Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

පුබුදු චතුරංග කියන්නේ වර්තමානයේ ප්‍රතිභාපූර්ණ තරුණ රංගන ශිල්පීන් අතරින් ඉදිරියෙන්ම සිටින නළුවෙක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. එපමණක් නොවෙයි ඔහු හොඳ රංගනයක් වෙනුවෙන් ඕනෑම අභියෝගයක් බාරගන්නා විදිහේ රංගන ශිල්පියෙක්. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායකගේ නවතම චිත්‍රපටය වන අන්ඩර් පෑන්ට්ස් තීෆ් එසේත් නැත්නම් 
ජංගි හොරා නමැති චිත්‍රපටයේදීත් පුබුදුට වෙනස්ම විදිහේ චරිතයක් ලැබි තිබෙනවා. තවමත් ලාංකේය ප්‍රේක්ෂකයන්ට 
රස විඳින්නට නොලැබුණු එම චිත්‍රපටය පසුගියදා බූසාන් අන්තර්ජාතික සිනමා උළෙ‍ලේදීත් ප්‍රදර්ශනය කෙරුණා. 
 
බොහෝ විට රිදී තිරයේ පෙම්වතා විදිහට දැකපු පුබුදුට ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක වෙනස්ම විදිහේ අභියෝගයක් ලබා දුන්නා කියලා ආරංචියි? 
ඔව්. සෝමරත්න දිසානායක කියන ප්‍රවීණ අධ්‍යක්ෂවරයා සමග වැඩ කරන එක මට ගොඩක් විශේෂ අත්දැකීමක් වුණා. නමුත් ඒ විතරක් ‍නෙවෙයි එහි තිබෙන විශේෂත්වය. අන්ඩර් පෑන්ට්ස් තීෆ් චිත්‍රපටයේ මට රඟපාන්න තිබුණෙත් වෙනස් විදිහේ චරිතයක්. 
 
චිත්‍රපටයෙන් කියැවෙන්නේ අමුතුම විදිහේ හොරෙක් ගැනයි කීවොත් නිවැරදි නේද? 
හොරෙක් කිව්වට ඔහු හොරෙක්මත් ‍නෙවෙයි. ඔහු එක්තරා මානසික ව්‍යාධියකින් පෙළෙන තරුණයෙක්. ඒ වගේම ඔහු සංගීතඥයෙක්. තමන්ගේ  මානසික ව්‍යාධිය නිසා මේ තරුණයා යට ඇඳුම් හොරකම් කරන්නත් පෙළඹෙනවා. 
 
මේ විදිහේ වෙනස් චරිත බාරගනිද්දී ඒ ගැන දෙපාරක් හිතන්නේ නැද්ද? 
වැඩිපුර ඒ ගැන කතා බහ නොකෙරුනාට මේ වගේ මානසික ව්‍යාධිවලින් පෙළෙන අය සමාජයේ ඉන්නවා. රංගන ශිල්පියෙක් විදිහට සමාජයේ ජීවත් වන චරිතම තමයි අපි ප්‍රති නිර්මාණය කරන්නේ. අපේ රඟපෑම් දැකලාවත්, විවිධ අඩුපාඩු තියෙන අය ඒවා නිවැරදි කරගන්නවා නම් ඒකත් ලොකු දෙයක් කියලයි මට හිතෙන්නේ. 
 
වෙනස් විදිහේ චරිත තෝරා ගනිද්දී පෙම්වතියගෙන් එහෙම බලපෑමක් නැද්ද? 
අ‍පොයි නෑ. මොකද, ඇය මගේ පෙම්වතිය වෙන්න කලින්නේ මම නළුවෙක් වුණේ. 
 
මේ දිනවල තිරගත වන සීමා නෑ ආකාසේ චිත්‍රපටයෙන් නම් පුබුදු සම්ප්‍රදායික පෙම්වතා විදිහටමයි නේද ප්‍රේක්ෂකයන් ඉදිරියට එන්නේ? 
එහෙම කියන්න බෑ. ඒක බොහොම සංකීර්ණ මනෝ භාවයකින් යුත් පෙම්වතකුගේ චරිතයක්. ඒ විතරක් ‍නෙවෙයි ඒ චිත්‍රපටයෙනුත් සමාජයට වැදගත් පණිවුඩයක් ලබා දෙනවා. 
 
සිනමාවෙන් වැඩිපුර ජනප්‍රිය වුණාට ඔබ වේදිකාවත් අමතක නොකළ නළුවෙක්? 
ඔව්.  නරි බුරති, ජයසිරිට පිස්සු සහ ඒකා සාක්කුවේ නමැති වේදිකා නාට්‍ය තුනත් එක්ක මම මේ දිනවල රට වටේ යනවා. 
 
වේදිකා නාට්‍ය වෙනුවෙන් කළ යුතු කැපවීම සහ වැය කළ යුතු කාලය වැඩි වීම වගේ හේතු නිසා බොහෝ නළු නිළියන් වේදිකාවේ රැඳෙන්න කැමති නැහැ. ඇයි ඔබ ඊට වඩා වෙනස් මගක යන්නේ? 
හුඟක් නළු නිළියෝ එවැනි අදහස් දරන බව ඇත්ත. නමුත් මම විශ්වාස කරන විදිහට රංගන ශිල්පියෙක් තමන්ගේ කුසලතා වැඩි දියුණු කරගන්න වේදිකාවේ අභ්‍යාසය ලබා ගත යුතුයි. 
වේදිකාවේ රංගනයෙන් ලැබෙන පන්නරය ටෙලි නාට්‍යයවල රඟපාලා ලබාගන්න අමාරුයි. ඒ නිසයි මම වේදිකාවට ගොඩාක් ආදරය කරන්නේ. 
 
මේ දිනවල සිනමාව පැත්තෙන් නියැළි සිටින වැඩ කටයුතු ගැනත් කතා කරමුද? 
ආසයි මං පියාඹන්න, සුවඳ දැනුණා ජීවිතේ, සහ කුස පබා වැනි ආකර්ෂණීය චිත්‍රපට තිරයට ගෙනා අලංකුලම චිත්‍රපට ඉදිරිපත් කරන අලුත්ම චිත්‍රපටයේ රූගත කිරීම්වලට මේ දිනවල මම දායක වෙනවා. චිත්‍රපටයේ නම ආදර හීනය. එහි ප්‍රධාන චරිතය රඟපාන්නේ මමයි. ඒ විතරක් ‍නෙවෙයි, එහි තිර රචනයත් මගේ. මේ  චිත්‍රපටයෙන් ලංකාවේ සිනමා රසිකයන්ට ලබන වසරේදී දැවැන්ත සිනමා අත්දැකීමක් ලබාගත හැකි වෙනවාට සැකයක් නැහැ. 
 
එතකොට පුබුදුගේ පෞද්ගලික ජීවිතයේ වෙනසක් වෙන්නේ කවදාද? 
විවාහ මංගලෝත්සවය ලබන වසරේ මුල් භාගයේදී විතර පවත්වන්න මමත් මගේ පෙම්වතියත් මේ වෙන කොට සැලසුම් කරලයි තියෙන්නේ. 
 
කිෂාන් කනංකෙ

මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍ය අතරින් වැඩිම ප්‍රේක්ෂක අවධානයක් හිමිකරගෙන තිබෙන ටෙලි නාට්‍ය මොනවාද කියලා විමසා බැලුවොත් ඒ අතර මුල් තැනක් “ස්වාධීන රුපවාහිනියෙන් විකාශය වන “කූඹියෝ” ටෙලි නාට්‍යයට හිමිවන බව රහසක් නොවෙයි. “කූඹියෝ” කෙරෙහි ප්‍රේක්ෂකයන් දක්වන අවධානය, එය විකාශය වන කාල සීමාවට පමණක් සීමා වී නොමැති බව මේ දිනවල සමාජ ජාල වබේ අඩවි පරිහරණය කරන ඕනෑම කෙනෙකුට වැටහෙන කාරණයක්. මොකද බොහෝ දෙනා සමජ ජාල වබේ අඩවි ඔස්සේද කූඹියෝ ගැන සිය අදහස් එළි දැක්වීමට පටන් ගෙන තිබෙනවා. 
අද වන විට ප්‍රේක්ෂකයන් තුළ විශාල පිබිදීමක් ඇති කිරීමට සමත්ව තිබෙන ටෙලි නාට්‍යයක් බවට “කූඹියෝ” පත්ව තිබුණත් ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු නිම කිරීමේ සිට එය ස්වාධීන රූපවාහිනියෙන් විකාශය කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීම දක්වා වූ ගමන නම් “කූඹියෝ” අධ්‍යක්ෂවරයා ඇතුළු කණ්ඩායමට ඒ තරම් සුබදායක එකක් බවට පත්වෙලා නැහැ. මේ නිසාම “කූඹියෝ” ටෙලි නාට්‍යය විකාශය කිරීම සඳහා රූපවාහිනී නාලිකාවක් සොයාගත නොහැකිව වසර දෙකක පමණ කාලයක් නිකරුනේ ගෙවා දැමීමට එහි අධ්‍යක්ෂවරයා වන ලක්මාල් ධර්මරත්නට සිදුවී තිබෙනවා. ඒ පිළිබඳව ඔහු අපට විස්තර කළේ මේ විදිහටයි. 
“ටෙලි නාට්‍යයේ වැඩ නිම කරලා රූපවාහිනී නාලිකා ගානේ යද්දි ඒ ගොඩක් අය මේක තුට්ටු දෙකට ඉල්ලුවා. අපි බලා‍පොරොත්තු වූ මුදල ඔවුන්ගෙන් ලැබුණේ නෑ. සමහර නාලිකා අපට කිව්වා සොරුන්ගේ චරිත ඉස්මතු කරන ටෙලි නාට්‍ය අපි විකාශය කරන්නේ නෑ කියලා. ඒ විදිහට අපේ ටෙලි නාට්‍යය ප්‍රතික්ෂේප වෙමින් තිබියදී තමයි ස්වාධීන රූපවාහිනියට දෙවැනි වතාවටත් ඉදිරිපත් කළ අවස්ථාවේ එහි වත්මන් සභාපති සමන් අතාවුදහෙට්ටි සහ ක්‍රියාකාරි අධ්‍යක්ෂ විමල් කැටිපෙආරච්චි යන මහත්වරුන්ගේ මැදිහත් වීමෙන් එය විකාශය කිරීම සඳහා අවස්ථාව හිමි වුණේ.” 
විවිධ හේතූන් මත දිගින් දිගටම ප්‍රතික්ෂේප වෙමින් තිබුණු ටෙලි නාට්‍යයකට දොරටු විවර කළේ ඇයි කියලා ස්වාධීන රූපවාහිනී සේවයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ විමල් කැටිපෙආරච්චි මහතාගෙන් අපි විමසුවා. 
 
මීට පෙර ප්‍රතික්ෂේප වී තිබූ ටෙලි නාට්‍යයක් වන “කූඹියෝ” සඳහා අවස්ථාව ලබාදීමට තීරණය කළේ ඇයි? 
ටෙලි නාට්‍යය විකාශය කිරීමේදී විවිධ දූෂණ සිදුවන බවට එක්තරා කාලයක ස්වාධීන රූපවාහිනියටත් චෝදනා එල්ල වුණා. මේ නිසා ස්වාධීන රූපවාහිනි සේවයේ වත්මන් සභාපති සමන් අතාවුදහෙට්ටි මහතා තීන්දුවක් ගත්තා ටෙලි නාට්‍යය තෝරා ගැනීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් ඇති කිරීමට. ඒ අනුව පත් කරන ලද කමිටුවක් මගින් ටෙලි නාට්‍යවල ප්‍රමිතිය සහ කලාත්මක අගය යනාදි සාධක ගැන සලකා බලලා ලබාදෙන නිර්දේශයන්ට අනුව තමයි ස්වාධීන රූපවාහිනියෙන් විකාශය කරන  ටෙලි නාට්‍යය මොනවාද කියලා දැන් තීරණය කරන්නේ. “කූඹියෝ” කියන්නෙත් එම ක්‍රමවේදයට අනුව තෝරා ගන්නා ලද ටෙලි නාට්‍යයක්. 
 
ටෙලි නාට්‍යයෙන් කියැවෙන්නේ හොරෙක් ගැන වීම නිසයි ඇතැම් නාලිකා එය ප්‍රතික්ෂේප කර තිබෙන්නේ. ස්වාධීන රූපවාහිනියට එම කාරණය ගැටලුවක් වුණේ නැද්ද? 
කිසිසේත්ම නැහැ ටෙලි නාට්‍යයෙන් කියැවෙන්නේ හොරෙක් ගැනද එහෙමත් නැත්නම් වෙනයම් කෙනෙක් ගැනද කියලා බලලා තීන්දු තීරණ ගන්න විදිහේ ප්‍රාථමික තැනක ඉඳලා, ‍නෙවෙයි දැන් ස්වාධීන රූපවාහිනිය ටෙලි නාට්‍යය තෝරාගන්්නේ්. සමාජයේ කතිකාවක් ඇති කළ හැකි සහ ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කරගත හැකි ටෙලි නාට්‍යයක් නම් ඒ සඳහා අනිවාර්යයෙන්ම ඊට ස්වාධීන රූපවාහිනියේ ඉඩකඩ වෙන් වෙනවා. 
 
සමීක්ෂණ වාර්තාවලට අනුව අද වන විට “කූඹියෝ” ඉදිරියෙන් සිටිනවා කියලා කියන්න පුළුවන්ද? 
සමීක්ෂණ වාර්තාවල ප්‍රතිඵල ලැබෙන්න කාලයක් ගතවෙනවා. නමුත් “කූඹියෝ” ගැන සමාජයේ ඇති වී තිබෙන කතිකාවෙන් අපට වැටහෙනවා, එය අනෙකුත් ටෙලි නාට්‍ය අතර ඉදිරියෙන් සිටින බව. 
 
කිෂාන් කනංකෙ

Page 1 of 26

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 1705

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 2070

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 4889

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 2907

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 1675

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 2548

Please publish modules in offcanvas position.

Web Analytics