Coss Ear2
lakbima.lk
COSS Ear 1

විදුහල්පතිවරයෙක් විදිහට වැඩ රාජකාරි කරන එකත් ‍ලේසි පහසු දෙයක් නමෛයි නේද චිරන්ත?
අ‍පොයි ඔව්, ඒ වෘත්තියේ තියෙන වගකීම මට මේ දවස්වල තදින්ම දැනෙනවා.
 
වගකීම් බාරගත්තාට 'දෙවැනි ඉනිමේ' ප්‍රින්සිපල් සර් තනිවම හරි තීරණයක් ගන්නවත් බැරිකෙනෙක් කියලයි සමහරු කියන්නේ ? 
ප්‍රින්සිපල් සර් දෙපැත්තට වැනෙන විදිහේ තීරණ ගන්නා කෙනෙක් කියලා සමහර වෙලාවට ගුරු මණ්ඩලයෙන්ම විවේචන එල්ල වෙනවා තමයි. හැබැයි ඉහළින් එල්ලවෙන බලපෑම්වලටත් මුහුණ දෙමින් පාස‍ලේ වැඩකටයුතු කරගෙන යන්න ලොකු උත්සාහයක් දරන කෙනෙක් තමයි දෙවැනි ඉනිමේ ප්‍රින්සිපල් සර් කියන්නේ.
 
ප්‍රින්සිපල් සර්ගේ වැඩ නිසා චිරන්තටත් සමහර වෙලාවට දොස් අහන්න වෙනවා ඇති? 
ඉහළින් එල්ලවෙන බලපෑම් නිසා තමන්ගේ සීමාව තුළ කරන්න බැරි දේවලුත් තියෙනවා. කතාවේ හැටියට එහෙම ප්‍රශ්නයක් තමයි ඒකනායක සර්ගේ සිද්ධියේදීත් මතුවුණේ. හැබැයි එහෙම කියලා තිරයෙන් පිටදී නම් ප්‍රේක්ෂකයන්ගෙන් කවදාවත් මට ඒ චරිතය ගැන නරක ප්‍රතිචාර ලැබිලා නැහැ. 
 
ඒ කියන්නේ 'දෙවැනි ඉනිම'  නිසා මේ දවස්වල ඔබට ලැබෙන ප්‍රතිචාර සතුටුදායකයි?
ඇත්තෙන්ම ඔව්, ඒ ප්‍රතිචාර ගැන වෙලාවකට පුදුමත් හිතෙනවා. මගේ චරිතයට ඒ විදිහේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබේවි කියලා මම හීනෙකින්වත් බලා‍පොරොත්තු වුණේ නැහැ.
 
කාගෙන්ද වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ ? 
පාසල් යන වයසේ ළමයින්ගෙන්. හැබැයි සැබෑ ජිවිතයේදී මාව දකින සමහර ළමයි කියනවා 'ප්‍රින්සිපල් සර් අපි හිතාගෙන හිටියාට වඩා තරුණයිනේ කියලා' මොකද, මම මගේ සෑබෑ වයසට වඩා ටිකක් වයස්ගත චරිතයක්නේ එහි රඟපාන්නේ. 
 
නිවේදකයෙක් විදිහට වැඩි ප්‍රසිද්ධියක් ලබාගෙන හිටපු චිරන්තට දෙවැනි ඉනිමේ ප්‍රින්සිපල් සර් වෙන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද?
දෙවැනි ඉනිම අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස්ව මම මුලින්ම හඳුනා ගත්තේ මගේ මල්ලි සහන්ගේ මාර්ගයෙන්. මම මුලින්ම ඔහුගේ 'ගිනි අවි සහ ගිනිකෙළි ටෙලි නාට්‍යයේ සුළු චරිතයක් රඟපෑවා. 'දෙවැනි ඉනිමේ' චරිතයට සාරංග මට ආරාධනා කරද්දී මම හිටියේ ස්වර්ණවාහිනියේ  ප්‍රවෘත්ති නිවේදක කටයුතු වගයක් බාරගන්න සූදානමිනුයි. ඒ නිසා මේ චරිතය බාරගන්න බැහැමයි කියලා මම සාරංගට මුලින් කිව්වා. පස්සේ ඔහුගෙන් බේරෙන්නම බැරි තැන තමයි මම චරිතය රඟපාන්න කැමති වුණේ. ඒ නිසා අද දෙවැනි ඉනිමේ ප්‍රින්සිපල් සර්ගේ චරිතය යම් සාර්ථකත්වයක් ලබාගෙන තියෙනවා නම් එහි ගෞරවය සාරංග මෙන්ඩිස් සහ පිටපත් රචක සමන් එදිරිමුණිටත් ලැබිය යුතුමයි.
 
ප්‍රවීණ සංගීතඥ ලයනල් රන්වල මහතා ඔබේ පියා. පියාගේ වියෝවෙන් පස්සේ ඔබේ මල්ලි සහන් තමයි පියාගේ උරුමය ඉදිරියට රැගෙන යන බව දකින්නට ලැබෙන්නේ. ඒක එහෙම වුණේ ඔබ ඒ කටයුතුවලින් කර හැරිය නිසාද?
එහෙම දෙයක් නෑ. අනූගණන්වලදී ලක්හඬ ගුවන් විදුලි සේවයේ නිවේදකයෙක් විදිහට සේවයට බැඳුණාට පස්සේ මට පූර්ණකාලීනව රන්වල බළකායේ වැඩකටයුතුවල නියැළෙන්න බැරි වුණා. හැබැයි මල්ලිට අවශ්‍ය වෙන හැම අවස්ථාවකදීම මම රන්වල බළකායේ ප්‍රසංග ආදියට මගේ සහයෝගය ලබා දෙනවා. බැරිවෙලාවත් ඔහු එකම වෙලාවක ප්‍රසංග දෙකක් බාරගෙන තිබුණොත් අදටත් මම තමයි එයින් එකක් මෙහෙය වන්නේ.
 
තාත්තා නවත්තපු තැනින් පටන් ගෙන මල්ලි කරගෙන යන කාර්යභාරය දකිද්දී මොනවාද හිතෙන්නේ ? 
ඔහු ඉතාම හොඳින් ඒ වැඩකටයුතු කරගෙන යනවා. ඒ ගැන මට හරිම සතුටුයි. ඒ නිසාම තමයි ඔහුට මගෙන් අවශ්‍ය හැම අවස්ථාවකදීම සහයෝගය ලැබෙන්නේ.
 
මල්ලිත් එක්ක එකතු වෙලා ළඟදී අලුත් ගීතයකුත් එළි දැක්වූවා කියලා ආරංචියි? 
ඔව්. මල්ලිගේ ඉල්ලීමකට අනුව ඔහුගේ සංගීතයට 'නාඹර රෑ සඳ' කියලා ගීතයකුත් මම පටිගත කළා. නමුත් ඒ ගීතය ජනතාව අතරට ගෙනියන්න විද්‍යුත් නාලිකාවලින් නම් ප්‍රමාණවත් සහයෝගයක් ලැබෙන්නේ නැහැ.
 
කිෂාන් කනංකෙ
 
එක්වන්න අපගේ Facebook පිටුවට - www.facebook.com/lakbima.lk

කෝපි කඩේ කුරුංගොයියා කිව්වාම කවුද නොදන්නේ. කුරුංගොයියා විදියට දශක ගණනක් තිස්සෙ ඔබ හමුවට ආ “කේ.ඒ. පියකරු” සිනමාව හා වේදිකාව තුළත් දීර්ඝ කාලයක් රැඳී සිටින දක්ෂ නළුවෙක්. ඒත් අද වන විට මේ කලාකරුවා දැඩි ලෙස ගිලන්ව ඇඳක වැතිරිලා ඉන්න බව මේ වන විටත් ඔහුට ආදරේ කරන රසික පිරිස නොදන්නවා වෙන්න ඇති. අංශභාග රෝගී තත්ත්වයෙන් දවස් ගණනක් කළුබෝවිල රෝහ‍ලේ ගත කරපු කේ.ඒ.පියකරු තවමත් කතා කරන්න සුදුසු මට්ටමක නැහැ. ඒ හින්දා අපි ඔහුගේ ආදරණීය බිරිඳ ප්‍රේමා අල්විස් සමග මේ විදියට කතා කළා. 
 
“අවුරුදු ගණනක් කකු‍ලේ ආබාධයක් තිබුණා. කුද්දැටි ආවා. 
කුෂ්ටයක් වගේ ආවා. අපි බෙහෙත් කළා. මහත්තයා ලෙඩ තිබුණත් රඟපාන්න ගියා. ඒත් මෑත කාලයේ ලියවුණු කෝපිකඩේ ටෙලි නාටයේ එයාගේ චරිතය ගැන ලියවුණේ නැහැ. ඒ ගැනත් හිත් රිදීමෙන් තමයි හිටියේ. කොහොම හරි මීට සති කිහිපයකට කලින් හිටි හැටියේ අතපය පණ නැති ගතියක් ආවා. මොළයේ ‍ලේ කැටියක් හිරවෙලා කියලයි වෛද්‍යවරු කිව්වේ. ඊට පස්සේ තමයි කළුබෝවිල රෝහලට ඇතුළත් කළේ”. 
කලාකරුවන් සුපිරි ජීවිත ගෙවන රටවල් තියෙනවා. ඒත් අපේ රටේ තත්ත්වය ඊට වෙනස් බව අමුතුවෙන් කිව යුතු නැහැ. කේ.ඒ. පියකරු වෙනත් රැකියාවක් කළේ නැහැ. පූර්ණ කාලය කලාවට කැප කරලා බිරිඳයි දුවයි, පුතයි එක්ක ඔහු ජීවිතය ගෙන ගියා. අද වනවිට ඔහුගේ පුතා අජිත් විවාහ වෙලා දරු මල්ලන් පවා ලබලා ඉන්නවා. 
දියණිය කලණිත් විවාහකයි. ඇයටත් දරු දෙදෙනකු ඉන්නවා. බිරිඳගේ, දරුවන්ගේ, මුණුබුරු, මිණිබිරියන්ගේ ආදරය කේ.ඒ. පියකරුට ලැබෙනවා. ඒත් උද්ගත වූ අනපේක්ෂිත අභාග්‍ය සම්පන්න සිදුවීමකදී ඔහු අසරණ වීම පුදුමයක් නමෛයි. 
“රඟපාන්න වගේම චිත්‍ර අඳින්න මූර්ති අඹන්නත් මහත්තයට පුළුවන්. එයා ඒ වගේ දේවලුත් කළා. කලාව කරලම තමයි අපි අපේ ජීවිකාව ගෙන ගියේ. මමත් රස්සාවක් කරන්නේ නැහැ. මේ වෙලාවේ ප්‍රශ්න තියෙනවා.” 
කේ.ඒ.පියකරු කලාකරුවාට පිහිටවීම සඳහා සකල කලා සංගමය මගින් පහුගිය 27 වැනිදා හවස 3ට කොළඹ මහජන පුස්තකාලයේ උපහාර උළෙලක්ද පැවැත්වූවා. රෝහල් ගත කර සිටි කේ.ඒ. පියකරුද වෛද්‍ය උපදෙස් අනුව ඒ  උත්සවයට රැගෙන එනු ලැබුවා. එම උපහාර උළෙල ගැන වැඩි විස්තර අපි “සකල කලා සංසදයේ සභාපතිනි” ශ්‍රියානි දිසානායකගෙන් විමසුවා. 
සංසදය මගින් කේ.ඒ. පියකරු කලාකරුවාට ලක්ෂ දෙකක මුදල් පරිත්‍යාගයක් කළ බවත් වැඩිපුර මුදලක් ඉදිරියේදී දීමට බලා‍පොරොත්තු වන බවත් ඇය අපට දන්වා සිටියා. 
මේ වනවිට කේ.ඒ.පියකරු කලාකරුවාගේ සුවදුක් විමසන්න කෝපිකඩේ පිරිස එනවාද? එදා ඔහුගේ උපහාර උළෙලට ලැබුණු අනුග්‍රහය කෙබඳුද කියා අප ඔහුගේ බිරිඳගෙන් විමසූ විට ඇය පැවැසුවේ හරිම සංවේදී කතාවක්. 
“කෝපි කඩේ අය කීපදෙනෙක් ලෙඩ බලන්න ආවා. ඒත් එදා මහත්තයට තිබුණු උත්සවය ආවරණය කරන්න ස්වාධීන රූපවාහිනියෙන්වත් ආවේ නැහැ...”. 
 
ආරියවංශ කුලතිලක{jcomments on}
 
එක්වන්න අපගේ Facebook පිටුවට - www.facebook.com/lakbima.lk

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 2211

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1229

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5378

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 3110

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 5206

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 6461

Please publish modules in offcanvas position.