug 16 11:43
කීර්තිමත් දේශීය ව්‍යාපාරිකයකු වන ආරියශීල වික්‍රමනායක සමුද්‍රිය කටයුතු පිළිබඳ...
Views - 6118

සිඳූ නිසා මලීට අසාධාරණයක් වුණේ නැහැ

IMAGE 2017 Aug 16 07:52
මලී ටෙලි නාට්‍යයේ මලී ලෙසින් අසීමිත ජනතා ආකර්ශණයට පත් සමාධි ආරුණචායා මලී - 3, සිඳු ටෙලි...
Views - 3925

Please publish modules in offcanvas position.