Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ලංකාවේ සංවිධායකයෝ මාව රැවැට්ටුවා

ශ්‍රී ලංකාවේ උසම නිරූපණ ශිල්පියා විදියට නම් දරා සිටි ජනුක රාජපක්ෂ පහුගිය දිනක තවත් වාර්තාවක් තැබුවා. ඒ  “The best Model of the world - 2017” තරගයේදී රටවල් 170ක තරගකරුවන් සමග තරග වැදිලා ප්‍රථම ස්ථානය දිනාගැනීමයි. ශ්‍රී ලංකාවට අන්තර්ජාතික කීර්තියක් අත්කර දුන් ජනුක මේ වන විට නළුකමට එන්නත් සූදානමින් සිටින බව අපට ආරංචි වුණා. ඒ හැමදේම ගැන කියන්න ජනුක “රිද්ම” සමග සංවාදයට එක්වූයේ මේ විදිහටයි. 
 
මුලින්ම ‘රිද්ම’ අපි ජනුක ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පතනවා. 
බොහොම ස්තූතියි. 
 
ලැබූ ජයග්‍රහණය ගැන තොරතුරු ටිකක් කියමුද? 
පහුගිය 11 වැනිදා ප්‍රංශයේ පැරිස් නුවර පැවැති The best Model of the world - 2017තරගයේදී රටවල් 170ක නිරූපණ ශිල්පීන් එක්ක තරග වැදිලා ප්‍රථම ස්ථානය මට හිමි වුණා. The best Model of the Sri lanka 2017” ප්‍රථම ස්ථානය දිනාගත් නිසයි මට මේ ජාත්‍යන්තර තරගයට ඉදිරිපත්වීමට අවස්ථාව ලැබුණේ. 
 
ජනුක ‘රිද්ම’ කතා බහකට එකතුවන පළමු වන අවස්ථාව හින්දා ඔබේ පෞද්ගලික තොරතුරු දැනගන්නත් පාඨකයන් කැමැත්තෙන් ඇති? 
මම මහනුවර ග‍ලේවෙල ඉපදිලා හැදුණු වැඩුණු කෙනෙක්. ඉගෙන ගත්තේ කුරුණෑගල මලියදේව විදුහලෙන්. මගේ අප්පච්චි ව්‍යාපාරිකයෙක්. අම්මා ගුරුවරියක්. මගේ පවු‍ලේ ඉන්නේ අයියලා දෙන්නයි මමයි මල්ලියි විතරයි. පවු‍ලේ කවුරුවත් කලාවට සම්බන්ධ නැහැ. දැනටත් මම පදිංචි මගේ ගමේම තමයි. අප්පච්චිගේ ව්‍යාපාර කටයුතුවලට එකතුවෙලා ඉන්න අතරේ තමයි මම නිරූපණ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙලා වැඩ කරන්නේ. 
 
පවු‍ලේ කිසිම කෙනෙක් කලාවට සම්බන්ධ නැත්නම් ජනුක කොහොමද නිරූපණ කලාවට යොමුවුණේ? 
මම පුංචි කා‍ලේ ඉඳන් කලාවට ආසයි. මම පාස‍ලේදී කලා කටයුතුවලට සම්බන්ධ වෙලා වැඩ කළා. ඒ වගේම උස පැනීම, දිවීම, බාස්කට් බෝල්, රගර් වැනි ක්‍රීඩාත් කළා. හැබැයි පාසලෙන් ඉවත්වීමත් එක්ක මේ හැමදේම නතර වුණා. ඒ නිසා මේ කිසිම දේකින් ඉදිරියට යාමේ අදහසක් මා තුළ තිබුණේ නැහැ. අපේ පවු‍ලේ උසම කෙනා තමයි මම. මගේ උස අඩි 6යි අඟල් 4යි. මගේ උස දිහා බලලා මට මොඩ්ලින් කරන්න කියලා බොහෝ අය කිවුවා. ඔය නිසා ඇති වූ උනන්දුව මත මම 2012 ITN අවුරුදු කුමරා තරගයට ඉදිරිපත් වෙලා අන්තිම 12 දෙනා අතරට ආවා. 2015 සිරස මෑන් හන්ට් තරඟයෙන් තුන්වැනි ස්ථානය ලැබුවා. ඊට පස්සේ මට නිරූපණයට ආරාධනා ලැබුණා. මම මේ වන විට නිරූපණ අවස්ථා රැසකට සහභාගි වෙලා තියෙනවා. මම නිදහස් නිරූපණ ශිල්පියෙක් විදියටයි කටයුතු කරන්නේ. ලැබෙන ආරාධනා අනුව තෝරාගත් අවස්ථා සඳහා ඉදිරිපත් වෙනවා. 
 
The best Model of the world තරගය වෙනුවෙන් පැවැති The best Model of the Sri lanka තරගයට යොමු වුණේ කොහොමද? 
 
ෆේස් බුක් හරහා තමයි ඒ ගැන තොරතුරු ප්‍රචාරය කරලා තිබුණේ. මමත් එහෙම දැකලයි ඊට අයදුම් කළේ. 
 
ජාත්‍යන්තර කිරුළ ලංකාවට රැගෙන එන අතරවාරයේ අමතක නොවන සිදුවීම් ඔබේ ජීවිතයට එකතු කරන්න ඇති? 
අමතක නොවන සිදුවීම් නම් ගොඩක් තියෙනවා. මම මුලදි හිතාගෙන හිටියේ ඒවා ගැන පත්තරවලට නොකියා ඉන්න. ඒත් මම හිතනවා මගෙන් පසුව එන අයට මේ ක්‍ෂේත්‍රයේ ඉන්න කපටි පුද්ගලයන්ගේ සැබෑ තතු හංගන එක වැරදියි කියලා. ඒ හින්දා ඒ හැමදේම කියන්න මම කැමතියි. 
 
මොනවාද ඒ? 
ලංකාවේ පැවැති තරගය සංවිධානය කළ සංවිධයකයා සහ  ඔහුට සම්බන්ධ අනිත් දෙදෙනා  හරිම කපටියි. ඒ අය ලාංකීය තරගයේ කිරුළ වෙනුවෙන් මට හිමි වූ මුදල් ගසා කෑවා. ජාත්‍යන්තර තරගයට අවශ්‍ය ඇඳුම් පවා නිර්මාණය කරගත්තේ මගේම වියදමෙන්. ඒ විතරක් ‍නෙවෙයි ලංකාවෙන් කිරුළ දිනපු මට ජාතන්තර තරගයට යවන්න ඒ අය මගෙන් මුදල් ඉල්ලා සිටියා. මුදල නොදුන්නොත් මගේ පාස්‍පෝට් දෙන්නේ නැහැ කියලා තර්ජනය කළා. මම නීතියේ පිහිට ලබාගෙන තමයි ජාත්‍යන්තර තරගයට යන අවස්ථාව ලබා ගත්තේ. මගේ පියා ව්‍යාපාරිකයෙක් හින්දා මේ අභියෝග ජයගෙන ජාත්‍යන්තර තරගයට ගිහින් ජයගන්න මට පුළුවන් වුණා. එසේ නොවුණා නම් මට ජාත්‍යන්තර තරගයට ඉදිරිපත් වෙන්නවත් බැරි වෙනවා. 
 
ජනුක දැන් නළුවෙක්? 
රූනිගේ “රෝස නගරේ” ගීතයේ Music video එකේ රඟපෑවට පස්සේ ටෙලිනාට්‍ය කීපයකටම ආරාධනා ලැබුණා. Music video වලටත් නිතරම ආරාධනා ලැබෙනවා. ඒත් මම නොගැළපෙන දර්ශන තියෙන Music video වලට යන්නේ නැහැ. චිත්‍රපටයකට ආරාධනා ලැබිලා තියෙනවා. පැරිසියේ Modling Show එකටත් ආරාධනා ලැබුණා. ඉදිරියේදී ඒ සියල්ල ගැන වැඩි විස්තර කියන්නම්. 
 
දැන් ඔබට රසිකාවියන්ගේ ආදර යෝජනා එහෙමත් ලැබෙනවා ඇති? 
(හිනැහි) රසිකාවියන්ගේ ආදර ඇරයුම් ලැබෙනවා. කලින් මාව දාලා ගිය අයගෙනුත් ආදර යෝජනා ලැබෙනවා. ඒත් ජනප්‍රියත්වය හා මුදල් පසුපස එන අයව මම ගණන් ගන්නේ නැහැ. 
 
ඔය හැම යෝජනාවක්ම ප්‍රතික්‍ෂේප කරන්නේ විශේෂ කෙනෙක් ඉන්න හින්දද? 
කෙනෙක් හිතේ ඉන්නවා. හැබැයි එයා තවම ඒක දන්නවද කියලා මම හරියටම දන්නේ නැහැ. මොකද දැන් එයා ඉන්නේ ලංකාවේ නෙමෙයි. 
 
ආරියවංශ කුලතිලක 
IMAGE

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 22

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 163

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 6906

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4534

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 6023

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 6707

Please publish modules in offcanvas position.

X

Right Click

No right click