Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

සුනිල්.ටී.ප්‍රනාන්දු නිෂ්පාදනය කළ තිසර ඉඹුලාන අධ්‍යක්ෂණය කළ නිනෝ ලයිව් චිත්‍රපටය මෙම මස 26 වැනිදා පටන් එම්.පී.අයි. මණ්ඩලයේ සිනමාහල්වල තිරගත වනවා. පුංචි තිරයෙන් ඔබේ හද බැඳගත් නිනෝ අරලිය ජයකොඩි සහ යුරේනි නොෂිකා ඇතුළු නළු නිළියන් රැසක් නිනෝ ලයිව් සඳහා රංගනයෙන් දායක වනවා. අලුත් අත්දැකීම් විඳින්න සිනමා ප්‍රේක්ෂකයින් කැමැතියි. මේ චිත්‍රපටයත් අපේ සිනමා ලෝලීන්ට අලුත්ම අත්දැකීමක් ගෙන එන චිත්‍රපටයක්. හැබැයි ඒ නැවුම් බව නැවුම් ලෙසින් විඳින්න නම් ප්‍රේක්ෂකයින්ට වාසනාව  උදාවුණේ නැහැ. ඊට හේතුව නිනෝ ලයිව් වසර ගණනක් තිරගත වීමට පමාවීමයි. අද වන විට නිනෝ හා යුරේනි අපට නුහුරු නළු නිළියන් වුණේ නැතත් මේ දෙන්නා හා හා පුරා සිනමා පෙම්වතුන් වුණේ නිනෝ ලයිව් හරහා.

සිංහල වාණිජ සිනමාවේ වෙනසක් කළ චිත්‍රපටයක් ලෙස 1953 වසරේ තිර ගත වූ “සුජාතා” චිත්‍රපටය හඳුන්වා දිය හැකියි. ප්‍රේම් ජයන්ත් හා ප්ලොරිඩා ජයලත් ප්‍රධාන චරිත නිරූපණය කළ මෙම චිත්‍රපටය එදා අතිශයින් ජනප්‍රිය වුණා. ප්‍රේමා ලෝකය නිවී ගියා, නාරිලතා පුෂපෙකි. මන රංජන දර්ශනීය ලංකා වැනි ගීත අදටත් ජනප්‍රිය අතර සිනමාස් සමාගම වෙනුවෙන් මෙය නිෂ්පාදනය කළේ කේ. ගුණරත්නම්,. මෙහි ප්‍රචාරක කටයුතු භාරව සිටියේ ටී. සෝමසේකරන් යන අයෙක්. පසු කලෙක සිනමාස් සමාගම සමග අමනාපයක් ඇති කරගත් ඔහුට ‘සුජාතා’ චිත්‍රපටය පරදවාලන චිත්‍රපටයක් කරන්නට වුවමනා වුණා. පසුව සුජාතා චිත්‍රපටයේ ප්‍රධාන නළු නිළි දෙපළම යොදා ආරම්භ කළ මෙම චිත්‍රපටය ඔහු නම් කළේ ‘සැඩ සුළං” ලෙස. මෙහි ගීත දෙස බලන විට ප්‍රේම් ජයන්ත් හා ප්ලොරිඩා ජයලත් පෙනී සිටින සුජාතා චිත්‍රපටයේ එන ප්‍රේමා ලෝකය නිවී ගියා නමැති ගීතයට ආදේශකයක් ලෙස එම දෙපළම පෙනී සිටින පෙම් කැකුල පිපී නමැති ගීතයද සුජාතා චිත්‍රපටයේ ඇති මුහුදු වෙරළක එන ගීත දර්ශනයකට සමාන ඒ ආකාරයේම ගීත ජවනිකාවක්ද සැඩ සුළං චිත්‍රපටයට ඇතුළත් කළ සෝමසේකරන්ගේ මීළඟ උපක්‍රමය වුණේ සුජාතා චිත්‍රපටයේ දක්ෂිණ මුර්තිගේ සංගීතයට කේ.රාණි නම් වූ දකුණු ඉන්දීය ගායිකාව විසින් ගයන ලද ‘මනරංජන දර්ශනීය ලංකා’ නම් වූ ගීතයට වඩා විශේෂ වූ විකල්ප ගීතයක් සොයා ගැනීමයි. සුජාතා චිත්‍රපටයේ ගීතය දකුණු ඉන්දීය ගායිකාවක් ගැයූවත් මෙහිදී සෝමසේකරන්ගේ අවධානය යෙමු වුණේ උතුරු ඉන්දියාව දෙසටයි. ඒ වනවිට හින්දි සිනමා ගීතයේ අග්‍රතම ස්ථානයේ වැජඹෙන ලතා මංගේෂ්කාර් මේ සඳහා තෝරා ගැනීමට ඔහු අපේක්ෂා කළා.
නමුත් ඇය වැනි යෝධ ප්‍රතිරූපයකින් හෙබි අයෙකු මෙරට චිත්‍රපටයක පසුබිම් ගීත ගායනා කිරීම සිහිනයක්ය යන්න ඔහු තේරුම් ගත්තේ ලතා මංගේෂ් කාර් හමුවීමට ඉන්දියාවට යන ඔහුගේ නියෝජිතා කඩවුණු බලා‍පොරොත්තු ඇතිව නැවත පැමිණීමෙන්. ඒත් තම උත්සාහය අත් හැරියේ සෝමසේකරන් නමෛයි. ලතා සුවඳ විලවුන් වර්ගවලට වඩාත් ප්‍රියකරන බව දැන ගන්නා මොහු ඉන්පසු ඇය හමුවන්නට ගියේ විදේශීය රටක නිපදවනු ලබන ඉහළම වර්ගයේ සුවඳ විලවුන් වර්ගයක්ද සමගින්. නිවැරදි ඉලක්කයට පහර එල්ල කිරීමේ කලාව ඔහු තුළ මනාව පිහිටා තිබිමෙන් එවර නම් ඔහුගේ උත්සාහය අපතේ ගියේ නෑ. මෙතරම් වටිනා තෑග්ගක් රැගෙන එන අමුත්තෙකු ප්‍රතික්ෂේප කිරීමට නොහැකි බැවින්දෝ කලින් වතාවේ මෙන් නොව මෙවර ලතා වෙතින් යම් කිසි කොළ එළියක් දැල්වුණු බවක් සෝමසේකරන් තේරුම් ගත්තා. අවසානයේදී සැඩ සුළං චිත්‍රපටය සඳහා සිංහලෙන් ගීතයක් ගැයීමට මේ භාරතීය මහා ගායිකාව එකඟ වුණා. මේ ගීතය තමයි “ශ්‍රී ලංකා මා ප්‍රියාදර ජයභූමි” නම් වූ ගීතය. මේ ගීතය සඳහා ගායනයෙන් ඇයට සහය වුණේ මෙරට සිටි ප්‍රතාපවත් ගායක මොහිදීන් බෙග්. ඇයට ගෞරවයක් වශයෙන් මෙම ගීතය රචනා කිරීම මෙන්ම, එහි තනුව සඳහාද මෙරට ජාතික ගීයේ නිර්මාතෘ, හින්දි භාෂාව ගැන දැනුමක් ඇති ආනන්ද සමරකෝන්ගේ සේවය ලබාගන්නටත් සෝමසේකරන් අමතක කළේ නැහැ. සිංහල භාෂාව හැසිරවීම පිණිස ඇයට විශේෂ පුහුණුවක් ලබා දෙන්නටත් මෙහිදී සෝමසේකරන් කටයුතු කර තිබෙනවා.
 
අනිල් වීරසිංහ
IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 1829

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 2159

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 4967

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 2960

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 1719

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 2597

Please publish modules in offcanvas position.

Web Analytics