Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

නිනෝ ලයිව් යනු  අලුත් චිත්‍රපටයකි.
අප එය අලුත් චිත්‍රපටයක් ලෙස හඳුන්වන්නේ අලුතින් තිරගතවූ එකක් නිසා නොවේ. වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම අලුත් වැඩක් බව පෙනෙන හෙයිනි.
මෙම අලුත් චිත්‍රපටය ගැන  පරණ කතාවකින් පටන්ගත යුතු යැයි අප සිතන්නේ ඉතිහාසයේ යම්කිසි පූර්වාපර සන්ධි ගැළපීමක් එහි ඇති බව පෙනෙන හෙයිනි.
එය හැත්තෑව දශකයේ සිනමාකරුවන්ගේ සහ තරුණයන්ගේ කතාවයි.
හැත්තෑවේ දශකයේදී තරුණ සිනමාකරුවන්වූ ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, ධර්මසිරි බණ්ඩාරනායක ආදීහු තම චිත්‍රපටකරණයේදී මුල්තැනක් දෙනු ලැබුවේ එවකට පැවැති සමාජ යථාර්ථය නිරුපණය කරනු පිණිසය.
ඒ නිසා එවකට වම් ඉවුරේ කණ්ඩායම ලෙස සිනමා විචාරකයින් විසින් හඳුන්වනු ලැබූ මෙම දෙතුන් දෙනාගේ චිත්‍රපට තුළින් පිළිබිඹු වූයේ පැවැති ආර්ථික අපිළිවෙළ හේතුකොටගෙන පීඩාවට පත් තරුණ පරපුර මුහුණදුන් අත්දැකීම්ය. මේ අයගේ චිත්‍රපට හැරුණ විට ආචාර්ය තිස්ස අබේසේකරගේ මහගෙදර චිත්‍රපටය පවා එම තත්ත්වයේ පිළිබිඹුවක් විය. පෙර කී සියල්ලන් පූර්වාදර්ශ කරගනිමින් ඉන් පසුවද මෙකී තේමාව යටතේ යම් යම් සිනමා කෘති බිහිවිය.
සමාජ සංස්කෘතික ප්‍රවේගයන්ට අනුව නිනෝ ලයිව්ද  අද දවසේ තරුණ පරපුරේ කතාවකි.
අන්තර්ගතය සහ තේමාව අතින් ගත් කළ තිසර ඉඹුලානගේ නිනෝ ලයිව් චිත්‍රපටය වඩාත් ගැඹුරට ගොස් විග්‍රහ කරනු ලබන්නේද, අද දවසේ සමස්ත ජනසමාජයේම ආධ්‍යාත්මයට සුවිශාල බලපෑමක් ඇතිකරන දැවැන්ත සංස්කෘතික ආක්‍රමණයක් පිළිබඳවය. එම බලපෑම වැඩිපුරම අදාළ වන්නේ තරුණ පරපුරටය.
චිත්‍රපටයේ සුවිශේෂත්වය වන්නේ අද මේ මොහොතේ අපට නොදැනෙන මෙම තත්ත්වය ස්වකීය සිනමා කාචය තුළින් සියුම් ලෙස විච්ජේදනය කර පෙන්වීමට අධ්‍යක්ෂවරයා දරා ඇති උත්සාහයයි.
මූලිකවම ගත් කළ මෙය සාමාන්‍ය සම්ප්‍රදාය ඉක්මවා ගිය ආකෘතියකින් යුත් චිත්‍රපටයකි. එය එක්විටක විද්‍යා ප්‍රබන්ධයක ලක්ෂණ පෙන්නුම් කරන අතර, තවත් විටක අද්භූත බලවේග පිළිබඳ කතාවක්  ලෙසද දැනේ. එමෙන්ම ඇතැම් විටක අධි යථාර්ථවාදී සිනමා කෘතියක ලක්ෂණ මෙන්ම විකාර රූපී නිර්මාණයක ස්වභාවයද පෙන්නුම් කරන්නකි. නමුත්  මෙම   අන්තර්ගතයට සරිලන නිසි   ආකෘතිය එය  බව පෙනීයයි. 
මේ නිසා  සිදුවන්නේ කුමක්දැයි එකවරටම ප්‍රේක්ෂකයාට නොවැටහුණද,  මෙම සිදුවීම්වල අපූර්වත්වය ඔහුව දිගටම ඇද බැඳ තබාගැනීමට තරම් ආකර්ෂණීය  වෙයි. නිනෝ ලයිව් අපට වඩාත් නැවුම් අත්දැකීමක් වන්නට එයද හේතුවකි.
මෙම චිත්‍රපටය ආරම්භවන්නේ ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් කොටි ත්‍රස්තවාදීන්ගෙන් මුදවා ගැනීමෙන් පසු  නැගෙනහිර පළාතේ ඉදිවෙන යෝධ රූපවාහිනී චිත්‍රාගාරයක් පිළිබඳව කෙරෙන නිවේදනයකිනි. නැගෙනහිර පළාතෙන් අතිවිශාල භූමි ප්‍රදේශයක් වෘත්තාකාර ලෙස ආවරණය කරමින් ගොඩනැගෙන එය විශාල පිරිසකට නව රැකියා ලබාදීමට සමත් ව්‍යාපෘතියක් වන අතරම, ඉතා දියුණු තාක්ෂණයක් මගින් අවට පරිසරයේ කාලගුණය පවා වෙනස් කළහැකි ආකාරයට නිර්මාණය වී ඇති බවද ඉන් කියවේ.
මෙය සිනමාපටය තුළ වරින් වර ඉදිරිපත් කෙරෙන  අස්වාභාවික කාල අවකාශයක  ස්වාභාවික නිමේෂය යන පාඨය ඒ සඳහා කදිමට ගැළපෙන්නක් බව පෙනේ.
නිනෝ ලයිව් යනු එම රූපවාහිනි ආයතනයෙන් නිර්මාණය කරන ලද දැවැන්ත රියලිටි වැඩසටහනකි.  මෙම වැඩසටහනෙහි නිෂ්පාදකවරයා නිනෝ නමැති තරුණයාගේ පියාය.
ඉතා ඉහළ වැටුපකට මෙම රූපවාහිනී සමාගමට සේවය කරන ඔහු,  නිනෝගේ ළමා කාලයේදීම සිය දරු පවුලෙන්ද වෙන්වී නිනෝ ලයිව් වැඩසටහන මෙහෙයවමින් ජීවත්වන්නට පටන්ගනී. නිනෝගේ මවද වෘත්තීය නිළියක බැවින් ඇයද මෙම වැඩසටහනේම එක් පංගුකාරියක් බවට පත්වන්නේ නිතැතිනි. නිනෝ රැකබලා ගනුලබන්නේ ඔහුගේ සීයා විසිනි.
වැඩසටහන් නිෂ්පාදකවරයා වන නිනෝගේ පියාගේම සංකල්පයක් මත නිර්මාණය කෙරුණු මෙය ඉතා සියුම් ලෙස සකස්කරන ලද දැවැන්ත ක්‍රියාදාමයකි. ඒ අනුව මෙම කෘත්‍රිම අවකාශයට අයත් සියල්ලෝම එහි චරිත බවට පත්වී සිටිති. නමුත් ප්‍රධාන චරිතය බවට පත්වී සිටින නිනෝ තමාව වැඩසටහනේ නිෂ්පාදන අංශය විසින් සියුම් ලෙස පාලනය කෙරෙන  බව නොදනී.  විවිධාකාර නිෂ්පාදන උපක්‍රම සහ සන්නිවේදන ක්‍රම භාවිතකරමින් නිනෝගේ ජීවන ගමන්මග විචිත්‍ර සිදුවීම් සහිත එකක් බවට පත්කරනු ලබන්නේ මෙහි නිෂ්පාදකවරයා විසිනි. මේ සඳහා යොදා ඇති උපක්‍රම කොතරම් සියුම්ද යත් නිනෝගේ හොඳම මිතුරා පවා නිර්මාණය කරනු ලැබ ඇත්තේ නිෂ්පාදකවරයා විසිනි. ඔහු සමග කෙරෙන ඉතා සියුම් විද්‍යුත් සන්නිවේදනයන් මගින් වැඩසටහනට අවශ්‍ය ලෙස නිනෝගේ ක්‍රියාකාරකම් සීමාකර ගැනීමට නිෂ්පාදන අංශයට හැකිවී තිබේ.
නමුත්  සියලු කාරණා අනපේක්ෂිත ලෙස වෙනත් අතකට යොමු වන්නේ වැඩසටහන විසින් සැලසුම් කරන ලද ආදර කතාවේදීය.
තරුණයා නූනූ යනුවෙන් හැඳින්වෙන එම තරුණිය හා ආදරයෙන් බැඳේ. නමුත් තමා ඉටුකරන්නේ මෙම වැඩසටහනේ චරිතාංග නිරූපණයක් පමණක් බව දන්නා තරුණිය එක් අවස්ථාවක  ඔහුට හඬමින් පවසන්නේ මේ සියල්ල බොරුවක් බවත්, තමාගෙන් ඉවත් වන ලෙසත්ය. ඒ සමගම පැමිණි දෙදෙනකු තරුණිය වාහනයක දමාගෙන පලා යති. ඔවුන් ලුහුබැඳ යන තරුණයාට තරුණිය බේරා ගතහැකි වන නමුත්  ඒ තමාගේ පෙම්වතිය නොව වෙනත් තරුණියක බව දක්නට ලැබේ. තරුණයා තම පෙම්වතිය සොයා ඇයගේ නිවසට යන නමුත් එහි සිටින්නේද නූනූ නමින් පෙනී සිටින දෙවන තරුණියයි. නිවසේ තිබෙන ඡායාරූප පවා දෙවන තරුණියගේ බව පෙනේ. නමුත් සෙසු සියලුදෙනා පවසන්නේ ඒ නුනූ බවය.   වෙනකක් තබා ඔහුගේ හොඳම මිතුරා පවා පවසන්නේ මේ සිටින්නේ නිනෝගේම පෙම්වතිය බවය.  සිදුවී තිබෙන්නේ නිෂ්පාදන අංශය විසින් සැණෙකින් එම තරුණිය ඉවත්කර වෙනත්   තරුණියක් ආදේශකර තිබිමය. 
මෙයින් දැඩිලෙස මානසික පීඩනයකට පත්වන නිනෝ කෙසේ හෝ තම පෙම්වතිය සොයා ගැනීමට උත්සාහ කරයි. ඔහුගේ ඒ සියලු උත්සාහයන් ඉතාමත් අද්භූත ආකාරයෙන් වැළකෙන අතර, අවසානයේ ඔහු  තීරණය කරන්නේ මේ සියල්ලෙන් මිදී පලා යාමටය. දිනක් ඔහුද ඇතුළත් සජීවි වැඩසටහනක් විකාශය වෙමින් සිටියදීම ඉන් පැනගන්නා නිනෝ විවිධ බාධාවන්ට මුහුණදීමෙන් අනතුරුව  තමා සුවිසාලවූත්,  අස්වාභාවිකවූත්   අවකාශයක හිරවී සිටින බව වටහා ගනී. නමුත් ආදරය නම්  මානුෂික හැඟීමට මුල්තැන දෙමින් ඔහු එම වැඩසටහනින් මිදී යයි.
මෙම ඇබැද්දියෙන් අනතුරුව නිෂ්පාදකවරයා සිය දෙවැනි අදියර ආරම්භ කරනු ලබන්නේ දුප්පත් තරුණියකගේ සහ  දුප්පත් තරුණයකුගේ ආදර කතාවට සවන්දීමෙන් අනතුරුවය. මෙම වැඩසටහනට සම්බන්ධවීම ඔවුන්ට ජීවිතය ජයගැනීමට ලොකු උපකාරයකි.  මේ ආකාරයට  එක් තරුණයෙකු ආදරය සොයා මෙම අස්වාභාවික අවකාශයෙන් පිටතට පලා යද්දී තවත් තරුණියක සහ තරුණයෙකු  ආදරය නිසා එම ලෝකයට ඇතුළු වෙයි.  
යම් ප්‍රමාණයක අතිශෝක්තියකින් යුතුව වුවද තිසර ඉඹුලාන මෙම සිනමා කෘතිය තුළින් ප්‍රකාශ කරන්නේ දැන හෝ නොදැන විද්‍යුත් සන්නිවේදන මාධ්‍යයන්හි අඩුවැඩි වශයෙන් රියැලටි නළු නිළියන් වී සිටින මෙම සමාජයේ  මිනිසුන් ගැනය.
එපමණක්ද නොවේ. ඔහු එය කරන්නේ ඒ උදෙසා විද්‍යුත් මාධ්‍ය ව්‍යාපාරය විසින් කොතරම් ආක්‍රමණශීලී ලෙස මිනිස් ආධ්‍යාත්මය ආක්‍රමණය කරන්නට සූදානම් දැයි යන්නත් මේ තුළින් දෘශ්‍යමාන කරමිනි. වරක් මෙම වැඩසටහන ගැන රූපවාහිනී සාකච්ඡාවක යෙදෙමින් මෙහි නිෂ්පාදකවරයා වන නිනෝගේ පියා පවසන්නේ මොනවා වුණත් මේක තමයි මාකට් එක යනුවෙනි.  එම වෙළෙඳ සංකල්පය  කොතෙක් කෲරද යන්න අපට ඉස්මතුවී පෙනෙන්නේ ආදරය නම් මානුෂික ප්‍රපංචය හමුවේ මේ දැවැන්ත කාල අවකාශය දෙදරන ආකාරයෙනි. 
අධ්‍යක්ෂ තිසර ඉඹුලාන මෙම සිනමා වෘතාන්තය ගොඩනැගීම සඳහා සිය රූපමාලාව එකතුකර ඇත්තේ ඉතා සීරුවෙන් නැරඹිය යුත්තක්ය යන්න ප්‍රේක්ෂකයාට අවධාරණය කෙරෙන පරිද්දෙනි. ඒ සඳහා සංස්කාරකවරයාගේ, කලා අධ්‍යක්ෂවරයාගේ සහ කැමරා ශිල්පී චන්න දේශප්‍රියගේ උපරිම හැකියාව ඔහු ලබාගෙන තිබේ. 
නිනෝ දිවිගෙවන නිවස තුළ  පරිසරය, ඔහුගේ ඇඳුම් පැළඳුම් මෙන්ම ඒ අවට පසුබිමද යම්  අනන්‍යතාවක් පිළිබිඹු කරන බව සෑම රූප රාමුවකින්ම පෙනී යන කරුණකි.   එනම් යම් වෙළෙඳ දැන්වීමකදී නිෂ්පාදනයේ වර්ණය එහි පසුතලයේ  වැඩිපුර පැතිර පවත්නා පරිදි මෙහිදී ද අපට වැඩිපුර දක්නට ලැබෙන්නේ රතට හුරු මෙරූන් පැහැති වර්ණයකි.
නිනෝ හැඳ සිටින  ටී ෂර්ට් එක, නිදන කාමරයේ බිත්තිය, නාන කාමරයේ අළුපාට පසුබිමේ ඇති කොටුු, මහපාරේ ගමන් ගන්නා මහත ගැහැනිය, මිතුරා වන දසුන්ගේ එකම ඇඳුම සහ අපූර්ව හිස්වැස්ම, ඔහුගේ මිනි මෝක් මෝටර් රථය ආදිය පමණක් නොව පෙම්වතියගේ ඇඳුම් සහ ඇයගේ නිවසේ වැඩිපුර ඇති වර්ණයද මෙම මෙරූන් පැහැය බව පෙනේ.
මේ  හේතුකොට ගෙන යම් අපූර්ව විමතියක්, චමත්කාරයක් මෙන්ම, විසඳා ගත යුතු කුතුහලයක් අප තුළ ජනිත වෙයි. එය වඩාත් තිව්ර වන්නේ නිනෝගේ පෙම්වතිය පැහැරගෙන යද්දී බේරා ගැනීමෙන් පසු එම නමින් සිටින්නේ  වෙනත් තරුණියක බව දැකීමෙනි. එතනදී නිනෝ තුළ ඇතිවන විමතිය සහ ප්‍රේක්ෂකයා හා ඒකාත්මික වන්නකි. ඒ හැරුණු කළ මිතුරාගේ මෝටර් රථයේ නැගී පෙම්වතිය සොයා යද්දී අනපේක්ෂිත බාධා ඇතිවීම, ස්කූටරයක නැගී මහ රෑ පලා යද්දී හිටි වනම මධ්‍යාහ්නය උදාවී වැස්සක් කඩාවැටීම ආදී කාරණද, නිනෝගේ යම් යම් අවස්ථා දුරේක්ෂයකින් නරඹන බව සිතෙන රූප රාමුද කුතුහලය දනවන අයුරින් ඉදිරිපත් කරන්නට තිසර ඉඹුලාන සමත් වී සිටී.
තරුණ නළු නිළියන්ගේ රඟපෑම් මෙතරම්  නිර්මාණාත්මක අයුරින් යොදා ගැනීමද අධ්‍යක්ෂකවරයාගේ මෙම කෘතිය ගොඩනැගීමේ කාර්යයට මහඟු පිටිවහලක් වී තිබේ. නිනෝ ජයකොඩි, යුරේනි නොෂිකා, දසුන් පතිරණ, උමාලි තිලකරත්න, චාන්දනී සෙනවිරත්න, කිංස්ලි රත්නායක, බන්දුල විතානගේ, ජගත් මනුවර්ණ, ස්ටීව්, චාමර, ආදීන් ගැන සටහන් කළ යුතු වන්නේ එහෙයිනි. 
රුචී නමැති තරුණියගේ සහායට පැමිණෙන යොවුන් නළුවාද මතකයේ රැඳෙන චරිතයකි. 
මොවුන්ගේ නිරූපණ හැකියාවන් අතිශය නිර්මාණශිලී ලෙස යොදා ගැනීමට සිනමාකරුවා ගන්නා උත්සාහය නළුවෙකුගේ හෝ නිළියකගේ රංගනය ප්‍රේක්ෂක රස නිෂ්පත්තිය සඳහා කොතෙක් බලපානවාද කියා පෙන්වා දෙන්නට තරම් උසස්ය. නළුවාගේ හෝ නිළියගේ හොඳම හැඟීම් නිරූපණය සහිත ඉතා කෙටි රූපරාමු ක්ෂණික ජේදන ඔස්සේ ඉදිරිපත් වීම මෙහි දැකිය හැකි විශේෂ ලක්ෂණයකි. රූපවාහිනී වැඩසටහනක් වෙනුවෙන් නිනෝගේ මව ලෙස චාන්දනී කරන ප්‍රකාශයද, වැඩසටහනේ නිෂ්පාදකවරයාගේ  අර්ථ දැක්වීමද ප්‍රේක්ෂකයාට ඉදිරිපත්වන්නේ  මේ ආකාරයෙනි.  ඔවුන්ගේ පුරුෂාර්ථ කුමක්ද යන්න මැනවින් වටහාගන්නට මේ කෙටි රූපරාමු සංස්කරණය අපට බෙහෙවින් උපකාරී වේ. 
මේ සියලු කරුණු උපයෝගී කරගනිමින් නිනෝ ලයිව් අධ්‍යක්ෂවරයා කියන්නේ මෙවැන්නකි.                                    
 එනම් ජීවිතය යනු මෙය නොවන බවය.  තාරුණ්‍යයට මිලියන ගණන් ගෙවන රියලිටි වැඩසටහනක් පසුබිම් කරගත් චිත්‍රපටයකින්ම ඒ බව පැවැසීම අපූරු වැඩකි. 
 
සිනමා විචාරය - තිස්ස ප්‍රේමසිරි

හින්දි සිනමාවේ, එනම් බොලිවුඩ්වල තවමත් ඉදිරියෙන්ම සිටින නළුවන් දෙදෙනා වශයෙන් අමිතාබ් බච්චන් හා ෂාරුක් ඛාන් හඳුන්වන් පුළුවන්. කොලිවුඩ් නැතිනම් ද්‍රවිඩ සිනමාවේ එදා එම්.ජී.ආර්., ශිවාජි ගනේෂන්ගේ තැන අද තවමත් ඉන්නේ රැජිනි කාන්ත්. ඉන්දියාවේ පමණක් නොවෙයි ශ්‍රී ලංකාවෙත් ඔහුට ඉන්නවා විශාල රසික සංඛ්‍යාවක්. දකුණු ඉන්දීය සිනමාවේ පතාක යෝධයෙක් වුණත්  උතුරු ඉන්දීය සිනමාවේ දැවැන්තයින් වන අමිතාබ් බච්චන් ඒ වගේම රාජේශ් ඛන්නා, ජිතේන්ද්‍ර වැනි නළුවන් සමගත් ඔහු චරිත නිරූපණය කර තිබිම විශේෂයි. මීට මාසයකට දෙකකට පමණ පෙර  ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර යම් විවෘත කිරීමක් සඳහා රැජිනි කාන්ත් පැමිණීමට නියමිතව තිබුණත් ඉන්දීය දමිළ දේශපාලන පක්ෂයක හෝ කිහිපයක විරෝධතාවය මැද එම සංචාරය සිදුවුණේ නෑ.
කොහොම නමුත් ඔහු අතීතයේ මෙරට  සංචාරය කළ අවස්ථා බොහොමයක් තිබුණා. අසූව දශකයේ තිරගත වුණා “තී” නමින් ද්‍රවිඩ චිත්‍රපටයක්. මේ චිත්‍රපටය ඉතාමත් ජනප්‍රිය වුණා පමණක් නොවෙයි එහි රූගත කිරීම් මෙරට තුළත් සිදුවුණා. කොහොම නමුත් එදා ලංකාවට පැමිණි අවස්ථාව ඔහු ඒ කා‍ලේ පවසා තිබුණු විදිහට ඔහුටත් අමතක නොවන අත්දැකීමක් වුණාලු. මේ බව කියන්නේ මෙරට සිටින ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන චන්ද්‍රන් රත්නම්. ජාත්‍යන්තර පිළිගැනීමට පව පත්ව ඇති ඔහු හොලිවුඩ් පුරවරය සමගත් සමීපව ගනුදෙනු කරන්නෙක්. ඩේවිඩ් ලින්, ස්ටීවන් ස්පිල්බර්ග් වගේ ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති සිනමාකරුවන් සමග වැඩ කර ඇති රත්නම් අධ්‍යක්ෂණය කර ඇති සිංහල චිත්‍රපට විදිහට ආදර කතාව, ජනේලය වගේ චිත්‍රපට හඳුන්වන්නට පුළුවන්. චන්ද්‍රරත්නම් මාධ්‍යට කියලා තිබුණු විදිහට “තී” චිත්‍රපටයේ රඟපාන්නට ලංකාවට පැමිණි අවස්ථාවේ රැජිනි කාන්ත් හට අවශ්‍ය වෙලා තියෙනවා. මෙරට සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා මුණගැසෙන්නට. ඒ වන විට ගාමිණි තමයි මෙරට ජනප්‍රියම නළුවා.  ඔහු වසර කිහිපයකට කලින් ඉන්දියාවට ගොස් දකුණු ඉන්දීය හා උතුරු ඉන්දීය ජනප්‍රිය නිළියක වූ රාධා සලුජා, (ඇය හැත්තෑව දශකයේ මෙරට තිරගත වූ “දෝරහා” හින්දි චිත්‍රපටයේ අනිල් දවාන් සමගත් “ඉදය කනි” නමැති දමිළ චිත්‍රපටයේ එම්.ජී.ආර්.ගේ පෙම්වතිය ලෙසත් රඟපෑ අයුරු මෙරට පැරණි 
ප්‍රේක්ෂකයන්ට අදත් මතක ඇති) දකුණු ඉන්දීය ජනප්‍රිය නළු නම්බියාර් වැනි නළු නිළියන් සමග “නිල කඩලින් ඔරොත්තුලෙයි“ වැනි චිත්‍රපටවලත් රඟපා තිබුණා. අවසානයේදී රත්නම් රැජිනි කාන්ත්ව ගාමිණිගේ නිවසට කැඳවාගෙන ගොස් තිබෙනවා. රැජිනි කාන්ත් ගාමිණි සමග වන හමුව අවසන් වී පැමිණ ඇත්තේ තමා ලංකාවට පැමිණි ගමනේ වටිනාම සිදුවීම ගාමිණි හමුවීම බව පවසමින්.
 
අනිල් වීරසිංහ
IMAGE

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 2511

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 1647

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 881

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 1904

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 5546

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 3482

Please publish modules in offcanvas position.

Web Analytics