Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ජනප්‍රිය නිළි ප්‍රියංකා චොප්රා මේ දිනවල නිව්යෝර්ක් නගරයේ ඉන්නේ තම අලුත්ම චිත්‍රපටය වන “අ කිඩ් ලයික් ජේක්” චිත්‍රපටයේ රූපගතකිරීම් සඳහායි. ඒ අතර ලැබෙන විවේක කාලය ප්‍රියංකා ගත කරන්නේ ඇගේ ඇමෙරිකාවේ සිටින බලු සුරතලිය ඩයනා සමගයි. ප්‍රියංකාට ඉන්දියාවේත් ආදරණීය බලු සුරතලෙක් සිටින අතර ඔහුගේ නම බ්‍රැන්ඩෝයි. විවේකයක් ලැබෙන සවස් කාලයන්හිදී ඩයනා සමග නිව්යෝර්ක්හි පාරවල් දිගේ ඇවිද යන ප්‍රියංකා වෙත එන ඇතැම් ළමුන් හා වැඩිහිටියන් ඇගේ ඩයනාව සුරතල් කරනවාලු.පසුගිය දිනයක එසේ යනවිට තමා හා ඩයනා වෙත පැමිණි කුඩා දරුවෙක් හා ඇගේ පියා ඩයනාව සුරතල් කරන ආකාරය ප්‍රියංකා තම ඉන්ස්ටග්‍රෑම් වබේ අඩවියට එක්කොට තිබුණා. පසුගියදා ටික දිනකට ඉන්දියාවට හා චෙක් රටට ගොස් නැවත පැමිණි ප්‍රියංකාව ගුවන් තොටු‍පොළේදී ඩයනා විසින් පිළිගෙන තිබුණේ ඉතා ඉහළින්. ගුවන් තොටු‍පොළේ මගී පර්යන්තයේදී ඩයනා තමාව පිළිගත් ආකාරය ප්‍රියංකා විසින් තම ඉන්ස්ටග්‍රෑම් වබේ අඩවියට එක්කොට තිබුණේ “අම්මා නැවත මා ළඟට ආපු එක ගැන හරිම සතුටුයි. එයා නැති පාඵව මට ලොකුවට දැනුණා. එයා ගිය ගමනේ විස්තර අහන්නයි. එයාට තුරුළු වෙලා ඉන්නයි දැන් වෙලාව ඇවිත්. ආපහු නම් එයාට යන්න දෙන්නේ නැහැ.”යන වචනත් සමගයි.එම වදන් ඩයනා විසින් පවසන ආකාරයටයි සටහන් කොට තිබුණේ. ඩයනාව ප්‍රියංකා තෝරාගෙන තිබුණේ සත්ව අනාථාගාරයකිනුයි.

පසුගිය දවසක ඉෂිතා එයාගේ ආදරණීය පුංචි දෝණිත් එක්ක 'ලක්බිමට' ආවා. හැබැයි ඒ ඉන්දියාවේ යේ හේයි මොහොබ්බටීන් හින්දි ටෙලි නාට්‍යයේ ඉන්න ඉෂිතා බල්හාර් නමෛයි. ඒ ඉෂිතට ලස්සනට හඬ කවන ඉරේෂා ලක්මාලි. ඇයගේ පුංචි දෝණි 'රූහි' නමෛයි. ඉරේෂාගේ හුරතල් දියණිය මිනුලි විලස්නා එක්ක. 'ලක්බිම' පුරා හුරත‍ලේට දුව පනිමින්, සිංදු කියමින්, අම්මට පුංචි පුංචි වද දෙමින් ගත කරපු ඒ සොඳුරු හෝරාවේදී ඉරේෂා අපිට කියපු ලස්සන කතා ටිකක් තමයි මේ.

ඔබට ඉෂිතා කියන්න ද ඉරේෂා කියන්නද?
ඉරේෂා කියනවාට තමයි වැඩිය කැමති. සමහරු මට ඉෂිතාත් කියනවා.

අවුරුදු හතකට විතර පස්සේ ඉෂිතට, එයාගේ සැමියා රමන් මුණ ගැහෙනවා. ඉස්සර වගේම ආදරෙන් ඒ දෙන්නා ඉදිරියේදී ජීවත් වෙයිද?
හැමදාම ඒ දෙන්නා ආදරෙන් හිටපු දෙන්නෙක් විදියටනේ මේ ආදරයයි ටෙලි නාට්‍ය බලන අය දන්නේ. මොන දේ වුණත්, කොයි තරම් ප්‍රශ්න ගැටලු ආවත් ඒ දෙන්නා ඇත්තටම ආදරෙන් ජීවත් වේවි කියලා බලා‍පොරොත්තු වෙන්න පුළුවන්.

හඬ කැවීම් ශිල්පිනියක් විදියට මේ වන විට කොයි තරම් නිර්මාණවලට දායක වෙලා තියෙනවාද?
මම මුලින්ම හඬ කැවීමකට දායක වුණේ සිරස රූපවාහිනියේ විකාශනය වුණු මහ ගෙදර ටෙලි නාට්‍යයට. එහි තුල්සිගේ දුව ශෝබාගේ චරිතයයි මම කළේ. පසුව ජාතික රූපවාහිනිය ඇතුළු විවිධ නාලිකාවල මට හඬ කැවීම්වලට අවස්ථාව ලැබුණා. සිරසත් සමගත් වරින්වර සම්බන්ධ වුණා. දිගට විකාශය වන හඬ කැවීමක් විදියට තමයි 'මේ ආදරයයි' හි ඉෂිතාගේ හඬට පණ දුන්නේ.

ඔබ කොහොමද මේ ක්ෂේත්‍රයට ආවේ ?
මේ ක්ෂේත්‍රයට ආවේ 1996 දී ළමා පිටියට සම්බන්ධ වෙමින්. ළමා නිවේදිකාවක් විදියට සම්බන්ධ වෙලා උසස් පෙළ කරලා සහන නිවේදිකාවක් විදියට ගුවන් විදුලියට ආවා. ඒ අතරේ මම පෞද්ගලික නාලිකාවක ප්‍රවෘත්ති අංශයේ වැඩ කළා. නෙත් එෆ්.එම්. එකේ විකාශය වුණු ගොළු හදවත නාට්‍යයේ දම්මිගේ චරිතයටත් හඬ කැව්වා. මම ස්ථිර රැකියාවක් කළේ නැහැ. සහන නිවේදිකාවක් විදියට, හඬ කැවීම් ශිල්පිනියක්, ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක්, වෙළෙඳ දැන්වීම් මේ ආදී අංශ ගණනාවකට සම්බන්ධ වුණා. ඒ වගේම ජාතික රූපවාහිනියේත් නිවේදිකාවක් විදියට වැඩ කළා.

මෑත කාලයේ දී ඔබ ගොඩාක් ජනප්‍රිය වුණේ ඉෂිතාගේ චරිතය හරහා. ඇත්තටම සැබෑ ජීවිතයේ ඔබත් ඉෂිතා වගේද?
චරිත දෙක සමාන කරන්න අමාරුයි. මගේ චරිතයයි ඉෂිතාගේ චරිතයයි ගත්තාම වෙනස්කම් රැසක් තියෙනවා. මගේ ජීවිතයත් එක්ක ඉෂිතාගේ ජීවිතයේ කිසිම සම්බන්ධයක් නැහැ.

ඇය තමන්ගේම නොවුණු දරුවෙකුට ඉතාම ආදරණීය මවක්, ඔබත් ආදරණීය මවක්.
මගේ ලෝකයම මගේ දුව තමයි. එයාගේ නම මිනුලි විලස්නා. වයස අවුරුදු දෙකහාමරයි. එයා නැතුව තත්පරයක් ගත කරන්නේත් මම හරිම අමාරුවෙන්.

එතකොට ඔබේ සැමියා සහ දරුවන් අතර තියෙන සම්බන්ධතාවය මොන වගේද?
ඒක විවිධාකාරයි. ප්‍රශ්න ගැටලු ඇති නොවෙනවා නොවෙයි. මගේ සැමියා මලින්ද තිරිමාන්න. ඔහු ජනප්‍රිය ගුවන් විදුලි නාලිකාවක ප්‍රවෘත්ති අංශයේ වැඩ කරන්නේ. පවුලක් විදියට ඉතාම ආදරෙන් අපි ඉන්නවා.

මේ ආදරයයි ටෙලි නාට්‍යයේදී රූහිව ආදරෙන් හුරතල් කරමින් හඬ කවද්දී, දූට ඔයාගේ ඒ ආදරණීය කටහඬ ඇහෙනවානේ. ඒ වෙලාවට එයාගේ ප්‍රතිචාර මොනව වගේද?
අම්මි... අම්මි.... කිය කියා ඒ වෙලාවට දුව කෑ ගහනවා. ඒත් මගේ දූ කොච්චර පුංචි වුණත් දන්නවා එයාගේ අම්මා මේ ලෝකේ වෙන කාටවත් වඩා එයාට ආදරෙයි කියලා. ඒ වගේ මම කොච්චර පුංචි දරුවෝ හුරතල් කළත් එයාගේ පුංචි හිතට අවබෝධයක් තියෙනවා අම්මා ගොඩක් ආදරේ එයාට කියලා. ඒ නිසා හඬ කැවීම් මැදිරියේදී මම වෙන දරුවෙකු අරන් ආදරයෙන් හුරතල් කළත් මගේ දුව හිනා වෙවී ඉන්නවා.

ඔබට රසික රසිකාවියන්ගෙන් ලැබෙන ප්‍රතිචාර මොන වගේද?
දැන් හුඟාක් අය දන්නවා ඉෂිතා හඬ කවන්නේ මම කියලා. මොකද සමාජ ජාලාවල පවා මගේ පින්තූරත් එක්ක විස්තර එහා මෙහා වෙනවා. ඉෂිතාගේ රූපයට ඔයාගේ හඬ තමයි ගොඩක් ගැළපෙන්නේ කියලා බොහෝ දෙනා මට කියනවා.

පද්මිණී මාතරගේ

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 4641

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 4251

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 7377

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4646

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2975

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3783

Please publish modules in offcanvas position.

Web Analytics