Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඉසුරු ‘දිල්මිණ’ නිසා බැණුම් අහනවා ඇති නේද? 
ඔව්, දිල්මිණ ලෝබ කෙනෙක් නිසා හැමෝම බණිනවා. ඒත් ඉසුරු එහෙම කෙනෙක් නම් නමෛයි. ඉසුරු, දිල්මිණ වගේ වෙන්නේ ඇඳුම් පැළඳුමෙන් විතරයි. ගති ගුණවලින් හාත්පසින්ම වෙනස්. හැබැයි දිල්මිණට වගේම ඉසුරුටත් අවංක ආදරවන්තයෙක් වෙන්න නම් පුළුවන්.
 
ඉසුරු හොයන්නේත් උපමාලි වගේම ආදරවන්තියක්ද?
මම කලින් ආදරවන්තයෙක් වෙලා හිටියා. ඒත් දැන් නම් මම ආදරවන්තයෙක් ‍නෙවෙයි. මම හොයන්නේ මගේ වෘත්තීය හොඳින් තේරුම් ගත් කෙනෙක්වයි. මගේ හිතේ ඉන්න ඔය කියන කෙනා ඉදිරියේ දී මට කැමති වෙන්නත් පුළුවන්. සමහර විට එයා මගේ ක්‍ෂේත්‍රයේම කෙනෙක් වෙන්නත් පුළුවන්. මට දුප්පත් ‍පෝසත් භේද අදාළම නැහැ. 
 
ඔබ කොහොමද කලා ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ ? 
මම යුද හමුදාවේ සන්නාහ සන්නද්ධ බළකායේ සේවය කළා. ඒ අතරතුර කලාව පිළිබඳ අත්දැකීම් ලබා ගත්තා. මගේ පියා ධර්මදාස ලොකුහෙට්ටිආරච්චි, මව අශෝකා අලහප්පෙරුම වගේම මගේම සොයුරා ගයාන් ලොකුහෙට්ටිආරච්චි තමයි මාව කලාකරුවකු කරන්න ගොඩක් වෙහෙසුනේ. විශේෂයෙන් ක්‍ෂේත්‍රයේ අධ්‍යක්ෂවරු, පිටපත් රචකයන් වගේම නිෂ්පාදකවරුන් ලබා දුන් මගපෙන්වීමත් මට බොහෝ වැදගත් වුණා. 
 
නළුවෙකු විදිහට ඉසුරුගේ ලොකුම ඉලක්කය මොකක්ද? 
ජෝ අබේවික්‍රම, ජැක්සන් ඇන්තනී වගේම බිමල් ජයකොඩි මගේ ජීවිතේ වීරයෝ. හොඳම නළුවා කියන සම්මානය කවදාවත් මට නොලැබි යන්න පුළුවන්. ඒත් මගේ සිහිනය මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ හදවතේ හොඳම නළුවා වීමයි. 
 
සමන්මලී නැලිගම 
ඡායාරූප - මංජුල පෙරේරා

එළිමහන් ප්‍රසංග වේදිකාවේදී බොහෝ විට වේග රිද්ම ගීතවලටයි වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ. වේග රිද්ම ගීත ගායනා කළත් ප්‍රසංග වේදිකාවේදී ලැබෙන රසික ප්‍රසාදය හැමදාම එකවිදිහට පවත්වාගන්න හැම ගායක ගායිකාවන්ටම බැහැ. ඒ අභියෝගය ජයගත් ගායිකාවක් තමයි ඩැල්රීන් සුබි කියන්නේ. වසර 50කට ආසන්න කාලයක් තිස්සේ සංගීත ක්‍ෂේත්‍රයේත් රැඳී හිඳිමින් අදටත් ගීත ලෝලීන් පිනවන ඩැල්රින්ට තමන් ගැන මෙන්ම වත්මන් සංගීත ක්‍ෂේත්‍රය ගැනත් “රිද්ම”ට කියන්නට බොහෝ දේවල් තිබුණා. 
 
බටහිර ගීත ගායනා කරමින් හිටපු ඩැල්රින්, සිංහල ගීත ගායනයට යොමු වුණේ කොහොමද?
මගේ ජීවිතයේ ඒ පෙරළිය සිද්ධවුණේ ක්ලැරන්ස් විජේවර්ධන නිසා. ක්ලැරන්ස් තමයි සිංහල ගීත ගායනා කරන්න මාව උනන්දු කළේ. 1975 වසරේදී ඔහු නිර්මාණය කරලා දීපු ගීත හතරකිනුයි මම සිංහල ගීත ගැයීම ආරම්භ කළේ.
 
ඒ වෙනස සිදු නොවුණා නම් ඩැල්රින් සුබි කියන්නේ බටහිර ගීත පමණක් ගායනා කරන ගායිකාවක් වෙන්නත් ඉඩ තිබුණා නේද? 
ඔව්, හැබැයි මම අදටත් බටහිර ගීත ගායනා කිරීම නවත්වා දමලා නැහැ. 1970 දී මුලින්ම සංගීත ක්‍ෂේත්‍රයට පය තබපු දා පටන් අද වෙනතුරුම මම ඉංග්‍රීසි ගීතත් ගායනා කරනවා. 
 
ඔබේ ජනප්‍රියත්වයේ රහස ප්‍රසංග වේදිකාවටම ගැළපෙන කට හඬක් හිමිකම් කීම කියලා කීවොත් නිවැරදිද?
සමහරවිට ඒක වෙන්නත් පුළුවන්. අනික, මම ගායනා කරන්නේ ‍පොප් ෙශෙලියේ ගීතනේ. ඒ ගීතවලට එදා ඉඳන්ම තිබුණු ඉල්ලුම තවමත් අඩුවෙලා නැහැ.
 
ඒ කියන්නේ ඒ ඉල්ලුමත් එක්ක ඔබ තවමත් ප්‍රසංග වේදිකාව අමතක කරලා නැහැ 
අ‍පොයි නැහැ. එදා ඉඳන්ම ගායනය තමයි මගේ වෘත්තීය වුණේ. අදටත් මම ලංකාවේ විතරක් ‍නෙවෙයි විදෙස් රටවල පැවැත්වෙන ප්‍රසංගවලටත් සහභාගි වෙනවා. 
 
ඩැල්රින්ට ප්‍රසංග වේදිකාවේ ස්ථාවරයක් ගොඩනගා ගන්න වැඩිපුර ශක්තියක් වුණු ගීත මොනවාද?
“අප දෙදෙනා”, “ඔබ මා සතුවෙයි“ සහ “චූඩා මාණිකේ බලාලා” ගීතයේ මගේ මඥපඵපධද එක වැනි ගීත තමයි සිංහල ගීත විදිහට මුලින්ම ගායනා කළේ. අසූ ගණන්වලදී “ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා”, “රාං කුරුල්ලයි“ සහ “මාල හතක් දෙනවා කියලා” යන ගීත ගායනා කළාම ඒවා හුඟක් ජනප්‍රිය වුණා. ඒ ගීත තමයි ප්‍රසංග වේදිකාවේ අදටත් මගෙන් වැඩිපුරම ඉල්ලන්නේ.
 
“ටික්කි ටිකිරි ටිකිරි සිනා” වගේ ගීත අදටත් ජනප්‍රියයි. නමුත් වෙනත් ගායිකාවනුත් ප්‍රසංග වේදිකාවේදී ඒ ගීත ගයන නිසා ඒවායේ සැබෑ හිමිකාරිනිය ඔබයි කියන එක සමහරු දන්නේ නැහැ නේද?
ඒකට මට කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද මම ඒවා හරියට ගායනා කරපු නිසා තමයි මාව මේ තරම් ජනප්‍රිය වුණේ. තමන්ටම කියලා ගීත නැති සමහරු ඒවා අද ගායනා කරනවා තමයි. ඒත් ඒ අයට ඒවා ගයලා ක්‍ෂේත්‍රයේ දිගටම රැඳෙන්න බැහැ. ඒ විතරක් නමෛයි ඔවුන්ට ඒවා හරිහැටි ගායනා කරන්නත් බැහැ. 
 
අලුත් අය තමන්ගේ ගීත අනවසරයෙන් ප්‍රසංග වේදිකාවේ ගායනා කරනවා දැකලා හිත රිදුණු අවස්ථා එහෙමත් ඔබට ඇති? 
ඒ වගේ අවස්ථා ඕනෑ තරම් තියෙනවා. සමහරු මම සහභාගි වෙන ප්‍රසංගවලටත් ඇවිල්ලා, මගේ සින්දු කියලා ගාස්තුව අරගෙන යනවා. එක දවසක් ඒ වගේ මගේ ගීත ගායනා කරපු ගායිකාවකට මම කිව්වා “ඔයා ඔය ගායනා කළේ මගේ ගීත” කියලා. ඒ වෙලාවේ ඇය මට තර්ජනය කළා. “ඔව් ඉතින් මොකද?” කියලා. අපේ ගීත ගායනා කරනවා විතරක් ‍නෙවෙයි ප්‍රවීණයන්ට ගරු කරන්නවත් ඒ නවකයෝ දන්නේ නැහැ.
 
මෙච්චර කාලයක් මේ ගැටලුවට පිළියම් හොයන්න හිතුණේ නැද්ද?
මම කියලා මොනවා කරන්නද? අපේ ගීතවල රටේ බුද්ධිමය දේපළ අයිතිය හරිහැටි ආරක්ෂා වෙන්නේ නැහැනේ.
 
ඔබේ ගායන ෙශෙලියත් සමහරු අනුකරණය කරනවා නේද? 
ඔව්, මට සිංහල වචන උච්චාරණය හොඳටම බැරි නිසා ගායනයේදී ඒක ටිකක් දැනෙනවා. සමහරු පසුකාලීනව මම ගායනා කරද්දී වචන කියන විදිහත් අනුකරණය කරන්න පටන් ගත්තා. 
 
අද වෙද්දී ඔබ මිත්තනියක්. පවු‍ලේ වෙනත් කවුරුත් සංගීතය පැත්තට යොමු කරන්න ඕනෑ කියලා හිතුණේ නැද්ද?
මට ඉන්නේ දුවලාම දෙන්නෙක්. ලොකු දුවට වාදන හැකියාව තියෙනවා. ‍පොඩි දුවටත් ගීත ගායනා කරන්න පුළුවන්. ඒත් ඔවුන් පූර්ණ කාලීනව සංගීත පැත්තට යොමු වෙන්න කැමති නැහැ.
 
ඔබේ නිර්මාණ රසවිඳින රසිකයන්ට කියන්නට තිබෙන අලුත්ම ආරංචිය මොකක්ද? 
 මම මගේ සියලුම ගීත එක්කාසු කරලා පළමුවරට නන්ස්ටොප් ගී තැටියක් එළිදක්වන්න මේ දිනවල වෙහෙස මහන්සි වෙනවා. මේ වසර අවසන් වීමට කලින් ඔවුන්ට එය රස විඳින්නට ලැබෙයි. 
 
කිෂාන් කනංකෙ

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 1952

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1056

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5010

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2882

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 4964

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 6182

Please publish modules in offcanvas position.