Coss Ear2
lakbima.lk
COSS Ear 1

ෂේන් සිංග් කියන්නේ අපට නුහුරු කෙනෙක් ‍නෙවෙයි. ගායනය, ප්‍රාසාංගිකත්වය පමණක් නොවෙයි ඇඳුමින් පැලඳුමෙන් පවා තමන්ටම ආවේණික අනන්‍යතාවයක් ගොඩ නගාගත් ෂේන් දශක එක හමාරකටත් වැඩි කාලයක් තිස්සේ තමන්ගේ ජනප්‍රියත්වය රඳවා ගත් සංගීත ශිල්පියෙක්. ෂේන් සිංග්ට ආදරේ කරන රසික රසිකාවියන් බොහෝ දෙනෙකුගේ ඉල්ලීමක් ඉටු කරන්නයි අපි අද මේ විදියට ඔහුව රිද්ම කතා බහකට එකතු කරගත්තේ. 
 
“ෂේන් සිංග්” කියන්නේ සංගීත කණ්ඩායම් ඔස්සේම තමන්ගේ ගායන ජීවිතය ගොඩනගා ගත් කෙනෙක්. අපි එහෙම කිව්වොත් හරිද? 
ඔව්. එහෙම කිව්වට වැරදි නැහැ. මම මුලින්ම ක්‍ෂේත්‍රයට ආවේ සමන් අයියාගේ (සමන් ද සිල්වාගේ) “සමන් ඇන්ඩ් ද ක්ලැන්” සංගීත කණ්ඩායම හරහා. හැබැයි ඊට කලින් පාසල් යන කා‍ලේ ඉඳන්ම විවිධ සංගීත කණ්ඩායම්වලට එකතුවෙලා ගී ගැයුවා. ඉන් පස්සේ මහින්ද අයියාගේ “සුපර් ස්ටාර්” කණ්ඩායමේ සහ සංගීත් අයියගේ “සනිධප” කණ්ඩායමේ  රැඳිලා හිටියා. “වායෝ” සංගීත කණ්ඩායම හදන්නත් මමයි සංගීත් අයියයි මුල් වුණේ. මේ වෙන කොට මට මගේම “Line one” කියලා සංගීත කණ්ඩායමක් තියෙනවා. 
 
පසුගිය කා‍ලේ ෂේන් හා සංගීත් අමනාප වූ බවට රාවයකුත් පැතිරිලා ගියා නේද? 
ඒක සම්පූර්ණ බොරු කතාවක්. අදටත් අපි කතා බහ කරනවා. මුණගැහෙනවා. ඒ යාළුකම ඒ විදියටම තියෙනවා. 
 
එහෙනම් සංගීත්ගෙන් වෙන් වුණේ තනියම ජනප්‍රිය වෙන්නද? 
නැහැ. මම හැමදාම ආශා කරපු ස්ටයිල් එකක් තියෙනවා. ඒ තමයි “රෙගේ ඇන්ඩ් රොක්” ස්ටයිල් එක. මම ඒ ස්ටයිල් එකට අනුව මගේම සංගීත කණ්ඩායමක් නිර්මාණය කළා. 
 
ගායකයෙක් විදියට ෂේන් ගයා ඇති ගීත ප්‍රමාණය ඉතාමත් අඩුයි. ඇයි ඒ? 
මම දැන් ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු 15යි. ඒත් මගේ ගීත ප්‍රමාණය ඇහුවොත් කෙනෙකුට පුදුම හිතෙයි. මුලින්ම ගැයුවේ “සංවේදනා” ගීතය ඒ 2015දී. ඉන් පසු “බොබ් මා‍ලේ” ගීතය ගායනා කළා. ඉන් පසුව “ආදරේ වේදනා” හා “අළු යට ගිනි” ගීත ගැයුවා. ඔයට අමතරව “අපි කවුරුද” ගීතයේ කවර් වර්ෂන් එකක් කළා. ඒත් මම තාමත් අවුරුදු 15ක් ක්‍ෂේත්‍රය තුළ රැඳිලා ඉන්නවා. ක්‍ෂේත්‍රය තුළ පවතින්නට ගීත මහ ගොඩක් කිරීම අත්‍යවශ්‍ය නැහැ.  
 
ෂේන් වසර පහළොවක් සංගීත ක්‍ෂේත්‍රයේ රැඳී සිටිනවා. ඔබෙන් පසුව  ක්ෂේත්‍රයට ආ අය ගැන මොනවාද කියන්න තියෙන්නේ? 
දක්ෂතා ඇති අය ගොඩක් ඉන්නවා. ඒත් පැවැත්ම හදාගන්න දක්ෂතාවය වගේම තමා තුළ තියෙන නිහතමානීකමත් වැදගත්. ඒ වගේම ක්ෂේත්‍රය ගැන අවබෝධයකුත් අවශ්‍යයි. නදිමාල් පෙරේරා, සනුක වික්‍රමසිංහ, ප්‍රදි සංදීප්ත වගේ අය ගැන බලා‍පොරොත්තු තියාගන්න පුළුවන්. ගායිකාවන් ගත්තොත් උමාරියා, විශ්මි ගුණතිලක වැනි අය ක්‍ෂේත්‍රය තුළ හොඳ ගමනක් යා හැකි අය. 
 
මෑත කාලයේ නවකයින්ට ගායනයට ඒමට දොරටුවක් වුණේ රියැලිටි තරගයි. දක්ෂ නවකයින් ගැන කතා කරද්දී ෂේන්ගේ මුවින් එක රියැලිටි තරගකරුවෙක්ගේ නමක්වත් කියවුණේ නැහැ? 
(හිනැහී) රියැලිටි තරග කියන්නේ රූපවාහිනී ආයතන තමන්ගේ අභිමතාර්ථ වෙනුවෙන් කරන වැඩක්. මේ රියැලිටි තරග සඳහා ඉදිරිපත්වන ගායකයන්ගෙන් එදා දවසට මාකට් කරන්න පුළුවන් සුදුසුම කෙනා තෝරා ගෙන එයාව මාකට් කරලා මාධ්‍ය ආයතන ලාභ උපයා ගන්නවා. ඉන් පසුව එයාව විසි කරලා දානවා. අවබෝධයක් නැතිව ලැබුණු ජනප්‍රියත්වය හා සල්ලි එක්ක ගනුදෙනු කළ නවකයින් ඉබේම විසි වෙලා යනවා. අද වන විට අපේ රටේ තියෙන රූපවාහිනී නාලිකා මේ වන විට රියැලිටි ගායනා තරග 20ක් වත් පවත්වා ඇති. ඒ තුළින් තරු 20ක් විතර එන්නත් ඇති. ඒත් මට දැනෙන විදියට රැඳිලා ඉන්නේ ශිහාන් මිහිරංග විතරයි. 
මම මුලින් කී තත්ත්වය තේරුම් අරගෙන තමන්ගේ ගමන හදා ගත්තු හින්දයි ශිහාන් වුණත් මේ විදිහට සංගීත ලෝකයේ රැඳිලා ඉන්නේ. 
 
ඔබේ පෞද්ගලික ජීවිතේ තොරතුරු ගැන කතා කළොත්? 
මම ඉපදුනේ බොරැල්‍ලේ. දැන් පදිංචිය කඳානේ. ගම්පහ ශාන්ත පීතර විදුහලින් හා කොළඹ ශාන්ත පීතර විදුහලින් තමයි මම අධ්‍යාපනය ලැබුවේ. දැන් නම් මගේ ජීවිතයම වෙලා තියෙන්නේ සංගීතය තමයි. 
 
ආදරය හා විවාහය ගැන කතා කළොත්? 
(හිනැහී) මට හිතෙන්නේ ඒ වගේ දේවල් අපි රටට අණ බෙර ගහලා කියන්න වුවමනා නැහැ. වැදගත් අපි කලාව තුළ කරන දේවල් මිසක් පෞද්ගලික දේවල් නමෛයි. මම හිතන්නේ එහෙමයි. 
 
ආරියවංශ කුලතිලක  

මේ දවස්වල තිරගත වන A/L චිත්‍රපටය බලලා එළියට එන අප කාටත් ආයෙමත් බලන්නට ඕන කියලා හිතෙන දර්ශනයක් තියෙනවා. ඒ තමයි පුංචි ‘සිහිනිට’ ඈනුමක් යන දර්ශනය. ඒ දර්ශනය විතරක්ම නමෛයි චිත්‍රපටය පුරාවටම හරිම හුරතල් විදිහට රඟපාන මේ පුංචි “සිහිනිගේ” රඟපෑම් බලන්න ආයෙමත් සිනමාහලට යන්න අපට හිතෙනවා. ඒ හින්දමයි මේ පුංචි රංගන ශිල්පිනියගේ වැඩිදුර විස්තර හොයන්න අපිට හිතුණේ. 
 
ඉස්සෙල්ලාම අපිට සිහිනි ගැන විස්තර ටිකක් කියන්නකෝ ? 
සිහිනි කියලා හැමෝම මට කතා කළාට මගේ ඇත්තම නම ජාන්වී අප්සාරි අබේවර්ධන. මම ඉගෙන ගන්නේ මිනුවන්ගොඩ ධම්මාරාම ප්‍රාථමික විද්‍යාලයේ. මම දෙක වසරේ ඉගෙන ගන්නේ. 
 
පුංචි දුවගේ රඟපෑම් දැක්කට පස්සේ, ගෙදර අය, යාළුවෝ එහෙම මොකද කිව්වේ? 
මට ඒ හැමෝම කිව්වා ජාන්වි බබා ගොඩක් ලස්සනට ඇක්ට් කරනවා කියලා. ඒ විතරක් නමෛයි. සමහරු මට ආ....ඈනුමක් ඇරලා පෙන්නන්නකෝ කියලත් විහිළු කරනවා. 
 
මතකද ජාන්විට චිත්‍රපටයේ ඈනුමක් අරින්න තිබුණු දර්ශනය ? 
ඔව්, කැමරා එහෙම රෙඩි කරලා, රොහාන් මාමා මට කිව්වා “සිහිනි බබා” කෝ ඔන්න ඈනුමක් අරින්නකෝ කියලා. ඒ කියනවාත් එක්කම මට ඇත්තටම ඈනුමක් ගියා. 
සෙට් එකේ මාමලා ඔක්කොම කිව්වා ඒ දර්ශනය හොඳට ආවා කියලා. 
 
දුව ලොකු වුණාම කවුරු වෙන්නද කල්පනාව ?
මම  කැමතියි මේකප් කරන්න. ඒ නිසා මේකප් ආටිස් කෙනෙක් වෙන්න කැමතියි. ඔය අතරේ රඟපාන්නත් කැමතියි. 
 
දැන් අපිට කියන්න බලන්න ජාන්වි රඟපාපු නිර්මාණවල නම් මොනවද කියලා? 
“ත්‍රිමාණ එකේ ෂෙනූට”, “ප්‍රාණ එකේ මතිට”, “හාරකෝටියේ දෝණිට”, “කඩවර අඩවියේ විජය බණ්ඩාර පුංචි කුමාරයාට” මම රඟපෑවා. එතකොට “පපා හවුස්’’ කියන ෆිල්ම් එකේ මම ප්‍රධාන චරිතේටත් රඟපෑවා. ත්‍රිමාණ එකයි, කඩවර අඩවියයි, පපා හවුස් එකයි පෙන්වනකන් ආශාවෙන් බලාගෙන ඉන්නේ. එතකොට මේ දවස්වල යන “කෝටිපතියෝ’’ ටෙලි නාට්‍යයේත් මම රඟපානවා. 
 
මේ වගේ අභියෝගාත්මක චරිතයකට මම මගේ දුවව යොමු කළේ චිත්‍රපටයේ රඟපාන දැවැන්තයන් ගැන හිතලා 
 
ජාන්විගේ තාත්තා ශම්මි අබේගුණවර්ධන
 
A/L චිත්‍රපටයේදී ජාන්වි නිරුපණය කරන්නේ අනිසි ලිංගික බලපෑමක් නිසා අසාධාරණයට ලක්වූ පුංචි දියණියකගේ චරිතයක්. තාත්තා කෙනෙක් විදිහට මේ වගේ චරිතයකට දුවව යොමු කරන කොට බය හිතුණේ නැද්ද? 
මම එතනදී සැලකිලිමත් වුණේ දුව එක්ක රඟපාන අනිත් චරිත ගැන. ජයලත් මනෝරත්න, ජයනි සේනානායක, තුමිඳු දොඩම්තැන්න, උමාලි තිලකරත්න, චාන්දනී සෙනෙවිරත්න වගේ රටේ පිළිගත් දැවැන්ත චරිත තමයි A/L චිත්‍රපටයේ රඟපාන්නේ. මේ නිර්මාණයෙන් සමාජයට වැරදි දෙයක් දෙනවා නම් ඒ වගේ දැවැන්තයන් මෙහි රඟපාන්නේ නැහැනේ. විශේෂයෙන් ජයලත් මනෝරත්න සර් හරහා තමයි චිත්‍රපටයේදී සිහිනිට අසාධාරණයක් වෙන්නේ. ජයලත් මනෝරත්න සර් කියන්නේ, ක්‍ෂේත්‍රයේ ගෞරවාන්විතව ජීවත් වෙන පියෙක්. එතුමා පවා විශාල අවදානමක් අරගෙන මේ වගේ චරිතයක් කරනකොට මං කල්පනා කරලා බැලුවා. මේ චිත්‍රපටයෙන් සමාජයට දෙන හොඳ පණිවුඩය දිහාත්. සමහර විට මේ වගේ දැවැන්තයෝ නැතිව මේ චිත්‍රපටයේ වෙන ආධුනිකයෝ පිරිසක් රඟපෑවා නම් මම දුවව ඒ සඳහා යොමු කරනවද කියලා දෙපාරක් වුණත් හිතන්න ඉඩ තිබුණා. 
 
ඒ වෙලාවේ මට මගේ පපුව පළාගෙන යන තරමේ දුකක් දැනුණා
 
ජාන්විගේ අම්මා නයනමාලි අබේවර්ධන 
 
අම්මා කෙනෙක් විදිහට A/L චිත්‍රපටයේ දුවගේ රඟපෑම් දකිනකොට මොකද හිතුණේ ? 
දුව ගැන පුදුම සතුටක්, ඒ වගේම හරිම ආඩම්බරයක් දැනුණා. ඒත් එක්කම මට ලොකු දුකකුත් දැනුණා. චිත්‍රපටයේ එක දර්ශනයක් තිබ්බා දුවට රිදුමක් ඇතිවෙලා බබාට රිදෙනවාද කියලා අහපු අවස්ථාවක්. ඒ වෙලාවේ මට මගේ පපුව පලාගෙන යන තරමේ දුකක් හිතුණා. “අනේ පව් මගේ දෝණි” කියලා ළඟට දුවලා ගිහිං බදා ගන්න හිතුණා. ඒත් උමාලි නංගි බබාව හොඳින් බලාගත්තා. ඒවගේ රූපගත කරන අවස්ථාවේදී A/L චිත්‍රපට කණ්ඩායම බබාව හොඳින් ආරක්ෂා කළා. එයාලට විශේෂ ස්තූතියක් කරන්නත් මම මෙය අවස්ථාවක් කරගන්නවා. 
 
සමන්මලී නැලිගම
IMAGE

මට දැන් තාත්තා ගැන තියෙන්නේ අනුකම්පාවක් විතරයි

IMAGE 2018 Feb 18 10:28
ආචාර්ය  වික්ටර් රත්නායකයන්ගේ පුතුන් දෙදෙනා වන ජයන්ත සහ ලෙලුම් ගැන අද වෙද්දී මුළු රටම...
Views - 32

ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීම සොයුරාගේ සැලසුමක් -...

IMAGE 2018 Feb 16 13:54
හත්දෙනෙකුට මරු කැඳවමින් පසුගිය (14) දා ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය...
Views - 2968

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 6225

හෙදිය සමූහ දූෂණයට විනයාරක්ෂක කපිතාන් අල්ලයි

IMAGE 2018 Feb 14 23:55
රංචු ගැසී පුද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‍පොලීසියට...
Views - 5200

ඡන්ද ප්‍රතිඵල වලින් පස්සෙ සමහරුන් බුම්මාගෙන ඉන්නේ ඇයි?

IMAGE 2018 Feb 14 13:39
මෙවර පළාත් පාලන ඡන්දයේ දී මෙන්ම  සෑම මැතිවරණයකදීම කිසියම් පිරිසක් ජයග්‍රහණය කරන විට ඊට...
Views - 3115

හොර හැඳුනුම් පතක් ගෙන ප්‍රේම ලෝකයට බසින 'වැලන්ටයින්'

IMAGE 2018 Feb 14 09:22
පෙම්වතුන් පෙම්වතියන් අතර හෝ අඹු සැමියන් අතර පවත්නා ආදරය ලිංගිකත්වය හා අනුරාගය මත පදනම් වූ...
Views - 3069

Please publish modules in offcanvas position.