Coss Ear2
lakbima.lk
COSS Ear 1

“මම අවුරුදු කුමාරි තරගාවලි දෙකකින්ම ජයග්‍රහණය හිමි කරගත්තා. 2016 ITN අවුරුදු කුමාරි දෙවන ස්ථානය වගේම, 2017 රූපවාහිනී අවුරුදු කුමාරි දෙවන ස්ථානය දිනා ගන්නට මම වාසනාවන්ත වුණා. ඒ තරගාවලි දෙකම සඳනිව අද මුළු රටම හඳුනාගන්න උදා වූ සුවිශේෂී අවස්ථා දෙකක් විදිහට මම දකිනවා. 2016 අවුරුදු කුමාරි දවෛනි ස්ථානය දිනා ගැනීමත් එක්කම වෙළෙඳ දැන්වීම් ගණනාවකටම මට අවස්ථාව ලැබුණා. ඒ වගේම සඳනිව ජනප්‍රිය රංගන ශිල්පිනියක් බවට පත් කළ හාරකෝටිය රශ්මි ගේ චරිතයට සුදුසුකම් සපුරලා දුන්නෙත් අවුරුදු කුමාරි තරගාවලිවලින් මා ලැබූ ජයග්‍රහණ බව කියන්නම ඕනේ. 2016 වගේම, 2017 කියන තරගාවලි දෙකට අදාළවම පළ වුණ දැන්වීම් දැක්කම මට අදටත් ගොඩක් ආසා හිතෙනවා. අවුරුදු කුමාරි තරගාවලි හරහා කලාවට එන්නට ලොකු ඉඩකඩක් අද සමාජයේ තියෙනවා.
මම දකින විදිහට අද ක්ෂේත්‍රයේ ඉන්න නවකයන් බොහෝ දෙනකුට රංගන ක්ෂේත්‍රයේ දොරකවුළු විවර කර දීලා තියෙන්නේ මේ කියන “අවුරුදු කුමරා - කුමාරි තරගාවලි”. ඉතින් මම ආරාධනා කරනවා මේ වගේ තරග සඳහා කාටත් ඉදිරිපත් වෙන්න කියලා. මොකද මේ තරග හරහා ඔබටත් මට වගේම රංගනය කියන හීනය හැබෑ කරගන්න පුළුවන්කම ලැබේවි.” 
 
සමන්මලී නැලිගම

මේ දවස්වල සෙනසුරාදා සහ ඉරිදා දිනවල රාත්‍රි 8.00ට ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වන මහරජ කන්සා බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් ටෙලි වෘතාන්තයක්. පරමාවතාර් ශ්‍රී ක්‍රිෂ්ණන් නමැති හින්දි ටෙලි නාට්‍යය මහරජ කන්සා නමින් සිංහලට පරිවර්තනය කරලා ස්වර්ණවාහිනිය වෙනුවෙන් නිෂ්පාදනය කරන්නේ චාරුක සුරවීර විසිනුයි. මේ ටෙලි නාට්‍ය මාලාවේ ප්‍රධානතම ඉන්දියානු ටෙලි නාට්‍යයේ චරිතයක් වන කතාවේ කන්සාට සිංහල හඬ මුසු කරන්නේ සුදර්ශන බණ්ඩාරයි. වේදිකා, සිනමා, ටෙලි නාට්‍ය වගේම ගුවන් විදුලි ශිල්පියෙකු ලෙසත් තමන්ගේ රංගන කුසලතා මතු කර ඇති සුදර්ශන අපි අද රිද්ම කතා බහකට එකතු කරගත්තේ මේ තරම් අපූරුවට එම චරිතයට හඬ කවන්නේ කොහොමද කියලා දැනගන්නයි. 
 
මහරජ කන්සාට බොහෝ දෙනෙක් වෛර කරනවා. ඒත් ඔබ කන්සාට හඬ කවනවා. කොහොමද ලැබෙන  ප්‍රතිචාර? 
ඒ ගැන කියන්න වචන නෑ. සමහරු මටත් බණිනවා. තවත් කෙනෙක් මාව අගය කරලා කතා කරනවා. ඒ කොහොම වුණත් මම ඉතා ආශාවෙන් හඬ කැවූ චරිතයක් තමයි මේ. ඒකටත් හේතු කීපයක්ම තියෙනවා. 
 
මොනවාද ඒ 
මෙම නාට්‍යයේ ප්‍රධාන චරිතය ක්‍රිෂ්ණා. එය ක්‍රිෂ්ණ දෙවිඳුන්ගේ කතාව. නමුත් ටෙලි නාට්‍යය නම් කරලා තියෙන්නේ මහ රජ කන්සා විදියට. කතාව තුළ කන්සා රජුගේ චරිතය ප්‍රබලව මතුවීම ඊට හේතුවයි. ඒ වගේ ප්‍රබල චරිතයකට දායක වීමට ලැබිම මට ඉතා සතුටක්. ඒ හින්දයි මම මෙම චරිතයට ආශාවෙන් සම්බන්ධ වෙන්නේ. ඒ වගේම තමයි මුල් ටෙලි නාට්‍යයේ මෙම චරිතය රඟපාන නළුවා ඉදිරිපත් කරන්නේ හරිම සුවිශේෂී රංගනයක්. ඔහු අති දක්ෂ රංගන ශිල්පියෙක්. දෙබසක් ගානේ මුහුණේ හැඟීම් පවා ඔහු වෙනස් කරනවා. ඒ වගේ චරිතයක් සිංහලට හඬ මුසු කරද්දී හඬ නළුවාටත් ප්‍රබල  රංගනයක් කරන්න වෙනවා. ඒකත් මම මෙම නාට්‍යයට දායක වීමට කැමති තවත් හේතුවක්. 
 
සුදර්ශනට මහරජ කන්සා වීමට අවස්ථාව ලැබුණේ කොහොමද? 
චාරුක සුරවීර සහ චන්දන වරාවිටගේ තමයි මට කතා කළේ. ඒ වන විටත් ජනප්‍රිය හඬ නළුවන් 25ක් පමණ මේ චරිතය සඳහා සුදුසුද කියලා හඬ පරීක්ෂණ කරලා තියෙනවා. මමත් ගිහින් කොටසක් හඬ කැවීම් කළා. ඒ චරිතයට සුදුසුම මගේ හඬ බව ඒ අය තීරණය කළ හින්දා මට කන්සාගේ චරිතයට හඬ කවන්න ලැබුණා. 
 
සුදර්ශන මින් පෙර හඬ කැවූ වෙනත් නිර්මාණ මොනවාද? 
මේ වන විට විදෙස් නිර්මාණ විශාල ප්‍රමාණයක හඬ කැවීම් සිදු කරලා තියෙනවා. මේ ආදරයයි ටෙලි නාට්‍යයේ සුබ්බුගේ චරිතය, මහගෙදර ටෙලි නාට්‍යයේ තුල්සිගේ බාල පුතාගේ චරිතය. ඒවා අතරින් ගොඩක් ජනප්‍රිය වුණා. ඒත් මේ හැම එකකටම වඩා විශාල ප්‍රතිචාරයක් අද මහරජ කන්සාට ලැබෙනවා. 
 
හඬ කැවූ විදෙස් ටෙලි නාට්‍යවලට බණින අය සිටිනවා. හඬ කැවීම්වලට දායකවීම දැඩිව විවේචනය කරන නළු නිළියන් ඉන්නවා. ඔබ මේ ගැන මොකද කියන්නේ? 
සිනමාව, වේදිකාව, ගුවන් විදුලි නාට්‍යය යන හැම මාධ්‍යයකම වගේ හඬ කැවීම් තුළත්  කරන්නේ රංගනයක්. එය වැරදි යැයි මට නම් හිතෙන්නේ නැහැ. හඬ කැවූ ඉන්දීය ටෙලි නාට්‍ය විකාශය ගැන වර්තමානයේ ලොකු කතිකාවක් තියෙනවා. ටෙලි නාට්‍යවලට දායක කලාකරුවකු විදියට මට ඒ ගැන කියන්න තියෙන්නේ ඒ විදියට හඬ කැවූ නිර්මාණ විකාශය යම් කිසි සීමාවක් තුළ සිදුවෙනවා නම් හොඳයි කියන එකයි. දිගට හරහට අවර ගණයේ හඬ කැවූ ටෙලි නාට්‍යය විකාශය කිරීම නම් මමත් අනුමත කරන්නේ නැහැ.
 
චන්ද්‍රලතා තන්ත්‍රිගේ

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 3622

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 2400

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3561

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 2122

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 7204

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 4432

Please publish modules in offcanvas position.