Coss Ear2
lakbima.lk
COSS Ear 1

මේ දවස්වල තිරගත වන A/L චිත්‍රපටය බලලා එළියට එන අප කාටත් ආයෙමත් බලන්නට ඕන කියලා හිතෙන දර්ශනයක් තියෙනවා. ඒ තමයි පුංචි ‘සිහිනිට’ ඈනුමක් යන දර්ශනය. ඒ දර්ශනය විතරක්ම නමෛයි චිත්‍රපටය පුරාවටම හරිම හුරතල් විදිහට රඟපාන මේ පුංචි “සිහිනිගේ” රඟපෑම් බලන්න ආයෙමත් සිනමාහලට යන්න අපට හිතෙනවා. ඒ හින්දමයි මේ පුංචි රංගන ශිල්පිනියගේ වැඩිදුර විස්තර හොයන්න අපිට හිතුණේ. 
 
ඉස්සෙල්ලාම අපිට සිහිනි ගැන විස්තර ටිකක් කියන්නකෝ ? 
සිහිනි කියලා හැමෝම මට කතා කළාට මගේ ඇත්තම නම ජාන්වී අප්සාරි අබේවර්ධන. මම ඉගෙන ගන්නේ මිනුවන්ගොඩ ධම්මාරාම ප්‍රාථමික විද්‍යාලයේ. මම දෙක වසරේ ඉගෙන ගන්නේ. 
 
පුංචි දුවගේ රඟපෑම් දැක්කට පස්සේ, ගෙදර අය, යාළුවෝ එහෙම මොකද කිව්වේ? 
මට ඒ හැමෝම කිව්වා ජාන්වි බබා ගොඩක් ලස්සනට ඇක්ට් කරනවා කියලා. ඒ විතරක් නමෛයි. සමහරු මට ආ....ඈනුමක් ඇරලා පෙන්නන්නකෝ කියලත් විහිළු කරනවා. 
 
මතකද ජාන්විට චිත්‍රපටයේ ඈනුමක් අරින්න තිබුණු දර්ශනය ? 
ඔව්, කැමරා එහෙම රෙඩි කරලා, රොහාන් මාමා මට කිව්වා “සිහිනි බබා” කෝ ඔන්න ඈනුමක් අරින්නකෝ කියලා. ඒ කියනවාත් එක්කම මට ඇත්තටම ඈනුමක් ගියා. 
සෙට් එකේ මාමලා ඔක්කොම කිව්වා ඒ දර්ශනය හොඳට ආවා කියලා. 
 
දුව ලොකු වුණාම කවුරු වෙන්නද කල්පනාව ?
මම  කැමතියි මේකප් කරන්න. ඒ නිසා මේකප් ආටිස් කෙනෙක් වෙන්න කැමතියි. ඔය අතරේ රඟපාන්නත් කැමතියි. 
 
දැන් අපිට කියන්න බලන්න ජාන්වි රඟපාපු නිර්මාණවල නම් මොනවද කියලා? 
“ත්‍රිමාණ එකේ ෂෙනූට”, “ප්‍රාණ එකේ මතිට”, “හාරකෝටියේ දෝණිට”, “කඩවර අඩවියේ විජය බණ්ඩාර පුංචි කුමාරයාට” මම රඟපෑවා. එතකොට “පපා හවුස්’’ කියන ෆිල්ම් එකේ මම ප්‍රධාන චරිතේටත් රඟපෑවා. ත්‍රිමාණ එකයි, කඩවර අඩවියයි, පපා හවුස් එකයි පෙන්වනකන් ආශාවෙන් බලාගෙන ඉන්නේ. එතකොට මේ දවස්වල යන “කෝටිපතියෝ’’ ටෙලි නාට්‍යයේත් මම රඟපානවා. 
 
මේ වගේ අභියෝගාත්මක චරිතයකට මම මගේ දුවව යොමු කළේ චිත්‍රපටයේ රඟපාන දැවැන්තයන් ගැන හිතලා 
 
ජාන්විගේ තාත්තා ශම්මි අබේගුණවර්ධන
 
A/L චිත්‍රපටයේදී ජාන්වි නිරුපණය කරන්නේ අනිසි ලිංගික බලපෑමක් නිසා අසාධාරණයට ලක්වූ පුංචි දියණියකගේ චරිතයක්. තාත්තා කෙනෙක් විදිහට මේ වගේ චරිතයකට දුවව යොමු කරන කොට බය හිතුණේ නැද්ද? 
මම එතනදී සැලකිලිමත් වුණේ දුව එක්ක රඟපාන අනිත් චරිත ගැන. ජයලත් මනෝරත්න, ජයනි සේනානායක, තුමිඳු දොඩම්තැන්න, උමාලි තිලකරත්න, චාන්දනී සෙනෙවිරත්න වගේ රටේ පිළිගත් දැවැන්ත චරිත තමයි A/L චිත්‍රපටයේ රඟපාන්නේ. මේ නිර්මාණයෙන් සමාජයට වැරදි දෙයක් දෙනවා නම් ඒ වගේ දැවැන්තයන් මෙහි රඟපාන්නේ නැහැනේ. විශේෂයෙන් ජයලත් මනෝරත්න සර් හරහා තමයි චිත්‍රපටයේදී සිහිනිට අසාධාරණයක් වෙන්නේ. ජයලත් මනෝරත්න සර් කියන්නේ, ක්‍ෂේත්‍රයේ ගෞරවාන්විතව ජීවත් වෙන පියෙක්. එතුමා පවා විශාල අවදානමක් අරගෙන මේ වගේ චරිතයක් කරනකොට මං කල්පනා කරලා බැලුවා. මේ චිත්‍රපටයෙන් සමාජයට දෙන හොඳ පණිවුඩය දිහාත්. සමහර විට මේ වගේ දැවැන්තයෝ නැතිව මේ චිත්‍රපටයේ වෙන ආධුනිකයෝ පිරිසක් රඟපෑවා නම් මම දුවව ඒ සඳහා යොමු කරනවද කියලා දෙපාරක් වුණත් හිතන්න ඉඩ තිබුණා. 
 
ඒ වෙලාවේ මට මගේ පපුව පළාගෙන යන තරමේ දුකක් දැනුණා
 
ජාන්විගේ අම්මා නයනමාලි අබේවර්ධන 
 
අම්මා කෙනෙක් විදිහට A/L චිත්‍රපටයේ දුවගේ රඟපෑම් දකිනකොට මොකද හිතුණේ ? 
දුව ගැන පුදුම සතුටක්, ඒ වගේම හරිම ආඩම්බරයක් දැනුණා. ඒත් එක්කම මට ලොකු දුකකුත් දැනුණා. චිත්‍රපටයේ එක දර්ශනයක් තිබ්බා දුවට රිදුමක් ඇතිවෙලා බබාට රිදෙනවාද කියලා අහපු අවස්ථාවක්. ඒ වෙලාවේ මට මගේ පපුව පලාගෙන යන තරමේ දුකක් හිතුණා. “අනේ පව් මගේ දෝණි” කියලා ළඟට දුවලා ගිහිං බදා ගන්න හිතුණා. ඒත් උමාලි නංගි බබාව හොඳින් බලාගත්තා. ඒවගේ රූපගත කරන අවස්ථාවේදී A/L චිත්‍රපට කණ්ඩායම බබාව හොඳින් ආරක්ෂා කළා. එයාලට විශේෂ ස්තූතියක් කරන්නත් මම මෙය අවස්ථාවක් කරගන්නවා. 
 
සමන්මලී නැලිගම

රෝහණ වීරසිංහ කියන නම මේ රටේ හැමදෙනාම හොඳින් දන්නවා. අපේ රටේ සිටින දක්ෂ ජනප්‍රිය සංගීතවේදියෙකු විදියටයි ඒ නම කා අතරත් ප්‍රසිද්ධ වී තිබෙන්නේ. රෝහණ වීරසිංහයන්ගේ  වැඩිමහල් පුතණුවන් වන කළිඳු වීරසිංහ කියන නම නම් මේ රටේ එතරම් ජනප්‍රිය නැහැ. නමුත් ටික කලක් යනකොට තාත්තාගේ නම තරමට මේ නමත් මේ රටේ ජනප්‍රිය වෙන්න පුළුවන්. එහෙම වෙන්න යන හේතුව ගැන තමයි අපි අද ඔබට කියන්න යන්නේ. 
 
ඔබේ ගී තණු ඇතුළත් තාරකා මල් සංයුක්ත තැටියට ඇතුළත් ගීත ගැන මුලින්ම අපි කතා කරමු?
මේ වෙද්දී මම ගීත 40ක විතර ගී තනු නිර්මාණය කරලා තියෙනවා. ඒ අතුරින් තෝරා ගත්තු ගීත  19ක් තමයි තාරකා මල් සංයුක්ත තැටියට ඇතුළත් කරලා තියෙන්නේ. බන්දුල නානායක්කාරවසම් තිළිණි හේවාවසම්, කැළුම් ශ්‍රීමාල්, අසංක රුවන් සාගර, කුලරත්න ආරියවංශ, වරුණ සචින්ද්‍ර, වරුණ කාවින්ද, සුධීර ද සිල්වා, රවි සිරිවර්ධන යන ගීත රචකයන් රචනා කළ ගීත මේ අතර වෙනවා. නන්දා මාලනී, අමරසිරි පීරිස්, එඩ්වඩ් ජයකොඩි, කරුණාරත්න දිවුල්ගනේ, සුනිල් එදිරිසිංහ, උරේෂා රවිහාරි, චන්දන ලියනආරච්චි, ශෂිකා නිසංසලා, දයාන් විතාරණ, නදීක ජයවර්ධන, සමිතා මුදුන්කොටුව, සෙව්වන්දිකා අබේරත්න, හර්ෂණ දිසානායක වගේම තාත්තා (රෝහණ වීරසිංහ) ගායනා කරන්න එකතු වෙනවා. 
 
තාරකා මල් ජනගත කරන්නේ? 
ජනවාරි 13 වැනිදා හවස 5ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී මහාචාර්ය සුනිල් ආරියරත්න හා විශාරද නන්දා මාලනීගේ ප්‍රධානත්වයෙන් තාරකා මල් සංයුක්ත තැටිය ජනගත කෙරෙනවා. රවී සිරිවර්ධන හා බන්ධුල නානායක්කාරවසම් දෙසුම් පවත්වන අතර අමරසිරි පීරිස් සුනිල් එදිරිසිංහ එඩ්වඩ් ජයකොඩි, දයාන් විතාරණ, නෙලූ අධිකාරි, කරුණාරත්න දිවුල්ගනේ, රවීන් කණිෂ්ක, උරේෂා රවිහාරි, නදීක ජයවර්ධන, දුමාල් වර්ණකුලසූරිය මෙහි ගී ගයනවා. මගෙ රසික පිරිසටත් මේ සඳහා සහභාගි වෙන්න පුළුවන්. 
 
කළිඳුටත් හොඳ ගායන හැකියාවක් තියෙනවා. ඇයි ඒ තුළින් යමක් කරන්න උත්සාහ නොකරන්නේ? 
තාත්තාටත් ගායන හැකියාවක් තියෙනවා. ඒත තනු නිර්මාණයට යොමු වුණාම තණුවට සුදුසුම ගායකයා ලවා ගීතය ගායනා කරවිය යුතුයි කියා හිතුවා. ඒ හින්දයි තාත්තා ගායනයට අඩු  දායකත්වයක් දැක්වූයේ. මටත් වුණේ ඒ දේම තමයි. තනු නිර්මාණය කරද්දී හිතුණා නිර්මාණය පුළුල් බව. ඒත් මම මේ වන විට ගීත කීපයක් ගායනා කරලා තියෙනවා. නමුත් ඒවා ජනප්‍රිය නැහැ. අද සුභාවිත ගීතයට ලොකු ඉඩක් මාධ්‍යය තුළ නැහැනේ. ජනප්‍රිය කරවන්න වෙනම ක්‍රමවේදයක් තියෙනවානේ. මට සල්ලි දීල මගේ සින්දු ජනප්‍රිය කරවන්න අවශ්‍ය නැහැ. 
 
කළිඳුට සංගීත පසුබිම නුහුරු දෙයක් ‍නෙවෙයි. සංගීත ජීවිතය ගොඩනගන්න තාත්තාගෙන් ලොකු පිටිවහලක් ලැබෙන්න ඇති?
පුංචි කා‍ලේ ඉඳන්ම අපේ ගෙදර තිබුණේ සංගීත පසුබිමක්. පසු කා‍ලේ මම තාත්තා එක්ක සංගීත වැඩවලට ගිහින් තියෙනවා. අශෝක විදුහ‍ලේ වගේම ආනන්ද විදුහ‍ලේ ඉගෙන ගන්න කා‍ලේ මම සංගීතයට සම්බන්ධ වෙලා ගොඩක් දේවල් කළා. ලෙස්ලි විජේවික්‍රම සර් හා ධම්මිකා කරුණාරත්න ටීචර් යටතේ සංගීතය දියුණු කරගන්න අවස්ථාව ලැබුණා. 2009දී පියපුතු සංයුක්ත තැටියට තාත්තාගේ ගීත 8කුයි මගේ ගීත 4කුයි. මල්ලිගේ ගීත 4කුයි, ඇතුළත් වුණා. හැබැයි තාත්තා නිතරම කිවුවේ මගේ ගමන මට හදාගන්න කියලයි. 
 
ඒ වගේ මූලාරම්භයක් ලබලා ඇයි ඔබ රට හැර ගියේ? 
මම දැනට ඔස්ට්‍රේලියාවේ රැකියාව කරනවා. මගේ බිරිඳ චලනි වීරසිංහ, සඳලි හා උවිඳු පුතාලා සමග ඕස්ට්‍රේලියාවේ හිටියට අපි වසරකට වතාවක් ඇවිල්ලා සංගීත කටයුතු කරනවා. දුවට හොඳ ගායන හැකියාවක් තියෙනවා. මොනවාද මුත්තේ මොකද කරන්නේ ගීතය මගේ දුව හා මගේ තාත්තා නැවත ගයන්නයි සූදානම. 
 
චන්ද්‍රලතා තන්ත්‍රිගේ 

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 2212

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1229

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5384

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 3115

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 5207

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 6464

Please publish modules in offcanvas position.