Coss Ear2
lakbima.lk
COSS Ear 1

රොජර් සෙනෙවිරත්න කියන්නේ වේදිකාව, පුංචි තිරය, වාගේම සිනමාව තුළත් අතිශය ජනප්‍රිය වූ නළුවෙක්. පසු කලෙක දේශපාලනයටත් පිවිසුණු “රොජර්” මේ දවස්වල පෙනෙන්න නැත්තේ ඇයි? බොහෝ දෙනෙක් අපෙන් විමසා සිටි මේ ප්‍රශ්නය අපි ඔහුගෙන්ම විමසා සිටියා.
 
ඇත්තම කියන්නකෝ මේ නිහඬ බවට හේතුව මොකක්ද කියලා? 
නිහඬ ජලාශය ගැඹුරුයි කියලා කියනවානේ. ඒ ගැඹුර තුළ හැංගිච්ච ගොඩක් දේවල් ඉදිරියේදී එළියට එයි. එතකන් තමයි මම නිහඬ වෙලා ඉන්නේ. 
 
මොන වගේ දෙයක් ගැනද ඔබ ඔය කියන්නේ? 
දේශපාලනය සඳහාම කාලය යොදමින් මම මේ දවස්වල වෙහෙසෙන්නේ ව්‍යවස්ථා මර උගුලෙන් රට බේරා ගන්නයි. කලාව තුළ යෙදෙමින් වෙහෙසෙන්නේ ඉන්දියාව කුණු ගොඩට දාපු කසිකබල් ටෙලි නාට්‍යය මෙහාට අරගෙන ඇවිත් සිංහල දෙබස් කවලා ප්‍රදර්ශනය කරමින් අපේ ටෙලි නාට්‍ය කලාවට කරන විනාශයෙන් ටෙලි නාට්‍ය කලාව බේරාගන්නයි. 
 
හඬ කැවූ ටෙලි නාට්‍යයවලට එරෙහිව ඔබ මොන වගේ දෙයක්ද කරන්න යන්නේ? 
මම කාලෙකට ඉස්සර බට්ටි කරලා රන්දෙපැය ගොන් දෙපැයක් කළා. දෙබස් කැවූ තුට්ටු දෙකේ ටෙලි නාට්‍යවලට උත්තර දෙන්න වෙන්නේ ටෙලි නාට්‍යවලින්ම තමයි. 
 
මේ දවස්වල ඔබ ඒ ව්‍යාපෘතියට එකතු වෙලාද ඉන්නේ? 
ඔව්. එකක් ‍නෙවෙයි. ටෙලි නාට්‍යය කීපයක්ම. 
 
කියන්නකෝ ඒ නිර්මාණ ගැන තොරතුරු? 
එකක් මොනරවිල කැප්පෙටි‍පොල චරිතය ඇසුරු කරගෙන තැනෙන දැවැන්ත නිර්මාණයක්. ඒකේ මොනරවිල කැප්පෙටි‍පොල චරිතය රඟපාන්නේ මම. කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ගේ චරිතය කේන්ද්‍ර කරගත්තු ටෙලි නාට්‍යයකුත් කරනවා. ඒ නාට්‍යයේ “කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ගේ” චරිතය රඟපාන්නේ මම. ඒ චරිතය වෙනුවෙන් මම මේ දවස්වල හිස බූ ගාලා ඉන්නේ. මේ දවස්වල එහි රූගත කිරීම් කෙරෙනවා. අනිත් කටයුතු ගැන වැඩි විස්තර ඉදිරියේදී කියන්නම්. 
 
රොජර්ගේ අරමුණ ඉටුවේවිද? 
අනිවාර්යයෙන් 
 
අද වන විට දෙබස් කැවූ විදෙස් ටෙලි නාට්‍යවලට අපේ වහවැටුණු ප්‍රේක්ෂක පිරිසක් ඉන්න බව අපිට පිළිගන්න වෙනවා. ඓතිහාසික කතා කරලා ඒ රැල්ල බිඳින්න පුළුවන් වේවිද? 
අපේ දේවල් අපේ මතු පරපුරට දෙන එක අපේ ජාතික වගකීමක්. අපි හොඳ දෙයක් දුන්නොත් ප්‍රේක්ෂකයොත් ඒ වටා එකතු වෙනවා සිකුරුයි. 
 
අපේ ඉතිහාසය ඒ තුළ විසූ වීරයෝ නිර්මාණ තුළින් ජනතාවට දීම ඉතා උසස් දෙයක් බව අපිත් පිළිගන්නවා. ඒත් රොජර් ඓතිහාසික කතා රැල්ලක්ම බිහි වුණා. හඬ කවපු ටෙලි නාට්‍යවලට ඉන් බලපෑමක් එල්ල වුණේ නැහැනේ? 
ඓතිහහාසික කතා කරන්න ඕන ඒ ගැන දන්න අය. ඉතිහාසය විකෘති කරන අයයි විකෘති මානසිකත්වයක් තියෙන අයයි, ඉතිහාස කතා විකෘති කරලා නිර්මාණය කරාම මිනිස්සු ඒවා පිළිගන්නේ නැහැ. අද දරුවෝ ‍පොත පතට වඩා විද්‍යුත් මාධ්‍යයට නැඹුරුයි. ඒ අය දකින්නේ මේ විකෘති කළ ඉතිහාසය. වැරදි ඉතිහාසයක් ළමුන්ට පෙන්වන එක ජාතික අපරාධයක්. ඒ වගේ පහත් අයගේ නිර්මාණ මට්ටමටම දැමූ නිර්මාණ නමෛයි මම කියපු මේ නිර්මාණ. මනා ගවේෂණයකින් යුතුව කළ හොඳ නිර්මාණ. ඒවා ජනතාව පිළිගන්න බව මා හොඳාකාරවම දන්නවා. 
 
රොජර්ගේ පෞද්ගලික තොරතුරු ගැන කතා කළොත්? 
සාමාන්‍ය විදියට ගෙවිලා යනවා. 
 
ආරියවංශ කුලතිලක  
 

ඔබේ උපන් දිනය කවදාද ?
1998- 04- 08 වැනිදා
 
උසස් පෙළ අවසන් කරපු හැටියේ ගායකයෙකු වුණාට නළුකමට ආවේ නම් කටේ කිරි සුවඳ යන්නත් කලින්. මම හරි නේද ? 
ඔව්, උදයකාන්ත වර්ණසූරිය මහතාගේ “රන් දිය දහර” චිත්‍රපටයේ ගීතා කුමාරසිංහ මහත්මියගේ පුතා විදිහට රඟපෑවේ නම් ගොඩක් ‍පොඩි වයසෙදී තමයි. ඊට පස්සේ ඒකාංගික ටෙලි නාට්‍යයකත් රඟපෑවා. හැබැයි ඒ ‍පොඩි කා‍ලේ.
 
දැන් නළුවෙක් විදිහටයි ගායකයෙකු විදිහටයි ඉදිරියට යන්නද හදන්නේ...?
‍පොඩි කා‍ලේ රඟපෑවට දැන්නම් ආරාධනාවක් ලැබුණත් රඟපාන්නේ නැහැ. දැන් රඟපාන්න ලැජ්ජයි. ගායනය තුළින් තමයි ඉදිරියට යන්න කැමති. 
 
සුභාවිත ගීත ගායනා කරලා ජනප්‍රිය වෙන්න පුළුවන් වෙයිද ? 
මම කොහොමත් කැමති ඒ වගේ ගීතවලට. ඉස්කෝ‍ලේ කලා උළෙලක ගී ගයන්න වුණත් මම ගයන්නේ අමරදේව මහතාගේ ගීත. තාත්තාගේ ගීතත් ගයනවා. මගේම ගීත තුනක් නිර්මාණය කරද්දීත් මම තෝරා ගත්තේ ඒ ගීත.
 
අසන්ත ප්‍රිය කරන ගීත මොනවාද? 
අමරදේව මහතාගේ “ඈත කඳුකර හිමව් අරනේ’’ ගීතයට සහ අමරසිරි පීරිස් මහතාගේ “මලක් වුණේ” ගීතයටයි ගොඩක් කැමතියි.
 
ගායනයට ඇවිත් ජනප්‍රිය වනවිට නම් ඔය අදහස වෙනස් වෙයි. එතකොට ජනප්‍රිය ධාරාවේ ගීත අතරට අසන්තත් එයි ? 
මල් සිංදු අහන්නවත් මම කැමති නෑ. ඒ හින්දා ඒ වගේ සිංදු කියන්න නම් එන එකක් නෑ කවදාවත්.
IMAGE

මට දැන් තාත්තා ගැන තියෙන්නේ අනුකම්පාවක් විතරයි

IMAGE 2018 Feb 18 10:28
ආචාර්ය  වික්ටර් රත්නායකයන්ගේ පුතුන් දෙදෙනා වන ජයන්ත සහ ලෙලුම් ගැන අද වෙද්දී මුළු රටම...
Views - 24

ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීම සොයුරාගේ සැලසුමක් -...

IMAGE 2018 Feb 16 13:54
හත්දෙනෙකුට මරු කැඳවමින් පසුගිය (14) දා ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය...
Views - 2967

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 6216

හෙදිය සමූහ දූෂණයට විනයාරක්ෂක කපිතාන් අල්ලයි

IMAGE 2018 Feb 14 23:55
රංචු ගැසී පුද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‍පොලීසියට...
Views - 5198

ඡන්ද ප්‍රතිඵල වලින් පස්සෙ සමහරුන් බුම්මාගෙන ඉන්නේ ඇයි?

IMAGE 2018 Feb 14 13:39
මෙවර පළාත් පාලන ඡන්දයේ දී මෙන්ම  සෑම මැතිවරණයකදීම කිසියම් පිරිසක් ජයග්‍රහණය කරන විට ඊට...
Views - 3111

හොර හැඳුනුම් පතක් ගෙන ප්‍රේම ලෝකයට බසින 'වැලන්ටයින්'

IMAGE 2018 Feb 14 09:22
පෙම්වතුන් පෙම්වතියන් අතර හෝ අඹු සැමියන් අතර පවත්නා ආදරය ලිංගිකත්වය හා අනුරාගය මත පදනම් වූ...
Views - 3066

Please publish modules in offcanvas position.