Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

හීන් බබා සීයා වෙන්න සේන ගුණවර්ධන වන ඔබට අවස්ථාව ලැබුණේ කොහොමද?
නිමල් රත්නායක කියන අධ්‍යක්ෂවරයා තමයි  'මලී' ටෙලිනාට්‍යය සඳහා මුලින්ම මට අවස්ථාවක් ලබාදුන්නේ. ඒ චරිතෙට මම 
උපරිම සාධාරණයක් ඉටුකළා. එහි ප්‍රතිඵලයක් විදියටයි 'සිඳු' ටෙලිනාට්‍යයට මාව තෝරාගත්තේ.
 
මේ දවස්වල 'හීින් බබා' සීයාට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?
ඒ ගැන කියලා නිමකරන්න බෑ. මාව කවුරුහරි මගතොටේදී දැක්කත් හීන් බබා සීයේ කියලා තමයි කතා කරන්නේ. ‍පොඩි දරුවන්ගෙන් මට ලැබෙන ආදරයත් හිතාගන්න බැහැ. අපේ හීන් බබා සීයා කියලා දුවගෙන ඇවිත් පුංචි දරුවෝ මට කතා කරනකොට ආසාවේ බැහැ. ඒ විතරක් නමෛයි හීන්බබා සීයා නිසා මට විදෙස් ගතවෙන්නත් අවස්ථාවක් ලැබුණා. එතනදි තමයි මම දැක්කේ ලංකාවේ විතරක් නමෛයි එතෙර රටවලත් හීන් බබා සීයා ජනප්‍රියයි කියලා.
 
හීන් බබා සීයා සැබෑ ජීවිතේ මොනවගේ කෙනෙක්ද?
මම යුද හමුදා සේවා බළකා දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික යුද හමුදා සෙබළෙක්. මේ වෙනකොට බොහොම සරල චාම් දිවි පවෛතක් ගතකරන්නේ. 
 
ඔබ හිතන විදියට 'සිඳු' ටෙලි නාට්‍යයේ ජනප්‍රියතම චරිතය කවුද?
වෙන කවුරුත් නමෛයි, අපේ සෝරත ‍පොඩි හාමුදුරුවෝ.
 
හීන් බබා සීයා විදියට සිඳු ටෙලි නාට්‍යයේ රඟපාද්දී සිද්ධවෙච්චි අමතක නොවන විශේෂ සිදුවීමක් එහෙම තියෙනවද?
අ‍පොයි ඔව්, අපේ ‍පොඩි හාමුදුරුවෝ ඒ කියන්නේ සෝරත සාමණේර චරිතය කරන පුංචි දරුවට ටෙලි නාට්‍යයේ රූගතකිරීමකදී මම කිව්වා සරුංගලයක් හදලා දෙන්නම් කියලා. ඒක කිව්වේ ටෙලි නාට්‍යයේ දර්ශනයක විතරයි. ඒත් මේ පුංචි දරුවා හිතලා තියෙන්නේ මම ඇත්තටම සරුංගලයක් හදලා දෙන්නම් කිව්වා කියලා. ඒ නිසා මේ පුංචි දරුවා මාව දකින හැමවෙලාවෙම අහනවා 'කෝ හීන් බබා සීයා කිව්වට මට තාම සරුංගලයක් හදලා දුන්නේ නැහැනේ' කියලා.
 
චරිත තෝරා ගැනීමේදී ඔබ කිසියම් තෝරා බේරා ගැනීමක් කරනවද?
මම චරිතයක් තෝරා ගන්නකොට ඒකේ චරිතය ලොකුද, ‍පොඩිද කියලා බලන්නේ නැහැ. මට ලැබෙන හැම චරිතයක්ම උපරිම විදියට කරන්නයි මම උත්සාහ කරන්නේ. 
 
හොඳයි අපි ඔබේ පෞද්ගලික ජීවිතය ගැන කතාකළොත්?
මගේ පවු‍ලේ ඉන්නේ මමයි, බිරිඳයි, පුතයි. මගේ බිරිඳ සුජාතා නන්දනී. ඇය රාජ්‍ය සේවිකාවක්. පුතා දෙව්මිත් හසිත. පරිගණක ඉංජිනේරුවරයෙක්. මම පදිංචි වෙලා ඉන්නේ මත්තේගොඩට ආසන්න කිරිගම්පමුණුව කියන ප්‍රදේශයේ. අද වෙනකොට සේන ගුණවර්ධන කියන පුද්ගලයව ලෝකෙම හඳුනන තැනකට එන්න මගේ පුතාගෙන් වගේම බිරිඳගෙන් ලැබුණු සහයෝගයත් විශාල පිටිවහලක් වුණා. 
 
සමන්මලී නැලිගම

තමා මහත් බලා‍පොරොත්තු තබාගෙන සිටි රාණි ඔෆ් ජාන්සි-ද වොරියර් කුවීන් චිත්‍රපටය සම්බන්ධයෙන් චෝදනාවක් ඉදිරිපත් කරමින් සුප්‍රකට බොලිවුඩ් අධ්‍යක්ෂ කේතන් මෙහ්තා සුපිරි නිළි කන්ගනා රනවුත්ට නීතිඥවරයෙකු මගින් එන්තරවාසියක් යවා තිබෙනවා. 2015 ජුනි මාසයේදි තමා මෙහි ප්‍රධාන චරිතය වන රාණි ලක්ෂ්මිබායිගේ චරිතය රඟපෑමට කන්ගනා රනවුත් තෝරාගත් බවත් ඇය ඊට කැමැත්ත පළකළ බවත් මෙහ්තා පවසනවා. නමුත් පසුගියදා තමාට දැනගන්නට ලැබුණේ කන්ගනා එම මාතෘකාව යටතේම මනිකර්නිකා-කුවීන් ඔෆ් ජාන්සි නමින් චිත්‍රපටයක රඟපෑමට සූදානම් වන බව යැයි මෙහ්තා වැඩිදුරටත් කියනවා. මෙය වෙනත් අධ්‍යක්ෂවරයකු හා නිෂ්පාදකවරයකුගේ නිර්මාණයක් නිසා ඇයට එන්තරවාසියක් යැවීම හැර වෙනත් විකල්පයක් තමාට නොතිබූ බවයි ඔහු කියන්නේ.තමා මෙම චිත්‍රපටය සඳහා වසර දහයක පමන කාලයක් සූදානම් වූ බවත් මෙහ්තා පවසනවා. කන්ගනා තවමත් මේ සම්බන්ධයෙන් ඔහුට පිළිතුරු යවා නැහැ. ළඟදීම තිරගත වන තම නවතම චිත්‍රපටය සිම්රන් සම්බන්ධයෙන්ද කන්ගනා අර්බුදයකට මැදිව සිටිනවා. ඒ එහි නාමාවලියෙහි කතාව හා තිර රචනය ඉදිරියේ ඇගේ නම මුලටම සටහන්වීම නිසයි. මෙහි කතාව හා තිර රචනය සම්පූර්ණයෙන්ම තමාගේ කටයුත්තක් බවයි එහි තිරරචක අපුර්වා අස්රානි කියන්නේ. කන්ගනා මෙහි කතාව සකස් කිරීමේදී දැක්වූයේ සුළු දායකත්වයක් බැවින් ඇගේ නම නාමාවලියෙහි සඳහන් කිරීම නොකළ යුත්තක් බවත් ඔහු කියනවා. මේ දිනවල “තේජු” නමින් තම කුළුඳුල් අධ්‍යක්ෂණයට සැරසෙන කන්ගනා එහි රඟපාන්නේ වයස අවුරුදු අසුවක කාන්තාවකගේ චරිතයක්ලු. 
IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 4474

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 4135

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 7241

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4541

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2887

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3696

Please publish modules in offcanvas position.

Web Analytics