lakbima.lk
2017-06-15 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.8400 , විකුණුම් මිල රු.154.6400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.5800 , විකුණුම් මිල රු.198.1100 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.168.2300, විකුණුම් මිල රු.174.5900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.154.3400 , විකුණුම් මිල රු.160.4500 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.2400 , විකුණුම් මිල රු.117.7200 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.7400 , විකුණුම් මිල රු.118.8200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.109.0900 , විකුණුම් මිල රු.113.1000 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3701, විකුණුම් මිල රු.1.4216 |

අනේ මගේ පුතා හොයලා දෙන්න

අවුරුද්දත් අරගෙන තමන්ගේ දූ පුතුන් එනතුරු පාර බලාගෙන ඉන්න අම්මලා තාත්තලා අද අවුරුදු සමරන්නේ සතුට පිරුණු හදවතින්.  ඒත් තවමත් තමන්ගේ පුතා එනතුරු පාර බලාගෙන ඉන්න මේ අම්මගේ ඇස් දෙක පුරා තියෙන්නේ කඳුළු. “පුතා ආයෙම කවදාවත් එන්නෙ නැතිවෙයිද?” කියලා සමහරු ඇහුවත් ඒක පිළිගන්න මේ අම්මා කැමති නැහැ. අම්මා තවමත් පුතා එනතුරු පාර බලාගෙන ඉන්නවා.
ඇය මියුරියල් කීර්තිසේන.
වේදිකාව, ටෙලි නාට්‍ය වගේම පුංචි තිරය තුළත් ජනප්‍රිය නළුවකු වූ උපාලි කීර්තිසේනගේ ආදරණීය අම්මා. 2016 පෙබරවාරි 3 වැනිදා නිවසින් පිටත්වූ උපාලි තවමත් ගෙදර ආවේ නැහැ. ඔහුගේ අතුරුදන්වීම ඒ දවස්වල උණුසුම් පුවතක් වුණා.
ඒත් අද  වෙද්දී බොහෝ අයට උපාලිව අමතක වෙලා ගිහින්. ඒත් ඔහුගේ මව තවමත් පාර දිහා බලාගෙන ඉන්නේ පුතා එයි කියලා. ඒ නිසාමයි අපි හිතුවේ දශක කිහිපයක් කලා ලොවේ රැඳී හිටපු මේ කලාකරුවාගේ අතුරුදන්වීම ගැන අලුත් තොරතුරු ටිකක් හොයලා බලන්න.
“සැකකාර පුද්ගලයෙක් ගැන මේ වෙද්දී අපිට තොරතුරු ලැබිලයි තියෙන්නේ. එයා මල්ලිව ළඟින්ම ආශ්‍රය කරපු වේශනිරූපණ ශිල්පියෙක්. එයත් එක්ක තමයි අන්තිමට ගියේ. අනුරාධපුරේ යනව කියල තමයි ගියේ. අපි එයා ගැන ‍පොලීසියට දැනුම් දුන්නා. ‍පොලීසියෙන් එයාව ගෙන්නල කට උත්තර ගත්තා. දැන් එයා අතුරුදන් වෙලා ඉන්නවා. වරදක් කළේ නැත්නම් ඒ විදියට හැංගෙන්න අවශ්‍ය නැහැනේ...”
අපේ කතාබහට එකතුවුණේ උපාලිගේ අක්කා තමරා කීර්තිසේන. උපාලිගේ අම්මාට මේ වනවිට වයස 80ක් විතර ඇති. ඇයව මේ කතාබහට එකතු කරගන්න අපහසු නිසා තමයි අපි තමරාගෙන් තොරතුරු ඇහුවේ.

උපාලි අතුරුදන් වූ අලුත ආරංචිය පැතිරිලා ගියේ යාළුවො කට්ටියක් එක්ක සිරිපාද වන්දනාවේ ගියා, ආයෙම ආවේ නෑ කියල නේද..?
“ඔය කතාව බොරුවක්. මල්ලිට සිරිපාද යන්න යාළුවො කට්ටියක් කතා කරලා තියෙනවා. අර සැක කටයුතු කෙනා එක්ක අනුරාධපුරේ ගිහින් ඊට පස්සේ එහෙමම සිරිපාදෙ යනවා කියලා මල්ලි කිව්වා. අර සැක කටයුතු කෙනා තමයි කිව්වේ මල්ලි ඒ ගොල්ලෝ එක්ක අනුරාධපුරේ ඉඳලා ඇවිත් සිරිපාදෙ යන්න පිටත් වුණා කියලා. ඒත් මල්ලි සිරිපාදේ යන්න ආවේ නැහැ කියලා එයාගේ යාළුවෝ කියනවා.”

ඇත්ත මොකක්ද කියලා කෙහොමද දන්නේ..?
“මේ කියන පුද්ගලයාට ජාඇල සැලුන් එකක් තියෙනවා. මල්ලි ඒ සැලුන් එකේදී තමයි අන්තිමට කෝල් අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ සැක කටයුතු කෙනා අනුරාධපුරේ ඉඳල ඇවිත් මල්ලිව එයාගේ සැලුන් එකට එකතු කරගෙන ගිහින් තියෙනවා. ඒත් එයා ඒක වසන් කරනවා. සැලුන් එකේදී තමයි මල්ලිව පැහැර ගැනීමක් හරි ජීවිත අනතුරක් හරි වෙලා තියෙන්නේ...”
උපාලිට අයිය කෙනෙකුයි අක්කා කෙනෙකුයි ඉන්නවා. අයියා විවාහ වෙලා දරුවන් තුන් දෙනෙකුම ලැබිලා. ඒත් උපාලියි ඔහුගේ අක්කයි තවම තනිකඩයි. අම්මවයි, අවිවාහක අක්කවයි විතරක් නොවෙයි අයියගේ දූ පුතුන් වෙනුවෙන් පවා උපාලි ඇප කැපවූයේ තාත්තා කෙනෙක් වගේ කියලා ඔහුගේ අක්කා කඳුළු සලනවා.
“කලාකරුවෝ පෞද්ගලිකව මල්ලි ගැන හොයල බැලුවා. ඒත් කලා සංගම් පවා නිහඬයි. ‍පොලීසිය කියන්නේ තවමත් පරීක්ෂණ කටයුතු කරගෙන යනවා කියලයි. දැන් සැක කටයුතු කෙනෙක් ඉන්නවා. හැබැයි දැන් එයා පළාතෙත් නැහැ. දැන්වත් අපිට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න කියලා වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා...”

උපාලි අතුරුදන් වූ දා ඉඳන් කැපවී කටයුතු කරන පවු‍ලේ අය අතර උපාලිගෙ අයියගේ පුතා ශිරානුත් ඉන්නවා. අපි ඔහුවත් මේ කතාබහට එකතු කරගත්තා.

“බාප්පා අතුරුදන් වීමට සති කිහිපයකට කලින් තමයි මල්ලිගේ මංගල්‍යය පැවැත්වුණේ. ඒ වෙනුවෙන් බාප්පා ලොකු දායකත්වයක් දැරුවා. බාප්පා අතුරුදන් වෙලා දැන් අවුරුද්දකටත් වැඩියි. එයාගේ ජීවිතේට අනතුරක් වෙලාද දන්නේ නෑ. ඒත් ආච්චි කැමැති නැහැ බාප්පා මැරිලා කියලා පිළිගන්න. නක්ෂත්‍ර බලපු තැන් කීපයකින් කිව්වා බාප්පා තවමත් ජීවතුන් අතර ඉන්නවා ගෙන්නල දෙන්නම් කියලා. ආච්චිගෙ හිත හදන්න අපි ඒ අය කීව දේ කළා. ඒ අයට ලොකු මුදලක් වැය කළා. ඒත් වැඩක් වුණේ නැහැ...”

ආරියවංශ කුලතිලක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 
IMAGE

සිංහල මාධ්‍යවල අපරාධ වාර්තාකරණයත් බිහිසුණුයි

IMAGE 2017 Jun 28 11:07
එකම පවුලක කිහිප දෙනෙකු ඝාතනය කිරීම ඕනෑම ශිෂ්ඨ සම්පන්න සමාජයක් මගින් මහත් පිළිකුලින් යුතුව...
Views - 693

අන්තර් ජාලයේ උයන පිහන මස්තානම්මා

IMAGE 2017 Jun 28 08:49
අන්තර්ජාලය හරහා වැඩි ආකර්ෂණයක් ඇත්තේ තරුණ පිරිස්වලට යැයි බොහෝ විට අපට සිතේ. එහෙත් ඒ සිතුවිල්ල...
Views - 1622

'මළගමකට' වෙන් කළ මුදලත් පැහැරගෙන ගිහින් !

IMAGE 2017 Jun 27 20:45
ජීවත් වන්නවුන් වෙනුවෙන් වියදම් කිරීමට ඇති මුදල් ගසා කන්නවුන් පිළිබඳ තොරතුරු අපට නොයෙක් විට...
Views - 525

බුද්ධි-බූඩි අළුත් වැඩක

IMAGE 2017 Jun 26 13:47
ශ්‍රී ලාංකිය සිනමාව නව මගකට යොමුකළ බුද්ධි කිර්තිසේන හා බූඩි කිර්තිසේන පිය පුතු දෙපළ සිනමා...
Views - 1457

ලංකාවේ අවංකම බස් කොන්දොස්තර කුරුණෑගලින්?

IMAGE 2017 Jun 26 10:49
කුරුණෑගල මහ රෝහල ඉදිරිපිට බස් නැවතුම නිතර ජනයාගේන් පිරී පවතින්නකි. විශේෂයෙන් රෝහලේ රෝගීන්...
Views - 3221

සෙල්ෆි ගැසීම මානසික රෝගයක් නොවේ

IMAGE 2017 Jun 26 09:57
තමාගේම ඡායාරූපයක් තම ජංගම දුරකථනයෙන් ගැනීම හෙවත් සෙල්ෆි ගැනීමට ගිය කීපදෙනෙකු අවාසනාවන්ත ලෙස...
Views - 1259

Please publish modules in offcanvas position.