lakbima.lk
2017-03-17 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.32 , විකුණුම් මිල රු154.17 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.184.90 , විකුණුම් මිල රු191.29 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.89 , විකුණුම් මිල රු.167.08 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.89 , විකුණුම් මිල රු.155.90 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.23 , විකුණුම් මිල රු.116.68 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.35 , විකුණුම් මිල රු.119.49 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.67 , විකුණුම් මිල රු.110.61 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3185 , විකුණුම් මිල රු.1.3688 |

ඒ උතුම් අවස්ථාව දෙන්නේ කාටද කියලා තවමත් නිරීක්ෂණය කරනවා

තමන්ගේ අලුත්ම චිත්‍රපටයේ සිදුහත් සහ යශෝධරා චරිතවලට නළු නිළියන් සොයමින් රට වටේ ගිය මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගෙන් ඉන්දියාවේ සිට ඇමතුමක්

මහාචාර්ය සුනිල් ආරියරත්න මේ දිනවල තමන්ගේ අලුත්ම චිත්‍රපටයට සූදානම් වෙනවා. චිත්‍රපටයේ නම තමයි ‘බිම්බාදේවි හෙවත් යශෝධරා.’ ඓතිහාසික කතා තේමාවක් රැගත් මෙම චිත්‍රපටයේ මුහුරත් උළෙල මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට පවත්වන්නට සිදුවුණේ ටිකක් වෙනස් විදිහකටයි කියන කාරණය මීට සති කිහිපයකට පෙර “රිද්ම” තුළින් අපි ඔබ වෙත වාර්තා කළා. එහි විශේෂත්වය වූයේ එම මුහුරත් උළෙල සඳහා චිත්‍රපටයේ රඟපාන කිසිදු රංගන ශිල්පියෙකු හෝ ශිල්පිනියක සහභාගි නොවීමයි. ඊට බලපෑ හේතුව හෙළි කරමින් සුනිල් ආරියරත්නයන් ප්‍රකාශ කළේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක වන සිදුහත් කුමරු සහ යශෝධරා දේවියගේ භූමිකාවන් සඳහා රංගන ශිල්පියෙකු සහ ශිල්පිනියක තෝරා ගැනීමට නොහැකිවීම හේතුවෙන් ඒ සදහා නළු නිළියන් කිසිවෙකු සහභාගි කරනොගැනීමට තීරණය කළ බවයි.
එම චරිත සඳහා නළුවෙකු සහ නිළියක තෝරා ගැනීමේදී සැලකිල්ලට ගන්නා ප්‍රධානතම සාධකය වනුයේ ඔවුන්ගේ චරිතවත් බව වගත් එවැනි චරිතවත් නළු නිළි දෙපළක් ශ්‍රී ලංකාවෙන් සොයාගැනීමට නොහැකි වුවහොත් ඉන්දියානු නළුවෙකු සහ නිළියක ඒ සඳහා තෝරා ගන්නා බවත් “රිද්ම” සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මහාචාර්ය සුනිල් ආරියරත්න කියා සිටියේ එය තම සිනමා දිවියේ මුහුණ දීමට සිදු වූ විශාලතම අභියෝගය බවද සඳහන් කරමින්. කොහොම නමුත් තමන්ගේ චිත්‍රපටය සඳහා “සිදුහත්” සහ යශෝධරාවක්් ලංකාව පුරාම හොයලා බැරිම තැන ඉන්දියාවට ගිය මහාචාර්යතුමාගේ ඒ භාරදූර කටයුත්ත සාර්ථක අවසානයක් පෙනෙන මානයටම ඇවිත් කියලා අපට පසුගිය දිනෙක ආරංචි වුණා. ඒ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න අපි පුල පුලා බලා සිටියදී මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පසුගිය දිනෙක ඉන්දියාවේ සිට “රිද්ම” අප ඇමතුවා.
“බිම්බාදේවි හෙවත් යශෝධරා සිනමා පටයේ ප්‍රධාන චරිත දෙක සඳහා ඉතා චරිතවත් නළුවෙකු සහ නිළියක තෝරා ගැනීමයි මගේ ප්‍රධානම අභිලාෂය වුණේ. එවැනි නළුවකු සහ නිළියක අපේ රටෙන්ම තෝරා ගැනීමට මුලින් උත්සාහ දැරුවත් මා බලා‍පොරොත්තු වුණ අන්දමේ සුදුසුකම් සපුරාලන දෙදෙනකු ලංකාවෙන් සොයාගැනීමට අ‍පොහොසත් වුණා. ඒ නිසා මම ඉන්දියාවට ගොස් එරටින් නළුවෙකු සහ නිළියක සොයා ගැනීමට තීරණය කළා. ඒ අනුව මුම්බායි හිදී පැවැත්වුණු තෝරා ගැනීමේ පරීක්ෂණවලින් අනතුරුව සිදුහත් සහ යශෝධරා සඳහා නළුවකු සහ නිළියක තෝරා ගැනීමේ අවසන් අදියරට අප දැන් පැමිණ සිටිනවා. චරිත දෙක සඳහා ගැළපෙන විදිහේ නළුවන් තිදෙනකු සහ නිළියන් තිදෙනකු මේ වන විටත් අප තෝරාගෙන තිබෙනවා. ඒ අතරින් තෝරා ගන්නා නළුවකු  සහ නිළියක “බිම්බාදේවි හෙවත් යශෝධරා” චිත්‍රපටයේ ප්‍රධාන භූමිකා දෙක නිරූපණය කරාවි.”
තමන්ගේ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකා දෙක හිමිවන්නේ ඉන්දියානු නළුවකුට සහ නිළියකට බව මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මුල් වරට “රිද්ම” වෙත කියා සිටියේ ඒ විදිහටයි. නමුත් එහි අනෙකුත් චරිත සඳහා තෝරා ගන්නේ ලංකාවේ නළු නිළියන් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.
“තරු මට්ටමේ නොවුණත් අප අවසන් වටය සඳහා තෝරා ගෙන තිබෙන ඉන්දියානු නළුවන් සහ නිළියන් ඒ රටේ ජනප්‍රිය චරිතයි. ඔවුන් අතරින් චිත්‍රපටයේ රඟපෑමට අවස්ථාව ලැබෙන්නේ කාටද කියන අවසන් තීරණය ගැනීමට අපට හදිසියක් නැහැ. මොකද, මේ වසරේ මැයි මාසයේදී තමයි එහි රූගත කිරීම් ආරම්භ කෙරෙන්නේ. ඒ නිසා මේ තිදෙනාගෙන් ඒ උතුම් අවස්ථාව ලබාදෙන්නේ කාටද කියලා තාමත් මා නිරීක්ෂණය කරනවා. ඒ අතර කලා අධ්‍යක්ෂ බිමල් දුෂ්මන්තගේ                     ප්‍රධානත්වයෙන් විශාල පිරිසක් එක්වී මේ දිනවල රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානයේදී චිත්‍රපටය සඳහා දැවැන්ත මාළිගා ඇතුළු පසුතල නිර්මාණය කිරීමෙහි යෙදී සිටිනවා.”
මහාචාර්ය සුනිල් ආරියරත්නයන් එලෙස කියා සිටියේ චිත්‍රපටයේ අලුත්ම තතු සමග නැවතත්  “රිද්ම” පාඨකයන් හමුවන බවටද ‍පොරොන්දු වෙමින්.  

කිෂාන් කනංකෙ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

සුද්දන් දෙකට පැලූ 'මීයන් ඇල්ලේ' කතාව

IMAGE 2017 Mar 27 16:59
වර්ෂ 1815දී අප රටේ පාලනය මුළුමනින්ම සිය’තට ගත් ඉංග්‍රීසි ජාතිකයන් එය නැවත අප අතට පත් කරන ලද්දේ...
Views - 159

මැතිනිය බක්කි කරත්තෙන් ඉස්කෝ‍ලේ ගිය හැටි

IMAGE 2017 Mar 27 11:07
ඒ වර්ෂ 1923 ජූලි මස 9 බ්‍රහස්පතින්දායි. රත්නපුර දඹවින්න වලව්වෙන් පිටත් වූ බක්කි කරත්තය නගරයේ...
Views - 686

සමහර සාස්තර බලාගෙන හිටියා වගේ කියැවෙන්නේ කොහොමද?

IMAGE 2017 Mar 27 10:43
ගතවූ වසර විසිඅටක කාලය තුළ මම වරින්වර ‘බලා සිටියාක් මෙන් සත්‍ය පවසෙතැ’යි බොහෝ දෙනකු කී...
Views - 897

සමහරු සල්ලි මත්තේ නැහෙද්දී තාත්තා වින්දනය සොයමින්...

IMAGE 2017 Mar 26 14:43
සිංහල වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය විජයග්‍රහණය කළ චරිතාංග නළුවකු වශයෙන් ජයලත් මනෝරත්නයන්...
Views - 5036

රන්ජන් එක්ක ගත්ත මංගල ඡායාරූපය නිසා මට ප්‍රශ්න පිට...

IMAGE 2017 Mar 26 14:30
ජනප්‍රිය නළු නිළියන් දෙ‍පොළක් වූ රන්ජන් රාමනායක සහ අනූෂා දමයන්ති පෙනී සිටි මංගල ඡායාරූපය...
Views - 3196

හෘද රෝගීන් අනියම් සබඳතා පවත්වන්නේ බලාගෙනයි!

IMAGE 2017 Mar 24 13:39
හදවත් රෝග ලක්ෂණ ඇත්තවුන් සහ හදවත් රෝග වැළදුන පුද්ගලයන් තුළ තම ලිංගික ජීවිතය සම්බන්ධයෙන්...
Views - 5010

Please publish modules in offcanvas position.