Coss Ear2
lakbima.lk
COSS Ear 1

නළු නිළියන් කියන්නේ තමන්ගේම පවු‍ලේම පිරිසක් කියලා හිතන අය තමයි මේ රටේ වැඩියෙන්ම ඉන්නේ. ඒ නිසා තමයි ඔය කියන නළු නිළියන්ගේ පෞද්ගලික ජීවිතවලටත් එබිලා බලන්න බොහොමයක් දෙනා පෙළඹෙන්නේ. නළුවෙක් හරි නිළියක් හරි කසාද බැන්දා කියලා ආරංචි වුණොත් ඒ ආරංචිය ලැව් ගින්නක් වගේ සමාජය තුළ පැතිරිලා යන්නත් ඔය කාරණය හේතුවක් වෙනවා. 
 
ඉහත ප්‍රවෘත්තිය අන්තර්ජාලයේ සැරිසරන්නේ කාලෙක ඉඳලා. හැබැයි ඉතින් මෙහි ඇත්ත නැත්ත මොකක්ද කියලා අදටත් විමසිලිමත්වන අය ඉන්නවා. ඔය අතරේ මීට දවස් කීපයකට කලින් රවීන් කණිෂ්කයි නයනතාරයි දෙන්නගේ මංගල ඡායාරූප පෙළක් අන්තර්ජාලයේ පළවුණා. මේ දවස්වල 'දෙවැනි ඉනිම' ටෙලි නාට්‍යයේ අනුහස් හා දෙව්මි විදියට රඟපාන්නෙත් මේ දෙන්නා. 
ඇත්තටම රවීනුයි, නයනතාරයි කසාද බැඳලද? එහෙම නැත්නම් මේ දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ ජවනිකාවක පින්තුරද?
බොහෝ අය ඒ විදියට විමසුවා. 'දෙවැනි ඉනිම' ටෙලි නාට්‍යය තුළ අනුහස් හා දෙව්මි කියන්නේ නෑනයි මස්සිනයි. දෙන්නාගේ යටි හිත්වල දෙන්නා ගැනම විශේෂත්වයකුත් තියෙනවා. 
ඒ ආදරය මල්ඵල දරලා දෙදෙනා යුග දිවියට පත්වන විදියටද මේ නාට්‍යය ඉදිරියෙදී සැකසිලා තියෙන්නේ කියන සැකය මේ ඡායාරූප හින්දා ප්‍රේක්ෂකයන්ට ඇතිවුණා.
ඒ නිසාමයි රිද්ම අපිත් හිතුවේ මේ ඡායාරූපවල හැංගිලා තියෙන කතාව මොකක්ද කියලා සොයා බලන්න.
රවීන් හා නයනතාරා මංගල ඡායාරූප Studio U එකෙන් කරපු Wedding Shoot එකක් විතරයි. ඒක මේ අයගේ පෞද්ගලික ජීවිතේටවත් දෙවැනි ඉනිමට වත් සම්බන්ධයක් නැහැ. හැබැයි ඉතින් බෙන්තරදී මේ ඡායාරූප ගැනීම සිදුවෙන අවස්ථාවේදී නම් වටා පිටාවේ අය වගේම එතැන රේල්පාරේ ගිය දුම්රියවල ගමන්ගත් මගීන් පවා මේ දෙන්නා දිහා උනන්දුවෙන් බලමින් කුතුහලයෙන් රහස් කතා මුමුණන්න පටන් ගත්තලු.
නිරෝෂා ජපන් ජාතිකයකු හා විවාහ වීමත් මේ වගේම කතාවක්. සුමිත්‍රා රාහුබද්ධගේ 'කන්දක් සේමා' නවකතාව ඇසුරින් 

නිර්මාණය වූ චිත්‍රපටයට තමයි නිරෝෂා මේ විදියට මංගල ඇඳුමින් සැරසුනේ. සුමිත්‍රාගේම පිටපතක් අනුව අශෝක අතාවුදහෙට්ටි හා ටාවෝ නෂිමතෝ සම අධ්‍යක්ෂණය කළ කන්දක් සේමා චිත්‍රපටයේ නිරෝෂා රඟපාන්නේ නූපා කියන චරිතයයි. 
කතාවේ හැටියට ඇය විවාහ වන්නේ 'මසාලා සං' කියන මහලු ජපන් ජාතිකයා සමගයි. මෙහි 'මසාලා සං' කියන චරිතය රඟපාන්නේ ජපානයේ දක්ෂ ජනප්‍රිය වේදිකා නළුවකු වන ජූන් එතෝ ඔහුට මේ වනවිට වයස 60ක් වනවා.
'කන්දක් සේමා' තවම තිරගත වෙලා නැති හින්දා මේ මංගල ඡායාරූපය හා ප්‍රවෘත්තිය දැක්කමත් බොහෝ අය හිතුවේ නිරෝෂා ජපන් ජාතිකයකු සමග විවාහ වෙලා කියලයි. හැබැයි ඉතින් එහෙම නොහිතපු පිරිසකුත් ඉඳලා තියෙනවා. ඒ තමයි නිරෝෂගේ යාළුවෝ. ඒ ගැන අපිට කිව්වේ නිරෝෂාම තමයි.
ඔය ෆොටෝ එක දැක්කම ගොඩක් අය හිතුවේ මම ඇත්තටම ජපන් ජාතිකයකු සමග විවාහ වෙලා කියලා. ඒත් මාව ළඟින් ආශ්‍රය කරපු අය නම් එහෙම හිතලා නැහැ. ඒ අය මොකක්ද දන්නවද කියලා තියෙන්නේ. මේක නම් ඇත්ත ෆොටෝ එකක් වෙන්න බැහැ. නිරෝෂා පෙරේරා කියන්නේ ජීවිතේට කසාද බඳින කෙනෙක් නමෛයිනේ... නිරෝෂා එහෙම කියලා මහ හයියෙන් හිනාවුණා. 
 
ආරියවංශ කුලතිලක
 

උදයකාන්ත වර්ණසූරියගේ නවතම සිනමාපටය වන ‘ මධුර චාරිකා’ ඉකුත් 8 වැනිදා  ඕස්ටේ‍්‍රලියාවේ බි‍්‍රස්බෙන් හි එල්ඩරාඩෝ හී පිහිටි යුනයිටඞ් සිනමා ශාලාවේ වේදිකාගත වූයේ විශාල රසික රසිකාවියන් පිරිසක් මධ්‍යයේය. එහි තිබූ විශේෂත්වය වූයේ. ඒ වනවිටත් මෙම සිනමාපටය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රදර්ශනය ආරම්භ කර නොතිබීමය.
සාමාන්‍යයෙන්  ඕස්ටේ‍්‍රලියාවේ ප‍්‍රදර්ශනය කරනු ලබන ශ‍්‍රී ලාංකේය චිත‍්‍රපටයක ප‍්‍රවේශ පත‍්‍රයක් අලෙවි කරනු ලබන්නේ ඩොලර් විසිපහක් හෝ තිහක් වැනි මිලකටය. නමුත් උදයගේ අලූත්ම සිනමාපටයේ ප‍්‍රවේශ පත‍්‍රයක් අලෙවි කරනු ලැබුවේ ඩොලර් පහළොවක් වැනි සුළු මුදලකටය. එය විශේෂ තත්ත්වයකි. ශ‍්‍රී ලාංකේය සිනමාකරුවා සහ ජාත්‍යන්තරයේ සංවිධායකයා අතරේ පවතින ගනුදෙනුව අවසන් වන්නේ දෙපාර්ශ්වයටම ලාබයක් වාසියක් ලැබෙන ආකාරයට බව රහසක් නොවේ. නමුත් ‘මධුර චාරිකා’ බි‍්‍රස්බෙන්හි දී ප‍්‍රදර්ශනය වූයේ එවැනි පරමාර්ථයක් ඉලක්ක කරගෙන නොවන බව අප කළ සොයා බැලීම්වල දී දැන ගන්නට ලැබිණ. එය ‘මධුර චාරිකා’ නමටම ඔබින පින්බර සිතුවිල්ලක ප‍්‍රතිඵලයකි.
ක්වින්ස්ලන්තයේ බොහෝ උප නගරයන් හි ශ‍්‍රී ලාංකේය විශ‍්‍රාමික ත‍්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් වාසය කරති. මොවුන්ගෙන් බහුතරයක් යුද සමයේ විවිධ රාජකාරින් හි නියැලූන රාජ්‍ය සේවකයෝ වෙති. සේවය වෙනුවෙන් වැටුපක් හිමි වුවත් මොවුන් පෙනී සිටියේ සිය රට, ජාතිය සහ ආගම සතුරන්ගෙන් මුදවා ගැනීමේ දැවැන්ත සටනකය. සිය දෑස් අබියස සගයන් වෙඩි උණ්ඩයන්ට දිවි දුන් ආකාරය එතෙරක සිටිය ද කිසිදාක මොවුන්ගේ මතකයෙන් ඈත් වී නොමැත. 
යුද්ධයේ දී බරපතළ තුවාල ලබා දිවි ගලවාගත් සිය සගයන්ට ප‍්‍රතිකාර ලැබිණ. අත් පා අහිමි වුවත් තුවාල සුව වීමෙන් ඉක්බිති බොහෝ දෙනා රණවිරු සෙවණේ සහ වෙනත් දානපති උපකාර මත ජීවිතය ඉදිරියට ගෙන යන්නට වූහ. මා හෝ ඔබ හෝ මෙතෙක් අසා නැති තත්ත්වයක් බි‍්‍රස්බෙන්හි දී අපට දැන ගන්නට ලැබුණේ උදයකාන්තගේ මෙම චිත‍්‍රපටය මුල්කර ගනිමිනි.
මෙසේ සුව වී ප‍්‍රකෘති තත්ත්වයට පත් වූ සමහර රණවිරුවන් මේ වනවිට වෙනත් ලෙඩ රෝගවලට ගොදුරු වෙමින් සිටින බවක් දැන ගන්නට ලැබිණ. නිව්මෝනියාව, පිළිකා ඇතුළු තවත් අසාධ්‍ය තත්ත්වයට ලක්විය හැකි ලෙඩ රෝග වැළෙ`දන රණවිරුවන් පිළිබ`ද තොරතුරු වාර්තා වන්නට පටන් ගෙන තිබෙන බවක් බි‍්‍රස්බෙන් හී විශ‍්‍රාමික ති‍්‍රවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්ට දැන ගන්නට ලැබෙන්නේ රණවිරු සෙවණ හරහාය. මෙම රණවිරුවන්ගේ දරුවන් මේ වනවිට ඉගෙනීමට අවශ්‍ය පොතපත, ඇ`දුම් පැළ`දුම්, සපත්තු ආදිය හි`ගකමින් බොහෝ අසරණ තත්ත්වයකට පත් වී සිටින බවක් දැනගත් මොහොතේ එම දරුවන්ට පිහිට වීමට වහා කටයුතු සංවිධානය කෙරිණ. ඒ, බි‍්‍රස්බෙන් හි විශ‍්‍රාමික ති‍්‍රවිධ හමුදා සහ පොලිස් සංවිධානය විසින්ය. 
එම සංවිධානයේ නියෝජිතයෝ උදයකාන්ත වර්ණසූරිය සමග දුරකථනය ඔස්සේ සාකච්ඡුා කොට මෙම සද්කාර්යය ස`දහා ඔහුගේ සහයෝගය ඉල්ලා සිටියේ ඉන් අනතුරුවය. උදය තමන්ගේ නවතම චිත‍්‍රපටය වන ‘මධුර චාරිකා’ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රදර්ශනයටත් ප‍්‍රථම බි‍්‍රස්බෙන් හි ප‍්‍රදර්ශනය ස`දහා ඉතා අඩු මුදලකට ලබා දෙන්නට පොරොන්දු වී ඇත්තේ ඉන් අනතුරුවය.
චිත‍්‍රපටයේ ප‍්‍රවේශ පත‍්‍රයක් කෝපි කෝප්ප දෙකක් වැනි මිලකට එනම් ඩොලර් පහළොවකට අලෙවි කර ඇත්තේ උදයගේ එම පරිත්‍යාගය හේතුවෙනි. චිත‍්‍රපටය නැරඹූ බොහෝ පේ‍්‍රක්ෂක පේ‍්‍රක්ෂිකාවෝ අප සමග ස`දහන් කළේ උදයකාන්ත වර්ණසූරිය මෙම චිත‍්‍රපටය හරහා ආදර්ශමත් පින්කමක් සිදුකළ බවය. මෙම චිත‍්‍රපටයෙන් උපයාගත් සියලූම මුදල් රණවිරු අසරණ තත්ත්වයට පත් වී සිටින ඉහත ස`දහන් රණවිරුවන්ගේ දරුවන් වෙනුවෙන් රණවිරු අධිකාරිය හරහා වහා ලබා දීමට පියවර ගන්නා බවද එම සංවිධානයේ නියෝජිතයෝ ‘‘රිද්ම’’ වෙත ප‍්‍රකාශ කළහ. 
 
අනුර හොරේෂස්
ක්වින්ස්ලන්තයේ බ්‍රිස්බෙන් නගරයේ සිට 

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 693

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 1268

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 1102

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 848

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5536

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3653

Please publish modules in offcanvas position.